|
| 1 |
|
| ඉන්පසු මේ තාක් නිහඬ ව සිටි ජෝබ් තමා උපන් දිනයට සාප කරගනිමින් |
|
| 2 |
|
| මෙසේ කී ය: |
|
| 3 |
|
| “මා උපන් දිනයට සාප වේ වා! මා වැනි පිරිමි දරුවෙකු පිළිසිඳ ගත් රාත්‍රියට සාප වේ වා! |
|
| 4 |
|
| ඒ දවස අඳුරෙන් වැසේ වා! සගලොව දෙවිඳාණෝ එය නොතකා හරිත් වා! අරුණලු එහි නොදිළේ වා! |
|
| 5 |
|
| ඒ දවස, ගන’ඳුරින් හා තද කළු වැහි පටලින් වැසීයේ වා! හිරු මඬල ද මැකීයේ වා! |
|
| 6 |
|
| ඒ රාත්‍රිය, ගන’ඳුරින් වැසීයේ වා! අවුරුද්දේ දවස්වලත්, මාසයේ දවස්වලත් එය මකා දමනු ලැබේ වා! |
|
| 7 |
|
| එවන් රැයක, වෙන දරු උපතක් සිදු නො වේ වා! සතොස වඩන කිසි හඬකුත් නො වේ වා! |
|
| 8 |
|
| මුහුදු සතුන්, දිය රකුසන්, මන්ත්‍ර බලයෙන් මැඬලන අය එදිනට සාප කරත් වා! |
|
| 9 |
|
| ඒ දවස හිරු බැස යන කල අහසෙහි තරු නොදිළේ වා! එළිය ලැබෙන පැතුම සුන් වේ වා! අරුණලු උදා නො වේ වා! |
|
| 10 |
|
| මේ සියල්ල, මෙසේ සිදු විය යුත්තේ, මවු කුසෙන් මා බිහි වී දුක දැක්මෙන් මා නොවැළැක් වූ බැවිනි. |
|
| 11 |
|
| මවු කුසේ දී ම මා නොමළේ මන් ද? කුසෙන් නික්ම ආ විගස ම මාගේ පණ නොගියේ මන් ද? |
|
| 12 |
|
| මවු තුරුල්ලට මා පිළිගත්තේ කුමට ද? මවගේ ළයෙහි මව් කිරි මට පෙව්වේ කුමට ද? |
|
| 13 |
|
| මම් එසේ මළෙම් නම්, දැන් නිසංසල ව මිනීවළෙහි මට ඉන්න තිබිණි; කරදරයක් කිසිත් නැති ව මරණ නින්දට යන්න තිබිණි. |
|
| 14 |
|
| එසේ වී නම්, නැති වී යන රාජ මාලිගා ඉදි කළ නිරිඳුන් සහ ඇමතිවරුන් සමඟ මටත් සැතපෙන්නට තිබිණි. |
|
| 15 |
|
| සිය මැදුරු රන් රිදීයෙන් පුරවාගත් කුමරුන් සමඟ ද මට සැතපෙන්නට තිබිණි. |
|
| 16 |
|
| මෙලොව එළිය නුදුටු දරුවන් මෙන් ගබ්සා වී මා මිය නොගියේ මන් ද? |
|
| 17 |
|
| සොහොනෙහි පවිටු දනන් තම පව්කම් නිම කර ඇත; වෙහෙසට පත් කම්කරු දනන් සිය වෙහෙසින් තොර වී ඇත. |
|
| 18 |
|
| සිරකරුවන් හට සොහොනෙහි සාමය ඇත; අණ දෙන නිලධාරීන්ගේ කට හඬ දැන් ඇසෙන්නේ නැත. |
|
| 19 |
|
| සොහොන් ගැබ තුළ ලොකු කුඩා සියල්ලෝ එක හා සමාන ය; වහලා තම ස්වාමියාගෙන් නිදහස් ය. |
|
| 20 |
|
| “එතුමා දුකින් සිටින අයට එළිය දෙන්නේ මන් ද? සොවින් පෙළෙන අයට දිවි දෙන්නේ මන් ද? |
|
| 21 |
|
| ඔව්හු මරු එන තුරු බලා සිටිති; එහෙත්, මරු එන්නේ නැත. අන් සැම සම්පතට වඩා ඔව්හු සොහොන අගේ කරති. |
|
| 22 |
|
| සොහොනට යෑම ඔවුන්ට සතුටකි; මිනීවළට යන විට ඔව්හු ප්‍රිය හඬ දෙති. |
|
| 23 |
|
| දෙවි තුමන් හැම අතින් ම හිර කර සිටින, තමා යා යුතු මඟ නොපෙනෙන මිනිසා උපත ලැබුවේ මන් ද? |
|
| 24 |
|
| මාගේ ආහාරය සුසුම් කඳුළු පමණකි; මාගේ කෙඳිරිගෑම, ගලා බසින දිය දහරකි. |
|
| 25 |
|
| මා බියජනක දේ මට පැමිණ ඇත. මා තැති ගන්වන හැම දේ මා පිට වැටී ඇත. |
|
| 26 |
|
| මාගේ සිතට ශාන්තියක්, සැනසිල්ලක් කොහෙත් ම නැත; මාගේ දුකට අවසානයක් ඇත්තේ ම නැත.” |
|
|
|
|