|
| 1 |
|
| ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට: |
|
| 2 |
|
| පළමුවෙනි මාසේ පළමුවෙනි දින සම්මුඛවීමේ කූඩාරමේ මණ්ඩපය පිහිටුවන්න. |
|
| 3 |
|
| සාක්ෂිපෙට්ටිය එහි තබා පෙට්ටිය තිරයෙන් බෙදා වෙන්කරන්න. |
|
| 4 |
|
| මේසය ඇතුළට ගෙන එහි බඩු පිළිවෙළින් තබන්න; පහන් රුකද ඇතුළට ගෙන ඒකේ පහන් දල්වන්න. |
|
| 5 |
|
| දුම් පූජාව පිණිස රන් පූජාසනය සාක්ෂි පෙට්ටිය ඉදිරියෙහි තබා මණ්ඩපයේ දොරකඩ කඩතුරාව එල්ලා තබන්න. |
|
| 6 |
|
| දවන පූජාසනය සම්මුඛවීමේ කූඩාරම වන මණ්ඩපයේ දොරකඩ ඉදිරියෙහි තබන්න. |
|
| 7 |
|
| සෝදන භාජනය සම්මුඛවීමේ කූඩාරමටත් පූජාසනයටත් අතරෙහි තබා එහි වතුර වත්කරන්න. |
|
| 8 |
|
| වටේට මළුව පිහිටුවා මළුවේ දොරකඩ කඩතුරාව එල්ලන්න. |
|
| 9 |
|
| ආලේප තෛලය ගෙන මණ්ඩපයද එහි ඇති සියල්ලද ආලේපකොට ඒකද ඒකේ සියලු බඩුද විශුද්ධකරන්න. එවිට එය ශුද්ධවන්නේය. |
|
| 10 |
|
| දවන පූජාසනයද ඒකේ සියලු භාජනද ආලේපකොට පූජාසනයද විශුද්ධකරන්න. පූජාසනයද ඉතා ශුද්ධවන්නේය. |
|
| 11 |
|
| සෝදන භාජනයද ඒකේ අඩියද ආලේපකොට විශුද්ධකරන්න. |
|
| 12 |
|
| ආරොන් සහ ඔහුගේ පුත්‍රයන් සම්මුඛවීමේ කූඩාරම් දොරකඩ ළඟට ගෙනවුත් වතුරෙන් නාවා, |
|
| 13 |
|
| ආරොන්ට ශුද්ධ වස්ත්‍ර හඳවා පූජක තනතුරෙහි මට මෙහෙකරන පිණිස ඔහු ආලේපකොට ශුද්ධකරන්න. |
|
| 14 |
|
| ඔහුගේ පුත්‍රයන්ද ගෙනවුත් ඔවුන්ට ඇඳුම් හඳවා, |
|
| 15 |
|
| පූජක තනතුරෙහි මට මෙහෙකරන පිණිස ඔවුන්ගේ පියාණන් ආලේප කළාක් මෙන් ඔවුන්ද ආලේපකරන්න. ඔවුන් ආලේපකිරීම ඔවුන්ගේ සියලු පරම්පරාවලට ඔවුන්ට සදාකාල පූජකකමක් පිණිස වන්නේයයි කීසේක. |
|
| 16 |
|
| මෝසෙස් මෙසේ කෙළේය. ඔහු ස්වාමීන්වහන්සේ තමාට අණකළ සියල්ල ලෙස කෙළේය. |
|
| 17 |
|
| දෙවෙනි අවුරුද්දේ පළමුවෙනි මාසයේ පළමුවෙනි දවසේදී මණ්ඩපය පිහිටුවනලද්දේය. |
|
| 18 |
|
| මෝසෙස් මණ්ඩපය පිහිටුවා ඒකේ අඩි සවිකොට ඒකේ ලෑලි පිහිටුවා ඒකේ පොලු දමා ඒකේ කුළුනු හිටවිය. |
|
| 19 |
|
| ස්වාමීන්වහන්සේ මෝසෙස්ට අණකළ ලෙස ඔහු මණ්ඩපය මතුපිටින් කූඩාරම අතුරා ඊට උඩින් කූඩාරමේ වැස්ම තැබීය. |
|
| 20 |
|
| ස්වාමීන්වහන්සේ මෝසෙස්ට අණකළ ලෙස ඔහු සාක්ෂිය පෙට්ටියෙහි තබා, පෙට්ටියට පොලුද පෙට්ටිය උඩ කරුණාසනයද තබා, |
|
| 21 |
|
| පෙට්ටිය මණ්ඩපය ඇතුළට ගෙනවුත් වැසීමේ තිරය එල්වා, සාක්ෂිපෙට්ටිය වෙන්කෙළේය. |
|
| 22 |
|
| ස්වාමීන්වහන්සේ මෝසෙස්ට අණදුන් ලෙස ඔහු මේසය සම්මුඛවීමේ කූඩාරම තුළ මණ්ඩපයේ උතුරු පැත්තෙහි තිරයට පිටතින් තබා, |
