|
| 1 |
|
| උන්වහන්සේ මෝසෙස්ට කියනසේක්: ඔබ සහ ආරොන්ද නාදාබ්ද අබීහූද ඉශ්රායෙල්වරුන්ගේ වැඩිමහල්ලන්ගෙන් හැත්තෑ දෙනෙක්ද ස්වාමීන්වහන්සේ වෙතට කන්දට ඇවිත් දුරින් සිට නමස්කාරකරන්න. |
|
| 2 |
|
| මෝසෙස් පමණක් ස්වාමීන්වහන්සේ ළඟට එන්නේය; නුමුත් ඔවුන් ළංනොවිය යුතුය; සෙනඟ ඔහු සමඟ නොනැග්ග යුතුයයි කීසේක. |
|
| 3 |
|
| මෝසෙස් අවුත් ස්වාමීන්වහන්සේ ගේ සියලු වචනද විනිශ්චයයන්ද සෙනඟට කියා දුන්නේය. මුළු සෙනඟ එක හඬින් උත්තරදෙමින්: ස්වාමීන්වහන්සේ කී සියල්ල කරන්නෙමුයයි කීවෝය. |
|
| 4 |
|
| මෝසෙස්ද ස්වාමීන්වහන්සේ ගේ සියලු වචන ලියා අලුයම නැඟිට කන්ද මුල පූජාසනයක් හා ඉශ්‍රායෙල්ගේ ගෝත්‍ර දොළසේ ගණන ලෙස කණු දොළසක්ද ගොඩනැගුවේය. |
|
| 5 |
|
| ඔහු ඉශ්රායෙල් පුත්‍රයන්ගෙන් යෞවනයන් යැවීය, ඔව්හු ස්වාමීන්වහන්සේ ට දවන යාග සහ ශාන්ති යාග කොට ගවයින් පූජාකළෝය. |
|
| 6 |
|
| මෝසෙස් ලෙයින් දෙකෙන් කොටසක් ගෙන භාජනවල දමා ඉතිරි කොටස පූජාසනය පිට ඉස්සේය. |
|
| 7 |
|
| තවද ඔහු ගිවිසුමේ පොත රැගෙන සෙනඟ ඉදිරියෙහි කියෙවුවේය. ඔව්හුද: ස්වාමීන්වහන්සේ කී සියල්ල කරමින් කීකරුවන්නෙමුයයි කීවෝය. |
|
| 8 |
|
| එවිට මෝසෙස් ඒ ලේ රැගෙන සෙනඟට ඉසිමින්: මේ සියලු වචන ගැන ස්වාමීන්වහන්සේ ඔබ සැම සමඟ කළාවූ ගිවිසුමේ ලේ මේ යයි කීවේය. |
|
| 9 |
|
| එකල මෝසෙස්ද ආරොන්ද නාදාබ්ද අබීහූද ඉශ්රායෙල්වරුන්ගේ වැඩිමහල්ලන්ගෙන් හැත්තෑ දෙනෙක්ද නැගී ගොස්, |
|
| 10 |
|
| ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේ දුටුවෝය; උන්වහන්සේගේ පාද යට නීලමාණික්‍ය ආස්තරණයක් වැන්නක්ද දීප්තිමත්කමින් අහස්තලයම වැන්නක්ද වූයේය. |
|
| 11 |
|
| උන්වහන්සේ ඉශ්රායෙල් පුත්‍රයන්ගේ උත්තමයන් පිට අත නොහෙළූසේක, ඔව්හු දෙවියන්වහන්සේ දැකලාත් කා බී සිටියෝය. |
|
| 12 |
|
| ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කියනසේක්: මා ළඟට කන්දට නැගී ඇවිත් මෙහි සිටින්න. ඔබ ඔවුන්ට උගන්වන පිණිස මා ලියූ ගල්ලෑලිද ව්‍යවස්ථාවද ආඥාවද ඔබට දෙන්නෙමියි කීසේක. |
|
| 13 |
|
| මෝසෙස්ද ඔහුගේ සේවකවූ යෝෂුවාද නැගිට ගියෝය. මෝසෙස් දෙවියන්වහන්සේගේ කන්දට නැගුණේය. |
|
| 14 |
|
| ඔහු වැඩිමහල්ලන්ට කථාකොට: අප ඔබ සැම වෙතට නැවත එනතෙක් මෙහි සිටින්න. මෙන්න, ආරොන් සහ හූර් ඔබ සැම සමඟ සිටිති. යමෙකුට කාරණයක් ඇත්නම් ඔහු ඔවුන් වෙතට පැමිණේවයි කීවේය. |
|
| 15 |
|
| මෝසෙස් කන්දට නැගී ගියේය, වලාකුළ කන්ද වසාගත්තේය. |
|
| 16 |
|
| ස්වාමීන්වහන්සේ ගේ තේජස සීනයි කන්දේ පැවතුණේය, වලාකුළ සදවසක් ඒක වසා සිටියාය. සත්වෙනි දින උන්වහන්සේ වලාකුළ මැදින් මෝසෙස්ට හඬගැසූසේක. |
|
| 17 |
|
| ස්වාමීන්වහන්සේ ගේ තේජසේ පෙනීම කන්ද මුදුනේ ඇවිළී යන ගිනි මෙන් ඉශ්රායෙල් පුත්‍රයන්ගේ ඇස්වලට පෙනුණේය. |
|
| 18 |
|
| මෝසෙස් වලාකුළ මැදට ඇතුල්වී කන්දට නැගුණේය. මෝසෙස් දවල් සතළිසක්ද රෑ සතළිසක්ද කන්දේ සිටියේය. |
|
|
: |
| 1 | | 2 | | 3 | | 4 | | 5 | | 6 | | 7 | | 8 | | 9 | | 10 | | 11 | | 12 | | 13 | | 14 | | 15 | | 16 | | 17 | | 18 | 1
1
1 |
|
|---|
|
https://beblia.bible:81/BibleAudio/sinhalasrov/exodus/024.mp3
40
24