|
| 1 |
|
| බෙශලෙල් ෂිටිම් ලීවලින් පෙට්ටිය සෑදුවේය. ඒකේ දිග දෙරියන් හමාරක්ද ඒකේ පළල එක්රියන් හමාරක්ද ඒකේ උස එක්රියන් හමාරක්ද විය. |
|
| 2 |
|
| ඔහු ඒකේ ඇතුළත් පිටත් පවිත්‍ර රනින් වසා වටකරින් ඊට රන් ලීස්තරයක්ද සෑදුවේය. |
|
| 3 |
|
| ඔහු ඊට රන් වළලු සතරක් වාත්තුකර ඒකේ එක පැත්තක වළලු දෙකක්ද අනික් පැත්තේ වළලු දෙකක්ද බැගින් ඒකේ අඩි සතරෙහි තැබුවේය. |
|
| 4 |
|
| ෂිටිම් ලීවලින් පොලු සාදා ඒවා රනින් වසා, |
|
| 5 |
|
| පෙට්ටිය ඔසවන පිණිස පෙට්ටියේ පැතිවල වළලුවලට ඒ පොලු දැම්මේය. |
|
| 6 |
|
| ඔහු පවිත්‍ර රනින් කරුණාසනයක්ද සෑදුවේය. ඒකේ දිග දෙරියන් හමාරක්ද ඒකේ පළල එක්රියන් හමාරක්ද විය. |
|
| 7 |
|
| තලාපු රනින් කෙරුබ්වරුන් දෙදෙනෙකු සාදා |
|
| 8 |
|
| එක් කෙරුබයෙක් එක් කෙළවරකද අනික් කෙරුබයා අනික් කෙළවරේද කරුණාසනය දෙකෙළවර පිහිටෙවුවේය. කරුණාසනය හා සම්බන්ධකොට ඒකේ දෙකෙළවර ඔහු කෙරුබ්වරුන් සෑදුවේය. |
|
| 9 |
|
| කෙරුබ්වරු ඉහළට පියාපත් විදහා ඔවුන්ගේ පියාපත්වලින් කරුණාසනය වසාගනිමින් ඔවුනොවුන්ට මුහුණට මුහුණලා සිටියෝය; කෙරුබ්වරුන්ගේ මුහුණු කරුණාසනය දෙසට විය. |
|
| 10 |
|
| ඔහු ෂිටිම් ලීවලින් මේසය සෑදුවේය. ඒකේ දිග දෙරියනක්ද ඒකේ පළල එක්රියනක්ද ඒකේ උස එක්රියන් හමාරක්ද වූයේය. |
|
| 11 |
|
| ඔහු ඒක පවිත්‍ර රනින් වසා වටකරින් රන් ලීස්තරයක් සෑදුවේය. |
|
| 12 |
|
| ඔහු එහි වටකරින් අල්ලක පළල ඇති පටියක්ද ඒ පටිය වටේ රන් ලීස්තරයක්ද සෑදුවේය. |
|
| 13 |
|
| ඊට රන් වළලු සතරක් වාත්තුකර ඒකේ කකුල් සතරේ කොන් සතරෙහි ඒ වළලු දැමීය. |
|
| 14 |
|
| මේසය ගෙන යන පිණිස පොලු දැමීමට වළලු, පටිය ළඟම තිබුණේය. |
|
| 15 |
|
| මේසය ගෙනයන පිණිස ෂිටිම් ලීවලින් පොලු සාදා ඒවා රනින් වැසුවේය. |
|
| 16 |
|
| ඔහු මේසය පිට තබන භාජන වන ඒකේ තැටිද ඒකේ හැඳිද ඒකේ පාත්‍රාද පාන පූජා වත්කරන පිණිස ඒකේ කෙණ්ඩිද පවිත්‍ර රනින් සෑදුවේය. |
|
| 17 |
|
| ඔහු පවිත්‍ර රනින් පහන් රුකත් සෑදුවේය. තලාපු කර්මාන්තයෙන් පහන් රුක සෑදුවේය, ඒකේ අඩිය හා කඳද ඒකේ පෙති කුසලානද මොට්ටුද මල්ද ඊටම සම්බන්ධකොට සාදා තිබුණේය. |
