|
| 1 |
|
| එස්රාහි උපන් ඒතාන් නමැත්තාගේ කාව්‍යයකි. සමිඳුනි, ඔබේ තිර පෙම ගැන මම සදහට ම ගයන්නෙමි. ඔබේ විශ්වාසවන්තකම පරපුරෙන් පරපුරට පවසන්නෙමි. |
|
| 2 |
|
| ඔබේ තිර පෙම සදහට ම පවතින බව මම ඒකාන්තයෙන් ම පිළිගනිමි; ඔබේ විශ්වාසවන්තකම අහස මෙන් තිරසර බව මම දනිමි. |
|
| 3 |
|
| ඔබ මෙසේ වදාළ සේක: “මා තෝරාගත් තැනැත්තා සමඟ මම ගිවිසුමක් කෙළෙමි; මාගේ සේවක දාවිත්ට මම මෙසේ දිවුළෙමි: |
|
| 4 |
|
|
‘මම ඔබේ පෙළපත සදහට ම පිහිටුවන්නෙමි.
පරපුරෙන් පරපුරට ඔබේ සිහසුන ගොඩනඟන්නෙමි.’ “
|
|
| 5 |
|
| අහෝ සමිඳුනි! ඔබ කරන අසිරිමත් ක්‍රියා ගැන අහස් තලය ගී ගයන්නේ ය. සුරලොව පිරිස් ඔබේ විශ්වාසවන්තකම ගැන ගීතිකා කරන්නෝ ය. |
|
| 6 |
|
| සමිඳුන්ට සම කළ හැකි කිසිවෙක් අහස් තලයෙහි ඇද් ද? දෙවිවරුන් අතර සමිඳුන්ට සමාන වනුයේ කවරෙක් ද? |
|
| 7 |
|
| සුද්ද සෙන් සබ මැද ඔබට ගරුබිය දක්වන්නෝ ය. සියල්ලෝ ඔබට බියෙන් සිටින්නෝ ය. |
|
| 8 |
|
| සව් බලැති දෙවි සමිඳුනි, ඔබ හා සම, බලසම්පන්න අන් කවරෙක් ද? සමිඳුනි, සියල්ලෙහි දී ඔබ විශ්වාසවන්ත ය. |
|
| 9 |
|
| ඔබ චණ්ඩ සමුද්‍රය පාලනය කරන සේක; එහි රළපතර නඟින කල ඔබ ඒවා දමනය කරන සේක. |
|
| 10 |
|
| ඔබ රාහබ් නම් දිය රකුසා කැබලි කොට සුණු විසුණු කරදැමූ සේක; සිය බාහු බලය පා සතුරන් පලවා හළ සේක. |
|
| 11 |
|
| අහස් තලය ඔබේ ය, මිහි තලය ද ඔබේ ය, පොළොවත්, එහි ඇති සියල්ලත් ඔබ මැවූ සේක. |
|
| 12 |
|
| උතුරත්, දකුණත් ඔබ මැවූ සේක; තාබෝර් සහ හර්මොන් යන කඳු ඔබේ නමට ප්‍රීතියෙන් ගී ගයන්නේ ය. |
|
| 13 |
|
| ඔබේ බාහුව ප්‍රබල ය; ඔබේ අත බලවත් ය. ඔබේ දකුණත ජයෙන් ඔසවා ඇත්තේ ය. |
|
| 14 |
|
| සාධාරණකම සහ යුක්තිය ඔබ සිහසුනේ පදනම් ය; තිර පෙම හා සත්‍යය ඔබ කරන සියල්ලෙහි වේ. |
|
| 15 |
|
| සමිඳුනි, ගී ගයමින් ඔබ නමදින්නෝ ද ඔබේ කරුණා ආලෝකය තුළ හැසිරෙන්නෝ ද භාග්‍යවන්තයෝ ය. |
|
| 16 |
|
| දවස පුරා ඔව්හු ඔබ අබියස ප්‍රීති ප්‍රමෝද වන්නෝ ය; ඔබේ දැහැමිකම ගැන වෙසෙසින් පසසන්නෝ ය. |
|
| 17 |
|
| ඔබ අපට මහිමාන්විත ජයග්‍රහණ දෙන සේක. ඔබේ කරුණාවෙන් ඔබ අපට ජය අත්කර දෙන සේක. |
|
| 18 |
|
| සමිඳුනි, ඔබ අපේ ආරක්ෂාකරු අපට තෝරා දුන් සේක. ඉශ්රායෙල්වරුන්ගේ සුවිශුද්ධ දෙවිඳුන් වන ඔබ අපේ රජු අපට දුන් සේක. |
|
| 19 |
|
| කලකට පෙර ඔබ දර්ශනය වී, බැතිමතුන් හට කතා කොට මෙසේ වදාළ සේක: “මම වීරයෙකු හිස මත කිරුළ තැබුවෙමි; මාගේ සෙනඟ අතරෙන් තෝරාගත් තැනැත්තෙකුට සිහසුන දිනිමි. |
|
| 20 |
|
|
මා සේවක දාවිත් මම සොයාගත්තෙමි;
ශුද්ධ තෛලයෙන් මම ඔහු ආලේප කෙළෙමි.
