සිංහල SROV
|
| 1 |
| පසුව ඔව්හු ඒලිම්හි සිට ගමන් ගත්තෝය, තවද ඔවුන් මිසර දේශයෙන් නික්ම ගියායින් පසු දෙවෙනි මාසයේ පසළොස්වෙනි දිනදී ඉශ්රායෙල් පුත්‍රයන්ගේ මුළු සභාව ඒලිම් සහ සීනයි අතරෙහිවූ සීන් නම් වනාන්තරයට පැමුණුණහ. |
| 2 |
| ඉශ්රායෙල් පුත්‍රයන්ගේ මුළු සභාව වනාන්තරයෙහිදී මෝසෙස් සහ ආරොන්ට විරුද්ධව කොඳුළෝය. |
| 3 |
| ඉශ්රායෙල් පුත්‍රයෝ ඔවුන්ට කථාකොට: මිසර දේශයෙහිදී මස් භාජන ළඟ හිඳ සෑහෙන පමණ කෑම කෑ විට ස්වාමීන්වහන්සේ ගේ අතින් අපි නැසුණෙමුනම් යහපත; මක්නිසාද මේ මුළු සමූහයා ක්ෂුධාවෙන් මරවන පිණිස ඔබ සැම අප මේ වනාන්තරයට ගෙනාවෝයයි කීවෝය. |
| 4 |
| එවිට ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කියනසේක්: බලව, ඔව්හු මාගේ ව්‍යවස්ථාව ලෙස හැසිරෙන්නෝද නැද්දැයි පරීක්ෂාකරන පිණිස ස්වර්ගයෙන් ඔබ සැම උදෙසා ආහාර වස්වන්නෙමි; සෙනඟ පිටත ගොස් දවසකට සෑහෙන ප්‍රමාණය දවස්පතා රැස්කරගනිත්වා. |
| 5 |
| තවද සවෙනි දවසේදී ඔවුන් ගෙනෙන දේ සූදානම්කරත්වා, එය ඔවුන් දවස්පතා රැස්කරගන්නා ප්‍රමාණය ලෙස දෙගුණයක් වන්නේයයි කීසේක. |
| 6 |
| මෝසෙස්ද ආරොන්ද සියලු ඉශ්රායෙල් පුත්‍රයන්ට කථාකොට: ඔබ සැම මිසර දේශයෙන් ගෙනාවේ ස්වාමීන්වහන්සේ බව සවස දැනගන්නහුය. |
| 7 |
| උදය ස්වාමීන්වහන්සේ ගේ තේජස දකින්නහුය; මක්නිසාද ස්වාමීන්වහන්සේ ට විරුද්ධව ඔබ සැමගේ කෙඳිරීම් උන්වහන්සේට ඇසෙයි. ඔබ සැම අපට විරුද්ධව කොඳුරන්ට අපි කවුරුදැයි කීවෝය. |
| 8 |
| මෝසෙස්: මෙසේ වන්නේ ස්වාමීන්වහන්සේ සවස ඔබ සැමට කන පිණිස මාංසද උදය සෑහෙන තරම් ආහාරද දෙන විටය; මක්නිසාද ඔබ සැම ස්වාමීන්වහන්සේ ට විරුද්ධව කොඳුරන ඔබ සැමගේ කෙඳිරීම් උන්වහන්සේට ඇසේ. අපි කවුරුද? ඔබ සැමගේ කෙඳිරීම් අපට විරුද්ධව නොව ස්වාමීන්වහන්සේ ට විරුද්ධවයයි කීවේය. |
| 9 |
| තවද මෝසෙස් ආරොන්ට කථාකොට: ස්වාමීන්වහන්සේ ඔබ සැමගේ කෙඳිරීම් ඇසූ හෙයින් උන්වහන්සේ ඉදිරියට ළංවෙන්නැයි ඉශ්රායෙල් පුත්‍රයන්ගේ මුළු සභාවට කියන්නැයි කීය. |
| 10 |
| ආරොන් ඉශ්රායෙල් පුත්‍රයන්ගේ මුළු සභාවට කථාකළ කල්හි ඔව්හු වනාන්තරය දෙස බැලුවෝය, බලව, ස්වාමීන්වහන්සේ ගේ තේජස වලාකුළෙහි පෙනුණේය. |
