|
| 1 |
|
| ලෙවීගේ පුත්‍රයෝ නම්: ගේර්ෂොම්, කොහාත් සහ මෙරාරී ය. |
|
| 2 |
|
| කොහාත්ගේ පුත්‍රයෝ නම්: අම්රාම්, ඉශ්හාර්, හෙබ්‍රොන් සහ උශ්ශියෙල් ය. |
|
| 3 |
|
| අම්රාම්ගේ දරුවෝ නම්: ආරොන්, මෝසෙස් සහ මීරියම් ය. ආරොන්ගේ පුත්‍රයෝ නම්: නාදාබ්, අබිහු, එලෙයාසර් සහ ඊතාමාර් ය. |
|
| 4 |
|
| එලෙයාසර්ට දාව පිනෙහාස් ද පිනෙහාස්ට දාව අබිෂුවා ද; |
|
| 5 |
|
| අබිෂුවාට දාව බුක්කී ද; බුක්කීට දාව උශ්ශි ද |
|
| 6 |
|
| උශ්ශිට දාව ශෙරහියා ද ශෙරහියාට දාව මෙරායොත් ද; |
|
| 7 |
|
| මෙරායොත්ට දාව අමරියා ද අමරියාට දාව අහිතුබ් ද; |
|
| 8 |
|
| අහිතුබ්ට දාව ශාදොක් ද ශාදොක්ට දාව අහීමයාශ් ද; |
|
| 9 |
|
| අහීමයාශ්ට දාව අශරියා ද අශරියාට දාව ජොහානාන් ද; |
|
| 10 |
|
| ජොහානාන්ට දාව අශරියා ද උපන්නෝ ය. සලමොන් ජෙරුසලමේ ගොඩනැඟුවාවූ මාලිගාවෙහි පූජක තනතුරේ කටයුතු ඉෂ්ට කෙළේ ඔහු ය. |
|
| 11 |
|
| අශරියාට දාව අමරියා ද අමරියාට දාව අහීතුබ් ද; |
|
| 12 |
|
| අහීතුබ්ට දාව ශාදොක් ද ශාදොක්ට දාව ෂල්ලුම් ද; |
|
| 13 |
|
| ෂල්ලුම්ට දාව හිල්කියා ද හිල්කියාට දාව අශරියා ද; |
|
| 14 |
|
| අශරියාට දාව සෙරායා ද සෙරායාට දාව ජෙහෝශාදාක් ද උපන්නෝ ය. |
|
| 15 |
|
| සමිඳාණන් වහන්සේ නෙබුකද්නෙශර් අතින් ජුදාවරුන් ද ජෙරුසලමේ වැසියන් ද වහල්කමට හරින විට ජෙහෝශාදාක් ද ගියේ ය. |
|
| 16 |
|
| ලෙවීගේ පුත්‍රයෝ නම්: ගේර්ෂොම්, කොහාත් සහ මෙරාරී ය. |
|
| 17 |
|
| ගේර්ෂොම්ගේ පුත්‍රයන්ගේ නාම නම්: ලිබ්නි සහ ෂිමෙයි ය. |
|
| 18 |
|
| කොහාත්ගේ පුත්‍රයෝ නම්: අම්රාම්, ඉශ්හාර්, හෙබ්‍රොන් සහ උශ්ශියෙල් ය. |
|
| 19 |
|
| මෙරාරීගේ පුත්‍රයෝ නම්: මාලී සහ මුෂී ය. ලෙවීවරුන්ගේ පවුල් ඔවුන්ගේ පියවරුන්ගේ වංශ ප්‍රකාරයට මෙසේ ය: |
|
| 20 |
|
| ගේර්ෂොම්ගේ පුත්‍රයා ලිබ්නි ය; ඔහුගේ පුත්‍රයා ජහත් ය; ඔහුගේ පුත්‍රයා සිම්මා ය; |
|
| 21 |
|
| ඔහුගේ පුත්‍රයා ජෝවා ය; ඔහුගේ පුත්‍රයා ඉද්දෝ ය; ඔහුගේ පුත්‍රයා ශෙරා ය; ඔහුගේ පුත්‍රයා ජෙයාතෙරයි ය. |
