|
| 1 |
|
| එවිට ඔහු දේව මාලිගාවට මා ගෙනවුත් එහි කණු මැන්නේ ය. ඒවා එක පැත්තක් මීටර් තුනක් පළලට ද අනික් පැත්ත මීටර් තුනක් පළලට ද තිබුණේ ය. එය කූඩාරමේ පළල ය. |
|
| 2 |
|
| දොරකඩ පළල මීටර් පහක් විය. දොරකඩ එක පැත්තක කණු මීටර් දෙකහමාරක් පළල ය. ඔහු මාලිගාව මැන්නේ ය. එහි දිග මීටර් විස්සකි, පළල මීටර් දහයක් ය. |
|
| 3 |
|
| එවිට ඔහු ඇතුළට ගොස් දොරකඩ එක එක කණුව මැන්නේ ය. එය මීටර් එකක් ය. දොරකඩ දිග මීටර් තුනක් ය, දොරකඩ පළල මීටර් තුනහමාරක් ය. |
|
| 4 |
|
| ඔහු මාලිගාවට ඉදිරිපිටින් එහි දිගට මීටර් දහයක් ද පළලට මීටර් දහයක් ද මැන, ‘මෙය අතිශුද්ධස්ථානය’යි මට කීවේ ය. |
|
| 5 |
|
| ඔහු මාලිගාවේ බිත්තියත් මැන්නේ ය. එය මීටර් තුනක් ය, වටකර ම මාලිගාවට තිබුණු කාමරවල පළල මීටර් දෙකක් ය. |
|
| 6 |
|
| ඒ කාමර එක පිට එක උඩින් මහල් තුනක් ද එක එක පේළියේ කාමර තිහක් ද බැගින් තිබිණි. කාමර වනාහි මාලිගාවේ බිත්තියට වද්දන්නේ නැති ව ඒවා පිහිටුවීමට වටකර කුළුණු සිටුවා තිබිණි. |
|
| 7 |
|
| මහලෙන් මහලට නඟින විට ඒ ඒ පේළියේ කාමර වටකරින් වඩා පළල් ව තිබිණි. මන්ද මාලිගාව වටේට ම ඉහළින් ඉහළට කාමරවලින් වටවී තිබිණි. එබැවින් මාලිගාවේ පළල ඉහළින් වැඩි වී තිබිණි. එසේ යට තට්ටුවේ සිට මැද තට්ටුව මැදින් ඉහළ තට්ටුවට මාලිගාවේ පැත්තක පිහිටි පඩි පෙළින් නඟින්න හැකි විය. |
|
| 8 |
|
| මාලිගාව වටකර උස් වූ වේදිකාවක් දිටිමි. කාමරවල අත්තිවාරම සම්පූර්ණ මීටර් තුනකින් යුත් ලී දණ්ඩකි. |
|
| 9 |
|
| පිට පැත්ත දක්වා කාමරවලට තිබුණු බිත්තියේ පළල මීටර් දෙකහමාරක් ය. ගෘහයට තිබුණු කාමර පේළි ඇතුළේ හිස් බිමක් තිබිණි. |
|
| 10 |
|
| ඒවාටත්, මළුවේ කාමරවලටත් අතරේ ගෘහය වටකරින් ම මීටර් දහයක් පළල ඇති බිමක් තිබිණි. |
|
| 11 |
|
| කාමරවල දොරකඩ හිස් බිම දෙසට තිබුණේ ය. එක දොරකඩක් උතුරු දෙසටත්, එක දොරකඩක් දකුණු දෙසටත් තිබිණි. හිස් බිමේ පළල වටකර මීටර් දෙකහමාරක් ය. |
|
| 12 |
|
| බස්නාහිර පැත්තෙහි වෙන් වූ මළුවෙහි මිදුල ඉදිරිපිට තිබුණු ගොඩනැඟිල්ලේ දිග මීටර් හතළිස්පහක් ය, පළල මීටර් තිස්පහක් ය. ඒ ගොඩනැඟිල්ලේ බිත්තියේ පළල වටකර මීටර් දෙකහමාරක් ය. |
|
| 13 |
|
