|
| 1 |
|
| බබිලෝනියේ රජු වූ නෙබුකද්නෙශර් විසින් අල්ලාගනු ලැබ, බබිලෝනියට ගෙන යන ලද්දවුන්ගෙන් විප්‍රවාසයෙන් මිදී, ආපසු පැමිණි දේශවාසීහු ජෙරුසලමේ හා ජුදාවේ තම තමන්ගේ නගරවලට පෙරළා පැමිණියහ. ඔවුන්ගේ නම් මෙසේ ය: |
|
| 2 |
|
| ඔවුන් පැමිණියේ, සෙරුබ්බාබෙල් ද ජේෂුවා ද නෙහෙමියා ද සෙරායා ද රේලායා ද මොර්දෙකයි ද බිල්ෂාන් ද මිශ්පාර් ද බිග්වායි ද රෙහුම් ද බානා ද සමඟ ය. ඉශ්රායෙල් ජනයා අතර වූ පිරිමින්ගේ ගණන මෙසේ ය: |
|
| 3 |
|
| පරොෂ්ගේ පුත්‍රයෝ දෙදාස් එකසිය හැත්තෑදෙදෙනෙක් ය. |
|
| 4 |
|
| ෂෙපටියාගේ පුත්‍රයෝ තුන්සිය හැත්තෑදෙදෙනෙක් ය. |
|
| 5 |
|
| ආරාන්ගේ පුත්‍රයෝ හත්සිය හැත්තෑපස්දෙනෙක් ය. |
|
| 6 |
|
| පාහත්-මෝවබ්ගේ පුත්‍රයන් වූ ජේෂුවාගේ ද ජෝවාබ්ගේ ද පුත්‍රයෝ දෙදාස් අටසිය දොළොස්දෙනෙක් ය. |
|
| 7 |
|
| ඒලාම්ගේ පුත්‍රයෝ එක්දාස් දෙසිය පනස්හතරදෙනෙක් ය. |
|
| 8 |
|
| ශට්ටුගේ පුත්‍රයෝ නවසිය හතළිස්පස්දෙනෙක් ය. |
|
| 9 |
|
| ශක්කායිගේ පුත්‍රයෝ හත්සිය හැටදෙනෙක් ය. |
|
| 10 |
|
| බානීගේ පුත්‍රයෝ හයසිය හතළිස්දෙදෙනෙක් ය. |
|
| 11 |
|
| බෙබායිගේ පුත්‍රයෝ හයසිය විසිතුන්දෙනෙක් ය. |
|
| 12 |
|
| අශ්ගාද්ගේ පුත්‍රයෝ එක්දාස් දෙසිය විසිදෙදෙනෙක් ය. |
|
| 13 |
|
| අදොනිකාම්ගේ පුත්‍රයෝ හයසිය හැටහයදෙනෙක් ය. |
|
| 14 |
|
| බිග්වායිගේ පුත්‍රයෝ දෙදාස් පනස්හයදෙනෙක් ය. |
|
| 15 |
|
| ආදීන්ගේ පුත්‍රයෝ හාරසිය පනස්හතරදෙනෙක් ය. |
|
| 16 |
|
| හෙසකියාගෙන් වූ ආටෙර්ගේ පුත්‍රයෝ අනූඅටදෙනෙක් ය. |
|
| 17 |
|
| බේශායිගේ පුත්‍රයෝ තුන්සිය විසිතුන්දෙනෙක් ය. |
|
| 18 |
|
| ජෝරාගේ පුත්‍රයෝ එකසිය දොළොස්දෙනෙක් ය. |
|
| 19 |
|
| හාෂුම්ගේ පුත්‍රයෝ දෙසිය විසිතුන්දෙනෙක් ය. |
|
| 20 |
|
| ගිබ්බාර්හි පුත්‍රයෝ අනූපස්දෙනෙක් ය. |
|
| 21 |
|
