|
| 1 |
|
| සමිඳාණන් වහන්සේ මෝසෙස්ට කතා කොට, |
|
| 2 |
|
| “ඉශ්රායෙල් ජනයා අමතා ඔවුන්ගේ පිය පෙළපත් අනුව, ගෝත්රවල මූලිකයන් එක් එක්කෙනාගෙන් එක බැගින්, සැරයටි දොළසක් ඔවුන්ගෙන් ගෙන නුඹ ඒවායේ එක් එක්කෙනාගේ නම් සටහන් කරන්න. |
|
| 3 |
|
| ලෙවීගේ ගෝත්රය වෙනුවෙන් ඇති සැරයටියේ ආරොන්ගේ නම ලියන්න. පිය පෙළපත් අනුව එක ගෝත්ර නායකයෙකුට එක සැරයටියක් බැගින් තිබිය යුතු ය. |
|
| 4 |
|
| සම්මුඛ මණ්ඩපයේ නුඹට මා හමු වන ගිවිසුම් කරඬුව අබිමුව නුඹ ඒවා තැබිය යුතු ය. |
|
| 5 |
|
| මම යමෙකු තෝරාගන්නෙම් ද ඔහුගේ සැරයටියෙහි දලු ලියලන්නේ ය. නුඹට විරුද්ධ ව මැසිවිලි දොඩවන ඉශ්රායෙල් ජනයාගේ මැසිවිලි මා වෙත පැමිණීම මම මෙයින් නවතාලන්නෙමි”යි වදාළ සේක. |
|
| 6 |
|
| මෝසෙස් මේ කරුණ ඉශ්රායෙල් ජනයාට සැළ කළ විට, ඔවුන්ගේ ගෝත්ර මූලිකයෝ, පිය පෙළපත් අනුව එක එක ගෝත්රයට එක බැගින්, සැරයටි දොළසක් ඔහුට දුන්නෝ ය. ආරොන්ගේ සැරයටිය ද ඒවා අතර විය. |
|
| 7 |
|
| ඉන්පසු මෝසෙස් ගිවිසුම් කරඬුව තැබූ සම්මුඛ මණ්ඩපය තුළ සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි ඒවා තැබී ය. |
|
| 8 |
|
| පසු දින මෝසෙස් සම්මුඛ මණ්ඩපයට ඇතුළු වූ විට පුදුමයකි, ලෙවීගේ ගෝත්රය වෙනුවෙන් තිබූ ආරොන්ගේ සැරයටිය ලියලා තිබිණි. එහි මොට්ටු හටගෙන මල් පිපී, ඉදුණු කොට්ටම්බා ඇති විය. |
|
| 9 |
|
| මෝසෙස් සමිඳාණන් වහන්සේ ඉදිරිපිටින් සැරයටි සියල්ල ඉශ්රායෙල් ජනයා වෙත පිටතට ගෙනාවේ ය. ඔව්හු ඒවා බලා, තම තමන්ගේ සැරයටි ගත්තෝ ය. |
|
| 10 |
|
| සමිඳාණන් වහන්සේ මෝසෙස්ට කතා කොට, “කැරලිකාරයන් මට විරුද්ධ ව මැසිවිලි දෙඩීම නවත්වන්නේ නැත් නම්, ඔවුන් නසින බවට සලකුණක් වශයෙන් ආරොන්ගේ සැරයටිය සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව ඉදිරියට යළි ගෙනෙන්නැ”යි වදාළ සේක. |
|
| 11 |
|
| සමිඳාණන් වහන්සේ මෝසෙස්ට අණ කළ පරිදි ඔහු ඉටු කෙළේ ය. |
|
| 12 |
|
| ඉශ්රායෙල් ජනයා මෝසෙස්ට කතා කොට, “ඔන්න, අපි විනාශයි, අපි ඉවරයි, අපි සියල්ලෝ ම නැතිනාස්ති වී ඉවරයි. |
|
| 13 |
|
| සමිඳාණන් වහන්සේගේ කූඩාරමේ කිසි ම බඩුවක් ළඟට යන්නේ කවරෙක් ද, ඔහුට මරණය නියත ය. අනේ! අපේ අවසානය මෙය දැ”යි ඇසූ හ. |
|
|
|
|