| ඔහු මාලිගාවත් මැන්නේ ය. එහි දිග මීටර් පණහක් ය, වෙන් වූ මළුවේ ද එහි තිබුණු ගොඩනැඟිල්ලේ ද එහි බිත්තිවල ද දිග මීටර් පණහක් ය. |
|
| 14 |
|
| නැගෙනහිරට තිබුණු ගෙයි ඉස්සරහ පැත්තේ ද වෙන් වූ මළුවේ ද පළල මීටර් පණහක් ය. |
|
| 15 |
|
| වෙන් වූ මළුවට ඉදිරිපිටින් ඊට පිටුපසින් තිබුණු ගොඩනැඟිල්ලේ දිග ද දෙපැත්තෙහි තිබුණු එහි පිට ශාලා ද මැන්නේ ය. ඒවා මීටර් පණහකි. |
|
| 16 |
|
| ඇතුළු මාලිගාව ද මළුවේ ශාලා ද එළිපත්ත ද පටු කවුළු ද මහල් තුනට ම එළිපත්ත ඉස්සරහ වටකර තිබුණු පිට ශාලා ද තුනී ලෑලිවලින් වසා තිබුණේ ය. බිම සිට කවුළු දක්වාත් එසේ ම තිබුණේ ය. කවුළුත් වසා තිබුණේ ය. |
|
| 17 |
|
| දොරකඩට ඉහළින් ද ඇතුළු මාලිගාව දක්වා ද පිටතින් වටකර ඇතුළත සහ පිටත මුළු බිත්තිය ද මැන්නේ ය. |
|
| 18 |
|
| එහි කෙරුබ්වරුන් ද තල් ගස් ද කැටයම් කර තිබිණි. කෙරුබ්වරුන් දෙදෙනෙකු අතරේ තල් ගසක් බැගින් තිබිණි. එක එක කෙරුබ්වරයෙකුට මුහුණු දෙකක් තිබිණි. |
|
| 19 |
|
| එනම්, එක පැත්තක තල් ගහ දෙසට මනුෂ්‍ය මුහුණක් ද අනික් පැත්තෙහි තල් ගහ දෙසට තරුණ සිංහ මුහුණක් ද තිබුණේ ය. වටකර මුළු ගෘහයෙහි එසේ සාදා තිබුණේ ය. |
|
| 20 |
|
| බිම සිට දොරකඩ ඉහළ දක්වා දේව මාලිගාවේ බිත්තියෙහි කෙරුබ්වරුන් සහ තල් ගස් ද සාදා තිබුණේ ය. |
|
| 21 |
|
| දේව මාලිගාවේ උළුවහු කණු සතරැස් ව තිබුණේ ය. ශුද්ධස්ථානය ඉදිරිපිට දිස් වූයේ; |
|
| 22 |
|
| ලී පූජාසනය මෙනි. එහි උස මීටර් එකහමාරක් ය, දිග මීටර් එකක් ය. එහි කොන් ද එහි ඇති අඩිය ද එහි පැති ද ලීවලින් ය. එවිට ඔහු කතා කරමින්, ‘මෙය සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි තිබෙන මේසය ය’යි මට කී ය. |
|
| 23 |
|
| මාලිගාවටත්, ශුද්ධස්ථානයටත් දොරවල් දෙකක් තිබුණේ ය. |
|
| 24 |
|
| දොරටුවලට දෙපියන් එනම්, දෙපැත්තට ඇරෙන පියන් දෙකක් තිබිණි. එක දොරකට පියන් දෙකක් ද අනික් එකට පියන් දෙකක් ද තිබුණේ ය. |
|
| 25 |
|
| බිත්තිවල සාදා තිබුණාක් මෙන් දේව මාලිගාවේ දොරවල් පිටත් කෙරුබ්වරුන් සහ තල් ගස් සාදා තිබිණි. ශාලාව ඉස්සරහ පිටතින් ඝන ලීවලින් තැනූ උඩු වියනක් තිබිණි. |
|
| 26 |
|
| ශාලාවේ දෙපැත්තෙහි ද කාමරවල ද ඝන ලී උඩුවියනේ ද දෙපැත්තේ බිත්තිවල ද පටු කවුළු සහ තල් ගස් තිබිණි. ඝන ලී පඩි කඳන් ද තිබිණි. |
|
|
|
|