|
| 1 |
|
| බෙශලෙල් සහ ඔහොලියාබ්ද ස්වාමීන්වහන්සේ අණකළ සියල්ල ලෙස ශුද්ධස්ථානයේ මෙහෙයේ සියලු ආකාර කර්මාන්ත කරන හැටි දැන ගන්නා පිණිස ස්වාමීන්වහන්සේ විසින් ප්‍රඥාවත් බුද්ධියත් දෙනලද්දාවූ නැණවත් සිත් ඇති සියල්ලන්ද වැඩකරනවා ඇතැයි කීවේය. |
|
| 2 |
|
| මෝසෙස් වනාහි බෙශලෙල් හා ඔහොලියාබ්ද ස්වාමීන්වහන්සේ විසින් සිතෙහි ප්‍රඥාව තබනලද නැණවත් සිත් ඇති සියලු මනුෂ්‍යයන්ද එනම් ඒ වැඩේකරන පිණිස පොළඹවනලද සිත් ඇති සියල්ලන්ද කැඳවිය. |
|
| 3 |
|
| ඔව්හු ඉශ්රායෙල් පුත්‍රයන් ශුද්ධස්ථානයේ මෙහෙයේ කර්මාන්ත කිරීමට ගෙනාවාවූ මුළු පඬුර මෝසෙස්ගෙන් බාරගත්තෝය. සෙනඟද උදයක් පාසා තවත් ස්වෙච්ඡා පඬුරු ඔහු වෙතට ගෙනාවෝය. |
|
| 4 |
|
| ශුද්ධස්ථානයේ සියලු කර්මාන්ත කළාවූ සියලු ශිල්පීහු තම තමන් කළ කර්මාන්තය හැර ඇවිත් |
|
| 5 |
|
| මෝසෙස්ට කථාකොට: කරන්ට කියා ස්වාමීන්වහන්සේ අණකළ කර්මාන්ත මෙහෙවරය සඳහා සෑහෙන පමණට හුඟක් වැඩියෙන් සෙනඟ ගෙනෙතියි කීවෝය. |
|
| 6 |
|
| එවිට මෝසෙස්ගේ අණ පිට: කිසි පුරුෂයෙක්වත් ස්ත්‍රීයක්වත් ශුද්ධ ස්ථානයට පූජාකරන පිණිස තවත් කිසි කර්මාන්තයක් නොකෙරේවයි මුළු කඳවුරෙහි ප්‍රකාශයක් කරන ලෙස නියමයක් කළෝය. මෙසේ සෙනඟ පූජා ගෙනඊමෙන් වලක්වනු ලැබුවෝය. |
|
| 7 |
|
| මක්නිසාද ඔවුන්ට තිබුණු ද්‍රව්‍ය වැඩ සියල්ල කිරීමට ඔවුන්ට සෑහී ඉතුරුත් විය. |
|
| 8 |
|
| එවිට කර්මාන්තය කරන්නන් අතරේ නැණවත් සිත් ඇති සියල්ලෝ මණ්ඩපය තිර දසයකින් සෑදුවෝය; කටිනලද සිහින් හණ නූල්වලින්ද නිල්, රත්නිල්, රතු නූල්වලින්ද දක්ෂ කම්කරුවාගේ වැඩෙන් යුක්තවූ කෙරුබ් රූප සහිතව ඒ තිර සෑදුවෝය. |
|
| 9 |
|
| එක එක තිරයේ දිග විසිඅට රියනක්ය, එක එක තිරයේ පළල සතර රියනක්ය. තිර සියල්ල එක ප්‍රමාණ විය. |
|
| 10 |
|
| ඔහු තිර පහක් එකට එක මූට්ටුකෙළේය. අනික් තිර පහත් එකට එක මූට්ටුකෙළේය. |
|
| 11 |
|
| මූට්ටුකළ තිරවල එක කෙළවරක තිරයේ වාටියෙහි නිල් පුඩු සෑදුවේය. මූට්ටුකළ අනික් තිරවල කෙළවරක තිරයේ වාටියෙහිත් එසේම සෑදුවේය. |
|
| 12 |
|
| ඔහු එක තිරයක පුඩු පනසක්ද මූට්ටුකළ අනික් තිරවල කෙළවරෙහි පුඩු පනසක්ද එකිනෙකට ඉදිරියෙහි සෑදුවේය. |
|
| 13 |
|
| රන් කොකු පනසක්ද සාදා මණ්ඩපය එකක්ව තිබෙන පිණිස කොකුවලින් තිර එකිනෙකට සම්බන්ධකෙළේය. |
|
| 14 |
|
| මණ්ඩපයට උඩින් කූඩාරමක් පිණිස එළු ලොමින් තිර සෑදුවේය. එයාකාර තිර එකොළොසක් සෑදුවේය. |
|
| 15 |
|
| එක එක තිරයේ දිග තිස් රියනක්ය, එක එක තිරයේ පළල හතර රියනක්ය. තිර එකොළොසම එක ප්‍රමාණ වූයේය. |
|
| 16 |
|
| ඔහු තිර පහක් වෙනමද තිර හයක් වෙනමද මූට්ටුකෙළේය. |
|
| 17 |
|
| මූට්ටුකළ තිරවල එක කෙළවරක තිරයේ වාටියෙහි පුඩු පනසක්ද මූට්ටුකළ අනික් තිරවල කෙළවරක තිරයේ වාටියෙහි පුඩු පනසක්ද සෑදුවේය. |
|
| 18 |
|
| කූඩාරම එකක්ව තිබෙන පිණිස සන්ධි කිරීමට ඔහු පිත්තල කොකු පනසකුත් සෑදුවේය. |
