සිංහල NRSV
|
| 1 |
| දාවිත්ගේ ගීතයකි. අහෝ දෙවිඳුනි! මාගේ මොරගැසීම ඇසුව මැනව; මාගේ යැදුමට සවන් දුන මැනව. |
| 2 |
| මාගේ සිතෙහි දිරිය සුන් වන කල පාතාල ලොව ගැටියේ සිට මම ඔබට හඬගසමි. මට නැඟිය නොහැකි පර්වතයකට මා ගෙන ගිය මැනව. |
| 3 |
| මන්ද, ඔබ තුමාණෝ මාගේ සරණය වූ සේක; සතුරාට එරෙහි ව සවි බලකොටුවක් වූ සේක. |
| 4 |
| මම ඔබේ නිවෙසෙහි සදහට ම වාසය කරන්නෙමි; ඔබේ පියාපත් සෙවණෙහි සරණ ලබන්නෙමි. |
| 5 |
| අහෝ දෙවිඳුනි! ඔබ මාගේ බාර හාරවලට සවන් දුන් සේක. ඔබේ නාමයට ගරුබිය පාන අයගේ උරුමය මට දුන් සේක. |
| 6 |
| රජතුමන්ගේ ආයු වැඩි කළ මැනව! එතුමන්ගේ ජීවිත කාලය චිරාත් කාලයක් පවතී වා! |
| 7 |
| ඒ රජ දෙවිඳුන් අබියස සදහට සිහසුන අරා වැඩ සිටී වා! එතුමා ආරක්ෂා කරනු වස් ඔබ තිර පෙමින් සත්‍යතාව එතුමාට ප්‍රදානය කරන සේක් වා! |
| 8 |
| එවිට මම නිතර ම ඔබේ නාමයට පැසසුම් ගී ගයන්නෙමි; දිනෙන් දින පොරොන්දු ඉටු කරන්නෙමි. |
| සටහන් සුරකින්න |
https://beblia.bible:81/BibleAudio/sinhalanrsv/psalms/061.mp3
150
61