|
|
| 21 |
|
| මාගේ ශක්තිය නිරතුරු ඔහු සමඟ වන්නේ ය; මාගේ බලය ඔහු සවිමත් කරන්නේ ය. |
|
| 22 |
|
| කිසි ම සතුරෙක් ඔහුට විරුද්ධ ව නැඟිට ජය ගන්නේ නැත; කිසි ම දුදනෙක් ඔහු පරාජය කරන්නේ නැත. |
|
| 23 |
|
| මම ඔහුගේ එදිරිකරුවන්ට පහර දෙන්නෙමි; ඔහුට වෛර කරන සියල්ලන් වනසාලන්නෙමි. |
|
| 24 |
|
| මාගේ විශ්වාසවන්තකම සහ තිර පෙම ඔහු සමඟ වන්නේ ය; මාගේ නාමයෙන් ඔහු ජයග්‍රාහී වන්නේ ය. |
|
| 25 |
|
| මම ඔහුගේ බලය මහ මුහුදේ පිහිටුවන්නෙමි; එය ගංගාව දක්වා පතුරුවා හරින්නෙමි. |
|
| 26 |
|
| ඔහු මට මොරගසමින්, ‘ඔබ මාගේ දෙවිඳාණෝ ය, මාගේ පියාණෝ ය, මාගේ ආරක්ෂක පර්වතයාණෝ ය’ කියන්නේ ය. |
|
| 27 |
|
|
ඔහු මාගේ කුලුඳුල් පුතණුවන් කොට ද මිහි පිට රජුන් අතර අග රජු කොට ද මම ඔහු පත් කරන්නෙමි.
|
|
| 28 |
|
| මම ඔහුට සදහට ම ප්‍රේම කරන්නෙමි; ඔහු උදෙසා මාගේ ගිවිසුම ස්ථිර ව පවත්නේ ය. |
|
| 29 |
|
| ඔහුගේ රාජ වංශය අහස මෙන් තිරසර ව පවතින්නේ ය; ඔහුගේ පෙළපතෙන් ම කෙනෙක් නිරතුරු රජකමට පත් වන්නේ ය. |
|
| 30 |
|
| ඔහුගේ දරුදැරියෝ මාගේ නීතියට අකීකරු වන්නෝ නම්, මාගේ නියමයන්ට අනුව ජීවත් නොවන්නෝ නම්, |
|
| 31 |
|
| ඔව්හු මාගේ නියෝග නොසලකා හරින්නෝ නම්, මාගේ අණපණත් නොපිළිපදින්නෝ නම්, |
|
| 32 |
|
| එවිට, ඔවුන්ගේ කැරලිගැසීමට දණ්ඩෙන් ද ඔවුන්ගේ අපරාධවලට කස පහරින් ද මම දඬුවම් දෙන්නෙමි. |
|
| 33 |
|
| එහෙත්, මම මාගේ ප්‍රේමය කවදාවත් දාවිත්ගෙන් ඉවත් නොකරන්නෙමි. ඔහු කෙරෙහි මාගේ විශ්වාසවන්තකම නිෂ්ප්‍රභ නොකරන්නෙමි. |
|
| 34 |
|
| මම මාගේ ගිවිසුම කඩ නොකරන්නෙමි; පොරොන්දු කිසිවක් වෙනස් නොකරන්නෙමි. |
|
| 35 |
|
| මම මාගේ ශුද්ධවන්තකම පිට සදහට ම දිවුළෙමි; එබැවින් දාවිත්ට මම බොරුවක් නොකියන්නෙමි. |
|
| 36 |
|
| ඔහුගේ පෙළපත සදහට ම පවතින්නේ ය; ඔහුගේ සිහසුන මා අබියස හිරු මෙන් බබළන්නේ ය. |