| බෙත්ලෙහෙමේ පුත්‍රයෝ එකසිය විසිතුන්දෙනෙක් ය. |
|
| 22 |
|
| නෙටොපාහි මනුෂ්‍යයෝ පනස්හයදෙනෙක් ය. |
|
| 23 |
|
| අනාතෝත්හි මනුෂ්‍යයෝ එකසිය විසිඅටදෙනෙක් ය. |
|
| 24 |
|
| අශ්මාවෙත්හි පුත්‍රයෝ හතළිස්දෙදෙනෙක් ය. |
|
| 25 |
|
| කිරියත්-ආරිමෙත්, කෙපිරායෙත් බෙයේරොතෙත් පුත්‍රයෝ හත්සිය හතළිස්තුන්දෙනෙක් ය. |
|
| 26 |
|
| රාමාහිත්, ගෙබාහිත් පුත්‍රයෝ හයසිය විසිඑක්දෙනෙක් ය. |
|
| 27 |
|
| මික්මාස්හි මනුෂ්‍යයෝ එකසිය විසිදෙදෙනෙක් ය. |
|
| 28 |
|
| බෙතෙල්හි ද ආයිහි ද මනුෂ්‍යයෝ දෙසිය විසිතුන්දෙනෙක් ය. |
|
| 29 |
|
| නෙබෝහි පුත්‍රයෝ පනස්දෙදෙනෙක් ය. |
|
| 30 |
|
| මග්බිෂ්හි පුත්‍රයෝ එකසිය පනස්හයදෙනෙක් ය. |
|
| 31 |
|
| අනික් ඒලාම්හි පුත්‍රයෝ එක්දාස් දෙසිය පනස්හතරදෙනෙක් ය. |
|
| 32 |
|
| හාරීම්හි පුත්‍රයෝ තුන්සිය විසිදෙනෙක් ය. |
|
| 33 |
|
| ලොද්හි ද හාදීද්හි ද ඕනෝහි ද පුත්‍රයෝ හත්සිය විසිපස්දෙනෙක් ය. |
|
| 34 |
|
| ජෙරිකෝවේ පුත්‍රයෝ තුන්සිය හතළිස්පස්දෙනෙක් ය. |
|
| 35 |
|
| සෙනායාහි පුත්‍රයෝ තුන්දාස් හයසිය තිස්දෙනෙක් ය. |
|
| 36 |
|
| පූජකයෝ නම්: ජේෂුවාගේ වංශයේ ජෙදායාගේ පුත්‍රයෝ නවසිය හැත්තෑතුන්දෙනෙක් ය. |
|
| 37 |
|
| ඉම්මෙර්ගේ පුත්‍රයෝ එක්දාස් පනස්දෙදෙනෙක් ය. |
|
| 38 |
|
| පෂ්හුර්ගේ පුත්‍රයෝ එක්දාස් දෙසිය හතළිස්හත්දෙනෙක් ය. |
|
| 39 |
|
| හාරීම්ගේ පුත්‍රයෝ එක්දාස් දහහත්දෙනෙක් ය. |
|
| 40 |
|
| ලෙවීවරු නම්: හෝදවියාගේ පුත්‍රයන්ගෙන් වූ ජේෂුවාගේ ද කද්මියෙල්ගේ ද පුත්‍රයෝ හැත්තෑහතරදෙනෙක් ය. |
|
| 41 |
|
| ගීතිකාකාරයන් වූ ආසාප්ගේ පුත්‍රයෝ එකසිය විසිඅටදෙනෙක් ය. |
|
| 42 |
|
| දොරටු පාලකයන්ගේ පුත්‍රයෝ එනම්: ෂල්ලුම්ගේ පුත්‍රයෝ ද ආටෙර්ගේ පුත්‍රයෝ ද ටල්මොන්ගේ පුත්‍රයෝ ද අක්කුබ්ගේ පුත්‍රයෝ ද හටිටාගේ පුත්‍රයෝ ද ෂෝබයිගේ පුත්‍රයෝ ද යන සියල්ලෝ එකසිය තිස්නවදෙනෙක් ය. |