|
| 22 |
|
| කොහාත්ගේ පුත්‍රයා නම්: අම්මිනාදාබ් ය; ඔහුගේ පුත්‍රයා කෝරා ය; ඔහුගේ පුත්‍රයා අස්සීර් ය; |
|
| 23 |
|
| ඔහුගේ පුත්‍රයා එල්කානා ය; ඔහුගේ පුත්‍රයා එබියාසාප් ය; ඔහුගේ පුත්‍රයා අස්සීර් ය; |
|
| 24 |
|
| ඔහුගේ පුත්‍රයා තහත් ය; ඔහුගේ පුත්‍රයා උරියෙල් ය; ඔහුගේ පුත්‍රයා උශ්ශියා ය; ඔහුගේ පුත්‍රයා ෂාවුල් ය. |
|
| 25 |
|
| එල්කානාගේ පුත්‍රයෝ නම්: අමාසයි සහ අහීමොත් ය. |
|
| 26 |
|
| ඔහුගේ පුත්‍රයා එල්කානා ය; ඔහුගේ පුත්‍රයා එල්කානා-ශෝපයි ය; ඔහුගේ පුත්‍රයා නහත් ය; |
|
| 27 |
|
| ඔහුගේ පුත්‍රයා එලියාබ් ය; ඔහුගේ පුත්‍රයා ජෙරොහාම් ය; ඔහුගේ පුත්‍රයා එල්කානා ය. |
|
| 28 |
|
| සාමුවෙල්ගේ පුත්‍රයෝ නම්: කුලුඳුලා වූ ජෝවෙල් සහ දෙවැනියා වූ අබියා ය. |
|
| 29 |
|
| මෙරාරීගේ පුත්‍රයා නම්: මාලී ය, ඔහුගේ පුත්‍රයා ලිබ්නි ය; ඔහුගේ පුත්‍රයා ෂිමෙයි ය; |
|
| 30 |
|
| ඔහුගේ පුත්‍රයා උශ්ශා ය; ඔහුගේ පුත්‍රයා ෂිමෙයා ය; ඔහුගේ පුත්‍රයා හග්ගියා ය; ඔහුගේ පුත්‍රයා අසායා ය. |
|
| 31 |
|
| ගිවිසුම් කරඬුව පිහිටෙවු විට සමිඳාණන් වහන්සේගේ මාලිගාවෙහි ගීතිකා මෙහෙයට දාවිත් විසින් පත් කරනු ලැබුවෝ මොවුහු ය. |
|
| 32 |
|
| සලමොන් ජෙරුසලමෙහි සමිඳාණන් වහන්සේගේ මාලිගාව ගොඩනඟන තුරු ඔව්හු සම්මුඛ මණ්ඩපය ඉදිරිපිට ගීතිකා මෙහෙය පවත්වමින් තමන්ගේ පන්ති පරිද්දෙන් තමන්ගේ තනතුරෙහි යෙදී සිටියෝ ය. |
|
| 33 |
|
| එසේ සිටි අය සහ ඔවුන්ගේ පුත්‍රයෝ මොවුහු ය: කොහාත් පරපුරෙන් ගායනාකාර හේමන් ය. ඔහු ජෝවෙල්ගේ පුත්‍රයා ය; ඔහු සාමුවෙල්ගේ පුත්‍රයා ය; |
|
| 34 |
|
| ඔහු එල්කානාගේ පුත්‍රයා ය; ඔහු ජෙරොහාම්ගේ පුත්‍රයා ය; ඔහු එලියෙල්ගේ පුත්‍රයා ය; ඔහු තෝවාගේ පුත්‍රයා ය; |
|
| 35 |
|
| ඔහු ශුප්ගේ පුත්‍රයා ය; ඔහු එල්කානාගේ පුත්‍රයා ය; ඔහු මහත්ගේ පුත්‍රයා ය; ඔහු අමාසයිගේ පුත්‍රයා ය; |
|
| 36 |
|
| ඔහු එල්කානාගේ පුත්‍රයා ය; ඔහු ජෝවෙල්ගේ පුත්‍රයා ය; ඔහු අශරියාගේ පුත්‍රයා ය; ඔහු ශෙපනියාගේ පුත්‍රයා ය; |
