|
| 1 |
|
| තමා නිවැරදි යයි ජෝබ් සිතූ බැවින්, මේ මිනිස්සු තුන්දෙන ඔහුට පිළිතුරු දීම නැවැත්වූ හ. |
|
| 2 |
|
| එවිට රාම්ගේ පෙළපතේ බූසීය බාරකෙල්ගේ පුත් එලීහුගේ කෝපාග්නිය ඇවිළිණි. ජෝබ්ට විරුද්ධ ව ඔහුගේ කෝපාග්නිය ඇවිළී ගියේ, ජෝබ් තමා නිවැරදි බවත්, දෙවියන් වහන්සේ වැරදි බවත් කියා පෑ බැවිනි. |
|
| 3 |
|
| ඔහුගේ මිතුරන් තුන්දෙන ද ජෝබ් කෙරේ වරද තැබූ නමුත්, ඔහුට පිළිතුරු දීමට අසමත් වූ බැවින් ඔවුන්ට විරුද්ධ ව ද ඔහුගේ කෝපාග්නිය ඇවිළී ගියේ ය. |
|
| 4 |
|
| එලීහු ඔහුගේ මිතුරන්ට වඩා වයසින් බාල වූයෙන්, ජෝබ්ට පිළිතුරු දීමට ඉදිරිපත් නො වී ය. |
|
| 5 |
|
| එහෙත්, ඒ තුන්දෙනා පිළිතුරක් නොදෙන බව ඔහු දුටු විට ඔහුගේ කෝපය ඇවිස්සුණේ ය. |
|
| 6 |
|
| එකල බූසීය බාරකෙල්ගේ පුත් එලීහු පිළිතුරු දෙමින් මෙසේ කීවේ ය: “මම නම් වයසින් බාල ය; ඔබ වනාහි වයසක උදවිය ය; එබැවින් මා දන්න දේ ඔබ ඉදිරියේ පැවසීමට බිය ව මම පසෙකට වී සිටියෙමි. |
|
| 7 |
|
| ‘වයසක උදවිය කතා කළ යුතු යි; දිගායු වැළඳු අය ප්රඥාව පැවසිය යුතු යි,’ යනු මාගේ වැටහීම යි. |
|
| 8 |
|
| එහෙත්, මිනිසාට ප්රඥාව දෙන්නේ, සව් බලැති දෙවිඳුන්ගේ ආනුභාවය බව දැන් මම දනිමි. |
|
| 9 |
|
| ප්රඥාව ඇති වන්නේ, වයස්ගත වීමෙන් පමණක් නොවේ. හරි දේ දන්නෝ, වැඩිමහල් අය පමණක් නොවෙති. |
|
| 10 |
|
| එබැවින් මා වදන්වලට සවන් දෙන්න; මමත් දන්න දේ කියන්නෙමි. |
|
| 11 |
|
| මෙන්න, ඔබේ නැණවත් කතාවට සතුටින් මම සවන් දිනිමි. ඔබේ වාදයට හොඳින් කන් දී සිටියෙමි. |
|
| 12 |
|
| ඔබ තිදෙනා කී දේට මාගේ අවධානය යෙදුවෙමි. එහෙත්, ජෝබ්ගේ තර්ක බිඳීමට වත්, ඔහුගේ ප්රශ්නවලට පිළිතුරු දීමට වත් සමතෙක් ඔබ අතර නො වී ය. |
|
| 13 |
|
| එබැවින්, ‘අපට ප්රඥාව සම්බ වී ය’යි නොකියන්න වග බලාගන්න. ඔහු පරාජය කළ හැකි දෙවිඳුන්ට ම පමණකි, මිනිසාට නම් නොහැකි ය. |
|
| 14 |
|
| ජෝබ්ගේ තර්ක එල්ල කෙළේ මට නොවේ, ඔබට ය; එහෙත්, ඔබ පිළිතුරු දුන් ලෙස මම පිළිතුරු නොදෙමි. |
|
| 15 |
|
| ඔව්හු භිරාන්ත ව නිහඬ ව සිටිති; පිළිතුරු දීමට ඔවුන්ට වචන නැත. |
|
| 16 |
|
| කිය හැකි දෙයක් නැති ව ඔව්හු බලාගෙන සිටිති; ඔවුන් නිහඬ ව සිටිය දී මම කිසිත් නොකියා නිකම් හිඳිම් ද? |
|
| 17 |
|
| දැන් මටත් පිළිතුරු දීමට වාරයක් ඇත; මා දන්න දෙයක් මමත් කියමි. |
|
| 18 |
|
| කට පුරා වචන ධාරා ගලා එද්දී, මට කතා නොකර සිටිය හැකි ද? |
|
| 19 |
|
| මට සුවය ලැබෙන ලෙස කතා කිරීමට ඉඩක් නොලැබුණොත් මාගේ හදවත රැස් නොගිය අලුත් මිදි පැන් දැමූ සම් භාජනයක් මෙන් පුපුරා යනු ඇත. |
|
| 20 |
|
| මෙය මට දරාගත නොහැකි ය. නිහඬ ව නොසිට මා පිළිතුරු දිය යුතු ම ය. |
|
| 21 |
|
| මම කිසිවෙකුගේ පැත්ත නොගනිමි. මම කිසිවෙකුට ඉච්ඡා බස් නොකියමි. |
|
| 22 |
|
| ඉච්ඡා බස් තෙපලීමට මම නොදනිමි. මා එසේ කළොත් මාගේ මැවුම්කරුවාණන් වහා ම මා ලොවින් තුරන් කරනු ඇත.” |
|
|
: |
| 1 | | 2 | | 3 | | 4 | | 5 | | 6 | | 7 | | 8 | | 9 | | 10 | | 11 | | 12 | | 13 | | 14 | | 15 | | 16 | | 17 | | 18 | | 19 | | 20 | | 21 | | 22 | 1
1
1 |
|
|---|
|
https://beblia.bible:81/BibleAudio/sinhalanrsv/job/032.mp3
42
32