|
| 43 |
|
| දේව මාලිගාවේ සේවකයන් වන නෙතිනීම්වරු නම්: ශීහාගේ පුත්‍රයෝ ය; හසුපාගේ පුත්‍රයෝ ය; ටබ්බාවොත්ගේ පුත්‍රයෝ ය; |
|
| 44 |
|
| කේරොස්ගේ පුත්‍රයෝ ය; සියාගේ පුත්‍රයෝ ය; පාදොන්ගේ පුත්‍රයෝ ය; |
|
| 45 |
|
| ලෙබානාගේ පුත්‍රයෝ ය; හගාබාගේ පුත්‍රයෝ ය; අක්කුබ්ගේ පුත්‍රයෝ ය; |
|
| 46 |
|
| හාගාබ්ගේ පුත්‍රයෝ ය; ෂම්ලායිගේ පුත්‍රයෝ ය; හානාන්ගේ පුත්‍රයෝ ය; |
|
| 47 |
|
| ගිද්දෙල්ගේ පුත්‍රයෝ ය; ගහර්ගේ පුත්‍රයෝ ය; රෙයායාගේ පුත්‍රයෝ ය; |
|
| 48 |
|
| රෙශීන්ගේ පුත්‍රයෝ ය; නෙකෝදාගේ පුත්‍රයෝ ය; ගස්සාම්ගේ පුත්‍රයෝ ය; |
|
| 49 |
|
| උශ්ශාගේ පුත්‍රයෝ ය; පාසේයාගේ පුත්‍රයෝ ය; බේසයිගේ පුත්‍රයෝ ය; |
|
| 50 |
|
| අස්නාගේ පුත්‍රයෝ ය; මෙයුනීම්ගේ පුත්‍රයෝ ය; නෙපීසිම්ගේ පුත්‍රයෝ ය; |
|
| 51 |
|
| බක්බුක්ගේ පුත්‍රයෝ ය; හකුපාගේ පුත්‍රයෝ ය; හර්හුර්ගේ පුත්‍රයෝ ය; |
|
| 52 |
|
| බශ්ලුත්ගේ පුත්‍රයෝ ය; මෙහිදාගේ පුත්‍රයෝ ය; හර්ෂාගේ පුත්‍රයෝ ය; |
|
| 53 |
|
| බර්කොස්ගේ පුත්‍රයෝ ය; සීසෙරාගේ පුත්‍රයෝ ය; තෙමාගේ පුත්‍රයෝ ය; |
|
| 54 |
|
| නෙශියාගේ පුත්‍රයෝ ය; හටිපාගේ පුත්‍රයෝ ය; |
|
| 55 |
|
| සලමොන්ගේ සේවකයන්ගේ පුත්‍රයෝ නම්: සෝටයිගේ පුත්‍රයෝ ය; හස්සොපෙරෙත්ගේ පුත්‍රයෝ ය; පෙරුදාගේ පුත්‍රයෝ ය; |
|
| 56 |
|
| ජයලාගේ පුත්‍රයෝ ය; දර්කොන්ගේ පුත්‍රයෝ ය; ගිද්දෙල්ගේ පුත්‍රයෝ ය; |
|
| 57 |
|
| ෂෙපටියාගේ පුත්‍රයෝ ය; හට්ටිල්ගේ පුත්‍රයෝ ය; පොකෙරෙත්-හශ්ශෙබායිම්ගේ පුත්‍රයෝ ය; ආමීගේ පුත්‍රයෝ ය. |
|
| 58 |
|
| දේව මාලිගාවේ සේවකයෝ ද සලමොන්ගේ සේවකයන්ගේ පුත්‍රයෝ ද යන සියල්ලෝ තුන්සිය අනූදෙදෙනෙක් ය. |
|
| 59 |
|
| තේල්-මෙලා, තේල්-හර්ෂා, කෙරුබ්, අද්දාන්, ඉම්මෙර් යන ස්ථානවල සිට ආවා වූ, තමන් ඉශ්රායෙල්වරුන් බවට තම තමන්ගේ පෙළපතත්, වංශයත් පෙන්වන්නට බැරි වුණා වූ අය නම්: |
