|
| 1 |
|
| “දැන් ඉතින් හඬගා බලන්න. පිළිතුරු දෙන කෙනෙක් ඇද් ද? සගලොව කවර දේව දූතයෙකු වෙත ඔබ හැරෙන්නෙහි ද? |
|
| 2 |
|
| දැඩි අමනාපය නිසා අනුවණයා නැසීයන්නේ ය. කෝපය නිසා මෝඩයා මියයන්නේ ය. |
|
| 3 |
|
| අඥානයා මුල දී සාර්ථක වන සැටි මා දැක ඇත; එහෙත් සැණෙකින් ඔහුගේ නිවෙසට සාපය පැමිණෙයි. |
|
| 4 |
|
| ඔහුගේ දරුවන්ට සුරැකියාවක් නැත; නඩුහබවල දී පිහිට වන්න කිසිවෙක් නැත. උසාවියේ දී ඔවුන් වෙනුවෙන් පෙනී සිටින කෙනෙක් නැත. |
|
| 5 |
|
| අනුවණයන් රැස් කරන අස්වැන්න සාගිනි ඇති අය කාදමති; කටු අතර වැඩුණු ධාන්‍ය වුව ද ඔව්හු කපා ගනිති; තණ්හා ඇති අය ඔවුන්ගේ වස්තුව පැහැරගන්නට බලා සිටිති. |
|
| 6 |
|
| විපත පොළොවේ පසින් හට නොගනියි; දුක භූමියෙන් මතු නොවෙයි. |
|
| 7 |
|
| ගිනි පුපුර ගිනි මැලයෙන් ම ඉහළ නඟින්නාක් මෙන් මිනිසාගේ දුක මිනිසාගෙන් ම පැමිණෙයි. |
|
| 8 |
|
| එහෙත්, මම නම්, දෙවි තුමන් වෙත හැරී මාගේ නඩුව එතුමන්ට බාර කරමි. |
|
| 9 |
|
| එතුමන්ගේ ප්‍රබල ක්‍රියා අචින්ත්‍ය ය; අරුමපුදුම දේ අසංබ්‍ය ය. |
|
| 10 |
|
| දෙවි තුමාණෝ මහ පොළොවට වැසි වස්වන සේක; කෙත්වතු පිට දිය වගුරුවන සේක; |
|
| 11 |
|
| එතුමාණෝ පහත් අය උසස් කරන සේක. ශෝක වන්නන්ට ප්‍රීතිය ගෙන දෙන සේක. |
|
| 12 |
|
| එතුමාණෝ කපටින්ගේ උපා වළකන සේක; ඔවුන්ගේ හැම ප්‍රයෝග ව්‍යර්ථ කරන සේක. |
|
| 13 |
|
|
කපටින් ඔවුන්ගේ ම උපාවලින් අසුකරගන්න සේක;
ශූරයින්ගේ කුමන්ත්‍රණ සැණෙකින් බිඳ දමන සේක.
|
|
| 14 |
|
| මහ දවාල ඔවුන්ට තිත්ත කළුවරක් වේ; මද්දහනේ දී රෑ කාලයේ දී මෙන් ඔව්හු අතපත ගාමින් ගමන් කරති. |
|
| 15 |
|
| එතුමාණෝ දිළිඳුන් කඩුපතින් ද දුබලුන් බලවතුන්ගෙන් ද ගළවාගන්න සේක. |
|
| 16 |
|
| මෙසේ දිළිඳුන් හට පැතුමක් ඇත; අදමිටු දන නිහඬ වනු ඇත. |
|
| 17 |
|
|
දෙවි තුමන්ගෙන් දඬුවම් ලබන මිනිසා වාසනාවන්ත ය.
සව් බලැති දෙවි තුමන්ගේ තරවටුවට පිටුපා නොයන්න.
|
|
| 18 |
|
|
තුවාළ කරන්නේත් එතුමාණෝ ය;
තුවාළ බඳින්නේත් එතුමාණෝ ය; වේදනාව ඇති වන්නේත් එතුමන්ගේ අතින් ය; සුවය ලැබෙන්නේත් එතුමන්ගේ ම අතින් ය.
|
|
| 19 |
|
| පිට පිට විපත් පැමිණියත් එතුමාණෝ ඔබ ගළවන සේක; පිට පිට විපත් පැමිණියත් ඔබට අනතුරක් නොවනු ඇත; |
|
| 20 |
|
| සාගත සමයෙහි එතුමාණෝ ඔබ මරණින් මුදාගන්න සේක; සටන් සමයෙහි කඩු මුවහතින් ඔබ ගළවාගන්න සේක. |
|
| 21 |
|
| බොරුවෙන් හා වැරදි චෝදනාවෙන් ඔබ රැක ගනු ඇත; විනාශයෙන් සිතට භීතියක් නොවනු ඇත; |
|
| 22 |
|
| විපත ද සාගතය ද දැක ඔබ සිනාසෙනු ඇත; වග වලසුන්ගෙන් බියක් ඔබට නැත; |
|
| 23 |
|
| ඔබේ කෙත් යායෙහි ගල් මුල් නැත; වන සිවුපාවුන්ගෙන් පීඩාවක් නැත; |
|
| 24 |
|
| ඔබේ කූඩාරමෙහි සාමය වැජඹෙන බව ඔබ දන්නෙහි ය; බැටළු ගාලෙන් කිසිදු සතෙකු නැති නොවන බව ඔබ දන්නෙහි ය. |
|
| 25 |
|
| ඔබේ දරු පරපුර වැඩි වනු ඇත; මහා පොළොව මත තණ පත් මෙන් වැඩි වනු ඇත; |
|
| 26 |
|
| නියම කන්නයේ පැසුණු ගොයම් මිටියක් මෙන් ඔබ දිගායු වළඳා මිය යනු ඇත; |
|
| 27 |
|
| කිරි ගසට ඇන්නාක් මෙන් මේවා සැබෑ බව අත්දැකීමෙන් අපි දනිමු. ඔබත් විමසා බලා මේවා ඔබේ යහපතට බව ඔබ ම දැනගන්න.” |
|
|
|
|