|
| 1 |
|
| සබත් දින නිම වී සතියේ පළමු වන දින එළිවන වේලෙහි මග්දලායේ මරියා ද අනික් මරියා ද සොහොන් ගෙය බලන්න ගියහ. |
|
| 2 |
|
| එවිට මහා භූමිකම්පාවක් විය. සමිඳාණන් වහන්සේගේ දූතයෙක් ස්වර්ගයෙන් බැස අවුත්, ගල ඉවතට පෙරළා ඒ මත හිඳගත්තේ ය. |
|
| 3 |
|
| ඔහුගේ පෙනුම විදුලිය වැනි ය, ඔහුගේ වස්ත්ර හිම මෙන් සුදු ය. |
|
| 4 |
|
| මුර සෙබළු ඔහුට භයින් වෙවුලා, මළවුන් මෙන් වූ හ. |
|
| 5 |
|
| දේව දූතයා ඒ ස්ත්රීන්ට කතා කරමින්, “බිය නොවන්න, ඔබ කුරුසියෙහි ඇණ ගැසූ ජේසුස් වහන්සේ සොයන බව දනිමි; |
|
| 6 |
|
| උන් වහන්සේ මෙහි නැත; උන් වහන්සේ වදාළ ලෙස ම උත්ථාන වූ සේක. එන්න, සමිඳාණන් වහන්සේ තැන්පත් කළ ස්ථානය බලා, |
|
| 7 |
|
| වහා ම ගොස්, ‘උන් වහන්සේ මළවුන්ගෙන් උත්ථාන වූ සේක. උන් වහන්සේ ඔබට පළමු ව ගලීලයට යන සේක. එහි දී ඔබ උන් වහන්සේ දකින්නහු ය’යි ශ්රාවකයන්ට දන්වන්න. මා කී දේ මතක තබා ගන්නැ”යි කී ය. |
|
| 8 |
|
| එවිට ඔව්හු භයින් ද මහත් ප්රීතියෙන් ද යුක්ත ව සොහොන් ගෙයින් වහා ම නික්ම ගොස්, උන් වහන්සේගේ ශ්රාවකයන්ට දන්වන පිණිස දිවූ හ. |
|
| 9 |
|
| එකල ජේසුස් වහන්සේ හදිසියේ ඔවුන්ට මුණ ගැසී, “සෙත් වේ වා!”යි වදාළ සේක. ඔව්හු ළං වී උන් වහන්සේගේ පා වැළඳගෙන, උන් වහන්සේට පසඟ පිහිටුවා නමස්කාර කළහ. |
|
| 10 |
|
| එවිට උන් වහන්සේ ඔවුන්ට කතා කොට, “බිය නොවන්න; මාගේ සහෝදරයන් වෙතට ගොස්, ගලීලය බලා යන්න ඔවුන්ට කියන්න; එහි දී ඔවුන් මා දකිනු ඇතැ”යි වදාළ සේක. |
|
| 11 |
|
| ස්ත්රීවරුන් මඟ යද්දී මුර සෙබළුන්ගෙන් සමහරෙක් නුවරට පැමිණ, ඒ මුළු සිද්ධිය නායක පූජකවරුන්ට දැන්වූ හ. |
|
| 12 |
|
| එවිට, ඔව්හු ප්රජා මූලිකයන් හා සමඟ රැස් ව කුමන්ත්රණය කොට හේවායන්ට බොහෝ මුදල් දී, |
|
| 13 |
|
| “අප රෑ නිදා සිටිය දී, ඔහුගේ ශ්රාවකයෝ අවුත්, ඔහු සොරාගෙන ගියහ’යි කියන්න. |
|
| 14 |
|
| මේ බව ආණ්ඩුකාරයාට ආරංචි වුණොත්, අපි ඔහු කැමැති කරවාගෙන ඔබ බේරා ගන්නෙමු”යි කී හ. |
|
| 15 |
|
| ඔව්හු මුදල් රැගෙන තමන්ට ඉගැන්වූ ලෙස කළහ. මෙසේ ඒ කීම ජුදෙව්වන් අතරේ ප්රසිද්ධ වී, අද දක්වාත් පැවත එයි. |
|
| 16 |
|
| ශ්රාවකයෝ එකොළොස් දෙනා ජේසුස් වහන්සේ ඔවුන්ට නියම කළ පරිදි ගලීලයේ කන්දට ගියහ. |
|
| 17 |
|
| ඔව්හු උන් වහන්සේ දැක පසඟ පිහිටුවා වැන්දෝ ය; එහෙත් සමහරෙක් සැක කළහ. |
|
| 18 |
|
| ජේසුස් වහන්සේ ඔවුන් වෙතට අවුත් කතා කොට, “ස්වර්ගයෙහි ද පොළොවෙහි ද සියලු බලය මට පවරා තිබේ. |
|
| 19 |
|
| එබැවින් ඔබ ගොස්, සකල ජාතීන් ශ්රාවකයන් කරන්න; පියාණන්ගේ ද පුත්රයාණන්ගේ ද ශුද්ධාත්මයාණන්ගේ ද නාමයෙන් ඔවුන් බව්තීස්ම-ස්නාපනය කරන්න; |
|
| 20 |
|
| මා ඔබට අණ කළ සියල්ල රක්ෂා කරන්න ඔවුන්ට උගන්වන්න. මම ද යුගාන්තය දක්වා සදහට ම ඔබ හා සමඟ සිටිමි”යි වදාළ සේක. |
|
|
|
|