|
| 1 |
|
| අවුරුද්දේ සියලු මාසවල මාසයෙන් මාසයට තමන්ගේ නිල සේවාවන් මාරුවෙන් මාරුවට ඉටු කළා වූ ද පංතිවල සියලු කාරණා ගැන රජුට සේවය කළා වූ ද ඉශ්රායෙල්වරුන්ගේ පිය වංශවල ප්රධානීන්ගේත්, සහශ්‍රාධිපතීන්ගේත්, ශතාධිපතීන්ගේත්, ඔවුන්ගේ මුලාදෑනීන්ගේත් ගණන නම්, එක එක පංතියට විසිහතරදහසක් ය. |
|
| 2 |
|
| පළමු වැනි මාසයට පංතිය කෙරෙහි ශබ්දියෙල්ගේ පුත් ජාෂොබෙයාම් පත් ව සිටියේ ය. ඔහුගේ පංතියෙහි විසිහතරදහසක් සිටියෝ ය. |
|
| 3 |
|
| ඔහු පෙරෙශ්වරුන්ගෙන් එක් කෙනෙකු ව පළමු වැනි මාසයේ සේනාවල සියලු අධිපතීන්ගේ ප්‍රධානියා ව සිටියේ ය. |
|
| 4 |
|
| දෙ වැනි මාසයට පංතිය කෙරෙහි අහෝහිය දෝදයි පත් ව සිටියේ ය. ඔහුගේ පංතියේ මුලාදෑනියා මික්ලොත් ය. ඔහුගේ පංතියෙහි විසිහතරදහසක් ය. |
|
| 5 |
|
| තුන් වැනි මාසයට තුන් වැනි සේනාවේ අධිපතියා නම්, පූජක වූ ජෙහෝයාදාගේ පුත්‍රයා වන ප්‍රධානියා වූ බෙනායා ය. ඔහුගේ පංතියෙහි විසිහතරදහසක් සිටියෝ ය. |
|
| 6 |
|
| බෙනායා වනාහි ඒ තිස්දෙනාගෙන් බලවන්තයා ව, තිස්දෙනා කෙරෙහි අධිපතියා ව සිටියේ ය. ඔහුගේ පුත් අම්මිසාබාද් ඔහුගේ පංතියේ සිටියේ ය. |
|
| 7 |
|
| හතර වැනි මාසයට හතර වැනි අධිපතියා නම්, ජෝවාබ්ගේ සහෝදර වූ අසාහෙල් ය. ඔහුට පසු ව ඔහුගේ පුත් සෙබදියා ය. ඔහුගේ පංතියෙහි විසිහතරදහසක් සිටියෝ ය. |
|
| 8 |
|
| පස් වැනි මාසයට පස් වැනි අධිපතියා නම්, ඉශ්රාහී ෂම්හුත් ය. ඔහුගේ පංතියෙහි විසිහතරදහසක් සිටියෝ ය. |
|
| 9 |
|
| හය වැනි මාසයට හය වැනි අධිපතියා නම්, තෙකෝයිය ඉක්කෙෂ්ගේ පුත් ඊරා ය. ඔහුගේ පංතියෙහි විසිහතරදහසක් සිටියෝ ය. |
|
| 10 |
|
| හත් වැනි මාසයට හත් වැනි අධිපතියා නම්, එප්‍රායිම්වරුන්ගෙන් එක් කෙනෙකු වූ පෙලෝනීය හෙලෙශ් ය. ඔහුගේ පංතියෙහි විසිහතරදහසක් සිටියෝ ය. |
|
| 11 |
|
| අට වැනි මාසයට අට වැනි අධිපතියා නම්, ශෙරාහිවරුන්ගෙන් එක් කෙනෙකු වූ හුෂාතීය සිබ්බෙකයි ය. ඔහුගේ පංතියෙහි විසිහතරදහසක් සිටියෝ ය. |
|
| 12 |
|
| නව වැනි මාසයට නව වැනි අධිපතියා නම්, බෙන්ජමින් වංශයට අයිති වූ අනාතෝතිය අබියෙශෙර් ය. ඔහුගේ පංතියෙහි විසිහතරදහසක් සිටියෝ ය. |
|
| 13 |
|
| දස වැනි මාසයට දස වැනි අධිපතියා නම්, ශෙරාහිවරුන්ගෙන් එක් කෙනෙකු වූ නෙටෝපාතිය මහරයි ය. ඔහුගේ පංතියෙහි විසිහතරදහසක් සිටියෝ ය. |
|
| 14 |
|
| එකොළොස් වැනි මාසයට එකොළොස් වැනි අධිපතියා නම්, එප්‍රායිම්වරුන්ගෙන් එක් කෙනෙකු වූ පීරාතෝනිය බෙනායා ය. ඔහුගේ පංතියෙහි විසිහතරදහසක් සිටියෝ ය. |
|
| 15 |
|
| දොළොස් වැනි මාසයට දොළොස් වැනි අධිපතියා නම්, ඔත්නියෙල්ගේ වංශයට අයිති නෙටෝපාතිය හෙල්දයි ය. ඔහුගේ පංතියෙහි විසිහතරදහසක් සිටියෝ ය. |
|
| 16 |
|
| තවද, ඉශ්රායෙල් ගෝත්‍රවල ප්‍රධානියෝ නම් මොවුහු ය. රූබන්වරුන්ට ආණ්ඩුකාරයා ව සිටියේ ශික්රීගේ පුත් එලියෙසර් ය. සිමියොන්වරුන්ට මයකාගේ පුත් ෂෙපටියා ය. |
