|
| 1 |
|
| ඉක්බිති ජෝබ් යළිත් මෙසේ පැවසී ය: |
|
| 2 |
|
| “මා කෙරෙන් යුක්තිය වළක්වා, සෝදුකින් මා පිරෙවූ, සව් බලැති දෙවිඳුන් නමින් මම මෙය දිවුරා කියමි: |
|
| 3 |
|
| මාගේ පණ නළ තිබෙන තුරු, දෙවිඳුන් දුන් හුස්ම ටික මා තුළ පවතින තුරු, |
|
| 4 |
|
| මා මුවින් අසත්‍යයක් වත්, කිසි මුසාවක් වත් නොකියමි. |
|
| 5 |
|
| ඔබ පවසන දේ සැබෑ යයි මම කිසි සේත් නොකියමි. දිවි ඇති තාක් මා නිවැරදි බව ම කියා සිටිමි. |
|
| 6 |
|
| මා නිවැරදි බව මම තරයේ කියා සිටිමි. දිවි ඇති තාක් මාගේ හෘදය සාක්ෂිය මට වරද නොතබයි. |
|
| 7 |
|
| ‘මාගේ සතුරාට දුදනෙකුට මෙන් අවැඩක් වේවා’යි ද ‘මාගේ විරුද්ධකාරයාට නපුරක් ම වේවා’යි ද පතමි. |
|
| 8 |
|
| අභක්තිකයාගේ අවසන් හුස්ම පහ කොට, දෙවිඳුන් මරණය එවන විට ඔහුට කවර බලාපොරොත්තුවක් ඇද් ද? |
|
| 9 |
|
| විපත පැමිණෙන විට දෙවි තුමාණන් ඔහුගේ යැදුම් අසනු ඇද් ද? |
|
| 10 |
|
| ඔහු සව් බලැති දෙවි තුමන් කෙරෙහි ප්‍රීති වන්නේ ද? එතුමන්ට නිරතුරු යැදුම් පුදනු ඇද් ද? |
|
| 11 |
|
| නැත. දෙවි තුමන්ගේ බලය ක්‍රියා කරන හැටි මම ඔබට පවසන්නෙමි. සව් බලැති දෙවි තුමන්ගේ අදහස් මම ඔබට කියා දෙමි. |
|
| 12 |
|
| මේ හැම දෙය ඔබ තේරුම් ගන්නහු නම්, මෙවැනි වල්පල් ඔබ නොදොඩන්නහු ය.” |
|
| 13 |
|
| ශෝපර් මෙසේ පැවසී ය: “සැහැසි ලෙස ජීවත් වන දුදනන් හට සව් බලැති දෙවිඳුන්ගේ දඬුවම මෙසේ ය: |
|
| 14 |
|
| ඔවුන්ට දූ දරුවන් බොහෝ ඇතත්, ඔව්හු රණ බිම්හි මැරී වැටෙති. මුළු පරපුර සාගින්නෙන් පෙළෙති. |
|
| 15 |
|
| ඔවුන්ගෙන් ඉතුරු වන අය වසංගතයෙන් නැසෙති; ඔවුන් ගැන වැන්දඹුවෝ පවා නොවැලපෙති. |
|
| 16 |
|
| ඔවුන්ට පොළොවේ වැලි මෙන් රන් රිදී තිබුණත්, අපමණ රෙදිපිළි ගොඩගැහුණත්, |
|
| 17 |
|
| ඒවා පැළඳගන්නේ ඔවුන් නොව, දැහැමි අය ය; ඔවුන්ගේ රන් රිදී ද බෙදාගන්නේ නිදොස් අය ය. |
|
| 18 |
|
| දුදනා සාදන ගෙය මකුළු දැල මෙන් ද කෙත රක්නා ගොවියාගේ පැල්පත මෙන් ද වැඩි කල් නොපවතියි. |
|
| 19 |
|
| එක් දිනක් ඔහු පොහොසතෙකු ලෙස සැතපෙයි; නැවත එසේ නොකරයි. පසු දා අවදි වන විට ඔහු අතේ සතයක් නැත. |
|
| 20 |
|
| බියකරු විපත ගංවතුර මෙන් ඔහු පලවා හරියි; රෑ හමන කුණාටුව ඔහු පැහැරගෙන යයි. |
|
| 21 |
|
| පෙරදිග මාරුතයෙන් ඔහු ගහගෙන යයි; සිය නිවෙසින් ඈත පෙදෙසකට ඔහු නෙරපී යයි. |
|
| 22 |
|
| ඔහු එක පිම්මෙන් පලා යන්න හැදුවත්, මාරුතය දයාව නොපෙන්වයි; ඔහුට පහර පිට පහර දෙනු ඇත. |
|
| 23 |
|
| ඔහු පලා යන විට මාරුතය ලුහුබැඳ ගිගුරුම් දෙයි. විනාශකාරී බලයකින් ඔවුන් බිය ගන්වයි.” |
|
|
|
|