|
| 1 |
|
| ඉන්පසු එලිපස් මෙසේ පිළිතුරු දුන්නේ ය: |
|
| 2 |
|
|
“මිනිසාගෙන් දෙවි තුමන් හට කුමන ප්රයෝජනයක් ඇද් ද?
පැණවතෙකුගෙන් වුවත් කවර ප්රයෝජනයක් ඇද් ද?
|
|
| 3 |
|
| ඔබ දැහැමි ව සිටියත්, සව් බලැති දෙවිඳුන්ට එය සතුටක් වේ ද? ඔබ නිදොස් ව හැසුරුණත් ඉන් එතුමන්ට ලාභයක් ඇද් ද? |
|
| 4 |
|
| එතුමාණන් ඔබට තරවටු කර, ඔබ විනිශ්චයට ගෙන එන්නේ ඔබේ දේව ගරුබිය නිසා නොවන්නේ ය. |
|
| 5 |
|
| එසේ වන්නේ, ඔබ ඉතා නපුරු මිනිසෙකු බැවිනි. ඔබේ දුෂ්ටකම නිම් හිම් නැති බැවිනි. |
|
| 6 |
|
| ඔබ අසාධාරණ ලෙස සොහොයුරන්ගෙන් උකස් ගත්තෙහි ය; ඇඳුම් නැති අයගෙන් රෙදිපිළි උදුරා ගත්තෙහි ය. |
|
| 7 |
|
| පිපාසයෙන් පෙළුණු අයට ඔබ වතුර දුන්නේ නැත; බඩගිනි අයට කෑම දුන්නේ නැත. |
|
| 8 |
|
| මුළු දේශය අයිති කරගන්නට නිල බලය හා සමාජ තත්ත්වය ඔබ පාවිච්චි කෙළෙහි ය. |
|
| 9 |
|
| ඔබ කණවැන්දුමියන් හිස් අතින් යන්නට හැරියෙහි ය. අනාථ දරුවන් හට කුරිරුකම් කෙළෙහි ය. |
|
| 10 |
|
| ඉතින්, ඔබ වටකර මලපත් ඇත. හදිසි භීතිය ඔබ කළඹන්නේ ය. |
|
| 11 |
|
| ඔබේ දෑස නොපෙනෙන ලෙස එළිය අඳුරට හැරෙයි. ජලධාරා ගලා විත් ඔබ වසාගන්නේ ය. |
|
| 12 |
|
| සැබැවින් ම, දෙවි තුමන් සගයේ ඉහළ ම තැන වැඩ වසන්නේ නැද් ද? බබළන තරු කොතරම් දුර දැ යි බලන්න. |
|
| 13 |
|
| එහෙත් ඔබ, මෙසේ කියන්නෙහි ය: ‘දෙවිඳාණෝ කුමක් දන්න සේක් ද? විනිශ්චයක් කිරීමට ගන’ඳුර බිඳ බලනු ඇද් ද?’ |
|
| 14 |
|
| මිහිතල නිම් වළල්ල මත ඔබමොබ සැරිසරන විට, ඝන වලාකුළු නිසා එතුමාණන්ට දෑස විදහා බැලිය හැකි ද? |
|
| 15 |
|
| දුෂ්ටයන් කවර දාත් ගමන් කළ ඒ පැරණි මාවතෙහි ඇවිදින්නට ඔබත් තීරණය කරගත්තෙහි ද? |
|
| 16 |
|
| ඔවුන් නියම කාලයට කලින් ඉදිරී වැටෙනු ඇත. ඔවුන්ගේ අත්තිවාරම් ද මහ ගංවතුරකින් මෙන් ගහගෙන යනු ඇත. |
|
| 17 |
|
| එසේ වන්නේ, ‘අපට ඉන්න ඉඩ දී අහක් ව ගිය මැනව. සව් බලැති දෙවිඳුන් විසින් අපට කරනු ලැබිය හැකි කිසිවක් ඇද්දැ’යි ඔවුන් දෙවිඳුන්ට කී නිසා ය. |
|
| 18 |
|
| ඔවුන්ගේ අදහස් එතුමන්ට විරෝධී ව තිබියදීත්, ඔවුන්ගේ ගෙවල් සැප සම්පතින් සමෘද්ධ කෙළේ එතුමාණෝ ය. |
|
| 19 |
|
| දැහැමියෝ ඒ දැක සන්තෝෂ වෙති; නිදොස් අය ඔවුන්ට අපහාස කොට සරදමින් මෙසේ කියති: |
|
| 20 |
|
| ‘අපට විරුද්ධ ව නැඟී ආ අය සැබැවින් ම සිඳිනු ලැබූ හ. ඔවුන්ගේ ඉතිරි වස්තුව ගින්නෙන් දැවී ගියේ ය.’ |
|
| 21 |
|
| ජෝබ් තුමෙනි, එතුමාණන් සමඟ සමඟි වන්න. එයින් ඔබට ආසිරි ලැබෙනු ඇත. |
|
| 22 |
|
| එතුමාණන්ගේ මුවින් ඔවදන් ගෙන, එතුමන් වදන් ඔබේ සිතෙහි නිදන් කරගන්න. |
|
| 23 |
|
| ඔබ සව් බලැති දෙවිඳුන් වෙත බැගෑපත් ව හැරී, ඔබේ නිවෙසින් අසාධාරණකම් පහකළොත්, |
|
| 24 |
|
| ඔබේ රන් දූවිල්ල මෙන් ද ඔබේ තනි රන් දොළ පතුලේ ගල් කැට මෙන් ද සැලකුවොත්, |
|
| 25 |
|
| සව් බලැති දෙවිඳාණෝ ම ඔබට මුතු මැණික් හා රන් රිදී වන සේක. |
|
| 26 |
|
| එවිට ඔබ සව් බලැති දෙවිඳුන් කෙරෙහි ප්රීතිමත් ව, ඔබේ මුහුණ එතුමාණන් වෙත ඔසවනු ඇත. |
|
| 27 |
|
| ඔබ එතුමාණන්ට යැදුම් පුදන විට එතුමාණෝ සවන් දෙන සේක. ඔබ ද ඔබේ බාරහාර ඉටු කරනු ඇත. |
|
| 28 |
|
| ඔබ ගන්න තීරණය සඵල වනු ඇත. ඔබේ මාවත පිට එළිය බැබළෙනු ඇත. |
|
| 29 |
|
| එතුමාණෝ උඩඟු සිත් ඇති අය පහත හෙළන සේක. යටහත් සිත් ඇති අය රැකගන්න සේක. |
|
| 30 |
|
| ඔබ නිදොස් ව සිටියොත්, ඔබේ අතින් හරි දේ කළොත්, ඔබට මිදීම ඇත.” |
|
|
|
|