|
| 1 |
|
| දොරටු පාලකයන්ගේ පංති මෙසේ ය: කෝරාවරුන්ගෙන් ආසාප්ගේ පුත්‍රයෙකු වන කෝරේගේ පුත් මෙෂෙලෙමියා ය; |
|
| 2 |
|
| මෙෂෙලෙමියාගේ පුත්‍රයන් වන කුලුඳුලා වූ ශෙකරියා ය; දෙවැනියා වූ ජෙදීයයෙල් ය; තුන්වැනියා වූ සෙබදියා ය; හතරවැනියා වූ ජත්නියෙල් ය; |
|
| 3 |
|
| පස්වැනියා වූ ඒලාම් ය; හයවැනියා වූ ජෙහෝහානාන් ය; හත්වැනියා වූ එලියෙහෝයේනයි ය. |
|
| 4 |
|
| ඕබෙද්-ඒදොම්ගේ පුත්‍රයන් වන කුලුඳුලා වූ ෂෙමායා ය; දෙවැනියා වූ ජෙහෝශාබාද් ය; තුන්වැනියා වූ ජෝවා ය; හතරවැනියා වූ සාකාර් ය; පස්වැනියා වූ නෙතනේල් ය; |
|
| 5 |
|
| හයවැනියා වූ අම්මීයෙල් ය; හත්වැනියා වූ ඉස්සාකර් ය; අටවැනියා වූ පෙයුල්ලෙතයි ය. මන්ද, දෙවියන් වහන්සේ ඔහුට ආශීර්වාද කළ සේක. |
|
| 6 |
|
| ඔහුගේ පුත් ෂෙමායාට දාව පුත්‍රයෝ උපන්නෝ ය. ඔව්හු බලවන්ත මනුෂ්‍යයන් ව සිටි නිසා තමන්ගේ පිය වංශයෙහි ආණ්ඩුකාරයන් ව සිටියෝ ය. |
|
| 7 |
|
| ෂෙමායාගේ පුත්‍රයන් ඔත්නී, රෙපායෙල්, ඕබෙද් සහ එල්ශාබාද් ය. ඔහුගේ සහෝදරයන් වන බලවන්ත මනුෂ්‍යයන් එලීහු සහ සෙමාකියා ය. |
|
| 8 |
|
| මොවුහු සියල්ලෝ ඕබෙද්-ඒදොම්ගේ පුත්‍රයෝ ය. ඔව්හු ද ඔවුන්ගේ පුත්‍රයෝ ද සහෝදරයෝ ද සේවයට බලවන්ත ව, ශක්තිමත් ව සිටියෝ ය. මෙසේ ඕබෙද්-ඒදොම්ගේ හැටදෙදෙනෙක් සිටියෝ ය. |
|
| 9 |
|
| මෙෂෙලෙමියාට බලවන්තයන් වන පුත්‍රයෝ ද සහෝදරයෝ ද දහඅටදෙනෙක් වූවෝ ය. |
|
| 10 |
|
| මෙරාරීගේ පුත්‍රයෙකු වූ හෝසාගේ පුත්‍රයන් වන ප්‍රධානියා වූ ෂිම්රී ය. ඔහු කුලුඳුලා නොවන නමුත්, ඔහුගේ පියා ඔහු ප්‍රධානකමට පත් කෙළේ ය. |
|
| 11 |
|
| දෙවැනියා වූ හිල්කියා ය; තුන්වැනියා වූ ටෙබලියා ය; සතරවැනියා වූ ශෙකරියා ය; හෝසාගේ සියලු පුත්‍රයෝ හා සහෝදරයෝ දහතුන්දෙනෙක් ය. |
|
| 12 |
|
| සමිඳාණන් වහන්සේගේ මාලිගාවෙහි මෙහෙ කරන පිණිස තමන්ගේ සහෝදරයන් සමඟ මාරුවට සිටියා වූ ප්‍රධාන මනුෂ්‍යයන් වූ ඔවුන්ට දොරටු පාලකයන්ගේ පංති වැටුණේ ය. |
|
| 13 |
|
