|
| 1 |
|
| “තවද, සමිඳාණන් වහන්සේ බෙශලෙල්ට සහ ඔහොලියාබ්ට ද අනිකුත් කලා ශිල්පීන්ට ද ශුද්ධස්ථානයේ සේවාවන් සඳහා වැඩ සියල්ල පිළිබඳ අවබෝධය හා දක්ෂතාව දී ඇති බැවින් ඔවුන් උන් වහන්සේ අණ කළ ලෙස සියල්ල ඉටු කළ යුතු ය.” |
|
| 2 |
|
| බෙශලෙල් හා ඔහොලියාබ් ද සමිඳාණන් වහන්සේ කෞශල්‍යය දානය කළ වැඩ කිරීමට කැමැත්ත පෑ දක්ෂ ශිල්පීන් සියල්ලන් ද වැඩට එන ලෙස මෝසෙස් ඔවුන් කැඳවී ය. |
|
| 3 |
|
| ඉශ්රායෙල් ජනයා ශුද්ධස්ථානයේ වැඩ සඳහා, එය ඉදි කිරීමට ගෙනා පඬුරු සියල්ල ඔව්හු මෝසෙස්ගෙන් බාරගත්හ. ඉශ්රායෙල් ජනයා ද උදයක් උදයක් පාසා තම තමන්ගේ පඬුරු ඔහු වෙත ගෙනෙන්නට වූ හ. |
|
| 4 |
|
| එවිට ශුද්ධස්ථානයේ වැඩවල යෙදී සිටි ශිල්පීන් සියල්ලෝ ම තම තමන්ගේ වැඩ නවත්වා, මෝසෙස් වෙත පැමිණ |
|
| 5 |
|
| ඔහුට කතා කොට, “සමිඳාණන් වහන්සේ සෑදීමට අණ කළ වැඩය සඳහා උවමනාවට වඩා දේවල් සෙනඟ ගෙනෙන්නාහ”යි කී හ. |
|
| 6 |
|
| මෝසෙස් ද එවිට අණක් දෙමින්, “මින්පසු කිසි ම පුරුෂයෙක් හෝ ස්ත්‍රියක් හෝ ශුද්ධස්ථානයේ පඬුරු පිණිස යමක් නොකරත් වා”යි යන ප්රකාශනයක් මුළු කඳවුරු පුරා ප්‍රසිද්ධ කෙළේ ය. මෙලෙස සෙනඟ පඬුරු ගෙන ඊමෙන් වළක්වනු ලැබූ හ. |
|
| 7 |
|
| මන්ද, ගෙනෙන ලද බඩු බාහිරාදිය සියලු කර්මාන්ත සාදා නිම කිරීමට ප්‍රමාණ වූවා පමණක් නොව ඊට වැඩිමනක් ද විය. |
|
| 8 |
|
| කම්කරුවන් අතර දක්ෂ ශිල්පීහු සියල්ලෝ ම ශුද්ධස්ථානය සෑදූ හ. සිහින් ව කටින ලද හණවලින් ද නිල් පාට, දම් පාට, තද රතු පාට නූල්වලින් ද තිර දහයක් සාදන ලදු ව ඒවායේ කෙරුබ්වරුන්ගේ රූප ගෙත්තම් කරන ලදී. |
|
| 9 |
|
| එක තිරයක දිග මීටර් දොළොසක් ද පළල මීටර් දෙකක් ද විය. සියල්ල ම එක ප්‍රමාණයට විය. |
|
| 10 |
|
| ඔහු තිර පහ බැගින් ගෙන ඒවා වෙන වෙන ම එකට යා කෙළේ ය. |
|
| 11 |
|
| ඔහු ඉන්පසු යා කළ තිරවල එක කොනක අන්තිම තිරයේ වාටියේ නිල් පාට රෙදිවලින් මුදු සෑදී ය. යා කළ අනිත් තිරවල, අන්තිම තිරයේ ද එලෙස ම කෙළේ ය. |
|
| 12 |
|
| පසුව ඔහු එක තිර වාටියක මුදු පණහක් ද ඒවා එකිනෙකට මුහුණ ලා සිටින ලෙස, අනිත් තිරවල අන්තිම තිර වාටියේ මුදු පණහක් ද සවි කෙළේ ය. |
|
| 13 |
|
| මෙසේ කළ පසු ඔහු රන් කොකු පණහක් සාදා එක මණ්ඩපයක් වන පරිදි තිර එකටෙක කොකුවලින් සම්බන්ධ කෙළේ ය. |
|
| 14 |
|
| පසුව ඔහු මණ්ඩපය උඩින් කූඩාරම් ආවරණයක් මෙන් දැමීමට එළු ලොමින් තිර එකොළහක් සෑදී ය. |
|
| 15 |
|
| එක එක තිරයේ දිග මීටර් දහතුනක් ද පළල මීටර් දෙකක් ද විය. තිර එකොළහක් ම එක ප්‍රමාණයට ද විය. |
|
| 16 |
|
| එවිට ඔහු තිර පහක් ද තිර හයක් ද වෙන් වෙන් ව එකට යා කොට |
|
| 17 |
|
