සිංහල NRSV
|
| 1 |
| “හත් වන මාසයේ පළමු වන දින නුඹලා නමස්කාරය පිණිස රැස්වීමක් පැවැත්විය යුතු ය. එදින බර වැඩ නොකළ යුතු ය. එදින, හොරණෑ පිඹීමේ දවසකි. |
| 2 |
| නුඹලා සුමිහිරි සුවඳක් සේ සමිඳාණන් වහන්සේ වෙත නඟින දවන යාග පූජාවක් ඔප්පු කළ යුතු ය. ඒ පූජාව නම්, එක ගොන් වස්සෙක් ද, එක බැටළු වස්සෙක් හා අවුරුද්දක් වයසැති කැළැල් නැති බැටළු පැටවුන් හත්දෙනෙක් ද වෙති. |
| 3 |
| ඒවා සමඟ පුදන ධාන්‍ය පූජා නම් තෙල් ඇනූ සිහින් පිටි ය. එක ගොන් වස්සෙකු සමඟ පිටි කිලෝග්‍රෑම් තුනක් ද එක බැටළු වස්සෙකු සමඟ පිටි කිලෝග්‍රෑම් දෙකක් ද |
| 4 |
| එක එක බැටළු පැටවා සමඟ පිටි කිලෝග්‍රෑම් එක බැගින් ද ඔප්පු කළ යුතු ය. |
| 5 |
| තවද, ඔබට පව් කමාව ලබාගැනීම සඳහා පාප පූජාවක් වශයෙන් එක එළුවෙකු පිදිය යුතු ය. |
| 6 |
| මේවා මේ පිළිවෙළට පිදිය යුත්තේ මාසික දවන යාග පූජාවට ද ධාන්‍ය පූජාවට ද දෛනික දවන යාග පූජාවට ද පානීය පූජාවට ද අමතර ව ය. මේවා ගින්නෙන් දවා පිදූ විට සමිඳාණන් වහන්සේ වෙත නඟින සුමිහිරි සුවඳකි. |
| 7 |
| “හත් වන මාසයේ දහ වන දින නමස්කාරය පිණිස රැස්වීමක් පැවැත්විය යුතු ය. එදින උපවාස කර, කිසි වැඩක් නොකළ යුතු ය. |
| 8 |
| එහෙත් එදින නුඹලා සුමිහිරි සුවඳක් සේ සමිඳාණන් වහන්සේ වෙත නඟින දවන යාග පූජාවක් උන් වහන්සේට ඔප්පු කළ යුතු ය. ඒ පූජාව නම්, කැළැල් නැති එක ගොන් වස්සෙක් ද, එක බැටළු වස්සෙක් සහ අවුරුද්දක් වයසැති බැටළු පැටවු හත්දෙනෙක් ද වෙති. |
| 9 |
| ඒවා සමඟ පුදන ධාන්‍ය පූජාව නම් තෙල් ඇනූ සිහින් පිටි ය. ගොන් වස්සා සමඟ පිටි කිලෝග්‍රෑම් තුනක් ද, බැටළු වස්සා සමඟ පිටි කිලෝග්‍රෑම් දෙකක් ද, |
| 10 |
| එක එක බැටළු පැටවා සමඟ පිටි කිලෝග්‍රෑම් එක බැගින් ද ඔප්පු කළ යුතු ය. |
| 11 |
| පාප පූජාවට එක එළුවෙකු පිදිය යුතු ය. මෙය පව් කමාවේ පාප පූජාවට ද නිරන්තර දවන යාග පූජාවට ද ධාන්‍ය පූජාවට ද පානීය පූජාවට ද අමතර ව ය.” |
| 12 |
| “හත් වන මාසයේ පසළොස් වන දින නුඹලා නමස්කාරය සඳහා රැස්වීමක් පැවැත්විය යුතු ය. එදින බර වැඩ නොකළ යුතු ය. සමිඳාණන් වහන්සේගේ ගෞරවයට දින හතක් ම මංගල්‍යය පැවැත්විය යුතු ය. |
| 13 |
| තවද, සුමිහිරි සුවඳක් සේ සමිඳාණන් වහන්සේ වෙත නඟින දවන යාග පූජාවක් ගින්නෙන් දවා උන් වහන්සේට ඔප්පු කළ යුතු ය. ඒ පූජාව නම්, කැළැල් නැති ගොන් වස්සන් දහතුන්දෙනෙක් ද, බැටළු වස්සන් දෙන්නෙක් හා අවුරුද්දක් වයසැති බැටළු පැටවුන් දහහතරදෙනක් ද වෙති. |