|
| 37 |
|
| ඔහු තාහත්ගේ පුත්‍රයා ය; ඔහු අස්සීර්ගේ පුත්‍රයා ය; ඔහු එබියාසාප්ගේ පුත්‍රයා ය; ඔහු කෝරාගේ පුත්‍රයා ය; |
|
| 38 |
|
| ඔහු ඉශ්හාර්ගේ පුත්‍රයා ය; ඔහු කොහාත්ගේ පුත්‍රයා ය; ඔහු ලෙවීගේ පුත්‍රයා ය; ඔහු ඉශ්‍රායෙල්ගේ පුත්‍රයා ය. |
|
| 39 |
|
| ඔහුට දකුණෙන් සිටියේ ඔහුගේ සහෝදර ආසාප් ය. ආසාප් බෙරෙකියාගේ පුත්‍රයා ය; ඔහු ෂිමෙයාගේ පුත්‍රයා ය; |
|
| 40 |
|
| ඔහු මිකායෙල්ගේ පුත්‍රයා ය; ඔහු බයසෙයාගේ පුත්‍රයා ය; ඔහු මල්කියාගේ පුත්‍රයා ය; |
|
| 41 |
|
| ඔහු එත්නිගේ පුත්‍රයා ය; ඔහු ශෙරාගේ පුත්‍රයා ය; ඔහු අදායාගේ පුත්‍රයා ය; |
|
| 42 |
|
| ඔහු ඒතාන්ගේ පුත්‍රයා ය; ඔහු සිම්මාගේ පුත්‍රයා ය; ඔහු ෂීමෙයිගේ පුත්‍රයා ය; |
|
| 43 |
|
| ඔහු ජහත්ගේ පුත්‍රයා ය; ඔහු ගේර්ෂොම්ගේ පුත්‍රයා ය; ඔහු ලෙවීගේ පුත්‍රයා ය. |
|
| 44 |
|
| ඔවුන්ගේ සහෝදරයන් වන මෙරාරීගේ පුත්‍රයෝ වමෙන් සිටියෝ ය. එනම්: ඒතාන් ය. ඔහු කිෂිගේ පුත්‍රයා ය; ඔහු අබ්දීගේ පුත්‍රයා ය; ඔහු මල්ලූක්ගේ පුත්‍රයා ය; |
|
| 45 |
|
| ඔහු හෂබියාගේ පුත්‍රයා ය; ඔහු අමශියාගේ පුත්‍රයා ය; ඔහු හිල්කියාගේ පුත්‍රයා ය; |
|
| 46 |
|
| ඔහු අම්ශීගේ පුත්‍රයා ය; ඔහු බානීගේ පුත්‍රයා ය; ඔහු ෂෙමෙර්ගේ පුත්‍රයා ය; |
|
| 47 |
|
| ඔහු මාලීගේ පුත්‍රයා ය; ඔහු මුෂීගේ පුත්‍රයා ය; ඔහු මෙරාරීගේ පුත්‍රයා ය; ඔහු ලෙවීගේ පුත්‍රයා ය. |
|
| 48 |
|
| ඔවුන්ගේ සහෝදරයන් වූ ලෙවීවරු දෙවියන් වහන්සේගේ මාලිගාව වන මණ්ඩපයේ මුළු මෙහෙයට පත් වී සිටියෝ ය. |
|
| 49 |
|
| එහෙත්, ආරොන් ද ඔහුගේ පුත්‍රයෝ ද දෙවියන් වහන්සේගේ මෙහෙකරු වූ මෝසෙස් විසින් අණ කරන ලද සියල්ල ලෙස දවන යාග පූජා පුදන පූජාසනයත්, දුම් පූජාසනයත් පිට ඔප්පු කරන්නට ද අතිශුද්ධස්ථානයේ මුළු මෙහෙය කරන්නට ද ඉශ්රායෙල්වරුන්ගේ පව් උදෙසා සහභාගිවීමේ පූජා ඔප්පු කරන්නට ද නියම වී සිටියෝ ය. |
|
| 50 |
|
| ආරොන්ගේ පුත්‍රයෝ මොවුහු ය: ඔහුගේ පුත්‍රයා එලෙයාසර් ය; ඔහුගේ පුත්‍රයා පිනෙහාස් ය; ඔහුගේ පුත්‍රයා අබිෂුවා ය; |