| 11 |
| ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට: |
| 12 |
| මම ඉශ්රායෙල් පුත්‍රයන්ගේ කෙඳිරීම් ඇසීමි. ඔබ සැම සවස මාංස කන්නහුය, උදය රොටිවලින් තෘප්තියට පැමිණෙන්නහුය; මම ඔබ සැමගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ බව ඔබ සැම දැනගන්නහුයයි ඔවුන්ට කියවයි කීසේක. |
| 13 |
| ඒ හැටියට සවස වටුවෝ අවුත් අන්දායම් වසාගත්තෝය. උදය කඳවුර හාත්පස පිනි තිබුණේය. |
| 14 |
| වැටී තිබුණු ඒ පිනි හිඳුණු කල, බලව, හිම වැනි හීන් කුඩා වටවූ දෙයක් වනාන්තරයේ බිම පිට තිබුණේය. |
| 15 |
| ඉශ්රායෙල් පුත්‍රයෝ ඒ දැක කිමෙක්දැයි නොදැන: මේ මොනවාදැයි එකිනෙකාට කීවෝය. එවිට මෝසෙස්: මේ වනාහි කෑම පිණිස ස්වාමීන්වහන්සේ ඔබ සැමට දුන් රොටිය. |
| 16 |
| ස්වාමීන්වහන්සේ අණකර තිබෙන දේ මේය-ඔබ සැම එකිනෙකා තම තමා කන ප්‍රකාරයට එයින් රැස්කරගන්න; ඔබ සැමගේ ගණනේ හැටියට එකිනෙකා තම තමාගේ කූඩාරමේ සිටින්නන්ට එක්කෙනාට ඕමෙරයක් බැගින් ගන්නැයි කීය. |
| 17 |
| ඉශ්රායෙල් පුත්‍රයෝ එසේ කොට සමහරෙක් වැඩියෙන්ද සමහරෙක් අඩුවෙන්ද රැස්කරගත්තෝය. |
| 18 |
| ඔවුන් ඕමෙර යන මිම්මකින් ඒ මැන්න කල බොහෝ රැස්කළ තැනැත්තාට වැඩිව නොතිබුණේය, ටික රැස්කළ තැනැත්තාට අඩුව නොතිබුණේය; එකිනෙකා තම තමා කන ප්‍රමාණයට එකතුකෙළේය. |
| 19 |
| මෝසෙස්: කිසිකෙනෙක් පසුවදා උදය දක්වා එයින් ඉතුරු නොකෙරේවයි කීය. |
| 20 |
| එසේ වී නුමුත් ඔව්හු මෝසෙස්ට ඇහුම්කන්නොදී සමහරෙක් පසුවදා උදය වනතුරු එයින් ඉතුරුකළෝය, එය පණුවන් හැදී දුර්ගන්ධවිය. මෝසෙස් ඔවුන් කෙරෙහි කෝප විය. |
| 21 |
| ඔවුන් එකිනෙකා තම තමා කන ප්‍රකාරයට උදයෙන් උදය එය රැස්කරගත්තේය. අව්ව තදවූ විට එය දියවී ගියේය. |
| 22 |
| තවද හවෙනි දවසේදී ඔව්හු එකිනෙකාට ඕමෙර දෙකක් බැගින් දෙගුණයක් රැස්කරගත්තේය. සභාවේ සියලු අධිපතීහු අවුත් මෝසෙස්ට ඒ බව කීවෝය. |
| 23 |
| ඔහුද: ස්වාමීන්වහන්සේ කී කාරණය මේය, හෙට දවස ගරුමයවූ නිවාඩුවක්ය, ස්වාමීන්වහන්සේ ට ශුද්ධ සබතක්ය. පුළුස්සන දේ පුළුස්සා ගන්න, තම්බන දේ තම්බා ගන්න; ඉතුරුව තිබෙන සියල්ල පසුවදා උදය දක්වා තිබෙන්ට ඔබ සැම ළඟ තබාගන්නැයි ඔවුන්ට කීවේය. |