|
| 37 |
|
| ඔහුගේ පෙළපත සඳ මෙන් දිගට ම ජීවත් වන්නේ ය; අහස පවත්නා තෙක් එය තිරසර ව පවතින්නේ ය.” |
|
| 38 |
|
| එහෙත්, ඔබ ඒ රජ කෝපයෙන් පහකළ සේක. ඔබේ අබිසෙස් ලත් තැනැත්තා කෙරෙහි උදහසින් රොස් වූ සේක; |
|
| 39 |
|
| ඔබේ සේවකයා සමඟ ඔබ කළ ගිවිසුම ඔබ කඩකළ සේක. ඔහුගේ කිරුළ බිම හෙළා කෙලෙසා දැමූ සේක. |
|
| 40 |
|
| ඔබ ඔහුගේ පවුරු සියල්ල බිඳදැමූ සේක; ඔහුගේ බලකොටු නටබුන් කළ සේක. |
|
| 41 |
|
| මඟ යන එන සියල්ලෝ ඔහුගෙන් කොල්ල කන්නෝ ය; ඔහුගේ අසල්වැසියෝ ඔහුට සමච්චල් කරන්නෝ ය. |
|
| 42 |
|
| ඔබ ඔහුගේ එදිරිකරුවන්ට ජය අත්කර දුන් සේක; ඔබ ඔහුගේ සියලු සතුරන්ට ප්‍රීතිය ගෙන දුන් සේක. |
|
| 43 |
|
| ඔබ උදහසින් ඔහුගේ කඩු මුවහත නමාදැමූ සේක; සටනේ දී ඔහුගේ කඩුව එසවීමට ඉඩ නොහැරිය සේක. |
|
| 44 |
|
| ඔබ ඔහුගේ ජයකොන්තය පැහැර ගත් සේක; ඔහුගේ සිහසුන බිම හෙළූ සේක. |
|
| 45 |
|
| ඔබ ඔහුගේ යොවුන් විය කෙටි කළ සේක. ඔහු අපකීර්තියට පත් කළ සේක. |
|
| 46 |
|
| සමිඳුනි, ඔබ සදහට ම අපෙන් ඈත් වී සිටින සේක් ද? කොපමණ කලක් ඔබේ උදහස් ගින්න ඇවිලෙන්නේ ද? |
|
| 47 |
|
| මාගේ කාලය කොපමණ කෙටි දැ යි සිහි කරනු මැනව. මන්ද, මැරෙන සුලු අය මෙන් ඔබ සියලු මිනිසුන් මැවූ සේක. |
|
| 48 |
|
| ජීවමාන කවරෙක් නම්, මරණයට ගොදුරු නොවන්නේ ද? පාතාල ලෝකයේ බලයෙන් කවරෙක් තමා ම මුදාගන්නේ ද? |
|
| 49 |
|
| අහෝ සමිඳුනි! ඔබ කලින් පෑ තිර පෙම දැන් කොතැන්හි ද? දාවිත්ට දුන් විශ්වාසවන්ත පොරොන්දු දැන් කොහි ද? |
|
| 50 |
|
| සමිඳුනි, ඔබේ සේවකයා ලබන නින්දාව සිහි කරනු මැනව. විජාතීන්ගේ නින්දාව මා විඳින රඟ සිහි කරනු මැනව. |
|
| 51 |
|
| සමිඳුනි, ඔබේ සතුරෝ ඔබේ ආලේප ලත් රජුට අපහාස කරන්නෝ ය; ඔහු යන යන තැන ඔහුට ගරහන්නෝ ය. |
|
| 52 |
|
| සමිඳුන්ට සදහට ම ආසිරි වේ වා! |
|
|
|
|