|
| 18 |
|
| ඒකේ පැතිවලින් නික්මෙන අතු සයක් විය; පහන් රුකේ එක් පැත්තක අතු තුනක්ය, පහන් රුකේ අනික් පැත්තේ අතු තුනක්ය. |
|
| 19 |
|
| කොට්ටම්බා මල් මෙන් සාදනලද පෙති කුසලාන් තුනක්ද ගෙඩියක්ද මලක්ද එක් අත්තක විය; කොට්ටම්බා මල් මෙන් සාදනලද පෙති කුසලාන් තුනක්ද ගෙඩියක්ද මලක්ද අනික් පැත්තේ විය. පහන් රුකේ අතු හයේම එසේ තිබුණේය. |
|
| 20 |
|
| පහන් රුකේ මොට්ටු සහ මල් සහිතව කොට්ටම්බා මල් මෙන් සාදනලද පෙති කුසලාන් සතරක් වූයේය. |
|
| 21 |
|
| පහන් රුකින් නික්මෙන අතු හයට එහි අතු දෙකක් යට ඊට සම්බන්ධව මොට්ටුවක්ද එහි අනික් අතු දෙක යට ඊට සම්බන්ධව මොට්ටුවක්ද අනික් අතු දෙක යට ඊට සම්බන්ධව මොට්ටුවක්ද විය. |
|
| 22 |
|
| ඒවායේ මොට්ටුද අතුද ඊටම සම්බන්ධවූයේය. මුළු වැඩය තළනලද පවිත්‍ර රනින් කළ එකම කර්මාන්තයක් වූයේය. |
|
| 23 |
|
| ඔහු ඒකේ පහන් සතද ඒකේ කතුරුද ඒකේ කතුරු තැටිද පවිත්‍ර රනින් සෑදුවේය. |
|
| 24 |
|
| එයද ඊට ඇතුළත් සියලු භාජනද ඔහු පවිත්‍ර රන් තලෙන්තයකින් සෑදුවේය. |
|
| 25 |
|
| ඔහු ෂිටිම් ලීවලින් දුම් පූජාසනය සෑදුවේය. ඒකේ දිග රියනක්ය; ඒකේ පළල රියනක්ය, එය සතරැස් විය; ඒකේ උස දෙරියනක් විය. ඒකේ අං ඊටම සම්බන්ධවිය; |
|
| 26 |
|
| ඔහු ඒකේ මුදුනද හාත්පසින් ඒකේ පැතිද ඒකේ අංද පවිත්‍ර රනින් වසා ඒකේ වටේට රන් ලීස්තරයක් සෑදුවේය. |
|
| 27 |
|
| ඒක ගෙන යන පිණිස පොලු තැබීමට ඒකේ දෙපැත්තේ ලීස්තරයට යටින් ඒකේ අංශ දෙකේ රන් වළලු දෙකක් සෑදුවේය. |
|
| 28 |
|
| පොලුද ෂිටිම් ලීවලින් සාදා ඒවා රනින් වැසුවේය. |
|
| 29 |
|
| ඔහු ශුද්ධ ආලේප තෛලයද පිරිසිදු සුවඳ ධූප ද්‍රව්‍යද තෛල මිශ්‍රකරන්නන්ගේ විධියට සෑදුවේය. |
|
|
: |
| 1 | | 2 | | 3 | | 4 | | 5 | | 6 | | 7 | | 8 | | 9 | | 10 | | 11 | | 12 | | 13 | | 14 | | 15 | | 16 | | 17 | | 18 | | 19 | | 20 | | 21 | | 22 | | 23 | | 24 | | 25 | | 26 | | 27 | | 28 | | 29 | 1
1
1 |
|
|---|
|
https://beblia.bible:81/BibleAudio/sinhalasrov/exodus/037.mp3
40
37