|
| 1 |
|
| “මවු කුසින් උපන් හැම කෙනෙකුගේ ම ජීවිත කෙටි ය, දුකින් පිරී ඇත. |
|
| 2 |
|
| ඔහු මලක් මෙන් පිපී, පර වී යන්නේ ය. නොපවතින සෙවණැල්ලක් මෙන් පහ ව යන්නේ ය. |
|
| 3 |
|
| එවැන්නෙකු දෙස ඔබ නෙත් යොමා බලන සේක් ද? උසාවියෙහි ඔබ වෙත ඔහු කැඳවන සේක් ද? |
|
| 4 |
|
| අපවිත්‍ර දෙයකින් පවිත්‍ර දෙයක් උපදවන්න කාට හැකි ද? කිසිවෙකුට බැරි ය! |
|
| 5 |
|
| මිනිසාගේ ආයු මිම්මක් ඇත. ඔහුගේ අවුරුදු ඔබ අතේ ය. ඔහුගේ කාල සීමා ඉක්මවා නොයන පරිදි ඒවා පිහිටුවා ඇත. |
|
| 6 |
|
| පැයවල් ගණන් බලමින් කුලීකරුවෙකු මෙන් සිටින ඔහුගෙන් ඔබේ ඇස් ඉවතට ගෙන ඔහුට විවේකය දුන මැනව. |
|
| 7 |
|
| ගසක් කපා දැමුවොත්, එය යළිත් ලියලා එහි රිකිලි හටගනු ඇතැ යි බලාපොරොත්තුවක් ඇත. |
|
| 8 |
|
| ඒ ගසේ මුල් බොහෝ කල් පොළොවේ දිරා ගියත් එහි කඳ බිම වියළී ගියත්, |
|
| 9 |
|
| වතුර උරා ගත්තොත් දලු ලා පැළෑටියක් මෙන් යළිත් අතු ලියලනු ඇත. |
|
| 10 |
|
| එහෙත්, මනුෂ්‍යයා මැරුණොත් මැරුණා ම යි. ඔහු මියගිය විට යන්නේ කොතැනට ද? |
|
| 11 |
|
| වැවේ වතුර සිඳී යන්නේ ය; ගඟ හිඳී වියළී යන්නේ ය; |
|
| 12 |
|
| එසේ ම, මිනිසා මියගිය කල යළි නොනැඟිටියි; ඉර හඳ පහවන තුරු ඔහු නොපිබිදෙයි. සිය නින්දෙන් නැඟිට නොඑයි. |
|
| 13 |
|
| අනේ! ඔබ මා පාතාල ලෝකයේ වසා දමා ඔබේ උදහස පහවන තුරු මට රැකවරණය දී, මට කාලාන්තරයක් නියම කොට මා සිහි කරන සේක් නම්, මම කැමැත්තෙමි. |
|
| 14 |
|
| මියගිය පසු, මිනිසෙක් යළිත් ජීවත් වෙයි ද? මම නම්, මාගේ නිදහස පැමිණෙන තෙක් ජීවිත සටනේ සියලු දවස්වල බලාපොරොත්තුවෙන් පසු වෙමි. |
|
| 15 |
|
| ඔබ හඬගසන සේක: මම උත්තර දෙන්නෙමි; ඔබ මැවූ මැවිල්ල ගැන ඔබ සතුටු වන සේක. |
|
| 16 |
|
| එහෙත් දැන් ඔබ මාගේ පියවර ගණන් කරන සේක; මාගේ පව් ගණන් කර බලන සේක. |
|
| 17 |
|
| ඔබ මාගේ පව් මල්ලක දමා මුද්‍රා තබා ඇත. මාගේ අපරාධ වසා සඟවා ඇත. |
|
| 18 |
|
| “කන්දක් ගරා වැටී සුණු විසුණු වන්නාක් මෙන්, පර්වතයක් එය පිහිටි තැනින් පහ ව යන්නාක් මෙන්, |
|
| 19 |
|
| වතුරෙන් ගල් ගෙවී යන්නාක් මෙන්, ජලප්‍රවාහයෙන් පොළොව සේදී යන්නාක් මෙන් ඔබ මිනිසාගේ පැතුම් සුන් කරන සේක. |
|
| 20 |
|
| ඔබ අවසානය දක්වා ඔහු පරාජය කරන සේක. ඔහු අතුරුදහන් වී යයි; ඔහුගේ මුහුණේ රූප විලාශය වෙනස් කොට ඔබ ඔහු පහකරන සේක. |
|
| 21 |
|
| ඔහුගේ පුත්‍රයන් ගෞරවයට පැමිණෙන විට, එපවත් ඔහු නොදනියි. ඔවුන් අවමානයට පැමිණෙන විට ද ඔහුට දැනුමක් නැත. |
|
| 22 |
|
| එහෙත්, ඔහුට දැනෙන්නේ ඔහුගේ සිරුරේ වේදනාව පමණකි. ඔහු වැලපෙන්නේ තමා ගැන පමණකි.” |
|
|
: |
| 1 | | 2 | | 3 | | 4 | | 5 | | 6 | | 7 | | 8 | | 9 | | 10 | | 11 | | 12 | | 13 | | 14 | | 15 | | 16 | | 17 | | 18 | | 19 | | 20 | | 21 | | 22 | 1
1
1 |
|
|---|
|
https://beblia.bible:81/BibleAudio/sinhalanrsv/job/014.mp3
42
14