|
| 1 |
|
| තවද, දෙවිඳාණෝ ජෝබ්ට පිළිතුරු දෙමින්, |
|
| 2 |
|
| “ජෝබ්, නුඹ සව් බලැති දෙවිඳුන්ට අභියෝග කෙළෙහි ය: දැන්වත් නුඹ එය අත්හරින්නෙහි ද? නැතහොත් එයට පිළිතුරු දෙන්නෙහි දැ”යි වදාළ සේක. |
|
| 3 |
|
| එවිට ජෝබ් පිළිතුරු දෙමින් මෙසේ කී ය: |
|
| 4 |
|
| “සමිඳුනි, මම අනුවණ ලෙස කතා කෙළෙමි. ඔබට කුමන පිළිතුරක් දෙන්නෙම් ද? මම කට පියා නිහඬ වන්නෙමි. |
|
| 5 |
|
| මම එක් වරක්, කතා කෙළෙමි; පිළිතුරු නොදෙමි. මම දෙවරක් කතා කෙළෙමි. ඉන්පසු කතා නොකරමි.” |
|
| 6 |
|
| එවිට දෙවි තුමාණෝ සැඬ සුළඟෙහි වැඩ සිටිමින් මෙසේ පිළිතුරු දුන් සේක: |
|
| 7 |
|
| “ජෝබ්, මිනිසෙකු මෙන් එඩිතර ව නැඟිට මගේ ප්රශ්නවලට පිළිතුරු දෙව. |
|
| 8 |
|
| ‘මා අසාධාරණ ය’යි තර්ක කොට, ‘නුඹ නිවැරදි ය’යි කියාගෙන නුඹ මට වරද තබන්නට උත්සාහ කරන්නෙහි ද? |
|
| 9 |
|
| නුඹ මා වාගේ ම බලසම්පන්න ද? මා වාගේ ම හඬ නඟා ගර්ජනා කරන්නට නුඹට හැකි ද? |
|
| 10 |
|
| හැකි නම්, ගෞරවයෙන් හා උදාරත්වයෙන් සැරසී, විභූතිය හා ශෝභාව පැළඳගෙන නැඟිට එන්න. |
|
| 11 |
|
| උඩඟු අය දෙස බලා, උදහස වගුරුවා ඔවුන් පහත හෙළන්න. |
|
| 12 |
|
| දුදනන් දෙස නෙත් යොමා යටපත් කර, ඔවුන් වසන තැනෙහි ඔවුන් පොඩි කරදමන්න. |
|
| 13 |
|
| ඔවුන් හැම දෙන ධූලියෙහි වළලා, මළවුන්ගේ ලොවෙහි ඔවුන් බැඳ තබව. |
|
| 14 |
|
| මෙසේ කළොත්, නුඹේ බාහු බලයෙන් නුඹ ම ගැළවෙන්නට සමත් බැවින් මමත් නුඹ පසසන්නෙමි. |
|
| 15 |
|
| දැවැන්ත බෙහෙමොත් නම් සතා දෙස බලන්න. ඌ මැව්වේත් මම ය; නුඹ මැව්වේත් මම ය. ඌ ගොනෙකු මෙන් තණ කොළ කයි. |
|
| 16 |
|
| එහෙත්, උගේ තුනටියේ ශක්තිය ද බඩේ මස් ගොබවල බලය ද කල්පනාවට ගන්න. |
|
| 17 |
|
| කිහිරි ගසක් මෙන් උගේ වල්ගය කෙළින් වී සිටියි. උගේ ගාත්වල නහර ශක්තිමත් ය, |
|
| 18 |
|
| උගේ ඇටකටු ලෝකඩ වැනි ය; ඉල ඇට යකඩ පොලු වැනි ය. |
|
| 19 |
|
| දෙවිඳුන් මැවූ සතුන් අතර ඉහළ ම තැන ඌ අතේ ය. ඌ පරාජය කළ හැකි වනුයේ උගේ මැවුම්කාර දෙවි තුමන් හට පමණ ය. |
|
| 20 |
|
| සියලු වන සතුන්ගේ කෙළි මඬල වන කඳුවල ඌට අහර පිණිස තණ කොළ ඇත. |
|
| 21 |
|
| ඌ කටු පඳුරු යට බට පඳුරු හා වගුරු සෙවණෙහි ලගියි. |
|
| 22 |
|
| කටු පඳුරු ඌට සෙවණ දෙයි. දොළ අසබඩ බට ගස්වලින් ඌ වට වී ඇත. |
|
| 23 |
|
| ගං ඉවුරු තළා වතුර නැඟුණත්, ඌට බියක් නැත. කට දක්වා ගංවතුර ගැලුවත් ඌට කරදරයක් නැත. |
|
| 24 |
|
| කොක්කක් දමා ඌ අල්ලා ගන්නට වත් ඌට නාස් ලණුවක් දමන්නට වත් හැකි සමතෙක් ඇද් ද? |
|
|
|
|