| 14 |
| ධාන්‍ය පූජාව වශයෙන් තෙල් ඇනූ සිහින් පිටි පිදිය යුතු ය. එක එක ගොන් වස්සෙකු සමඟ පිටි කිලෝග්‍රෑම් තුනක් ද, එක එක බැටළු වස්සෙකු සමඟ පිටි කිලෝග්‍රෑම් දෙකක් ද |
| 15 |
| එක එක බැටළු පැටවා සමඟ පිටි කිලෝග්‍රෑම් එක බැගින් ද ඔප්පු කළ යුතු ය. |
| 16 |
| නිරන්තර දවන යාග පූජාවට ද පානීය පූජාවට ද ධාන්‍ය පූජාවට ද අමතර ව, පාප පූජාව සඳහා එළුවෙකු ද පිදිය යුතු ය. |
| 17 |
| “දෙ වන දවසේ දී ගොන් වස්සන් දොළොස්දෙනෙකු ද බැටළු වස්සන් දෙදෙනෙකු ද අවුරුද්දක් වයසැති කැළැල් නැති බැටළු පැටවුන් දහහතරදෙනෙකු ද ඔප්පු කළ යුතු ය. |
| 18 |
| ගොන් වස්සන්, බැටළු වස්සන් සහ බැටළු පැටවුන් සමඟ පුදන ධාන්‍ය පූජාව සහ පානීය පූජා, නියෝග ප්‍රකාර, ඔවුන්ගේ සංඛ්‍යාව අනුව ගණන් ගත යුතු ය. |
| 19 |
| නිරන්තර දවන යාග පූජාවට ද ධාන්‍ය පූජාවට හා පානීය පූජාවලට ද අමතර ව පාප පූජාව සඳහා එක එළුවෙකු ඔප්පු කළ යුතු ය. |
| 20 |
| තුන් වන දවසේ දී ගොන් වස්සන් එකළොස්දෙනෙකු ද බැටළු වස්සන් දෙදෙනෙකු ද අවුරුද්දක් වයසැති කැළැල් රහිත බැටළු පැටවුන් දහහතරදෙනෙකු ද ඔප්පු කළ යුතු ය. |
| 21 |
| ගොන් වස්සන්, බැටළු වස්සන් සහ බැටළු පැටවුන් සමඟ පුදන ධාන්‍ය පූජාව සහ පානීය පූජා නියෝග ප්‍රකාර ඔවුන්ගේ සංඛ්‍යාව අනුව ගණන් ගත යුතු ය. |
| 22 |
| නිරන්තර දවන යාග පූජාවට ද ධාන්‍ය පූජාවට හා පානීය පූජාවලට ද අමතර ව පාප පූජාව සඳහා එක එළුවෙකු ඔප්පු කළ යුතු ය. |
| 23 |
| “සතර වන දවසේ දී ගොන් වස්සන් දහදෙනක් ද බැටළු වස්සන් දෙදෙනෙකු ද අවුරුද්දක් වයසැති කැළැල් නැති බැටළු පැටවුන් දහහතරදෙනෙකු ද ඔප්පු කළ යුතු ය. |
| 24 |
| ගොන් වස්සන්, බැටළු වස්සන් සහ බැටළු පැටවුන් සමඟ පුදන ධාන්‍ය පූජාව සහ පානීය පූජා නියෝග ප්‍රකාර, ඔවුන්ගේ සංඛ්‍යාව අනුව ගණන් ගත යුතු ය. |
| 25 |
| නිරන්තර දවන යාග පූජාවට ද ධාන්‍ය පූජාවට හා පානීය පූජාවලට ද අමතර ව පාප පූජාව සඳහා එක එළුවෙකු ඔප්පු කළ යුතු ය. |
| 26 |
| “පස් වන දවසේ දී ගොන් වස්සන් නවදෙනකු ද බැටළු වස්සන් දෙදෙනෙකු ද අවුරුද්දක් වයසැති කැළැල් නැති බැටළු පැටවුන් දහහතරදෙනෙකු ද ඔප්පු කළ යුතු ය. |
| 27 |
| ගොන් වස්සන්, බැටළු වස්සන් සහ බැටළු පැටවුන් සමඟ පුදන ධාන්‍ය පූජාව සහ පානීය පූජා, නියෝග ප්‍රකාර, ඔවුන්ගේ සංඛ්‍යාව අනුව ගණන් ගත යුතු ය. |
| 28 |