| 24 |
| ඔව්හු මෝසෙස් කී ලෙස පසුවදා උදය වනතුරු ඒවා තබාගත්තෝය. ඒවා දුර්ගන්ධ නොවීය, එහි කිසි පණුවෙක්ද නොවීය. |
| 25 |
| මෝසෙස්: අද ඒවා කන්න; මක්නිසාද අද ස්වාමීන්වහන්සේ ට පවත්වන සබතය. අද ඒවා කෙතෙහි සම්බනොවන්නේය. සදවසක් ඒවා රැස්කරන්න; |
| 26 |
| එහෙත් සත්වෙනි දවස සබතය, ඒ දවසෙහි එයින් කිසිවක් නොතිබේයයි කීය. |
| 27 |
| තවද සෙනඟ අතරෙන් සමහරෙක් සත්වෙනි දවසෙහි රැස්කරගන්ට පිටතට ගිය නුමුත් කිසිවක් නොලැබුණේය. |
| 28 |
| ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට: ඔබ සැම මාගේ ආඥාද ව්‍යවස්ථාද පවත්වන්ට කොපමණ කල් අකැමැතිව සිටිනවාද? |
| 29 |
| බලන්න, ස්වාමීන්වහන්සේ ඔබ සැමට සබත් දවස දුන්සේක, එබැවින් උන්වහන්සේ සවෙනි දවසේදී දෙදවසක ආහාර ඔබ සැමට දෙනසේක; එකිනෙකා තම තමාගේ ස්ථානයේ නැවතී සිටිනු මිස සත්වෙනි දවසෙහි තමාගේ ඉඩමෙන් කිසිවෙක් නොයේවයි කීසේක. |
| 30 |
| මෙසේ සෙනඟ සත්වෙනි දවසෙහි නිවාඩුගත්තෝය. |
| 31 |
| ඉශ්රායෙල් වංශය ඒවාට මන්නා යන නාමය තැබූහ. ඒවා කොත්තමල්ලි ඇට සමානය, සුදුය; එහි රස මීපැණි මිශ්‍රවූ පූප මෙනි. |
| 32 |
| මෝසෙස් කියනුයේ: ස්වාමීන්වහන්සේ අණකළ දේ මේය, මා විසින් මිසර දේශයෙන් ඔබ සැම ගෙනා කල්හි වනාන්තරයේදී ඔබ සැම පෝෂණයකළ ආහාර ඔබ සැමගේ පරම්පරාවල අය දකින පිණිස ඔවුන් නිසා ඕමෙරයක් පුරවා තබාගන්න කීය. |
| 33 |
| මෝසෙස් ආරොන්ට කථාකොට: භාජනයක් රැගෙන මන්නාවලින් ඕමෙරයක් පුරවා ඔබ සැමගේ පරම්පරාවන් උදෙසා ප්රවේසම්ව තිබෙන පිණිස ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි ඒවා තබන්නැයි කීවේය. |
| 34 |
| ස්වාමීන්වහන්සේ මෝසෙස්ට අණකළ ලෙස ආරොන් ඒවා ප්‍රවේසම්වී තිබෙන පිණිස සාක්ෂිය ඉදිරියෙහි තැබීය. |
| 35 |
| ඉශ්රායෙල් පුත්‍රයෝ මනුෂ්‍ය පථයකට එන තෙක් සතළිස් අවුරුද්දක් මන්නා කෑවෝය; ඔව්හු කානාන් දේශයේ සීමාවලට පැමිණෙනතෙක් මන්නා කෑවෝය. |
| 36 |
| ඕමෙරයක් නම් ඒඵාවෙන් දසයෙන් කොටසක්ය. |
|
| සටහන් සුරකින්න |
https://beblia.bible:81/BibleAudio/sinhalasrov/exodus/016.mp3
40
16