|
| 1 |
|
| මෙසේ සියලු ඉශ්රායෙල්වරු පෙළපත් වශයෙන් ලියවුණෝ ය. ඒවා ඉශ්රායෙල් රජවරුන්ගේ පොතේ ලියා තිබේ. ජුදාවරු තමන්ගේ ද්‍රෝහිකම් නිසා බබිලෝනියට ගෙන යන ලද්දෝ ය. |
|
| 2 |
|
| ආපසු අවුත් තමන්ගේ උරුම කොටස්වල ද නගරවල ද වාසය කළ අය නම්: ඉශ්රායෙල්වරුන්ගේ පුජකයෝත්, ලෙවීවරුත්, දේව මාලිගාවේ මෙහෙකරුවන් වන නෙතිනීම්වරුත් ය. |
|
| 3 |
|
| ජුදා ගෝත්‍රයෙනුත්, බෙන්ජමින් ගෝත්‍රයෙනුත්, එප්‍රායිම් සහ මනස්සේ ගෝත්‍රයෙනුත් ජෙරුසලමෙහි වාසය කළ අය නම්: |
|
| 4 |
|
| ජුදාගේ පුත්‍රයා වන පෙරෙශ්ගේ පුත්‍රයන්ගෙන් බානිගේ පුත් ඉම්රිගේ පුත්‍රයා වන ඔම්රීගේ පුත් අම්මිහුද්ගේ පුත්‍රයා වන ඌතයි ය. |
|
| 5 |
|
| ෂිලෝනිවරුන්ගෙන් කුලුඳුලා වූ අසායා සහ ඔහුගේ පුත්‍රයෝ ය. |
|
| 6 |
|
| ශෙරාගේ පුත්‍රයන්ගෙන් ජෙවුයෙල් සහ ඔවුන්ගේ සහෝදරයෝ හයසිය අනූදෙනෙක් ය. |
|
| 7 |
|
| බෙන්ජමින් ගෝත්‍රයෙනුත් හස්සෙනුවාගේ පුත්‍රයා වන හෝදවියාගේ පුත් මෙෂුල්ලාම්ගේ පුත්‍රයා වන සල්ලු ද |
|
| 8 |
|
| ජෙරොහාම්ගේ පුත් ඉබ්නෙයා ද මික්රීගේ පුත්‍රයා වන උශ්ශිගේ පුත් ඒලා ද ඉබ්නියාගේ පුත්‍රයා වන රෙවුයෙල්ගේ පුත් ෂෙපටියාගේ පුත්‍රයා වන මෙෂුල්ලාම් ද; |
|
| 9 |
|
| ඔවුන්ගේ පරම්පරාවල හැටියට ඔවුන්ගේ සහෝදරයෝ නවසිය පණස්හයදෙනෙක් ද යන අය ය. මේ සියලු මනුෂ්‍යයෝ තම තමන්ගේ පිය වංශ ලෙස පිය වංශවල ප්‍රධානියෝ වූ හ. |
|
| 10 |
|
| පූජකයන්ගෙන් ජෙදායා ද ජෙහෝයාරීබ් ද ජාකීන් ද; |
|
| 11 |
|
| දෙවියන් වහන්සේගේ මාලිගාවට අධිපතියා වූ අහිතුබ්ගේ පුත්‍රයා වන මෙරායොත්ගේ පුත් ශාදොක්ගේ පුත්‍රයා වන මෙෂුල්ලාම්ගේ පුත් හිල්කියාගේ පුත්‍රයා වන අශරියා ද; |
|
| 12 |
|
| මල්කියාගේ පුත්‍රයා වන පෂ්හුර්ගේ පුත් ජෙරොහාම්ගේ පුත්‍රයා වන අදායා ද ඉම්මේර්ගේ පුත් මෙෂිල්ලේමිත්ගේ පුත්‍රයා වන මෙෂුල්ලාම්ගේ පුත් ජාසේරාගේ පුත්‍රයා වන අදීයෙල්ගේ පුත් මයසයි ද; |
|
| 13 |
|
| තමන්ගේ පිය වංශවල ප්‍රධානියන් වූ දෙවියන් වහන්සේගේ මාලිගාවේ මෙහෙයේ කටයුතු කිරීමට ඉතා සමර්ථ වූ ඔවුන්ගේ සහෝදරයන් වන එක්දාස් සත්සිය හැටදෙනෙක් ද යන අය වෙත්. |
|
| 14 |
|
| ලෙවීවරු නම්: මෙරාරීගේ පුත්‍රයන්ගෙන් හෂබියාගේ පුත්‍රයා වන අශ්රිකාම්ගේ පුත් හෂ්ෂුබ්ගේ පුත්‍රයා වන ෂෙමායා ය; |
|
| 15 |
|