|
| 17 |
|
| ලෙවීවරුන්ට කෙමුවෙල්ගේ පුත් හෂබියා ය. ආරොන් වංශයට ශාදොක් ය. |
|
| 18 |
|
| ජුදාවරුන්ට දාවිත්ගේ සහෝදරයෙකු වූ එලිහු ය. ඉස්සාකර්වරුන්ට මිකායෙල්ගේ පුත් ඔම්රී ය. |
|
| 19 |
|
| සාබුලොන්වරුන්ට ඔබදියාගේ පුත් ඉෂ්මායා ය. නප්තලීවරුන්ට අස්රියෙල්ගේ පුත් ජෙරිමොත් ය. |
|
| 20 |
|
| එප්‍රායිම්වරුන්ට අශශියාගේ පුත් හෝෂෙයා ය. මනස්සේගේ අර්ධ ගෝත්‍රයට පෙදායාගේ පුත් ජෝවෙල් ය. |
|
| 21 |
|
| ගිලියද්හි සිටි මනස්සේගේ අර්ධ ගෝත්‍රයට ශෙකරියාගේ පුත් ඉද්දෝ ය. බෙන්ජමින්වරුන්ට අබිනේර්ගේ පුත් ජයසීයෙල් ය. |
|
| 22 |
|
| දාන්වරුන්ට ජෙරොහාම්ගේ පුත් අශරියෙල් ය. ඉශ්රායෙල් ගෝත්‍රවල අධිපතියෝ මොවුහු ය. |
|
| 23 |
|
| එහෙත්, “අහසේ තාරකා මෙන් ඉශ්රායෙල්වරුන් වැඩි කරන්නෙමි”යි සමිඳාණන් වහන්සේ කියා තිබුණ නිසා විසි අවුරුදු වයසේ පටන් ඊට බාල වූ තැනැත්තන් දාවිත් ගණන් කෙළේ නැත. |
|
| 24 |
|
| ශෙරුයාගේ පුත් ජෝවාබ් සෙනඟ ගණන් කරන්න පටන්ගත් නමුත්, එය අවසාන කෙළේ නැත. තවද, ඒ ගැන ඉශ්රායෙල් පිට උදහස පැමිණියේ ය. ඒ ගණන ද දාවිත් රජුගේ වාර්තා පොතේ ඇතුළත් නොකරන ලද්දේ ය. |
|
| 25 |
|
| රජුගේ ගබඩා කෙරෙහි අදීයෙල්ගේ පුත් අශ්මාවෙත් පත් ව සිටියේ ය. පිටිසර පළාත්වල ද නුවරවල ද ගම්වල ද බලකොටුවල ද පිහිටි ගබඩා කෙරෙහි උශ්ශියාගේ පුත් ජොනතන් පත් ව සිටියේ ය. |
|
| 26 |
|
| ගොවිතැන් කිරීමට කෙත්වල වැඩ කළවුන් කෙරෙහි කෙලුබ්ගේ පුත් එස්රී පත් ව සිටියේ ය. |
|
| 27 |
|
| මිදි වතු කෙරෙහි රාමාතීය ෂිමෙයි පත් ව සිටියේ ය. මිදි වතුවල තිබුණු මුද්‍රික ගබඩා කෙරෙහි ෂිප්මිය ශබ්දී පත් ව සිටියේ ය. |
|
| 28 |
|
| පාත රටේ තිබුණු ඔලීව ගස් ද අත්තික්කා ගස් ද කෙරෙහි ගෙදේරිය බාල්-හානාන් පත් ව සිටියේ ය. තෙල් ගබඩා කෙරෙහි ජෝවාෂ් පත් ව සිටියේ ය. |
|
| 29 |
|
| ෂාරොන්හි තණ බිම්වල සිටි ගවයන් කෙරෙහි ෂාරෝනීය ෂිත්රයි ද මිටියාවත්වල සිටි ගවයන් කෙරෙහි අද්දයිගේ පුත් ෂාපාත් ද පත් ව සිටියෝ ය. |
|
| 30 |
|
| ඔටුවන් කෙරෙහි ඉෂ්මායෙලීය ඕබිල් ද, කොටළුවන් කෙරෙහි මෙරොනොතිය ජේදෙයා ද, |
|
| 31 |
|
| එළු බැටළු පට්ටි කෙරෙහි හග්රිය ජාසිස් ද පත් ව සිටියෝ ය. මේ සියල්ලෝ දාවිත් රජුගේ සම්පත්වල අධිපතියන් ව සිටියෝ ය. |
|
| 32 |
|
| දාවිත්ගේ මාමා වූ ජොනතන් මන්ත්‍රීවරයෙකු ව, තේරුම් ඇති මනුෂ්‍යයෙකු ව, ලේකම් කෙනෙකු ව සිටියේ ය. හක්මෝනිගේ පුත් ජෙහීයෙල් රජුගේ පුත්‍රයන් සමඟ සිටියේ ය. |
|
| 33 |
|
| අහිතොපෙල් වනාහි රජුගේ මන්ත්‍රීවරයා ව සිටියේ ය. අර්කීය හූෂයි රජුගේ මිත්‍රයා විය. |
|
| 34 |
|
| අහිතොපෙල් ළඟට බෙනායාගේ පුත් ජෙහෝයාදා සහ අබියාතර් ද මන්ත්‍රීවරයන් ව සිටියෝ ය. රජුගේ සේනාපතියා ජෝවාබ් ය. |
|
|
|
|