|
| 19 |
|
| රතු සායම් පෙවූ බැටළු සමින් කූඩාරමට වැස්මක්ද ඊ පිට තහෂ් සම්වලින් වැස්මක්ද සෑදුවේය. |
|
| 20 |
|
| ඔහු මණ්ඩපයට ලෑලි ෂිටිම් ලීවලින් සාදා ඒවා කෙළින් පිහිටෙවුවේය. |
|
| 21 |
|
| ලෑල්ලක දිග දස රියනක්ය, එක එක ලෑල්ලේ පළල එක් රියන් හමාරක්ය. |
|
| 22 |
|
| එක එක ලෑල්ලට එකිනෙකට සම්බන්ධවූ කුඩිම්බි දෙකක් විය. මණ්ඩපයේ සියලු ලෑලිවලට ඔහු එසේ සෑදුවේය. |
|
| 23 |
|
| මණ්ඩපයට සෑදූ ලෑලි මෙසේය: දකුණු දිසාවේ දකුණු පැත්තට ලෑලි විස්සක්ය. |
|
| 24 |
|
| ලෑල්ලක කුඩිම්බි දෙකකට අඩි දෙකක් සහ අනික් ලෑල්ලෙහි කුඩිම්බි දෙකකට අඩි දෙකක් බැගින් ලෑලි විස්ස යට රිදී අඩි සතළිසක් සෑදුවේය. |
|
| 25 |
|
| උතුරු දිසාවේ මණ්ඩපයේ දෙවෙනි පැත්තට ලෑලි විස්සක්ද |
|
| 26 |
|
| එක එක ලෑල්ල යට අඩි දෙකක් බැගින් ඒවායේ රිදී අඩි සතළිසක්ද සෑදුවේය. |
|
| 27 |
|
| අපරදිග මණ්ඩපයේ පසු පැත්තට ලෑලි සයක් සෑදුවේය. |
|
| 28 |
|
| මණ්ඩපයේ පසු පැත්තෙහි මුලුවලට ලෑලි දෙකක්ද සෑදුවේය. |
|
| 29 |
|
| යටින් ඒවා ද්විගුණ විය, එසේම මුදුනේ පළමුවෙනි වළල්ල දක්වාත් ද්විගුණ විය. ඔහු එසේ මුලු දෙකේ ඒ දෙකටම සෑදුවේය. |
|
| 30 |
|
| එසේ ලෑලි අටක්ද සියලු ලෑලි යට අඩි දෙකක් බැගින් රිදී අඩි සොළොසක්ද විය. |
|
| 31 |
|
| ඔහු මණ්ඩපයේ එක පැත්තක ලෑලිවලට පොලු පහක්ද |
|
| 32 |
|
| මණ්ඩපයේ අනික් පැත්තේ ලෑලිවලට පොලු පහක්ද මණ්ඩපයේ අපරදිග පසු පැත්තේ ලෑලිවලට පොලු පහක්ද බැගින් ෂිටිම් ලීවලින් පොලු සෑදුවේය. |
|
| 33 |
|
| ඔහු මැද පොල්ල ලෑලි මධ්‍යයෙහි එක් කෙළවරක පටන් අනික් කෙළවර දක්වා දිගටම තිබෙන හැටියට සෑදුවේය. |
|
| 34 |
|
| ඔහු ලෑලි රනින් වසා පොලු දැමීමට වළලු රනින් සාදා පොලුත් රනින් වැසුවේය. |
|
| 35 |
|
| ඔහු නිල්, රත්නිල්, රතු කටිනලද සිහින් හණ නූලින් තිරය සෑදුවේය. කෙරුබිම් රූප සහිතව දක්ෂ කර්මාන්ත කරුවෙකුගේ කර්මාන්තයෙන් එය සෑදුවේය. |
|
| 36 |
|
| ඔහු ඒකට ෂිටිම් ලීවලින් කුළුනු සතරක් සාදා ඒවා රනින් වැසුවේය. ඒවායේ කොකු රනින් සාදා ඒවාට රිදී අඩි සතරකුත් වාත්තුකෙළේය. |
|
| 37 |
|
| ඔහු කූඩාරමේ දොරකඩට නිල්, රත්නිල්, රතු කටිනලද සිහින් හණ නුල්වලින් කඩතුරාවක් විසිතුරුකර වියා |
|
| 38 |
|
| ඒකේ කුළුනු පහද ඒවායේ කොකුද සෑදුවේය. ඒවායේ පේකඩද ඒවායේ පටිද රනින් වැසුවේය. ඒවායේ අඩි පහ පිත්තලෙන් විය. |
|
|
: |
| 1 | | 2 | | 3 | | 4 | | 5 | | 6 | | 7 | | 8 | | 9 | | 10 | | 11 | | 12 | | 13 | | 14 | | 15 | | 16 | | 17 | | 18 | | 19 | | 20 | | 21 | | 22 | | 23 | | 24 | | 25 | | 26 | | 27 | | 28 | | 29 | | 30 | | 31 | | 32 | | 33 | | 34 | | 35 | | 36 | | 37 | | 38 | 1
1
1 |
|
|---|
|
https://beblia.bible:81/BibleAudio/sinhalasrov/exodus/036.mp3
40
36