| බක්බක්කර්, හෙරෙෂ්, ගාලාල් සහ ආසාප්ගේ පුත් ශික්රීගේ පුත්‍රයා වන මීකාගේ පුත් මත්තනියා ය; |
|
| 16 |
|
| ජෙදූතුන්ගේ පුත්‍රයා වන ගාලාල්ගේ පුත් ෂෙමෙයියාගේ පුත්‍රයා වන ඔබදියා ය; නෙටෝපාතිවරුන්ගේ ගම්වල විසූ එල්කානාගේ පුත්‍රයා වන ආසාගේ පුත් බෙරෙකියා ය. |
|
| 17 |
|
| දොරටු පාලකයන් වූ ෂල්ලුම්, අක්කුබ්, ටල්මොන්, අහිමාන් සහ ඔවුන්ගේ සහෝදරයෝත් ය. ෂල්ලුම් ප්‍රධානියා ය. |
|
| 18 |
|
| මේ දක්වා මොවුහු ලෙවීගේ පුත්‍රයන්ගේ කඳවුරු උදෙසා නැගෙනහිරට තිබෙන රජුගේ දොරටුවේ දොරටු පාලකයෝ වූ හ. |
|
| 19 |
|
| කෝරාගේ පුත් එබියාසාප්ගේ පුත්‍රයා වන කෝරේගේ පුත් වූ ෂල්ලුම් ද ඔහුගේ පිය වංශයට අයිති ඔහුගේ සහෝදරයන් වන කොරහිවරු ද සේවයේ කටයුතුවලට පත් වී සභා මණ්ඩප දොරටුවල රැකවල්ලු වූ හ. ඔවුන්ගේ පියවරු සමිඳාණන් වහන්සේගේ කඳවුරට ඇතුල් වන තැන රැකවලුන් ලෙස සිටියෝ ය. |
|
| 20 |
|
| එලෙයාසර්ගේ පුත් පිනෙහාස් පළමු ව ඔවුන් කෙරෙහි අධිපතියා ව සිටියේ ය. සමිඳාණන් වහන්සේ ඔහු සමඟ සිටි සේක. |
|
| 21 |
|
| මෙෂෙලෙමියාගේ පුත් ශෙකරියා සම්මුඛ මණ්ඩපයේ දොරකඩ දොරටු පාලකයා ව සිටියේ ය. |
|
| 22 |
|
| දොරකඩවල දොරටු පාලකයන් කොට තෝරාගන්න ලද ඒ සියල්ලෝ දෙසිය දොළොස්දෙනෙක් ය. ඔවුන්ගේ ගම්වල හැටියට ඔව්හු ලියාපදිංචි වූ හ. දාවිත් සහ දිවැසිවරයා වූ සාමුවෙල් ද ඔවුන්ගේ නිලවලට ඔවුන් පත් කළෝ ය. |
|
| 23 |
|
| ඔව්හු ද ඔවුන්ගේ පුත්‍රයෝ ද ගෘහ මණ්ඩපය වන සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ දොරටු මාරුවෙන් මාරුවට මුර කළහ. |
|
| 24 |
|
| නැගෙනහිර ද බස්නාහිර ද උතුර ද දකුණ ද යන සතර පැතිවල දොරටු පාලකයෝ සිටියෝ ය. |
|
| 25 |
|
| ඔවුන්ගේ ගම්වල සිටි ඔවුන්ගේ සහෝදරයෝ ද සත් දවසකට වරක් ඔවුන් සමඟ මාරුවෙන් මාරුවට ආවෝ ය. |
|
| 26 |
|
| මන්ද, ඒ ලෙවීවරුන් වන ප්‍රධාන දොරටු පාලකයන් සතරදෙනා නියම නිලයෙහි සිට දෙවියන් වහන්සේගේ මාලිගාවෙහි ඇතුළු ගෙවල් ද ගබඩාවල් ද බලාගත්හ. |
|
| 27 |
|
| දෙවියන් වහන්සේගේ මාලිගාව රැකවල් කිරීම ඔවුන්ගේ යුතුකම ව තිබුණු නිසා ඔව්හු ඒ මාලිගාව වටකර නැවතී සිටියෝ ය. උදයෙන් උදය එහි දොරවල් ඇරීම ඔවුන්ගේ බාරේ තිබුණේ ය. |
|
| 28 |
|