| ඔව්හු ද තමන්ගේ පිය වංශ ලෙස ලොකු අය මෙන් ම කුඩා අයත් එක එක දොරටුව ගැන පස ඇට දැමුවෝ ය. |
|
| 14 |
|
| නැගෙනහිර පැත්තේ පස ඇටය වැටුණේ ෂෙලෙමියාට ය. ඉන්පසු ඔහුගේ පුත් නැණවත් මන්ත්‍රීවරයෙකු වූ ශෙකරියා ගැන පස ඇට දැමුවෝ ය. ඔහුගේ පස ඇටය වැටුණේ උතුරු පැත්තට ය. |
|
| 15 |
|
| ඕබෙද්-ඒදොම්ට වැටුණේ දකුණු පැත්ත ය. ඔහුගේ පුත්‍රයන්ට වැටුණේ භාණ්ඩාගාරය ය. |
|
| 16 |
|
| බස්නාහිර පැත්තේ නඟින මාවතෙහි තිබෙන ෂල්ලෙකෙත් දොරටුව ෂුප්පීම්ටත්, හෝසාටත් වැටුණේ ය. දොරටු පාලකයෝ මාරුවෙන් මාරුවට සිටියෝ ය. |
|
| 17 |
|
| නැගෙනහිරට සිටියේ ලෙවීවරු හයදෙනෙක් ය; උතුරට දවසට සතරදෙනෙක් ය; දකුණට දවසට සතරදෙනෙක් ය; භාණ්ඩාගාරය ළඟ දෙදෙනා ය. |
|
| 18 |
|
| බස්නාහිරට බරාඳය ළඟ මාවතේ හතරදෙනෙක් ය; බරාඳයෙහි දෙදෙනෙක් ය. |
|
| 19 |
|
| කොරාගේ පුත්‍රයන්ගෙන් ද මෙරාරීගේ පුත්‍රයන්ගෙන් ද තෝරාගත් දොරටු පාලකයන්ගේ පංති මේවා ය. |
|
| 20 |
|
| අනික් ලෙවීවරුන්ගෙන් අහියා දෙවියන් වහන්සේගේ මාලිගාවේ ගබඩා සහ කැප කළ දේවල ගබඩා කෙරෙහි පත් ව සිටියේ ය. |
|
| 21 |
|
| ලාදාන්ගේ වංශයේ ගේර්ෂොන්වරුන්ගේ පුත්‍රයන් වන ලාදාන්ගේ පිය වංශවල ප්‍රධානියන් ව සිටි ගේර්ෂොනිවය වූ ලාදාන්ගේ පුත්‍රයෝ නම්: |
|
| 22 |
|
| ජෙහියෙලී සහ ජෙහියෙලීගේ පුත්‍රයන් වූ සේතාම් සහ ඔහුගේ සහෝදර වූ ජෝවෙල් ය. ඔව්හු සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ ගබඩා කෙරෙහි පත් වී සිටියෝ ය. |
|
| 23 |
|
| අම්රාම්වරුත්, ඉෂ්හාර්වරුත්, හෙබ්‍රොන්වරුත්, උශ්ශියෙල්වරුත් වූවෝ ය. |
|
| 24 |
|
| මෝසෙස්ගේ පුත්‍රයා වන ගේර්ෂොම්ගේ පුත් ෂෙබුයෙල් ගබඩාවල ප්‍රධානියා ව සිටියේ ය. |
|
| 25 |
|
| එලියෙසර්ගෙන් පැවත ආ ඔහුගේ සහෝදරයෝත් සිටියෝ ය. ඔහුගේ පුත්‍රයා රෙහෙබියා ය; ඔහුගේ පුත්‍රයා ජෙෂායා ය; ඔහුගේ පුත්‍රයා ජෝරාම් ය; ඔහුගේ පුත්‍රයා ශික්රී ය; ඔහුගේ පුත්‍රයා ෂෙලොමොත් ය. |
|
| 26 |
|
