|
| 1 |
|
| “තවද, නුඹ නිල් පාට, දම් පාට සහ තද රතු පාට නූල්වලින් ද සිහින් ව කටින ලද හණ පිළියෙන් ද කළ තිර දහයකින් මණ්ඩපය සෑදිය යුතු වේ. ඒවායේ කෙරුබ්වරුන්ගේ රූප ගෙත්තම් කොට තිබිය යුතු වේ. |
|
| 2 |
|
| එක තිරයක දිග මීටර් දොළහක් ද පළල මීටර් දෙකක් ද විය යුතු යි. ඒ තිර සියල්ල ම එක ප්රමාණයට තිබිය යුතු වේ. |
|
| 3 |
|
| තිර පහක්, එකටෙක සම්බන්ධ කළ යුතු ය. අනිත් තිර පහ ද එසේ ම ය. |
|
| 4 |
|
| මෙසේ සම්බන්ධ කළ තිරවල අන්තිම තිරයේ එක වාටියක නිල් පාට පිළියෙන් ගාංචු සෑදිය යුතු ය. අනික් තිරවල අන්තිම තිරයේ ද එලෙස කළ යුතු වේ. |
|
| 5 |
|
| පළමු තිරයේ ගාංචු පණහක් සෑදිය යුතු අතර, දෙවනුව යා කළ තිරවල වාටියේ ද පළමු වැන්නේ ගාංචු හා එකිනෙකට මුහුණ ලා තිබෙන අයුරින් ගාංචු පණහක් සෑදිය යුතු යි. |
|
| 6 |
|
| තවද නුඹ රන් කොකු පණහක් සාදා, එක මණ්ඩපයක් වන පරිදි ඒ කොකුවලින් තිර එකටෙක සම්බන්ධ කළ යුතු වේ. |
|
| 7 |
|
| “මණ්ඩපයට උඩින් කූඩාරමක් වන පිණිස එළු ලොම්වලින් තිර එකොළහක් සෑදිය යුතු ය. |
|
| 8 |
|
| එක තිරයක දිග මීටර් දහතුනක් ද පළල මීටර් දෙකක් ද විය යුතු අතර, තිර එකොළහ ම එක ප්රමාණ විය යුතු වේ. |
|
| 9 |
|
| තිර පහක් හා තිර හයක් වෙන වෙන ම එකටෙක සම්බන්ධ කොට, හය වන තිරය දෙකට නමා මණ්ඩපයේ ඉස්සරහ කොටසේ එල්ලා වැටෙන්නට සැලැස්විය යුතු ය. |
|
| 10 |
|
| සම්බන්ධ කළ තිර පහේ අන්තිම තිරයේ වාටියේ ගාංචු පණහක් ද අනික් තිරවල අන්තිම තිරයේ වාටියේ ගාංචු පණහක් ද සෑදිය යුතු ය. |
|
| 11 |
|
| පසුව ලෝකඩ කොකු පණහක් සාදා ඒ කොකු ගාංචුවලට අමුණා, මණ්ඩපය එකක් වන සේ එකට සම්බන්ධ කළ යුතු යි. |
|
| 12 |
|
| මණ්ඩපයේ තිරවලින් වැඩි මනත් ව ඉතිරි වන තිර බාගය, මණ්ඩපයේ පිටුපසින් එල්ලී තිබිය යුතු ය. |
|
| 13 |
|
| මණ්ඩපයේ තිරවල දිගින් දෙපැත්තේ ඉතිරි වන සෙස්සෙන්, එක පැත්තකින් සෙන්ටිමීටර් පණහක් ද අනික් පැත්තෙන් සෙන්ටිමීටර් පණහක් ද මණ්ඩපය වැසෙන පිණිස එල්ලෙන්නට හැරිය යුතු ය. |
|
| 14 |
|
| තවද, මණ්ඩපයට රතු සායම් පෙවූ බැටළු හම්වලින් ආවරණයක් ද එය උඩ අතුරන පිණිස සියුම් හම්වලින් ආවරණයක් ද සෑදිය යුතු වේ. |
|
| 15 |
|
| “තවද, මණ්ඩපය සඳහා ෂිටිම් ලීවලින් ලෑලි ඉරා, ඒවා කෙළින් සිටුවිය යුතු ය. |
|
| 16 |
|
| එක ලෑල්ලක දිග මීටර් හතරක් ද පළල සෙන්ටිමීටර් හැටහයක් ද විය යුතු වේ. |
|
| 17 |
|
| එක ලෑල්ලකට ඒවා එකටෙක යා කිරීම පිණිස, කුඩිම්බි දෙකක් තිබිය යුතු ය. මණ්ඩපයේ සෑම ලෑල්ලක් ම මෙසේ සකස් කළ යුතු වේ. |
|
| 18 |
|
| මණ්ඩපයට ලෑලි ඉරා සාදන විට, දකුණු දිශාවට මූණ ලා එහි දකුණු පැත්තට ලෑලි විස්සක් සෑදිය යුතු ය. |
