|
| 1 |
|
| මිනිසුන් කෙරෙන් වත්, මිනිසෙකු මඟින් වත් නොව, ජේසුස් ක්රිස්තුන් වහන්සේගෙන් හා උන් වහන්සේ උත්ථාන කොට වදාළ දෙවි පියාණන් වහන්සේගෙන් ප්රේරිතවරයෙකු වීමේ කැඳවීම ලත් පාවුලු නම් මම මෙසේ ලියා එවමි. |
|
| 2 |
|
| මා සමඟ සිටින සියලු සහෝදරවරු ද මම ද ගලාතියේ සියලු ක්රිස්තියානි සභාවන්ට ආචාර කරමු. |
|
| 3 |
|
| අපගේ පියාණන් වන දෙවියන් වහන්සේ ද ස්වාමීන් වන ජේසුස් ක්රිස්තුන් වහන්සේ ද ඔබට කරුණාව හා ශාන්තිය දෙන සේක් වා! |
|
| 4 |
|
| ක්රිස්තුන් වහන්සේ, අපගේ දෙවි පියාණන්ගේ කැමැත්ත ලෙස, මේ නපුරු යුගයෙන් අප ගළවන පිණිස, අපේ පව් උදෙසා සිය දිවි පිදූ සේක. |
|
| 5 |
|
| දෙවියන් වහන්සේට සදහට ම මහිමය වේ වා! ආමෙන්. |
|
| 6 |
|
| මෙපමණ විගසින්, ක්රිස්තුන් වහන්සේගේ දේව වරප්රසාදය කරණකොටගෙන ඔබ කැඳවා වදාළ තැනැන් වහන්සේ අත්හැර, ඔබ වෙනත් සුබ අස්නක් කරා යාම ගැන මට පුදුමයි. |
|
| 7 |
|
| වෙන සුබ අස්නක් නම් නැත. එහෙත් මා එසේ කියන්නේ ඔබ කළඹා ක්රිස්තුන් වහන්සේගේ සුබ අස්න අවුල් කරන ඇතැමුන් සිටින නිසා ය. |
|
| 8 |
|
| එහෙත් මා හෝ ස්වර්ගයෙන් දේව දූතයෙක් හෝ වෙන කිසිවෙක් හෝ අප දේශනා කළ සුබ අස්නට පටහැනි සුබ අස්නක් දේශනා කළේ නම් ඔහුට සාප වේ වා. |
|
| 9 |
|
| අප පෙර කී ලෙස ම, දැන් මම නැවතත් කියමි: ඔබ පිළිගත් සුබ අස්නට පටහැනි සුබ අස්නක් ඔබට දේශනා කරන කෙනෙක් ඇත්නම් ඔහුට සාප වේ වා. |
|
| 10 |
|
| මා සොයන්නේ මිනිසුන්ගේ පැසසීම ද? නැතහොත් දෙවියන් වහන්සේ පැසසීම ද? මා පතන්නේ මිනිසුන් සතුටු කරන්න ද? මා තවමත් පතන්නේ මිනිසුන් සතුටු කිරීම නම් මම ක්රිස්තුන් වහන්සේගේ දාසයෙක් නොවෙමි. |
|
| 11 |
|
| සහෝදරවරුනි, මා දේශනා කරන සුබ අස්න මිනිසුන් විසින් නිපදවන ලද්දක් නොවන බව මම ඔබට දන්වමි. |
|
| 12 |
|
| මම එය කිසි මිනිසෙකුගෙන් නොලැබුවෙමි. කිසිවෙකු මට එය ඉගැන්නුවේත් නැත. එය මට හෙළි කළේ ක්රිස්තුන් වහන්සේ ම ය. |
|
| 13 |
|
| මා ජුදෙව් භක්තිකයෙකු ව සිටිය දී, කිසි අනුකම්පාවක් නැති ව දෙවියන් වහන්සේගේ සභාවට පීඩා කොට, එය විනාශ කරදැමීමට වෑයම් කරමින් හැසුරුණු අන්දම ගැන ඔබ අසා ඇත. |
|
| 14 |
|
| මාගේ පියවරුන්ගේ පරම්පරාගත සම්ප්රදායයන් කෙරෙහි උද්යෝගිමත් ව, මාගේ ජාතියේ සමකාලීනයන් බොහෝ දෙනෙකු පරදවා, ජුදෙව් ආගම මැනැවින් පිළිපැද්දෙමි. |
|
| 15 |
|
| එහෙත් දෙවියන් වහන්සේ ස්වකීය වරප්රසාදයෙන් මව් කුස පටන් මා වෙන් කොට තෝරාගෙන, |
|
| 16 |
|
| විජාතීන් අතර ස්වකීය පුත්රයාණන් ප්රකාශ කරන පිණිස ඒ පුත්රයාණන් මට එළිදරව් කිරීමට තීරණය කළ සේක. එවිට අවවාද ලබන පිණිස මා කිසි පුද්ගලයෙකු වෙත ගියේ වත්, |
|
| 17 |
|
| මට කලින් ප්රේරිතවරයන් ව සිටි අය හමු වන පිණිස ජෙරුසලමට ගියේ වත් නැත. එසේ නොව, මම වහා ම අරාබියට ගොස්, පසුව දමස්කයට පැමිණියෙමි. |
|
| 18 |
|
| පේදුරු හමු වීමට මා ජෙරුසලමට ගියේ තෙවසකට පසුව ය. ඔහු සමඟ පසළොස් දිනක් ගත කෙළෙමි. |
|
| 19 |
|
| එහෙත් ස්වාමීන් වහන්සේගේ සොහොයුරු ජාකොබ් හැර වෙන කිසි ප්රේරිතවරයකු නුදුටුවෙමි. |
|
| 20 |
|
| මේ ලියන දේ සැබෑ බව දෙවියන් වහන්සේ ඉදිරියේ සහතික කර කියමි. |
|
| 21 |
|
| පසුව මම සිරියාවේ හා සිලිසියාවේ පෙදෙස් වලට ගියෙමි. |
|
| 22 |
|
| ජුදයේ කිතුනු සභා ඒ තාක් මා දැනහැඳින සිටියේ නැත. |
|
| 23 |
|
| ඔවුන් දැන සිටියේ, “වරක් අපට පීඩා කළ තැනැත්තා, තමා විනාශ කිරීමට තැත් කළ එම ඇදහිල්ල ම දැන් දේශනා කරන්නේ ය” යන ප්රවෘත්තිය පමණකි. |
|
| 24 |
|
| ඒ නිසා ඔව්හු මා ගැන දෙවියන් වහන්සේට ප්රශංසා කළෝ ය. |
|
|
|
|