|
| 1 |
|
| ජෝබ් මෙසේ පිළිතුරු දුන්නේ ය: “අනේ! මාගේ සෝදුක් මනින්නටත්, මාගේ විපත් තරාදියේ කිරා බලන්නටත් ඇත්නම්, කොතරම් හොඳ ද? |
|
| 2 |
|
| *** |
|
| 3 |
|
| කිරා බැලුවොත්, ඒවා මුහුදේ වැලිවලට වඩා බර ය; මා සැර පරුෂ වචන පැවසීම පුදුමයක් ද? |
|
| 4 |
|
| සව් බලැති දෙවිඳුන්ගේ ඊතල මා තුළට වැදී ඇත; ඒවායේ වස විස මසිතට කා වැදී ගොස් ඇත. දෙවි තුමන්ගේ බියකරු ක්‍රියා මට එරෙහි ව පෙළගැසී ඇත. |
|
| 5 |
|
| තණ කොළ තිබේ නම්, වල් කොටළුවාගේ රාවයක් ඇද් ද? පිදුරු තිබේ නම්, ගොනා තප්පුලයි ද? |
|
| 6 |
|
| ලුණු නැති නීරස අහර වළඳන්නේ කවරෙක් ද? බිත්තර සුදු මදයේ කවර රසක් ඇද් ද? |
|
| 7 |
|
| එවන් කෑම කන්නට මට ප්‍රිය නැත; මා කන හැම දේ ම මට අප්‍රිය වේ. |
|
| 8 |
|
| මාගේ යැදුම ඉටු වුවහොත්, මාගේ පැතුම දෙවි තුමන් ඉටු කළහොත් කොතරම් හොඳ ද? |
|
| 9 |
|
| දෙවි තුමාණෝ මාගේ ඇට කටු බිඳ, සිය අත දිගු කොට මා වනසන සේක් වා! |
|
| 10 |
|
| එසේ කළොත්, මට සැනසිල්ලක් ඇත; මාගේ දැඩි දුක මැද මම සතුටින් නටන්නෙමි. මන්ද, කිසි දාක මම ශුද්ධ දෙවිඳුන්ගේ වචනය ප්‍රතික්ෂේප නොකෙළෙමි. |
|
| 11 |
|
| මාගේ දිවි ගෙන යාමට කුමන ශක්තියක් මට ඇද් ද? මරණය මට නියත නම්, ජීවත් වීමෙන් වැඩක් මට ඇද් ද? |
|
| 12 |
|
| ගල් බඳු සවියක් මට ඇද් ද? මාගේ සිරුර ලෝකඩයෙන් තනා ඇද් ද? |
|
| 13 |
|
| විපතින් මිදෙන්නට මා තුළ ම ශක්තියක් නැත; පිහිටක් සොයමින් කොයි අත යම් ද? |
|
| 14 |
|
| මා දෙවිඳුන් අත්හැරියත්, නැතත්, මෙවන් දුකේ දී හිත මිතුරෝ අවශ්‍ය වෙත්. |
|
| 15 |
|
| එහෙත්, මා මිතුරන් වන ඔබ ඔයක් මෙන් ද ඉඩෝරයේ දී වේළී යන දිය කඩක් මෙන් ද මා රැවටුවහු ය. |
|
| 16 |
|
| ඔයවල් හිමෙන් බොර පාට වී හිම කැටිවලින් වැසී යනු ඇත. |
|
| 17 |
|
| ගංවතුර ගැලිය යුතු කාලයේ දී ඒවා අතුරුදහන් වී, ගිම්හානයේ දී දිය පතුලට ම හිඳී යයි. |
|
| 18 |
|
| තවලම්කරුවෝ වතුර සොයමින් වෙන පාරක යති. එසේ ගොස් මරුකතරෙහි විනාශ වෙති. |
|
| 19 |
|
| තේමාහි තවලම්කරුවෝ වතුර සෙවුවෝ ය; ෂෙබාහි මඟියෝ වතුර බලාපොරොත්තු වූ හ. |
|
| 20 |
|
| ඔවුන්ගේ පැතුම් බිඳ වැටිණි; එතැනට පැමිණි විට ඔව්හු වියවුල් වූ හ. |
|
| 21 |
|
| විපතක් දැක බිය වන මා මිතුරන් වන ඔබ මට එවන් ඔයවල් වැන්න. |
|
| 22 |
|
| මට යමක් දෙන්න කියා වත් මා වෙනුවෙන් අල්ලසක් දෙන්න කියා වත්, |
|
| 23 |
|
| රුපුන් අතින් මා මුදන්න කියා වත්, දාමරිකයන්ගේ අතින් මා ගළවන්න කියා වත් මම කිසි දා ඔබට කීවෙම් ද? |
|
| 24 |
|
| හොඳයි! ඔබ මට ඔවදන් දෙන්න; මාගේ වැරදි පෙන්වා දෙන්න; මම නිහඬ ව සිට ඔබට සවන් දෙන්නෙමි. |
|
| 25 |
|
| නැණවත් අවවාදය කොතරම් වැඩදායක ද? එහෙත්, ඔබ නඟන තර්කයෙන් මට කුමන වැඩක් ද? |
|
| 26 |
|
| මා කියන්නේ, පුහු වචනය කියා ඔබ සිතන්නහු ද? එසේ නම්, පැතුම් සුන් වූ කෙනෙක් කුමන පිළිතුරු බලාපොරොත්තු වන්නේ ද? |
|
| 27 |
|
| ඔබ බලන්නේ, කාත් කවුරුත් නැති කෙනෙකු දාදු දමා අයිති කරගන්නට ද? සිය මිතුරා වෙළෙඳ බඩුවක් ලෙස තක්සේරු කරන්නහු ද? |
|
| 28 |
|
| ඉතින් කරුණාකර මා දෙස බලන්න. ඔබේ මුහුණට ම මම බොරු නොකියමි. |
|
| 29 |
|
| ඔය කිව්වා හොඳට ම ඇති! මා ගැන අයුතු කතා නවත්වන්න; මාගේ පැමිණිල්ල යුක්ති සහගත ය; මට වරද නොතබන්න. |
|
| 30 |
|
| මා බොරු කියති යි ඔබ තවමත් සිතන්නහු ද? ඇත්ත නැත්ත තීරණයට මට පුළුවන්කමක් නැද් ද? |
|
|
|
|