|
| 19 |
|
| පළමු වන ලෑල්ලේ කුඩිම්බි දෙක දැමීමට තවු දෙකක් ද, දෙ වන ලෑල්ලේ කුඩිම්බි දෙක දැමීමට තවු දෙකක් ද බැගින් ලෑලි විස්ස යට රිදී තවු හතළිහක් සෑදිය යුතු වේ. |
|
| 20 |
|
| මණ්ඩපයේ උතුරු දිශාවට ඇති අනික් පැත්තට ද ලෑලි විස්සක් සෑදිය යුතු අතර, |
|
| 21 |
|
| එක එක ලෑල්ල යට තවු දෙක බැගින් ඒවාට රිදී තවු හතළිහක් සෑදිය යුතු වේ. |
|
| 22 |
|
| බටහිර දිශාවට ඇති මණ්ඩපයේ පිටුපසට ලෑලි හයක් සෑදිය යුතු ය. |
|
| 23 |
|
| මණ්ඩපයේ පිටුපස කොන්වලට ලෑලි දෙකක් ද සෑදිය යුතු අතර, |
|
| 24 |
|
| මේ ලෑලි ඒවායේ පහත කොටස්වල සිට මුදුනේ පළමු වන වළල්ල දක්වා යා කළ යුතු ය. කොන් දෙකේ තබන ලෑලි දෙකට ද එලෙස කළ යුතු ය. |
|
| 25 |
|
| මෙසේ එක එක ලෑල්ලට තවු දෙක බැගින් රිදී තවු දහසයක් සහිත ලෑලි අටක් ඇති වේ. |
|
| 26 |
|
| “තවද, මණ්ඩපයේ එක පැත්තක තිබෙන ලෑලිවලට ෂිටිම් ලීවලින් හරස් පොලු පහක් ද සෑදිය යුතු යි. |
|
| 27 |
|
| මණ්ඩපයේ අනික් පැත්තේ ලෑලිවලට තව හරස් පොලු පහක් ද මණ්ඩපයේ පිටුපස, එනම්, බටහිර අංශයේ ලෑලිවලට හරස් පොලු පහක් ද සෑදිය යුතු යි. |
|
| 28 |
|
| ලෑලිවල මැදින් හරස් ලීය එක කොනක සිට අනික් කොන දක්වා දිගට ම තිබිය යුතු වේ. |
|
| 29 |
|
| තවද, ලෑලි රනින් ආලේප කොට හරස් ලී දැමීමට රන් මුදු සාදා හරස් ලී ද රනින් ආලේප කළ යුතු ය. |
|
| 30 |
|
| මෙසේ කන්දේ දී නුඹට පෙන්වූ සැලැස්ම අනුව මණ්ඩපය ඉදි කළ යුතු වේ.” |
|
| 31 |
|
| “නුඹ නිල් පාට, දම් පාට හා තද රතු පාට ලොම්වලින් හා සිහින් ව කටින ලද හණ පිළියෙන් තිරයක් සෑදිය යුතු ය. එහි ද කෙරුබ්වරුන්ගේ රූප ගෙත්තම් කොට තිබිය යුතු වේ. |
|
| 32 |
|
| පසුව එය, රිදී තවු හතරක් සවි කළ රන් කොකු සතරක් ඇති, රන් ආලේප කළ, ෂිටිම් කණු සතරක එල්ලිය යුතු ය. |
|
| 33 |
|
| තිරය කොකුවලට යටින් එල්ලා, තිරයට පිටුපස ගිවිසුම් කරඬුව තැබිය යුතු වේ. මෙලෙස තිරය, ශුද්ධස්ථානය, අතිශුද්ධස්ථානයෙන් වෙන් කරනු ඇත. |
|
| 34 |
|
| තවද, අතිශුද්ධස්ථානයේ ඇති ගිවිසුම් කරඬුව උඩ කරුණාසනය තැබිය යුතු යි. |
|
| 35 |
|
| තිරයට පිටතින් මේසය ද උතුරු පැත්තට තබා ඇති මේ මේසයට මූණ ලා මණ්ඩපයේ දකුණු පැත්තට පහන් රුක ද තැබිය යුතු ය. |
|
| 36 |
|
| මණ්ඩපයේ දොරටුවට නිල් පාට, දම් පාට සහ තද රතු පාට නූල්වලින් ද සිහින් ව කටින ලද හණවලින් ද මල්වැඩ දැමූ කඩතුරාවක් සෑදිය යුතු යි. |
|
| 37 |
|
| මේ කඩතුරාව සඳහා ෂිටිම් ලීවලින් කණු පහක් ගෙන ඒවා රනින් ආලේප කළ යුතු යි. ඒවාට රන් කොකු තිබිය යුතු අතර ඒවා සවි කිරීමට ලෝකඩයෙන් තවු පහක් ද වාත්තු කළ යුතු වේ.” |
|
|
|
|