| ලෙවීවරුන්ගෙන් සමහරෙක් මෙහෙයට අයිති භාජන බලාගත්හ. මන්ද, ඒවා ඇතුළට ගන්නටත්, පිටතට ගන්නටත් යෙදුණේ ගණන් කළ පසු ව ය. |
|
| 29 |
|
| ඔවුන්ගෙන් සමහරෙක් බඩු බාහිරාදිය ද ශුද්ධස්ථානයේ සියලු භාජන ද සිහින් පිටි ද මුද්‍රික පානය ද තෙල් ද තුවරලා ද සුවඳ ද්‍රව්‍ය ද බලාගන්නට පත් කරන ලද්දෝ ය. |
|
| 30 |
|
| පූජකයන්ගේ පුත්‍රයන්ගෙන් සමහරෙක් සුවඳ ද්‍රව්‍යවලින් තෛලය සෑදුවෝ ය. |
|
| 31 |
|
| ලෙවීවරුන් අතරෙන් කොරහි ෂල්ලුම්ගේ කුලුඳුලා වූ මත්තිතියා ඇතිළිවල පිසූ දේ බලාගැනීමට පත් ව සිටියේ ය. |
|
| 32 |
|
| ඔවුන්ගේ සහෝදරයන් වන කොහාත්වරුන්ගේ පුත්‍රයන්ගෙන් සමහරෙක් එක එක සබත් දවසේ පිදීමේ රොටි සූදානම් කිරීමට පත් ව සිටියෝ ය. |
|
| 33 |
|
| මොවුහු ගීතිකාකාරයන් ව ලෙවීවරුන්ගේ පිය වංශවල ප්‍රධානියන් ව ඇතුළු ගෙවල වාසය කළෝ ය. රෑ දාවල් සේවයේ යෙදී සිටි නිසා මොවුහු අනික් මෙහෙයන්වලින් නිදහස් ව සිටියෝ ය. |
|
| 34 |
|
| මොවුහු තමන්ගේ පරම්පරාවල ලෙවීවරුන්ගේ පිය වංශවල ප්‍රධානියන් ව ජෙරුසලමෙහි වාසය කළෝ ය. |
|
| 35 |
|
| ගිබියොන්ගේ පියා වූ ජෙයීයෙල් ගිබියොන්හි විසුවේ ය. ඔහුගේ භාර්යාවගේ නම මයකා ය. |
|
| 36 |
|
| ඔහුගේ කුලුඳුල් පුත්‍රයා අබ්දොන් ය; අනික් පුත්‍රයෝ ශුර්, කිෂ්, බාල්, නේර්, නාදාබ්, |
|
| 37 |
|
| ගෙදෝර්, අහියෝ, ශෙකරියා සහ මික්ලොත් ය. |
|
| 38 |
|
| මික්ලොත්ට දාව ෂිමෙයාම් උපන්නේ ය. මොවුහු තමන්ගේ සහෝදරයන් සමඟ තමන්ගේ සහෝදරයන් ඉදිරිපිට ජෙරුසලමෙහි වාසය කළෝ ය. |
|
| 39 |
|
| නේර්ට දාව කිෂ් ද කිෂ්ට දාව සාවුල් ද සාවුල්ට දාව ජොනතන් ද මල්කී-ෂුවා ද අබිනාදාබ් ද එෂ්බාල් ද උපන්නෝ ය. |
|
| 40 |
|
| මෙරිබ්-බාල් ජොනතන්ගේ පුත්‍රයා ය. මෙරිබ්-බාල්ට දාව මීකා උපන්නේ ය. |
|
| 41 |
|
| මීකාගේ පුත්‍රයෝ නම්: පීතොන්, මෙලෙක්, තාරෙයා සහ ආහාස් ය. |
|
| 42 |
|
| ආහාස්ට දාව ජයිරා උපන්නේ ය. ජයිරාට දාව අල්ලෙමෙත් ද අශ්මාවෙත් ද සිම්රි ද උපන්නෝ ය. සිම්රිට දාව මෝශා ද, |
|
| 43 |
|
| මෝශාට දාව බිනෙයා ද උපන්නෝ ය. ඔහුගේ පුත්‍රයා රෙපායා ය; ඔහුගේ පුත්‍රයා එලියාසා ය; ඔහුගේ පුත්‍රයා ආශෙල් ය. |
|
| 44 |
|
| ආශෙල්ට පුත්‍රයෝ හයදෙනෙක් සිටියෝ ය. ඔවුන්ගේ නාම නම්: අශ්රීකාම්, බොකෙරු, ඉෂ්මායෙල්, ෂෙයරියා, ඔබදියා සහ හානාන් ය. ආශෙල්ගේ පුත්‍රයෝ මොවුහු ය. |
|
|
|
|