|
| 23 |
|
| ඒක උඩ ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි පිළිවෙළින් රොටි තැබීය. |
|
| 24 |
|
| ස්වාමීන්වහන්සේ මෝසෙස්ට අණකළ ලෙස ඔහු පහන් රුක සම්මුඛවීමේ කූඩාරමෙහි මේසය ඉදිරිපිට මණ්ඩපයේ දකුණු පැත්තේ තබා, |
|
| 25 |
|
| ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි පහන් දැල්වීය. |
|
| 26 |
|
| ස්වාමීන්වහන්සේ මෝසෙස්ට අණකළ ලෙස ඔහු රන් පූජාසනය සම්මුඛවීමේ කූඩාරමෙහි තිරය ඉදිරිපිට තබා, |
|
| 27 |
|
| ඊ පිට සුගන්ධ ධූප ද්‍රව්‍ය දැවීය. |
|
| 28 |
|
| ස්වාමීන්වහන්සේ මෝසෙස්ට අණකළ ලෙස මණ්ඩප දොරකඩ කඩතුරාව එල්ලා, |
|
| 29 |
|
| දවන පූජාසනය සම්මුඛවීමේ කූඩාරමේ මණ්ඩප දොරකඩ ළඟ තබා, ඊ පිට දවන පූජාවද ආහාර පූජාවද ඔප්පුකෙළේය. |
|
| 30 |
|
| ඔහු සෝදන භාජනය සම්මුඛවීමේ කූඩාරමද පූජාසනයද අතරෙහි තබා සේදීමට වතුර එහි වත්කෙළේය. |
|
| 31 |
|
| මෝසෙස්ද ආරොන් සහ ඔහුගේ පුත්‍රයෝද ඔවුන්ගේ අත් පා එහි සේදුවෝය. |
|
| 32 |
|
| ඔව්හු සම්මුඛවීමේ කූඩාරම ඇතුළට ගිය කල්හිද පූජාසනයට ළංවූ කල්හිද ස්වාමීන්වහන්සේ මෝසෙස්ට අණකළ ලෙස සෝදාගත්තෝය. |
|
| 33 |
|
| ඔහු මණ්ඩපය හා පූජාසනය වටේට මළුව පිහිටුවා මළුවේ දොරකඩ කඩතුරාව තැබීය. මෙසේ මෝසෙස් වැඩ නිමකෙළේය. |
|
| 34 |
|
| එවිට වලාකුළ සම්මුඛවීමේ කූඩාරම වසා ගත්තේය, ස්වාමීන්වහන්සේ ගේ තේජසෙන් මණ්ඩපය පිරීගියේය. |
|
| 35 |
|
| වලාකුළ ඊ පිට රැඳුණු බැවින්ද ස්වාමීන්වහන්සේ ගේ තේජසෙන් මණ්ඩපය පිරීගිය බැවින්ද මෝසෙස්ට සම්මුඛවීමේ කූඩාරමට ඇතුල්වෙන්ට නොහැකිවිය. |
|
| 36 |
|
| වලාකුළ මණ්ඩපය මතුයෙන් ඔසවනු ලැබූ හැමවිටම ඉශ්රායෙල් පුත්‍රයෝ තමුන්ගේ ගමන් යන්ට පිටත්වුණෝය. |
|
| 37 |
|
| එහෙත් වලාකුළ ඔසවනු නොලැබුවහොත් ඒක ඔසවනුලබන දින දක්වා ඔව්හු ගමන් නොකර සිටියෝය. |
|
| 38 |
|
| මක්නිසාද මණ්ඩපය උඩ දවාලේ ස්වාමීන්වහන්සේ ගේ වලාකුළද රාත්‍රියේ ගින්නද මුළු ඉශ්රායෙල් වංශයේ ඇස් ඉදිරියෙහි ඔවුන්ගේ සියලු ගමන්වලදී වූයේය. |
|
|
: |
| 1 | | 2 | | 3 | | 4 | | 5 | | 6 | | 7 | | 8 | | 9 | | 10 | | 11 | | 12 | | 13 | | 14 | | 15 | | 16 | | 17 | | 18 | | 19 | | 20 | | 21 | | 22 | | 23 | | 24 | | 25 | | 26 | | 27 | | 28 | | 29 | | 30 | | 31 | | 32 | | 33 | | 34 | | 35 | | 36 | | 37 | | 38 | 1
1
1 |
|
|---|
|
https://beblia.bible:81/BibleAudio/sinhalasrov/exodus/040.mp3
40
40