|
| 1 |
|
| මෝසෙස්ගේ හා ආරොන්ගේ නායකත්වය යටතේ මිසර දේශයෙන් නික්මුණු ඉශ්රායෙල් ජනයාගේ සහ ඔවුන්ගේ හමුදාවන්ගේ ගමන් විස්තර මේවා ය. |
|
| 2 |
|
| සමිඳාණන් වහන්සේ අණ දුන් පරිදි, මෝසෙස් ඔවුන් පිටත් වූ ස්ථාන අනුව ගමන් විස්තර සටහන් කෙළේ ය. පිටත් වූ ස්ථාන අනුව ඒවායේ විස්තර මෙසේ ය. |
|
| 3 |
|
| ඉශ්රායෙල් ජනතාව පළමු වන මාසයේ පසළොස් වන දින, පාස්කු දිනට පසු දින, මිසර වැසියන් බල බලා සිටිය දී මහා උදාර ලීලාවෙන් රාමෙසෙස් නම් නුවරින් පිටත් වූ හ. |
|
| 4 |
|
| එකල මිසර වාසීහු සමිඳාණන් වහන්සේ මැරූ ඔවුන්ගේ කුලුඳුලන් වළලමින් සිටියහ. මෙලෙස උන් වහන්සේ ඔවුන්ගේ දෙවි දේවතාවන්ට ද දඬුවම් කළ සේක. |
|
| 5 |
|
| ඉශ්රායෙල් ජනයා රාමෙසෙස් නුවරින් නික්ම සුක්කොත්හි ද, |
|
| 6 |
|
| සුක්කොත් නුවරින් නික්ම පාළුකරයේ අද්දර වූ ඒතාම්හි ද, |
|
| 7 |
|
| ඒතාම් නුවරින් නික්ම බාල්-ශෙපොන් ඉදිරිපිට වූ පී-හාහිරොත් බලා හැරී ගොස් මිග්දෝල් ඉදිරිපිට ද, |
|
| 8 |
|
| පී-හාහිරොත් නම් නුවරින් නික්ම, මුහුද මැදින් පාළුකරයට ගොස්, ඒතාම් නම් පාළුකරයේ තුන් දිනක් ගමන් කොට මාරාහි ද කඳවුරු බැන්දහ. |
|
| 9 |
|
| මාරා නම් ස්ථානයෙන් ද නික්ම, ඒලිම්ට පැමිණියහ. මෙහි දිය උල්පත් දොළහක් ද තල්ගස් හැත්තෑවක් ද තිබිණි. එහි ද ඔව්හු කඳවුරු බැඳ |
|
| 10 |
|
| ඉන් නික්ම රතු මුහුදුබඩ ද, |
|
| 11 |
|
| එතැනින් නික්ම සීන් නම් පාළුකරයේ ද, |
|
| 12 |
|
| එතැනින් නික්ම දොප්කාහි ද, |
|
| 13 |
|
| එතැනින් නික්ම අලුෂ්හි ද කඳවුරු බැන්දහ. |
|
| 14 |
|
| එතැනින් නික්ම සෙනඟට බීම සඳහා ජලය නොතිබුණු රෙපිඩිම්හි ද, |
|
| 15 |
|
| එතැනින් නික්ම සීනයි පාළුකරයේ ද කඳවුරු බැන්දහ. |
|
| 16 |
|
| එතැනින් නික්ම කිබ්රොත්-හත්තාවාහි ද, |
|
| 17 |
|
| එතැනින් නික්ම හශේරොත්හි ද, |
|
| 18 |
|
| එතැනින් නික්ම රිත්මාහි ද, |
|
| 19 |
|
| එතැනින් නික්ම රිම්මොන්-පෙරෙශ්හි ද, |
|
| 20 |
|
| එතැනින් නික්ම ලිබ්නාහි ද, |
|
| 21 |
|
| එතැනින් නික්ම රිස්සාහි ද, |
|
| 22 |
|
| එතැනින් නික්ම කෙහේලාතාහි ද, |
|
| 23 |
|
| එතැනින් නික්ම ෂෙපෙර් කන්දෙහි ද, |
|
| 24 |
|
| එතැනින් නික්ම හරාදාහි ද, |
|
| 25 |
|
| එතැනින් නික්ම මක්හෙලොත්හි ද, |
|
| 26 |
|
| එතැනින් නික්ම තාහත්හි ද, |
|
| 27 |
|
| එතැනින් නික්ම තෙරාහි ද, |
|
| 28 |
|
| එතැනින් නික්ම මිත්කාහි ද, |
|
| 29 |
|
| එතැනින් නික්ම හෂ්මොන්හි ද, |
|
| 30 |
|
| එතැනින් නික්ම මොසේරොත්හි ද, |
|
| 31 |
|
| එතැනින් නික්ම බෙනෙ-ජාකාන්හි ද, |
|
| 32 |
|
| එතැනින් නික්ම හෝර්-හග්ගිද්ගාද්හි ද, |
|
| 33 |
|
| එතැනින් නික්ම ජොට්බාතාහි ද, |
|
| 34 |
|
