|
| 1 |
|
| මාගේ පුත්රය, මාගේ ඔවා බස් පිළිපදින්න; මාගේ ආඥා සිතෙහි තැන්පත් කරගන්න. |
|
| 2 |
|
| මාගේ ආඥා පැවැත්වුවහොත් ඔබට ජීවනය ඇත; මාගේ උවදෙස් ඔබේ දෙනෙත මෙන් රැකගන්න. |
|
| 3 |
|
| ඇඟිලිවල මුදු මෙන් ඒවා නිරතුරු තබාගන්න, ඔබේ සිත් නමැති පුවරුවෙහි ඒවා සටහන් කරගන්න. |
|
| 4 |
|
| ප්රඥාව ඔබේ සොහොයුරිය මෙන් ද නැණනුවණ ඔබේ මිතුරිය මෙන් ද සලකන්න. |
|
| 5 |
|
| එවිට ඔබ දුරාචාර කාන්තාවගෙන් ද ඉච්චා බස් දොඩන වෙසඟනගෙන් ද ආරක්ෂා වනු ඇත. |
|
| 6 |
|
| එක දිනක්, මාගේ ගෙයි කවුළුවේ ගරාදි අස්සෙන් පිටත බැලුවෙමි. |
|
| 7 |
|
| එවිට අනුවණයන් අතර මෝඩ තරුණයෙකු සිටිනු දුටිමි. |
|
| 8 |
|
| ඔහු, අඳුර වැටෙද්දී, ගොම්මං වේලාවේ දී, මැදියම් රෑ කළුවරෙහි දී, |
|
| 9 |
|
| ඇගේ ගේ අද්දර වීදිය පසු කොට ඇගේ ගෙට යන මාවතෙහි ගමන් කෙළේ ය. |
|
| 10 |
|
| එවිට ඈ වෙසඟනකගේ වස්ත්ර හැඳ, රැවටිලිකාර ස්ත්රියක මෙන් ඔහුට මුණගැසුණා ය. |
|
| 11 |
|
| ඈ අඟරදඟර කරන චපල ස්ත්රියකි, ඈ කොයි වේලාවෙත් ගෙදර නැත. |
|
| 12 |
|
| විටක ඈ වීදිවල ද විටක ඈ වෙළෙඳ පොලේ ද සෑම මංසන්දියක ද සෝදිසියෙන් බලා සිටියි. |
|
| 13 |
|
| මෙසේ ඈ ඔහු අල්ලා සිඹගෙන, විළි ලජ්ජා කිසිත් නැති ව ඔහුට මෙසේ කීවා ය: |
|
| 14 |
|
| “මම අද මාගේ පුද පූජා පැවැත්වීමි; බාරහාර ඉෂ්ට කෙළෙමි. |
|
| 15 |
|
| ඔබ හමු වන පිණිස ආශාවෙන් ඔබ සොයා ආයේ ඒ නිසා ය. දැන් ඉතින් ඔබ මට හමු විය. |
|
| 16 |
|
| මිසරයේ පාට පාට නූල්වලින් කළ විසිතුරු ඇතිරිලි මා යහනෙහි අතුරා ඇත. |
|
| 17 |
|
| සුවඳලාටුවලින් ද අගිල්වලින් ද කුරුඳුවලින් ද මාගේ යහනට සුවඳ කැවීමි. |
|
| 18 |
|
| එන්න, උදය වන තුරු පෙම් බඳුනෙන් බොමු; ආදරය බී මත්වෙමු. |
|
| 19 |
|
| අද මාගේ පුරුෂයා ගෙදර නැත; ඔහු ඈත දුර ගමනක් ගොස් ඇත. |
|
| 20 |
|
| ඔහු බොහෝ මුදල් රැගෙන ගියේ ය; මහ පෝය වන තුරු ඔහු ගෙදර එන්නේ නැත.” |
|
| 21 |
|
| ඇගේ මේ රැවටිලි වදනින්, ඈ ඔහු කැමැති කරවා, ඉච්චා තෙපුලින් ඈ ඔහු වශී කරගන්නී ය. |
|
| 22 |
|
| එකෙණෙහි ම ඔහු, ඝාතනයට ගෙන යන ගොනෙකු මෙන් ද මලපුඩුවට දුවන මුවෙකු මෙන් ද |
|
| 23 |
|
| උගුලට වහා පියාඹා යන පක්ෂියෙකු මෙන් ද ඇය කැටුව ගියේ ය. ඊගස ඔහුගේ අක්මාව විදගෙන යන තුරු, තමන් අනතුරෙහි සිටින බව ඔහු නොදත්තේ ය. |
|
| 24 |
|
| එබැවින් මාගේ පුත්රය, මට සවන් දෙන්න, මා පවසන ඔවා බසට අවධානය යොමු කරන්න. |
|
| 25 |
|
| ඇගේ මාවත්වල යාමට ඔබේ සිත නොපෙළඹේ වා! ඇගේ මාර්ගවල මං මුළා නොවන්න. |
|
| 26 |
|
| බොහෝ දෙනෙක් ඇගෙන් නාස්තියට පත් වූ හ; ඈ නිසා විපතට පත් වූ අයගේ ගණන් විශාල ය. |
|
| 27 |
|
| ඇගේ නිවස පාතාලයට යන මඟ ය, මරුගේ මැදිරිවලට බැස යන මාවත ය. |
|
|
|
|