සිංහල NRSV
|
| 1 |
| සමිඳුනි, අපට සිදු වී තිබෙන දේ සිහි කළ මැනව. අපේ නින්දාව බලා සැලකුව මැනව. |
| 2 |
| අපේ උරුමය අන්‍යයන්ටත්, අපේ ගෙවල් විදේශීන්ටත් අයිති වී තිබේ. |
| 3 |
| අපි අනාථයෝ ය, පියා නැති දරුවෝ ය. අපේ මවුවරු වැන්දඹුවන් මෙන් ය. |
| 4 |
| අප අපේ ම වතුර මිල දී ගත යුතු ය. අපේ ම දර අපට විකුණනු ලැබේ. |
| 5 |
| වියගහ අපේ කර පිට ය. මැරෙන තෙක් අපි වෙහෙසෙන්නෙමු. එහෙත්, අපට සහනයක් නැත. |
| 6 |
| සෑහෙන පමණ කෑම ලබන පිණිස, මිසරයටත්, අසිරියාවටත් අපි සිඟමින් ගියෙමු. |
| 7 |
| අපේ පියවරු පව් කළෝ ය; ඔව්හු දැන් නැත. ඔවුන්ගේ අයුතුකම් නිසා අපි දුක් විඳිමු. |
| 8 |
| වහල්ලු අප ආණ්ඩු කරති. ඔවුන් අතින් අප ගළවාගන්නට කෙනෙක් නැත. |
| 9 |
| පාළුකරයේ මිනීමරුවන් සැරිසරන බැවින් කෑම සෙවීමේ දී අපි අන්තරාවට මූණ පාමු. |
| 10 |
| සාගින්නේ තද උෂ්ණය නිසා අපේ හම උදුනක් මෙන් රත් වී තිබේ. |
| 11 |
| සියොන්හි ස්ත්‍රීහුත්, ජුදාහි නගරවල කන්‍යාවෝත් බලහත්කාරකම් කරනු ලැබූ හ. |
| 12 |
| අධිපතීහු තමන්ගේ අත්වලින් එල්ලනු ලැබූ හ. වැඩිහිටි අය ගරු නොකරන ලදහ. |
| 13 |
| වහලුන් මෙන් ධාන්‍ය ඇඹරීමට අපේ තරුණයෝ බල කරනු ලැබූ හ. ළමයි දරමිටිවල බරින් යට වී වැටි වැටී යති. |
| 14 |
| මහලු අය දොරටුවෙන් පහ ව ගියෝ ය. යෞවනයෝ ගීතිකා කිරීමෙන් වැළකුණෝ ය. |
| 15 |
| අපේ සිත්වලින් ප්‍රීතිය තුරන් විය. අපේ නැටීම වැලපීමට පෙරළුණේ ය. |
| 16 |
| අපේ හිසින් මල්දම් වැටුණේ ය. අප පව් කළ බැවින් අනේ! අපට වන දුකක මහත! |
| 17 |
| මේ නිසා අපේ සිත ක්ලාන්ත වී තිබේ. මේ දේවල් නිසා අපේ ඇස් අඳුරු වී තිබේ. |
| 18 |
| එසේ වන්නේ, සියොන් කන්ද පාළු වී තිබෙන බැවිනි. සිවලුන් සැරිසරන බැවිනි. |
| 19 |
| එහෙත් සමිඳුනි, ඔබ සදහට ම රජ ව සිටින සේක. ඔබේ සිහසුන පරපුරෙන් පරපුරට පවත්නේ ය. |
| 20 |
| මෙතෙක් කල් ඔබ අප අත් හළේ මන් ද? කවර දා නමුත්, ඔබ අප යළි සිහි කරන සේක් ද? |
| 21 |
| සමිඳුනි, අප ඔබ වෙත හරවාගත මැනව. අපේ පෙර වූ තේජස අපට යළි දුන මැනව. |
| 22 |
| ඔබ අප සහමුලින් පහ කරදැමූ සේක් ද? ඔබේ කෝපයට සීමාවක් නැද් ද? |
| සටහන් සුරකින්න |
https://beblia.bible:81/BibleAudio/sinhalanrsv/lamentations/005.mp3
5
5