|
| 1 |
|
| “කෙසේ වුව ද, ජෝබ් තුමෙනි, මා කියන හැම දෙයට ම ඉතා හොඳින් සවන් දෙන්න. |
|
| 2 |
|
| මෙන්න, මම පිළිතුරු දීමට සැරසී සිටිමි. මාගේ වචන දැන් දිව’ග ලෙල දෙයි. |
|
| 3 |
|
| මා කියන හැම දෙය ම අවංක ය, මා මුවින් නික්මෙන දෙය සත්‍ය ය. |
|
| 4 |
|
| දිව්‍ය ආත්මයාණෝ මා මැවූ සේක; සව් බලැති එතුමන්ගේ හුස්ම මට දිවිය දී ඇත. |
|
| 5 |
|
| ඔබට හැකි නම්, මට උත්තර දෙන්න; හොඳින් සූදානම් වී මට විරුද්ධ ව තර්ක ඉදිරිපත් කරන්න. |
|
| 6 |
|
| දෙවි තුමන් අබිමුව ඔබත්, මමත් එක වාගේ ම ය. අපි දෙදෙනා ම පොළොවේ පසින් සාදනු ලැබුවෙමු. |
|
| 7 |
|
| මා ගැන බියෙන් තැති ගත යුතු නොවේ. මාගේ බලපෑම ඔබට වෙහෙසක් නො වේ වා! |
|
| 8 |
|
| ඔබේ කීම්වලට මමත් සවන් දිනිමි; මෙන්න, ඔබ මෙසේ කියනු මම අසාගෙන සිටියෙමි; |
|
| 9 |
|
| ‘මම නිදොස් ය; අයුතුකමක් මා තුළ නැත. මම නිර්මල ය; මා තුළ පවක් නැත. |
|
| 10 |
|
| එහෙත්, දෙවිඳාණෝ මට එරෙහි ව කරුණු සොයා, මා සතුරෙකු ලෙස ගණන් ගන්න සේක. |
|
| 11 |
|
|
මාගේ පාද දඬුකඳේ දමන සේක;
මා කරන හැම දෙය ම මුර කරන සේක.’ මේ වදන් ඔබ කීවෙහි ය.
|
|
| 12 |
|
| ජෝබ් තුමෙනි, මෙන්න, ඊට මාගේ පිළිතුර; ඔබ කීවා වැරදි ය. දෙවිඳාණෝ මිනිසාට වඩා උතුම් ය. |
|
| 13 |
|
| එතුමන්ට එරෙහි ව වාද විවාද කරන්නේ මන් ද? එතුමන්ගේ තර්කවලට කාට මූණ දිය හැකි ද? |
|
| 14 |
|
| දෙවි තුමාණෝ නැවත නැවත කතා කරන සේක; එහෙත්, මිනිසා සලකන්නේ නැත. |
|
| 15 |
|
|
එතුමාණෝ සිහිනයකින් හෝ රැයේ දර්ශනයකින් හෝ මිනිසා බර නින්දට පැමිණි විට යහන මත නින්දේ දී හෝ ඔහුට කතා කරන සේක.
|
|
| 16 |
|
| දෙවිඳාණෝ මිනිසුන්ගේ කනට කොඳුරා එතුමන්ගේ තර්ජනවලින් ඔවුන් බිය ගන්වන සේක. |
|
| 17 |
|
| එකල මිනිසා ඔහුගේ පාපයෙන් වළක්වන පිණිස, ඔහුගේ උඩඟුකම පහකරන පිණිස, |
|
| 18 |
|
| ඔහුගේ ජීවිතය මිනීවළෙන් ද ඔහුගේ පණ කෙන්ද කඩුපතින් ද රැක ගන්න පිණිස දෙවිඳාණෝ එසේ කරන සේක. |
|
| 19 |
|
| දෙවිඳාණෝ, මිනිසාට ලෙඩ රෝග එවීමෙන් ද ඔහුගේ ඇඟපතට වේදනා ඇති කිරීමෙන් ද ඔහු යහ මඟ යවන සේක. |
|
| 20 |
|
| එවිට රෝගියාට කෑම ප්‍රිය නැත; රස බොජුන් වුව ද, ඔහු අප්‍රිය කරයි. |
|
| 21 |
|
| ඔහුගේ සිරුර ක්ෂය වී ගොස්, හමින් වැසුණු ඇටකටු පෑදී පෙනෙයි. |
|
| 22 |
|
| ඔහුගේ ප්‍රාණය මිනීවළට ද ජීවිතය මළවුන්ගේ ලොවට ද ළං වේ ගෙන යයි. |
|
| 23 |
|
| මිනිසා හට තම හරි වැරදි පහදන පිණිස, ඔහුගේ සහයට දූතයන් දහසකගෙන් එක් කෙනෙකු වත් සමහර විට එනු ඇත. |
|
| 24 |
|
| දූතයා ඔහුට දයා වී, ‘මෙන්න, ඔහුගේ මිදීමේ මිලය! එය රැගෙන ඔහු මිනීවළට යන්නට නොදී, ඔහු මුදාහරින්නැ’යි කියනු ඇත. |
|
| 25 |
|
| එවිට ඔහුගේ මාංසය තරුණයෙකුගේ මාංසය මෙන් සවිමත් වනු ඇත; ඔහු යළි සිය නව යොවුන් වියට පැමිණෙනු ඇත. |
|
| 26 |
|
| ඔහු දෙවිඳුන්ට අයැදින විට එතුමාණෝ ඔහුට පිළිතුරු දෙන සේක. එවිට ඔහු ප්‍රීතියෙන් එතුමාණන් නමදින්නේ ය. දෙවි තුමාණෝ යළි ඔහු දැහැමිකමට පමුණුවන සේක. |
|
| 27 |
|
| ඔහු මිනිසුන් ඉදිරියෙහි ගී ගයමින්, ‘මම පව් කෙළෙමි; දූෂණය කෙළෙමි. එහෙත්, දෙවි තුමාණෝ මට සමාව දුන් සේක. |
|
| 28 |
|
| මිනීවළට යාමෙන් එතුමාණෝ මා මිදූ සේක; දැන් මාගේ ජීවිතයට එළිය දැක්ක හැකි ය’යි කියනු ඇත. |
|
| 29 |
|
| මිනිසා මරණින් මුදන පිණිසත් |
|
| 30 |
|
| ජීවත් වීමේ ප්‍රීතිය ඔහුට දෙන පිණිසත් දෙවි උතුමාණෝ නැවත නැවත මේ සියල්ල ඔහු උදෙසා කරන සේක. |
|
| 31 |
|
| එම්බා, ජෝබ් තුමෙනි, හොඳට සවන් දෙන්න. මා කතා කරන විට නිහඬ ව ඉන්න. |
|
| 32 |
|
| කියන්න යමක් ඔබට ඇත්නම්, මට පිළිතුරු දී කතා කරන්න. මාගේ කැමැත්ත නම්, ඔබ නිවැරදි බව පිළිගැනීම ය. |
|
| 33 |
|
| නැති නම්, මට සවන් දී නිහඬ ව ඉන්න. මම ඔබට ප්‍රඥාව පහදා දෙමි.” |
|
|
|
|