|
| 1 |
|
| සමිඳාණන් වහන්සේ මෝසෙස් අමතා, මෙසේ වදාළ සේක: |
|
| 2 |
|
| “මට පඬුරක් ගෙනෙන ලෙස ඉශ්රායෙල් ජනයාට කියන්න. සිය කැමැත්තෙන් ම දෙන සෑම දෙනාගෙන් ම නුඹ ඒ පඬුරු ගත යුතු ය. |
|
| 3 |
|
| ඔවුන්ගෙන් ගත යුතු පඬුරු නම් රන්, රිදී සහ ලෝකඩ ද, |
|
| 4 |
|
| නිල් පාට, දම් පාට සහ තද රතු පාට නූල් ද, සිහින් හණ රෙදි හා එළු ලොම් ද, |
|
| 5 |
|
| රතු සායම් පෙවූ බැටළු හම්, පදම් කළ හම් සහ ෂිටිම් යන ලී ද, |
|
| 6 |
|
| පහන්වලට තෙල් ද, ආලේප තෛලයට හා සුවඳ දුම් පූජාව සඳහා සුගන්ධ ද්‍රව්‍ය ද, |
|
| 7 |
|
| ඒපොද් නම් ශුද්ධ වස්ත්‍රය සහ ළය වැස්ම සඳහා නබමාණික්‍ය හා වෙනත් මැණික් ද යන මේවා ය. |
|
| 8 |
|
| තවද, නුඹලා අතර වාසය කිරීම පිණිස මට ඔවුන් ශුද්ධස්ථානයක් සෑදිය යුතු ය. |
|
| 9 |
|
| මා නුඹට පෙන්වන සැලැස්ම අනුව මණ්ඩපය ද එහි සියලු උපකරණ ද සෑදිය යුතු ය.” |
|
| 10 |
|
| “තවද, ඔවුන් ෂිටිම් ලීයෙන් සෙන්ටිමීටර් එකසිය දහයක් දිග, සෙන්ටිමීටර් හැටහයක් පළල, සෙන්ටිමීටර් හැටහයක් උස කරඬුව සෑදිය යුතු ය. |
|
| 11 |
|
| එහි ඇතුළත ද පිටත ද තනි රත්රනින් ආලේප කොට, එය වටා රන් ලීස්තරයක් සෑදිය යුතුයි. |
|
| 12 |
|
| තවද, එය සඳහා රන් වළලු හතරක් වාත්තු කොට, එක පැත්තකට වළලු දෙකක් ද අනික් පැත්තට වළලු දෙකක් ද බැගින් එහි කකුල් හතරේ ඒවා දැමිය යුතු ය. |
|
| 13 |
|
| ෂිටිම් ලීයෙන් පොලු සාදා ඒවා රනින් ආලේප කොට |
|
| 14 |
|
| කරඬුව උසුලාගෙන යන පිණිස එහි දෙපැත්තේ ඇති වළලු තුළට ඒ පොලු දැමිය යුතු ය. |
|
| 15 |
|
| කරඬුවේ වළලු තුළ ම පොලු තිබෙන්නට හැරිය යුතු ය. ඒවා එයින් ඉවත් නොකළ යුතු ය. |
|
| 16 |
|
| පසුව මා නුඹට දෙන සාක්ෂි ගල් පුවරු දෙක එම කරඬුවේ තැන්පත් කළ යුතු ය. |
|
| 17 |
|
| “තවද, නුඹ සෙන්ටිමීටර් එකසිය දහයක් දිග, සෙන්ටිමීටර් හැටහයක් පළල කරුණාසනයක් තනි රත්රනින් සෑදිය යුතු ය. |
|
| 18 |
|
| කරුණාසනයේ දෙකෙළවරෙහි රනින් තළා සෑදු කෙරුබ්වරුන් දෙදෙනෙකු වාත්තු කළ යුතු ය. |
|
| 19 |
|
| එක කෙළවරක එක කෙරුබ්වරයෙක් ද අනික් කෙළවරේ අනික් කෙරුබ්වරයා ද සිටින සේ කරුණාසනය සමඟ එකක් වන සේ ඔවුන් සවිකර එහි දෙකෙළවරෙහි තැබිය යුතු ය. |
|
| 20 |
|
| කෙරුබ්වරුන්ගේ පියාපත් ද උඩට විහිදී කරුණාසනයට ඉහළින් එය වසා සිටින සේ තිබිය යුතු ය. ඔවුන් එකිනෙකා මුහුණට මුහුණ ලා බලා සිටින්නාක් මෙන්, කරුණාසනය දෙසට ඔවුන්ගේ මුහුණු ද හරවා තිබිය යුතු ය. |
|
| 21 |
|
| තවද, නුඹ කරඬුව මත කරුණාසනය තබා, කරඬුව තුළ, මා නුඹට දෙන සාක්ෂි ගල් පුවරු දෙක තැන්පත් කළ යුතු ය. |
|
| 22 |
|
