|
| 1 |
|
| කෝරාගේ පුත්‍රයන්ටයි. අනුශාසනාවකි. දෙවිඳුනි, ඈත අතීතයේ දී ඔබ කළ උදාර ක්‍රියා අපේ ම කනින් අප අසා ඇත; අපේ පියවරුන් ඒවා අපට කියා ඇත. |
|
| 2 |
|
| ඔබේ බාහු බලයෙන් මිසදිටු ජාතීන් පලවා හැර, ඔබේ සෙනඟ ඔබ එහි වාසය කරවූ සේක; විජාතීන්ට පහර දී ඔබේ ම සෙනඟට සව්සිරි සැපත දුන් සේක. |
|
| 3 |
|
| ඔබේ සෙනඟ සතුරන් පරදා ජය කෙහෙලි නැංවූයේ, තමන්ගේ ම කඩු පහරින් හෝ බාහු බලයෙන් හෝ නොවේ; එසේ වූයේ, ඔබ ඔවුන්ට ප්‍රේම කළ නිසා ඔබේ ම සුරතිනි, බාහු බලයෙනි; ඔබ සහතික ලෙස ඔවුන් සමඟ වැඩ සිටි බැවිනි. |
|
| 4 |
|
| ඔබ මාගේ රජිඳාණෝ ය; ඔබ මාගේ දෙවිඳාණෝ ය. ඔබේ අණ පරිදි ඔබ සෙනඟට ජය සිරි අත් කර දෙන සේක. |
|
| 5 |
|
| ඔබේ බලයෙන් අපි අපේ සතුරන් පරදාලමු; ඔබේ නාමයේ අනුහසින් අපේ රුපුන් පාගා දමමු. |
|
| 6 |
|
| මාගේ දුන්න කෙරෙහි විශ්වාසය නොතබමි. මට විමුක්තිය එන්නේ මාගේ කඩුපතින් නොවේ. |
|
| 7 |
|
| ඔබ අපේ එදිරිකරුවන්ගෙන් අප ගැළෙවු සේක; අපට වෙර බඳින අය පලවා හැරිය සේක. |
|
| 8 |
|
| දවස පුරා අපි ඔබ පසසමු; සදහට ම අපි ඔබට තුති දෙමු. |
|
| 9 |
|
| එහෙත් දෙවියෙනි, දැන් ඔබ අප හැර දමා පරාජයට පමුණුවා ඇත. අපේ යුද හමුදා සමඟ ඔබ තවත් නොවඩින සේක. |
|
| 10 |
|
| සතුරන්ට බිය වී පලා යාමට ඔබ අපට සැලැසූ සේක. සතුරෝ අපේ රට කොල්ලකාගත්හ. |
|
| 11 |
|
| මරණයට නියම වූ බැටළුවන් මෙන් ඔබ අප මරණයට නියම කළ සේක; විජාතීන් අතරට අප විසුරුවා හැරිය සේක; |
|
| 12 |
|
| ඔබ අප තඹ දොයිතුවට විකුණු සේක; ඒ වෙළඳාමෙන් කිසි ලාභයක් නොගත් සේක. |
|
| 13 |
|
| ඔබ අප, අසල්වැසියන්ට සරදමක් ද අප අවට සිටින කොයි කාටත් අපහාසයක් හා අවමානයක් ද වන්නට සලසා ඇත. |
|
| 14 |
|
| ඔබ අප විජාතීන් අතර නින්දාවක් ද මිනිසුන් අතර සමච්චලයක් ද වන්නට සලසා ඇත. |
|
| 15 |
|
| මම හැම විට ම අපකීර්තියට පත් වී සිටිමි; මම ලජ්ජාවෙන් මුහුණ වසාගෙන සිටිමි. |
|
| 16 |
|
| එසේ වන්නේ, සතුරන්ගෙන් ද නින්දාකරුවන්ගෙන් ද මට අගෞරවය ලැබෙන බැවිනි. |
|
| 17 |
|
| මේ සියල්ල අපට පැමිණි බව ඇත්ත ය; එහෙත් අපි, ඔබ අමතක නොකෙළෙමු; ඔබ සමඟ කළ අපේ ගිවිසුම කඩ නොකෙළෙමු. |
|
| 18 |
|
| අපි ඔබට අපක්ෂපාත නොවීමු; ඔබේ ආඥා කඩ නොකෙළෙමු. |
|
| 19 |
|
| එහෙත්, ඔබ අප වන සතුන් අතර අනාථ කළ සේක; තිත්ත කළුවරෙහි අප අත්හළ සේක. |
|
| 20 |
|
| ඉතින් අපි, අපේ දෙවිඳුන් අමතක කෙළෙමු නම්, අන් දෙවියෙකුට යාච්ඤා කෙළෙමු නම්, |
|
| 21 |
|
| ඔබ එය දැනගන්නේ නැද් ද? මන්ද, මිනිස් සිතේ සියලු රහස් ඔබ දන්න සේක. |
|
| 22 |
|
|
දවස පුරා අපි ඔබ නිසා මරනු ලබමු;
මැරීමට නියම බැටළුවන් මෙන් ගණන්ගනු ලබමු.
|
|
| 23 |
|
| සමිඳුනි, පිබිදුණ මැනව! ඔබ නිදා ඉන්නේ මන් ද? නැඟුටුණු මැනව; සදහට ම අප ඉවත නොදැමුව මැනව. |
|
| 24 |
|
| ඔබ අප කෙරෙන් සැඟවී ඉන්නේ මන් ද? අපේ විපත හා පීඩාව අමතක කරන්නේ මන් ද? |
|
| 25 |
|
| අප පොළොවේ ධූලිවලට යට වී ඇත. සිරුර පොළොවේ ඇද වැටී ඇත. |
|
| 26 |
|
| නැඟිට, අපට පිහිට දුන මැනව. ඔබේ තිර පෙම්කඳ නිසා අප මිදුව මැනව. |
|
|
|
|