|
| 60 |
|
| දෙලායාගේ පුත්‍රයෝ ද ටෝබියාගේ පුත්‍රයෝ ද නොකෝදාගේ පුත්‍රයෝ ද යන මොවුහු හයසිය පනස්දෙදෙනෙක් ය. |
|
| 61 |
|
| පූජකයන්ගේ පුත්‍රයන්ගෙන් හබායාගේ පුත්‍රයෝත්, හක්කොශ්ගේ පුත්‍රයෝත්, ගිලියදීය බර්ශල්ලයිගේ දූවරුන්ගෙන් භාර්යාවක පාවාගෙන ඔවුන්ගේ නාමය ලැබූ බර්සිල්ලයිගේ පුත්‍රයෝත් ය. |
|
| 62 |
|
| පෙළපත් වශයෙන් ගණන් ගන්නා ලද ලේඛනයෙහි ඔවුන්ගේ නම් සෙවූ නමුත්, හමුනොවූ බැවින්, මොවුහු අපවිත්‍ර යයි සලකනු ලැබ, පූජක තනතුරෙන් ඉවත් කරනු ලැබුවෝ ය. |
|
| 63 |
|
| ඌරීම් සහ තුම්මිම් දරන පූජකයෙකු නැඟිටින තුරු, අතිශුද්ධ දේවලින් නොකන හැටියට ආණ්ඩුකාරයා ඔවුන්ට අණ කෙළේ ය. |
|
| 64 |
|
| මුළු සභාවේ ගණන හතළිස් දෙදාස් තුන්සිය හැටක් ය. |
|
| 65 |
|
| ඒ හැර ඔවුන්ගේ දාසදාසීහු හත්දාස් තුන්සිය තිස්හත්දෙනෙක් ද සිටියෝ ය. ඔවුන් අතරේ ගායක ගායිකාවෝ දෙසියයක් සිටියෝ ය. |
|
| 66 |
|
| ඔවුන්ගේ අශ්වයෝ හත්සිය තිස්හයදෙනෙක් ය; ඔවුන්ගේ අශ්වතරයෝ දෙසිය හතළිස්පස්දෙනෙක් ය; |
|
| 67 |
|
| ඔවුන්ගේ ඔටුවෝ හාරසිය තිස්පස්දෙනෙක් ය; කොටළුවෝ හයදාස් හත්සිය විසිදෙනෙක් ය. |
|
| 68 |
|
| තවද, ඒ ඒ වංශවල ප්‍රධානීන්ගෙන් සමහරු ජෙරුසලමෙහි තිබෙන සමිඳාණන් වහන්සේගේ මාලිගාවට පැමිණි කල්හි, දෙවියන් වහන්සේගේ මාලිගාව ස්වකීය ස්ථානයෙහි ගොඩනඟන පිණිස සිය කැමැත්තෙන් දුන් පඬුරු ඔප්පු කළහ. |
|
| 69 |
|
| ඔව්හු තමන්ගේ පුළුවන්කමේ හැටියට රන් කිලෝග්‍රෑම් පන්සියයක් ද රිදී කිලෝග්‍රෑම් දෙදහස් අටසියයක් ද පූජකවස්ත්‍ර සියයක් ද කර්මාන්ත සඳහා ගබඩාවට දුන්නෝ ය. |
|
| 70 |
|
| මෙසේ පූජකයෝ ද ලෙවීවරු ද සෙනඟගෙන් සමහරු ද ගායකයෝ ද දොරටු පාලකයෝ ද මාලිගාවේ සේවකයෝ ද ස්වකීය නගරවල විසූ හ. සියලු ඉශ්රායෙල්වරු ද ස්වකීය නගරවල විසූ හ. |
|
|
|
|