සිංහල NRSV
|
| 1 |
| එවිට ෂුහිය බිල්දද් මෙසේ පිළිතුරු දුන්නේ ය: |
| 2 |
| “ඔබේ කතාවට ඉවරයක් නැද් ද? ටිකක් කල්පනා කරන්න; ඉන්පසු ව කතාවට බසිමු. |
| 3 |
| අප ගොන් රැළකැ යි ඔබ සිතන්නෙහි ද? තිරිසන් ගණයට අප දමන්නේ මන් ද? |
| 4 |
| ඔබ කෝපයෙන් ඔබ ම කැබලිවලට ඉරාගන්නේ මන් ද? ඉරාගත්තත් පොළෝ තලය පාළුකරයක් නොවනු ඇත. ගිරිකුළු නොසෙල්වෙනු ඇත. |
| 5 |
| එසේ ය, දුදනාගේ පහන නිවී යයි; ඔහුගේ පහන් දැල්ල තවත් නොබැබළෙයි. |
| 6 |
| ඔහුගේ කූඩාරමෙහි පහන අඳුරු වෙයි. ඔහුට ඉහළින් ඇති පහන නිවී යයි. |
| 7 |
| ස්ථිර ව තිබූ ඔහුගේ පාද දැන් වැනෙන සුලු ය. තමාගේ ම කූට උපාවලින් ඔහු වැටෙයි. |
| 8 |
| ඔහු වහා දුව ගොස් දැලකට අසු වෙයි; ඔහු මලපත් මත ඇවිදියි. |
| 9 |
| ඔහුගේ විලුඹ උගුලක අසු වෙයි. උගුල ගැස්සී ඔහු තදින් පැටලෙයි. |
| 10 |
| පොළොවෙහි ඔහුට මරුවැලක් ද ඔහු යන පාරෙහි බොරු වළක් ද ඇත. |
| 11 |
| භීතිය සැම’ තින් ඔහු බිය ගන්වයි; ඔහුගේ පාද ළඟින් ම එය ඔහු ලුහුබැඳ එයි. |
| 12 |
| සාගින්නෙන් ඔහුගේ වෙර වීරිය හීන වෙයි; වැටි වැටී යන ඔහුට විපත සමීප ව ඇත. |
| 13 |
| දරුණු රෝගයක් ඔහුගේ හමට කා වැදී ඇත; ඒ මාරක රෝගය ඔහුගේ අවයව කාදමයි. |
| 14 |
| ඔහුගේ නිවාසයේ සුරැකුම් බවින් ඔහු පැහැර ගනු හැක, මරු මුවට ඔහු ඇදගෙන යනු ඇත. |
| 15 |
| ගෙන්දගම් දුම් අල්ලා පිරිසිදු කළ පසු ඔහුගේ නිවාසයේ අන් කෙනෙකු වසනු ඇත. |
| 16 |
| ඔහු වනාහි, යටින් මුල් වියළී ගිය, උඩින් අතු කපාදමනු ලැබූ ගසක් වැනි ය. |
| 17 |
| මිහි මත කිසි රටක ඔහු සිහිපත් නොවනු ඇත. සිය රටෙහි පවා ඔහුගේ නම නොකියවෙනු ඇත. |
| 18 |
| එළියෙන් අඳුරට ඔහු නෙරපාදමනු ලැබේ. ජීවතුන්ගේ ලෝකයෙන් ඔහු පලවා හරිනු ලැබේ. |
| 19 |
| ඔහුගේ සෙනඟ අතර ඔහුට දරු මුණුබුරෝ නැත; ඔහුගෙන් පැවත එන කිසිවෙක් ඔහුගේ නිවෙසෙහි ඉතිරි ව නැත. |
| 20 |
| අපරදිග දනෝ ඔහුගේ විනාශය ගැන අසා බියෙන් තිගැස්සෙති; පෙරදිග දනෝ භීතියෙන් වෙවුලති. |
| 21 |
| අදමිටු අයගේ ඉරණම එය වේ; දෙවිඳුන් නොසලකන අයගේ ඉරණම ද එය වේ.” |
| සටහන් සුරකින්න |
https://beblia.bible:81/BibleAudio/sinhalanrsv/job/018.mp3
42
18