|
| 1 |
|
| සමිඳාණන් වහන්සේ මෝසෙස්ට කතා කොට මෙසේ වදාළ සේක: |
|
| 2 |
|
| “ඉශ්රායෙල් ජනයාට අණ දෙමින් මෙය කියන්න: ‘නුඹලාට උරුමයක් වශයෙන් හිමි වන කානාන් දේශයට නුඹලා පැමිණි කල්හි, එහි දේශ සීමාවෝ පහත දක්වන ඒවා ය. |
|
| 3 |
|
| දකුණු පැත්ත ශීන් නම් පාළුකරයේ සිට ඒදොම් දේශ සීමාව ඔස්සේ ය. දකුණු මායිම මළ මුහුදේ දකුණු කොණට නැගෙනහිරින් පටන්ගනු ඇත. |
|
| 4 |
|
| ඒ මායිම අක්‍රබ්බිම්හි දූර්ගය පිහිටි දකුණු දිශාව සහ ශීන් නම් පාළුකරය ඔස්සේ කාදෙෂ්-බර්නේය දක්වා දික් වනු ඇත. එතැන සිට වයඹ දිශාවෙන් පිහිටි හශර්-අද්දාර් සහ අශ්මොන් දක්වා එය වැටෙනු ඇත. |
|
| 5 |
|
| එතැන සිට මිසරයේ ගඟ දක්වා මායිම වැටී මධ්‍යධරණි මුහුදෙන් කෙළවර වනු ඇත. |
|
| 6 |
|
| ‘අපරදිග මායිම මධ්‍යධරණි මුහුද වේ. |
|
| 7 |
|
| උතුරු මායිම මධ්‍යධරණි මුහුදේ සිට හෝර් කන්ද දක්වා ද |
|
| 8 |
|
| එතැන් සිට හමාත් දූර්ගය, ශෙදාද් සහ |
|
| 9 |
|
| ශිප්‍රොන් නම් ස්ථානය ඔස්සේ වැටී හශර්-ඒනාන් ළඟින් ද කෙළවර වනු ඇත. |
|
| 10 |
|
| ‘පෙරදිග මායිම හශර්-ඒනානෙන් ෂෙපාම් දක්වා ද, |
|
| 11 |
|
| අයින් නම් ස්ථානයට නැගෙනහිරින් දකුණු දිශාවේ පිහිටි හර්බෙල් දක්වා ද, ගලීලය මුහුදේ පෙරදිග වෙරළේ පිහිටි කඳු වැටිය දක්වා ද, |
|
| 12 |
|
| එතැනින් දකුණු දෙසට මළ මුහුදට වැටෙන ජොර්දාන් ගඟ ඔස්සේ ද වැටෙනු ඇත. නුඹලාට හිමි වන දේශයේ මායිම් මේවා වනු ඇත.’ ” |
|
| 13 |
|
| තවද මෝසෙස් ඉශ්රායෙල් ජනයාට අණ කරමින් මෙසේ කීවේ ය: “සමිඳාණන් වහන්සේ ඔබේ ගෝත්‍ර නවයට හා අර්ධ ගෝත්‍රයට දෙන්නට අණ කළ, දාදු දමා ඔබ උරුම කොට ගත යුතු දේශය මෙය වේ. |
|
| 14 |
|
| පිය පෙළපත් අනුව රූබන්ගේ පරපුරට අයිති අය සහ ගාද්ගේ පරපුරට අයිති අය ඔවුන්ගේ උරුම කොටස ලබාගෙන ඇත. එලෙස ම මනස්සේගේ අර්ධ ගෝත්‍රයට ද ඔවුන්ගේ උරුම ලැබී තිබේ. |
|
| 15 |
|
| ඉහත කී ගෝත්‍ර දෙකට සහ අර්ධ ගෝත්‍රයට හිරු නඟින පෙරදිග පිහිටි ජෙරිකෝව අසල ජොර්දාන් ගඟෙන් මෙගොඩ ඔවුන්ගේ උරුම කොටස ලැබී තිබේ.” |
|
| 16 |
|
| සමිඳාණන් වහන්සේ මෝසෙස්ට කතා කොට මෙසේ වදාළ සේක: |
|
| 17 |
|
| “නුඹලා අතර දේශය බෙදා දීම ගැන වගකිවයුතු අය නම්, පූජක එලෙයාසර් සහ නූන්ගේ පුත් ජෝෂුවා ය. |
|
| 18 |
|
| තවද, දේශය උරුම කොට බෙදා දීම සඳහා එක එක ගෝත්‍රයට එක එක නායකයෙකු බැගින් තෝරාගත යුතු ය. |
|
| 19 |
|
| මොවුහු නම්, ජුදා ගෝත්‍රයෙන් ජෙපුන්නේගේ පුත් කාලෙබ්; |
|
| 20 |
|
| සිමියොන්ගේ ගෝත්‍රයෙන් අම්මිහුද්ගේ පුත් ෂෙමුවෙල්; |
|
| 21 |
|
| බෙන්ජමින්ගේ ගෝත්‍රයෙන් කිස්ලොන්ගේ පුත් එලිදාද්; |
|
| 22 |
|
| දාන්ගේ පරපුරට අයත් ගෝත්‍රයෙන් ජොග්ලිගේ පුත් වූ හා නායකයෙකු වූ බුක්කී; |
|
| 23 |
|
| ජෝසෙප්ගේ පුත්‍රයන් වන මනස්සේගේ පරපුරට අයත් ගෝත්‍රයෙන්, ඒපොද්ගේ පුත් වූ හා නායකයෙකු වූ හන්නීයෙල්; |
|
| 24 |
|
| එප්‍රායිම්ගේ පරපුරට අයත් ගෝත්‍රයෙන්, ෂිප්තාන්ගේ පුත් වූ හා නායකයෙකු වූ කේමුවෙල්; |
|
| 25 |
|
| සාබුලොන්ගේ පරපුරට අයත් ගෝත්‍රයෙන්, පර්නාක්ගේ පුත් වූ හා නායකයෙකු වූ එලිශාපාන්; |
|
| 26 |
|
| ඉස්සාකර්ගේ පරපුරට අයත් ගෝත්‍රයෙන්, අශ්ශාන්ගේ පුත් වූ හා නායකයෙකු වූ පල්තියෙල්; |
|
| 27 |
|
| ආෂෙර්ගේ පරපුරට අයත් ගෝත්‍රයෙන්, ෂෙලොමීගේ පුත් වූ හා නායකයෙකු වූ අහිහුද්; |
|
| 28 |
|
| නප්තලීගේ පරපුරට අයත් ගෝත්‍රයෙන්, අම්මිහුද්ගේ පුත් වූ හා නායකයෙකු වූ පෙදහෙල් යන අය ය.” |
|
| 29 |
|
| කානාන් දේශයේ දී ඉශ්රායෙල් ජනයාට උරුමය බෙදා දීමට සමිඳාණන් වහන්සේ මොවුන්ට අණ කළ සේක. |
|
|
|
|