|
| 1 |
|
| ආදම්ගේ පෙළපතේ නාමාවලිය මෙසේ ය: දෙවියන් වහන්සේ මිනිසා මවන විට සිය සමානත්වය ඇති ව ඔහු මැවූ සේක. |
|
| 2 |
|
| ස්ත්රී-පුරුෂ වශයෙන් ඔවුන් මැවූ සේක. උන් වහන්සේ ඔවුන් මවන විට ඔවුන්ට ආශීර්වාද කරමින් ‘මිනිසා’ යන නාමය ඔවුන්ට තැබූ සේක. |
|
| 3 |
|
| ආදම්ට වයස අවුරුදු එකසිය තිහක් (130) වූ විට තමාගේ ම සමානත්වය හා ස්වරූපය ඇති පුතෙක් ඔහුට ලැබිණි. මොහුට සෙත් යන නාමය තැබී ය. |
|
| 4 |
|
| සෙත්ගේ උපතින් පසු ආදම් තව අවුරුදු අටසියයක් (800) ජීවත් විය. ඔහුට දාව තව දරුදැරියෝ උපන්හ. |
|
| 5 |
|
| ඔහු අවුරුදු නවසිය තිහක් (930) ආයු වළඳා මියගියේය. |
|
| 6 |
|
| සෙත්ගේ වයස අවුරුදු එකසිය පහක් (105) වූ විට ඔහුට දාව ඒනොෂ් උපන්නේ ය. |
|
| 7 |
|
| ඒනොෂ් උපන් පසු ඔහු තව අවුරුදු අටසිය හතක් (807) ජීවත් විය. තවත් දරුදැරියෝ ඔහුට උපන්හ. |
|
| 8 |
|
| ඔහු අවුරුදු නවසිය දොළොසක් (912) ආයු වළඳා මියගියේය. |
|
| 9 |
|
| ඒනොෂ්ට වයස අවුරුදු අනූවක් (90) වූ විට ඔහුට දාව කේනාන් උපන්නේ ය. |
|
| 10 |
|
| කේනාන් උපන් පසු ඒනොෂ් තව අවුරුදු අටසිය පසළොසක් (815) ජීවත් විය. තවත් දරුදැරියෝ ඔහුට උපන්හ. |
|
| 11 |
|
| ඔහු අවුරුදු නවසිය පහක් (905) ආයු වළඳා මියගියේය. |
|
| 12 |
|
| කේනාන්ට වයස අවුරුදු හැත්තෑවක් (70) වූ විට ඔහුට දාව මහලලෙල් උපන්නේ ය. |
|
| 13 |
|
| මහලලෙල් උපන් පසු කේනාන් තව අවුරුදු අටසිය සතළිසක් (840) ජීවත් විය. තවත් දරුදැරියෝ ඔහුට උපන්හ. |
|
| 14 |
|
| ඔහු අවුරුදු නවසිය දහයක් (910) ආයු වළඳා මියගියේය. |
|
| 15 |
|
| මහලලෙල්ට වයස අවුරුදු හැටපහක් (65) වූ විට ඔහුට දාව ජරෙද් උපන්නේ ය. |
|
| 16 |
|
| ජරෙද් උපන් පසු මහලලෙල් තව අවුරුදු අටසිය තිහක් (830) ජීවත් විය. තවත් දරුදැරියෝ ඔහුට උපන්හ. |
|
| 17 |
|
| ඔහු අවුරුදු අටසිය අනූපහක් (895) ආයු වළඳා මියගියේය. |
|
| 18 |
|
| ජරෙද්ට වයස අවුරුදු එකසිය හැටදෙකක් (162) වූ විට ඔහුට දාව ඒනොක් උපන්නේ ය. |
|
| 19 |
|
| ඒනොක් උපන් පසු ජරෙද් තව අවුරුදු අටසියයක් (800) ජීවත් විය. තවත් දරුදැරියෝ ඔහුට උපන්හ. |
|
| 20 |
|
| ඔහු අවුරුදු නවසිය හැටදෙකක් (962) ආයු වළඳා මියගියේය. |
|
| 21 |
|
| ඒනොක්ට වයස අවුරුදු හැටපහක් (65) වූ විට ඔහුට දාව මෙතුසෙලා උපන්නේ ය. |
|
| 22 |
|
| මෙතුසෙලා උපන් පසු ඒනොක් දෙවියන් වහන්සේ සමඟ සුහදතාවෙන් හැසිරෙමින් තව අවුරුදු තුන්සියයක් (300) ජීවත් විය. ඔහුට තවත් දරුදැරියෝ උපන්හ. |
|
| 23 |
|
| ඔහුගේ මුළු ජීවිත කාලය අවුරුදු තුන්සිය හැටපහක් (365) විය. |
|
| 24 |
|
| ඒනොක් දෙවියන් වහන්සේ සමඟ සුහදතාවෙන් හැසුරුණේ ය. උන් වහන්සේ ඔහු රැගත් බැවින් ඔහු අතුරුදහන් විය. |
|
| 25 |
|
| මෙතුසෙලාට වයස අවුරුදු එකසිය අසූහතක් (187) වූ විට ඔහුට දාව ලාමෙක් උපන්නේ ය. |
|
| 26 |
|
| ලාමෙක් උපන් පසු මෙතුසෙලා තව අවුරුදු හත්සිය අසූදෙකක් (782) ජීවත් විය. ඔහුට දාව තවත් දරුදැරියෝ උපන්හ. |
|
| 27 |
|
| අවුරුදු නවසිය හැටනවයක් (969) ආයු වළඳා ඔහු මියගියේය. |
|
| 28 |
|
| ලාමෙක්ට වයස අවුරුදු එකසිය අසූදෙකක් (182) වූ විට ඔහුට දාව පුතෙක් උපන්නේ ය. ලාමෙක් ඔහුට නෝවා යන නාමය තැබී ය. |
|
| 29 |
|
| ඔහු එසේ කෙළේ, ‘සමිඳාණන් වහන්සේ සාප කළ පොළොවෙන් මොහු අපට, අපගේ වැඩවල දී ද වෙහෙස මහන්සියේ දී ද සහනය ගෙන දෙනු ඇත’ යන අදහසින් ය. |
|
| 30 |
|
| ලාමෙක් තව අවුරුදු පන්සිය අනූපහක් (595) ජීවත් විය. ඔහුට තවත් දරුදැරියෝ උපන්හ. |
|
| 31 |
|
| අවුරුදු හත්සිය හැත්තෑහතක් (777) ආයු වළඳා ඔහු මියගියේය. |
|
| 32 |
|
| නෝවාගේ වයස අවුරුදු පන්සියයක් (500) වූ විට ඔහුට දාව ෂෙම්, හාම් සහ ජපෙත් යන පුත්තු තිදෙන උපන්හ. |
|
|
: |
| 1 | | 2 | | 3 | | 4 | | 5 | | 6 | | 7 | | 8 | | 9 | | 10 | | 11 | | 12 | | 13 | | 14 | | 15 | | 16 | | 17 | | 18 | | 19 | | 20 | | 21 | | 22 | | 23 | | 24 | | 25 | | 26 | | 27 | | 28 | | 29 | | 30 | | 31 | | 32 | 1
1
1 |
|
|---|
|
https://beblia.bible:81/BibleAudio/sinhalanrsv/genesis/005.mp3
50
5