| නිරන්තර දවන යාග පූජාවට ද ධාන්‍ය පූජාවට සහ පානීය පූජාවලට ද අමතර ව පාප පූජාව සඳහා එක එළුවෙකු ඔප්පු කළ යුතු ය. |
| 29 |
| “හය වන දවසේ දී ගොන් වස්සන් අටදෙනෙකු ද බැටළු වස්සන් දෙදෙනෙකු ද අවුරුද්දක් වයසැති කැළැල් නැති බැටළු පැටවුන් දහහතරදෙනෙකු ද ඔප්පු කළ යුතු ය. |
| 30 |
| ගොන් වස්සන්, බැටළු වස්සන් සහ බැටළු පැටවුන් සමඟ පුදන ධාන්‍ය පූජාව සහ පානීය පූජා, නියෝග ප්‍රකාර, ඔවුන්ගේ සංඛ්‍යාව අනුව ගණන් ගත යුතු ය. |
| 31 |
| නිරන්තර දවන යාග පූජාවට ද ධාන්‍ය පූජාවට හා පානීය පූජාවට ද අමතර ව පාප පූජාව සඳහා එක එළුවෙකු ඔප්පු කළ යුතු ය. |
| 32 |
| “හත් වන දවසේ දී ගොන් වස්සන් හත්දෙනෙකු ද බැටළු වස්සන් දෙදෙනෙකු ද අවුරුද්දක් වයසැති කැළැල් නැති බැටළු පැටවුන් දහහතරදෙනෙකු ද ඔප්පු කළ යුතු ය. |
| 33 |
| ගොන් වස්සන්, බැටළු වස්සන් සහ බැටළු පැටවුන් සමඟ පුදන ධාන්‍ය පූජාව සහ පානීය පූජා, නියෝග ප්‍රකාර, ඔවුන්ගේ සංඛ්‍යා අනුව ගණන් ගත යුතු ය. |
| 34 |
| නිරන්තර දවන යාග පූජාවට ද ධාන්‍ය පූජාවට සහ පානීය පූජාවට ද අමතර ව පාප පූජාව සඳහා එක එළුවෙකු ඔප්පු කළ යුතු ය. |
| 35 |
| “අට වන දවසේ දී නමස්කාරය පිණිස ප්‍රසිද්ධ රැස්වීමක් පැවැත්විය යුතු ය. එදින කිසි බර වැඩක් නොකළ යුතු ය. |
| 36 |
| සුමිහිරි සුවඳක් සේ සමිඳාණන් වහන්සේ වෙත නඟින, ගින්නෙන් දවා පිදූ දවන යාග පූජාවක් උන් වහන්සේට ඔප්පු කළ යුතු ය. ඒ පූජාව සඳහා එක ගොන් වස්සෙකු ද එක බැටළු වස්සෙකු ද අවුරුද්දක් වයසැති කැළැල් නැති බැටළු පැටවුන් හත්දෙනෙකු ද ගත යුතු ය. |
| 37 |
| ගොන් වස්සා, බැටළු වස්සා සහ බැටළු පැටවුන් සමඟ පුදන ධාන්‍ය පූජාව සහ පානීය පූජා නියෝග ප්‍රකාර, ඔවුන්ගේ සංඛ්‍යාව අනුව ගණන් ගත යුතු ය. |
| 38 |
| නිරන්තර දවන යාග පූජාවට ද ධාන්‍ය පූජාවට හා පානීය පූජාවට ද අමතර ව පාප පූජාව සඳහා එක එළුවෙකු ද ඔප්පු කළ යුතු ය. |
| 39 |
| “නුඹලාගේ දවන යාග පූජාවලට ද ධාන්‍ය පූජා සහ පානීය පූජාවලට ද සහභාගිකමේ පූජාවලට ද අමතර ව මේවා නියමිත මංගල්‍ය දිනවල දී සමිඳාණන් වහන්සේට ඔප්පු කළ යුතු ය. තවද, මේවා පිදිය යුත්තේ බාරවලට පුදන පඬුරු හා ස්වේච්ඡා පඬුරුවලටත් අමතර ව ය.” |
| 40 |
| සමිඳාණන් වහන්සේ මෝසෙස්ට අණ කළ සියල්ල අනුව ඔහු ඉශ්රායෙල් ජනයාට දැන්වී ය. |
|
| සටහන් සුරකින්න |
https://beblia.bible:81/BibleAudio/sinhalanrsv/numbers/029.mp3
36
29