සිංහල NRSV
|
| 1 |
| “මට හුස්ම ගන්න පවා බැරි ය; මාගේ අවසානය හොඳට ම ළඟ ය. දැන් මට ඉතිරි ව ඇත්තේ සොහොන පමණ ය. |
| 2 |
| කොයි අතට හැරුණත්, මිනිස්සු මට සරදම් කරති. ඔවුන්ගේ ඇණුම්බැණුම්වලට මට මූණ පාන්නට වී ඇත. |
| 3 |
| “ඔබ ඉදිරියෙහි ඔබ ම මාගේ ඇපකරු වුව මැනව. මා වෙනුවට ඇප දීමට වෙන කිසිවෙක් ඇද් ද? |
| 4 |
| තේරුම් නොගන්න පිණිස චින්තන බුද්ධිය ඔබ අඳුරු කර ඇත. මා පරදා ජය ගැන්මට ඔබ ඔවුන්ට ඉඩ නුදුන මැනව. |
| 5 |
| සිය වාසිය පිණිස මිතුරන් පාවා දෙන මිනිසාගේ දරුවන් දුක් විඳිනු ඇත. |
| 6 |
| සමිඳුන් මිනිසුන් අතර මා නින්දා පාඨයක් කර ඇත. ඔව්හු මාගේ මුහුණට කෙළ ගසති. |
| 7 |
| මාගේ ඇස් සෝදුකින් අඳුරු වී ඇත. මාගේ අවයව සියල්ල සෙවණැල්ලක් වැනි ය. |
| 8 |
| දැහැමි අය මා දැක මවිත වෙති. සුදනෝ මාගේ විපත දැක කෝප වෙති. |
| 9 |
| දැහැමියා සිය දිවි මඟෙහි ස්ථිර ව වෙසෙයි; සුපිරිසිදු අත් ඇති තැනැත්තේ වඩ වඩා ශක්තිමත් වෙයි. |
| 10 |
| එහෙත්, ඔබ සියලු දෙන ම මා වෙත යළි පැමිණියත්, ඔබ අතර පැණවතෙක් මට හමු වනු ඇද් ද? |
| 11 |
| මාගේ දවස් ගෙවී ගොස් ඇත; මාගේ පැතුම් බිඳී ගොස් ඇත; මාගේ අරමුණු ව්‍යර්ථ වී ඇත. |
| 12 |
| එහෙත්, මාගේ මිතුරෝ මාගේ රැය දවාලට හරවති; ආලෝකය ළඟ යයි කියති; එහෙත්, මා අවට තවමත් අඳුර ය. |
| 13 |
| මාගේ බලාපොරොත්තුව මළවුන්ගේ ලොව ගැන පමණ ය. අන්ධකාරයෙහි මම සැතපෙන්නෙමි. |
| 14 |
| මිනීවළට මම, ‘පියා ය’යි කියමි; පණුවන්ට මම, ‘මව හා සොහොයුරිය ය’යි කියමි. |
| 15 |
| එසේ නම්, මාගේ පැතුම කොතැන ද? ‘ප්‍රීතියක් ඇතැ’යි කා හට වත් පෙනේ ද? |
| 16 |
| දූවිල්ලට හැරෙන විට, මළවුන්ගේ ලොවට බැස යන විට පැතුම හා ප්‍රීතිය මට ගෙන යා නොහැකි ද?” |
| සටහන් සුරකින්න |
https://beblia.bible:81/BibleAudio/sinhalanrsv/job/017.mp3
42
17