| මම ද එහි දී නුඹ හමුවෙමි. කරුණාසනයට ඉහළින් ගිවිසුම් කරඬුව මත සිටින කෙරුබ්වරුන් දෙදෙන මැදින්, ඉශ්රායෙල් ජනයා සඳහා සියලු ආඥා මම නුඹට දන්වන්නෙමි.” |
|
| 23 |
|
| “තවද, ෂිටිම් ලීයෙන්, සෙන්ටිමීටර් අසූඅටක් දිග, සෙන්ටිමීටර් හතළිස්හතරක් පළල, සෙන්ටිමීටර් හැටහයක් උස මේසයක් සෑදිය යුතු ය. |
|
| 24 |
|
| එය තනි රත්රනින් ආලේප කොට එය වටේට රන් ලීස්තරයක් සෑදිය යුතු ය. |
|
| 25 |
|
| තවද, එය වටේට මිලිමීටර් හැත්තෑපහක් පළල ඇති පටියක් සවි කොට, එය වටා රන් ලීස්තරයක් සෑදිය යුතු වේ. |
|
| 26 |
|
| රන් වළලු සතරක් ද සාදා මේසයේ කකුල් සතරේ කොන් සතරෙහි ඒවා දැමිය යුතු ය. |
|
| 27 |
|
| මේසය උසුලාගෙන යෑම සඳහා පොලු දමන වළලු, පටිය ළඟ ම තිබිය යුතු යි. |
|
| 28 |
|
| පොලු ද ෂිටිම් ලීයෙන් සාදා, රනින් ආලේප කළ යුතු ය. මේසය මේවායේ ආධාරයෙන් උසුලාගෙන යා යුතු ය. |
|
| 29 |
|
| එහි තබන තැටි ද කුසලාන ද කෙණ්ඩි ද පානීය පූජා දැමීමට ගන්න පාත්‍ර ද තනි රත්රනින් සෑදිය යුතු ය. |
|
| 30 |
|
| තවද, නුඹ නිතර ම පිදුම් පූප මා ඉදිරියෙහි මේසය උඩ තැබිය යුතු වේ.” |
|
| 31 |
|
| “තවද, නුඹ තනි රත්රන් පහන් රුකක් සෑදිය යුතු ය. එහි අඩිය ද කඳ ද තැළූ රනින් තැනිය යුතු වේ. එහි මල් ද මල් කැකුළු ද මල් පෙති ද ඊට පෑස්සු එක වස්තුවක් විය යුතු ය. |
|
| 32 |
|
| පහන් රුකේ එක පැත්තක අතු තුනක් ද අනික් පැත්තේ අතු තුනක් ද බැගින් එහි පැතිවලින් අතු හයක් විහිදී යා යුතු ය. |
|
| 33 |
|
| එක් අත්තක කොට්ටම්බා වැනි මල් තුනක් ද මල් කැකුළු හා මල් පෙති ද අනික් පැත්තේ කොට්ටම්බා වැනි මල් තුනක් ද මල් කැකුළු හා මල් පෙති ද බැගින් පහන් රුකින් විහිදෙන අතු හයේ ම එලෙස ම විය යුතු ය. |
|
| 34 |
|
| පහන් රුකෙහි ද කොට්ටම්බා වැනි මල් හතරක් ද ඒවායේ මල් කැකුළු හා මල් පෙති ද විය යුතු ය. |
|
| 35 |
|
| පහන් රුකෙහි අතු දෙකක් යට එක මල් කැකුළක් ද තවත් අතු දෙකක් යට එක මල් කැකුළක් ද අනික් අතු දෙක යට මල් කැකුළක් ද බැගින් ඉන් විහිදී යන අතු හයේ ම එසේ විය යුතු ය. |
|
| 36 |
|
| මල් කැකුළු සහ අතු පහන් රුක සමඟ ඒකාබද්ධ ව තිබිය යුතු යි. සියල්ල ම තැළූ තනි රනින් කළ කර්මාන්තයක් විය යුතු ය. |
|
| 37 |
|
| “නුඹ ද පහන් රුක සඳහා පහන් හතක් සාදා, ඒවායේ එළිය ඉදිරියට වැටෙන සේ පහන්වල ආලෝකය සකස් කළ යුතු ය. |
|
| 38 |
|
| පහන් කතුරු ද ඒවායේ තැටි ද රනින් විය යුතු ය. |
|
| 39 |
|
| පහන් රුක සහ සියලු බඳුන් තැනීම සඳහා තනි රන් කිලෝග්‍රෑම් තිස්පහක් පාවිච්චි කළ යුතු ය. |
|
| 40 |
|
| කන්දේ දී නුඹට පෙන්වූ සැලැස්ම අනුව මේවා සෑදීමට වග බලාගත යුතු ය.” |
|
|
|
|