| පළමුවෙන් යා කළ තිර පහේ අන්තිම තිරයේ වාටියේ මුදු පණහක් ද අනිත් තිරවල අන්තිම තිරයේ වාටියේ මුදු පණහක් ද සවි කෙළේ ය. |
|
| 18 |
|
| කූඩාරම් ආවරණය එකක් වන සේ ඔහු ලෝකඩ කොකු පණහක් ද සෑදී ය. |
|
| 19 |
|
| මෙසේ සාදා රතු සායම් පෙවූ බැටළු හම්වලින් කූඩාරමට ආවරණයක් ද එය උඩ අතුරන පිණිස පදම් කළ සම් ආවරණයක් ද සෑදී ය. |
|
| 20 |
|
| තවද, ඔහු මණ්ඩපයට ෂිටිම් ලීවලින් ලෑලි සාදා ඒවා කෙළින් සිටුවිය. |
|
| 21 |
|
| එක ලෑල්ලක දිග මීටර් හතරක් ද පළල සෙන්ටිමීටර් හැටහයක් ද විය. |
|
| 22 |
|
| එක එක ලෑල්ලක ඒවා එකටෙක යා කිරීම පිණිස කුඩිම්බි දෙකක් විය. මෙලෙස ඔහු මණ්ඩපයේ ලෑලි සියල්ල ම සෑදී ය. |
|
| 23 |
|
| දකුණු දිශාවට මූණ ලා මණ්ඩපයේ දකුණු පැත්තට ලෑලි විස්සක් සෑදී ය. |
|
| 24 |
|
| තවද, ඔහු එක ලෑල්ලක කුඩිම්බි දෙක යට තවු දෙකක් ද අනික් ලෑල්ලේ කුඩිම්බි දෙක යට තවු දෙකක් ද බැගින් ඔහු ලෑලි විස්සට රිදී තවු හතළිහක් සෑදී ය. |
|
| 25 |
|
| මණ්ඩපයේ උතුරු පැත්තට ඔහු ලෑලි විස්සක් ද |
|
| 26 |
|
| එක ලෑල්ලක් යට තවු දෙක බැගින් රිදී තවු හතළිහක් ද සෑදී ය. |
|
| 27 |
|
| මණ්ඩපයේ පිටුපස බටහිර දිශාවට ලෑලි හයක් ද |
|
| 28 |
|
| එහි පිටුපස කොන්වලට ලෑලි දෙකක් ද සෑදී ය. |
|
| 29 |
|
| මේ ලෑලි ඒවායේ පහළ කොටස්වල සිට ඉහළ කොටසේ පළමු වන වළල්ල දක්වා සම්බන්ධ කළ යුතු විය. කොන් දෙකේ තබන ලෑලි දෙකට ද එලෙස කළ යුතු වේ. |
|
| 30 |
|
| මෙලෙස එක එක ලෑල්ලක තවු දෙක බැගින් රිදී තවු දහසයක් සහිත ව ලෑලි අටක් ඇති වේ. |
|
| 31 |
|
| තවද, මණ්ඩපයේ එක පැත්තක තිබෙන ලෑලිවලට ෂිටිම් ලීවලින් හරස් ලී පහක් සෑදිය යුතු විය. |
|
| 32 |
|
| මණ්ඩපයේ අනික් පැත්තේ ලෑලිවලට තව හරස් පොලු පහක් ද මණ්ඩපයේ බටහිර අංශයේ ලෑලිවලට හරස් පොලු පහක් ද සෑදිය යුතු වේ. |
|
| 33 |
|
| ලෑලිවල මැදින් යන මැද හරස් ලීය එක කොනක සිට අනිත් කොන දක්වා විහිදෙන ලෙස ඔහු එය සෑදී ය. |
|
| 34 |
|
| ඔහු ලෑලි රනින් ආලේප කොට හරස් ලී දැමීමට රන් මුදු ද සාදා, හරස් ලී ද රනින් ආලේප කෙළේ ය. |
|
| 35 |
|
| ඉන්පසු ඔහු නිල් පාට, දම් පාට, තද රතු පාට නූල්වලින් හා සිහින් ව කටින ලද හණපිළියෙන් තිරයක් සාදා එහි කෙරුබ්වරුන්ගේ රූප ගෙත්තම් කෙළේ ය. |
|
| 36 |
|
| මෙසේ කොට එය එල්ලීම සඳහා රිදී තවු සතරක් සවි කළ රන් කොකු සතරක් ඇති රන් ගෑ ෂිටිම් ලීයෙන් කණු සතරක් සෑදී ය. |
|
| 37 |
|
| පසුව ඔහු මණ්ඩපයේ දොරටුවට, නිල් පාට, දම් පාට, තද රතු පාට නූල්වලින් ද සිහින් ව කටින ලද හණවලින් ද මල් වැඩ දැමූ කඩතුරාවක් ගෙතී ය. |
|
| 38 |
|
| මෙසේ ගොතා ඔහු කොකු සවි කළ කණු පහක් සාදා, ඒවායේ මුදුන් ද ඒවායේ පොලු ද රනින් ආලේප කෙළේ ය. එහෙත් එවායේ තවු පහ ලෝකඩයෙන් සාදන ලදී. |
|
|
|
|