| එතැනින් නික්ම අබ්රොනාහි ද, |
|
| 35 |
|
| එතැනින් නික්ම එශිමෙයාන්-ගෙබෙර්හි ද, |
|
| 36 |
|
| එතැනින් නික්ම ශීන් පාළුකරයෙහි එනම් කාදෙෂ්හි ද, |
|
| 37 |
|
| එතැනින් නික්ම ඒදොම් දේශ සීමාවේ පිහිටි හෝර් කන්දෙහි ද කඳවුරු බැඳගත්හ. |
|
| 38 |
|
| ඉශ්රායෙල් ජනයා මිසර දේශයෙන් නික්ම ගිය හතළිස් වන අවුරුද්දේ පස් වන මාසයේ පළමු වන දින සමිඳාණන් වහන්සේගේ අණ පරිදි පූජක ආරොන් හෝර් නම් කන්දට නැංග පසු, එහි දී මියගියේ ය. |
|
| 39 |
|
| ඔහු එහි මියයන විට ඔහුගේ වයස අවුරුදු එකසිය විසිතුනකි. |
|
| 40 |
|
| කානාන් දේශයේ දකුණු දිශාවේ විසූ කානානිය අරාද් නම් රජු හට ඉශ්රායෙල් ජනයා සැපත් වන බව සැළ විය. |
|
| 41 |
|
| ඔව්හු හෝර් කන්දෙන් නික්ම සල්මොනාහි ද, |
|
| 42 |
|
| එතැනින් නික්ම පූනොන්හි ද, |
|
| 43 |
|
| එතැනින් නික්ම ඔබොතෙහි ද, |
|
| 44 |
|
| එතැනින් නික්ම මෝවබ් දේශ සීමාවේ පිහිටි ඉයේ-ආබාරිම්හි ද, |
|
| 45 |
|
| එතැනින් නික්ම දීබොන්-ගාද්හි ද, |
|
| 46 |
|
| එතැනින් නික්ම අල්මොන්-දිබ්ලාතයිම්හි ද, |
|
| 47 |
|
| එතැනින් නික්ම නෙබෝ ඉදිරිපිට අබාරිම් කඳු වැටියේ ද, |
|
| 48 |
|
| එතැනින් නික්ම ජොර්දාන් ගං තෙර වූ ජෙරිකෝ නුවර මෝවබ් මිටියාවතේ ද කඳවුරු බැඳගත්හ. |
|
| 49 |
|
| මෙලෙස ඉශ්රායෙල් ජනයා ජොර්දාන් ගං තෙර බෙත්-ජෙෂිමොත් පටන් ආබෙල්-ෂිත්තිම් දක්වා මෝවබ් මිටියාවතෙහි කඳවුරු බැඳගත්හ. |
|
| 50 |
|
| ජොර්දාන් ගං තෙර පිහිටි ජෙරිකෝ නුවර අසල මෝවබ් මිටියාවතේ දී සමිඳාණන් වහන්සේ මෝසෙස්ට කතා කොට මෙසේ වදාළ සේක: |
|
| 51 |
|
| “ඉශ්රායෙල් ජනයා අමතා මෙය කියන්න; ‘නුඹලා ජොර්දාන් ගඟෙන් එතෙර වී, කානාන් දේශයට සැපත් වූ විට |
|
| 52 |
|
| නුඹලාට ඉදිරියෙන් එහි සිටින දේශවාසී සියල්ලන් පලවා හැරිය යුතු ය. ඔවුන් ගලින් නෙළූ, ලෝහයෙන් වාත්තු කළ පිළිම නසා වනසා, ගිරිකුළු දේවාල නටබුන් කළ යුතු ය. |
|
| 53 |
|
| නුඹලා දේශය උරුම කොටගෙන එහි පදිංචි විය යුතු ය. මන්ද, ස්වාමීන් වන මා එය නුඹලාට දුන් බැවිනි. |
|
| 54 |
|
| තවද දාදු දමා, දේශය නුඹලාගේ පෙළපත් අතර උරුම කොට බෙදාගත යුතු ය. වැඩියෙන් ඉන්න අයට වැඩියෙන් ද, අඩුවෙන් ඉන්න අයට අඩුවෙන් ද උරුමය දිය යුතු ය. දාදුව අනුව යමෙකුට වැටෙන ස්ථානය ඔහුට උරුම වනු ඇත. නුඹලාගේ පිය පෙළපත්හි ගෝත්‍ර අනුව නුඹලා දේශය උරුම කොට ගත යුතු වේ. |
|
| 55 |
|
| නුඹලා දේශවාසී සියල්ලන් පලවා නොහැරියොත්, එහි ඉතිරි වන අය නුඹලාගේ ඇහැට උලක් ද ඇලයට කටුවක් ද වැනි මහා කරදරයක් වී නුඹලා වසන දේශයේ දී ඔවුන් නුඹලාට හිරිහැර කරනු ඇත. |
|
| 56 |
|
| ඇරත්, නුඹලා මා කී ලෙස නොකරන්නහු නම්, මම ඔවුන්ට දෙන්නට යන දඬුවම් නුඹලාට දෙන්නෙමි.’ ” |
|
|
|
|