|
| 51 |
|
| ඔහුගේ පුත්‍රයා බුක්කී ය; ඔහුගේ පුත්‍රයා උශ්ශි ය; ඔහුගේ පුත්‍රයා ශෙරහියා ය; |
|
| 52 |
|
| ඔහුගේ පුත්‍රයා මෙරායොත් ය; ඔහුගේ පුත්‍රයා අමරියා ය; ඔහුගේ පුත්‍රයා අහිතුබ් ය; |
|
| 53 |
|
| ඔහුගේ පුත්‍රයා ශාදොක් ය; ඔහුගේ පුත්‍රයා අහීමයාශ් ය. |
|
| 54 |
|
| කොහාත්වරුන්ගේ පවුල් අතරෙන් ආරොන්ගේ පුත්‍රයන්ගේ වාසස්ථාන ඔවුන්ගේ සීමා තුළෙහි වූ ඔවුන්ගේ කඳවුරුවල හැටියට මේවා ය. මන්ද, පස ඇටය වැටුණේ ඔවුන්ට ය. |
|
| 55 |
|
| ජුදා දේශයෙහි වූ හෙබ්‍රොන් සහ ඒ වටකරින් වූ එහි තණ බිම් ද ඔවුන්ට දෙන ලද්දේ ය. |
|
| 56 |
|
| එහෙත්, නුවර කෙත් ද එහි ගම් ද ජෙපුන්නේගේ පුත් කාලෙබ්ට දෙන ලද්දේ ය. |
|
| 57 |
|
| ආරක්ෂා නගරයක් වූ හෙබ්‍රොන් ද ලිබ්නා සහ එහි තණ බිම් ද ජත්තීර් ද එෂ්තෙමොව සහ එහි තණ බිම් ද; |
|
| 58 |
|
| හිලේන් සහ එහි තණ බිම් ද දෙබීර් සහ එහි තණ බිම් ද; |
|
| 59 |
|
| ආෂාන් සහ එහි තණ බිම් ද බෙත්-ෂෙමෙෂ් සහ එහි තණ බිම් ද; |
|
| 60 |
|
| බෙන්ජමින් ගෝත්‍රයෙන් ගෙබා සහ එහි තණ බිම් ද අල්ලෙමෙත් සහ එහි තණ බිම් ද අනාතොත් සහ එහි තණ බිම් ද ආරොන්ගේ පුත්‍රයන්ට දෙන ලද්දේ ය. ඔවුන්ගේ මුළු පවුල් ප්‍රකාරයට ඔවුන්ගේ සියලු නගර දහතුනක් ය. |
|
| 61 |
|
| කොහාත්ගේ පුත්‍රයන්ට මනස්සේගේ අර්ධ ගෝත්‍රයෙන් ද නගර දහයක් පස ඇට දැමීමෙන් ලැබුණේ ය. |
|
| 62 |
|
| ගේර්ෂොම්ගේ පුත්‍රයන්ට තමන්ගේ පවුල් ප්‍රකාරයට ඉස්සාකර් ගෝත්‍රයෙන් ද ආෂෙර් ගෝත්‍රයෙන් ද නප්තලී ගෝත්‍රයෙන් ද බාෂාන්හි සිටි මනස්සේගේ අර්ධ ගෝත්‍රයෙන් ද නගර දහතුනක් ලැබුණේ ය. |
|
| 63 |
|
| මෙරාරීගේ පුත්‍රයන්ට ඔවුන්ගේ පවුල් ප්‍රකාරයට රූබන් ගෝත්‍රයෙන් ද ගාද් ගෝත්‍රයෙන් ද සාබුලොන් ගෝත්‍රයෙන් ද නගර දොළොසක් පස ඇට දැමීමෙන් ලැබුණේ ය. |
|
| 64 |
|
| ඉශ්රායෙල් පුත්‍රයෝ මේ නගර සහ ඒවායේ තණ බිම් ද ලෙවීවරුන්ට දුන්නෝ ය. |
|
| 65 |
|