| මෙම ෂෙලොමොත් සහ ඔහුගේ සහෝදරයෝ, දාවිත් රජු විසින් ද සහශ්‍රාධිපතීන් ව ශතාධිපතීන් ව සිටි පිය වංශවල ප්‍රධානීන් විසින් ද සේනාවේ අධිපතීන් විසින් ද කැප කරන ලද්දා වූ ශුද්ධ දේවල සියලු ගබඩා කෙරෙහි පත් ව සිටියෝ ය. |
|
| 27 |
|
| ඔව්හු යුද්ධවල දී ලබාගත් කොල්ලයෙන් කොටසක් සමිඳාණන් වහන්සේගේ මාලිගාව අලුත්වැඩියා කිරීම පිණිස කැප කළෝ ය. |
|
| 28 |
|
| දිවැසිවරයා වූ සාමුවෙල් ද කිෂ්ගේ පුත් සාවුල් ද නේර්ගේ පුත් අබ්නේර් ද ශෙරුයාගේ පුත් ජෝවාබ් ද විසින් කැප කරන ලද සියල්ලත්, කවුරුන් විසින් නමුත් කැප කරන ලද දේත් ෂෙලොමොත් සහ ඔහුගේ සහෝදරයන් යටතේ තිබුණේ ය. |
|
| 29 |
|
| ඉශ්හාර්වරුන්ගෙන් කෙනනියා ද ඔහුගේ පුත්‍රයෝ ද පරිපාලන කටයුතු ගැන ඉශ්රායෙල්වරුගේ මුලාදෑනියන් ව හා විනිශ්චයකාරයන් ව සිටියෝ ය. |
|
| 30 |
|
| හෙබ්‍රොන්වරුන්ගෙන් හෂබියා ද ඔහුගේ සහෝදරයෝ ද යන බලවන්තයෝ එක්දහස් හත්සියයක් බස්නාහිර දිශාවේ ජොර්දාන් ගඟින් මෙගොඩ සමිඳාණන් වහන්සේ සම්බන්ධ දේ ගැන ද රජුගේ වැඩ ගැන ද ඉශ්රායෙල්වරුන් පාලනය කිරීමට පත් ව සිටියෝ ය. |
|
| 31 |
|
| හෙබ්‍රොන්වරුන්ගේ පිය පෙළපත් ප්‍රකාර හෙබ්‍රොන්වරුන්ගේ ප්‍රධානියා නම් ජෙරියා ය. දාවිත්ගේ රජ කාලයෙහි සතළිස් වැනි අවුරුද්දේ දී ඔවුන් ගැන විභාග කොට බලවන්ත මනුෂ්‍යයෝ ගිලියද්-ජාශර්හි ඔවුන් අතරේ සිටිනු සම්බ වූ හ. |
|
| 32 |
|
| බලවන්තයන් ව පිය වංශවල ප්‍රධානියන් ව සිටි ඔහුගේ සහෝදරයෝ දෙදාස් සත්සියයක් වූ හ. දාවිත් රජ දෙවියන් වහන්සේ හා රජු සම්බන්ධ සියල්ල ගැන රූබන්වරුන් ද ගාද්වරුන් ද මනස්සේගේ අර්ධ ගෝත්‍රය ද කෙරෙහි මුලාදෑනීන් කොට ඔවුන් පත් කෙළේ ය. |
|
|
: |
| 1 | | 2 | | 3 | | 4 | | 5 | | 6 | | 7 | | 8 | | 9 | | 10 | | 11 | | 12 | | 13 | | 14 | | 15 | | 16 | | 17 | | 18 | | 19 | | 20 | | 21 | | 22 | | 23 | | 24 | | 25 | | 26 | | 27 | | 28 | | 29 | | 30 | | 31 | | 32 | 1
1
1 |
|
|---|
|
https://beblia.bible:81/BibleAudio/sinhalanrsv/1chronicles/026.mp3
29
26