| ජුදා පුත්‍රයන්ගේ ගෝත්‍රයෙන් ද සිමියොන් පුත්‍රයන්ගේ ගෝත්‍රයෙන් ද බෙන්ජමින් පුත්‍රයන්ගේ ගෝත්‍රයෙන් ද නම් වශයෙන් කියන ලද මේ නගර ඔව්හු පස ඇට දමා දුන්නෝ ය. |
|
| 66 |
|
| කොහාත්ගේ පුත්‍රයන්ගේ අනික් පවුල්වලට ඔවුන්ගේ සීමා තුළෙහි වූ නගර එප්‍රායිම්ගේ ගෝත්‍රයෙන් ලැබුණේ ය. |
|
| 67 |
|
| මෙසේ එප්‍රායිම් කඳු රටේ තිබෙන ආරක්ෂා නගරයක් වූ ෂෙකෙම් සහ එහි තණ බිම් ද ගෙශෙර් සහ එහි තණ බිම් ද; |
|
| 68 |
|
| ජොක්මෙයාම් සහ එහි තණ බිම් ද බෙත්-හෝරොන් සහ එහි තණ බිම් ද; |
|
| 69 |
|
| අයාලෝන් සහ එහි තණ බිම් ද; ගැත්-රිම්මෝන් සහ එහි තණ බිම් ද; |
|
| 70 |
|
| මනස්සේගේ අර්ධ ගෝත්‍රයෙන් ආනේර් සහ එහි තණ බිම් ද බිලෙයාම් සහ එහි තණ බිම් ද කොහාත් පුත්‍රයන්ගේ අනික් පවුල්වලට දෙන ලද්දේ ය. |
|
| 71 |
|
| ගේර්ෂොම්ගේ පුත්‍රයන්ට මනස්සේගේ අර්ධ ගෝත්‍රය යන පවුලෙන් බාෂාන්හි ගෝලාන් සහ එහි තණ බිම් ද අෂ්ටාරොත් සහ එහි තණ බිම් ද; |
|
| 72 |
|
| ඉස්සාකර් ගෝත්‍රයෙන් කෙදෙෂ් සහ එහි තණ බිම් ද දාබෙරත් සහ එහි තණ බිම් ද; |
|
| 73 |
|
| රාමොත් සහ එහි තණ බිම් ද ආනේම් සහ එහි තණ බිම් ද; |
|
| 74 |
|
| ආෂෙර් ගෝත්‍රයෙන් මාෂාල් සහ එහි තණ බිම් ද අබ්දොන් සහ එහි තණ බිම් ද; |
|
| 75 |
|
| හුකොක් සහ එහි තණ බිම් ද රෙහොබ් සහ එහි තණ බිම් ද; |
|
| 76 |
|
| නප්තලීගේ ගෝත්‍රයෙන් ගලීලයේ කෙදෙෂ් සහ එහි තණ බිම් ද හම්මෝන් සහ එහි තණ බිම් ද කිරියාතයිම් සහ එහි තණ බිම් ද ලැබුණේ ය. |
|
| 77 |
|
| මෙරාරීගේ අනික් පුත්‍රයන්ට සාබුලොන් ගෝත්‍රයෙන් රිම්මොන් සහ එහි තණ බිම් ද තාබෝර් සහ එහි තණ බිම් ද; |
|
| 78 |
|
| ජෙරිකෝව ළඟ ජොර්දානෙන් එගොඩ ජොර්දානට නැගෙනහිරෙන් රූබන් ගෝත්‍රයෙන් පාළුකරයෙහි තිබෙන බෙශෙර් සහ එහි තණ බිම් ද ජහශා සහ එහි තණ බිම් ද; |
|
| 79 |
|
| කෙදෙමොත් සහ එහි තණ බිම් ද මේපයත් සහ එහි තණ බිම් ද; |
|
| 80 |
|
| ගාද් ගෝත්‍රයෙන් ගිලියද්හි රාමොත් සහ එහි තණ බිම් ද මහනයිම් සහ එහි තණ බිම් ද |
|
| 81 |
|
| හෙෂ්බොන් සහ එහි තණ බිම් ද ජාශර් සහ එහි තණ බිම් ද ලැබුණේ ය. |
|
|
|
|