× භාෂාව යුරෝපය රුසියානු බෙලාරුසියානු යුක්රේන පෝලන්ත සර්බියානු බල්ගේරියානු ස්ලෝවැකියානු චෙක් රුමේනියානු මෝල්ඩෝවියන් අසර්බයිජානය ආර්මේනියානු ජෝර්ජියානු ඇල්බේනියානු අවර් බෂ්කීර් ටාටාර් චෙචන් ස්ලොවේනියානු ක්‍රොඒෂියානු එස්තෝනියානු ලැට්වියානු ලිතුවේනියානු හංගේරියානු ෆින්ලන්ත නෝර්වීජියානු ස්වීඩන් අයිස්ලන්ත ග්‍රීක මැසිඩෝනියානු ජර්මානු බැවේරියානු ලන්දේසි ඩෙන්මාර්ක වේල්ස් ගේලික් අයිරිෂ් ප්‍රංශ බාස්ක් කැටලන් ඉතාලි ග්ලැසියර රොමානි Bosnian Kabardian උතුරු ඇමරිකාව ඉංග්‍රීසි දකුණු ඇමරිකාව ස්පාඤ්ඤ පෘතුගීසි ගුරානි කෙචුවාන් අයිමාරා මධ්‍යම ඇමරිකාව ජැමෙයිකානු නහුවාට්ල් කිචේ Qeqchi හයිටි නැගෙනහිර ආසියාව චීන ජපන් කොරියානු මොන්ගෝලියානු උයිගර් හ්මොන්ග් Tibetian ගිනිකොනදිග ආසියාව මැලේසියානු බුරුමය චින් නේපාලය සෙබුවානෝ ටගාලොග් කාම්බෝජය තායි ඉන්දුනීසියානු සුන්දනීස් වියට්නාම ජාවානි ලාඕ ඉබාන් Iu Mien කචින් Lahu Aceh Balinese Bugis Pampanga Sasak Shan Waray දකුණු ආසියාව හින්දි ආඩියා අවධි මිසෝ කන්නඩ මලයාලම් මරාති ගුජරාටි දෙමළ තෙළිඟු පන්ජාබි කුරුක් අසාමාස් මයිතිලි බෙංගාලි උර්දු සිංහල ඩෝග්රි හර්යාන්වි මෙයිටෙයි කොන්කනි සන්තාලි සින්ධි කෝයා තාඩෝ සංස්කෘත දේවනාගරි Adilabad Gondi Ahirani බලුචි Bundeli Chhattisgarhi Garhwali Kangri Kumaoni Mewari Munda Sadri Seraiki Shekhawati Sylheti Bagri Bhilali Bodo Braj Tulu මධ්‍යම ආසියාව කිර්ගිස් උස්බෙක් ටජික් ටර්ක්මන් කසකස්තානය කරකල්පක් මැද පෙරදිග තුර්කි හෙබ්‍රෙව් අරාබි පර්සියානු කුර්දි Mazanderani පැෂ්ටෝ කොප්ටික් අප්‍රිකාව අප්‍රිකානු ෂෝසා සුලූ නෙඩෙබෙල් සොතෝ අම්හාරික් වොලෙට්ටා නයිජීරියානු මොසි ඉකා ඩින්කා කබිල් ඊව් ස්වහීලී මොරොක්කෝව සෝමාලියානු ෂෝනා මැඩගස්කරය ඉග්බෝ ලින්ගල බෝල් සිස්වතී සොන්ගා ෂ්වානා ගැම්බියන් යොරුබා කම්බා කිනියර්වන්ද හවුසා චෙවා ලුඕ මකුවා ඩියුලා ෆුල්ෆුල්ඩේ කැලෙන්ජින් කිකුයු කික්වාන්ගෝ කිරින්ඩි ක්‍රියෝ නයිජීරියානු පිඩ්ජින් ඔරොමෝ ට්ෂිලුබා ට්ෂිවෙන්ඩා ට්වි උම්බන්ඩු ලුග්බාරා ලුගුරු පුලර් ගුස්සි මසායි තුර්කානා මෝබා නුවර් ශිල්ලුක් ටමාෂේක් මාකොන්ඩේ Bemba Fon Hadiyya Ibibio Kimbundu Kimiiru Lango Liberian Kreyol Lomwe Mende Morisyen Ndau Nyankole Sena Sidamo Soga Songe Sukuma Tarifit Teso Tiv Zande Dagbani Edo Kituba ඕස්ට්‍රේලියානු මහාද්වීපය නිව්සීලන්තය පැපුවා නිව්ගීනියාව පැරණි භාෂා ඇරමයික ලතින් එස්පෙරාන්තෝ 1 1 1 NRSV NRSVSROVSCV1 1 1 ගීතාවලිය උත්පත්තිනික්මයාමලෙවී ව්යවස්ථාවගණන් කථාවද්විතීය නීති සංග්රහයජෝෂුවීරාවලියරූත්1 සාමුවෙල්2 සාමුවෙල්1 රාජාවලියේ2 රාජාවලියේ1 වංශාවලියේ2 වංශාවලියේඑස්රානෙහෙමියාඑස්තර්ජෝබ්ගීතාවලියහිතෝපදේශධර්මදේශකයාප්රේම ගීයෙසායාජෙරමියාවිලාප ගීඑසකියෙල්ගේදානියෙල්හොසියාජෝවෙල්අාමොස්ඔබදියාජෝනාමීකානාහුම්හබක්කුක්ශෙපනියාහග්ගයිසෙකරියාමලාකි--- --- ---ශුද්ධවර මතෙව්ශුද්ධවර මාක්ශුද්ධවර ලූක්ශුද්ධවර ජොහන්ක්රියාරෝම1 කොරින්ති2 කොරින්තිගලාතිඑපීසපිලිප්පිකොලොස්සි1 තෙසලෝනික2 තෙසලෝනික1 තිමෝති2 තිමෝතිතීතස්පිලෙමොන්හෙබ්රෙව්ජාකොබ්1 පේදුරු2 පේදුරු1 ජොහන්2 ජොහන්3 ජොහන්ජූද්එළිදරව්ව1 1 1 106 1234567891011121314151617181920212223242526272829303132333435363738394041424344454647484950515253545556575859606162636465666768697071727374757677787980818283848586878889909192939495969798991001011021031041051061071081091101111121131141151161171181191201211221231241251261271281291301311321331341351361371381391401411421431441451461471481491501 1 1 : 1 1234567891011121314151617181920212223242526272829303132333435363738394041424344454647481 1 1 Sinhala Bible NRSV ගීතාවලිය 106 සටහන් සුරකින්න 1සමිඳුන් පසසන්න; සමිඳුන්ට තුති පුදන්න; මන්ද, එතුමාණෝ යහපත් ය; එතුමන්ගේ තිර පෙම සදහට ම පවතින්නේ ය.2සමිඳුන්ගේ ප්‍රබල ක්‍රියා කියන්නත්, එතුමන්ගේ සියලු පැසසුම් ගයන්නත් පුළුවන් කවරෙකුට ද?3යුක්තිය රක්නා අය ද හැම කල්හි දමිටුකම් කරන අය ද භාග්‍යවන්තයෝ ය.4සමිඳුනි, ඔබේ සෙනඟට කරුණාව දක්වන විට මා සිහි කළ මැනව; ඔවුන් ගළවන විට මට උපකාර කළ මැනව.5ඔබේ තෝරාගත් සෙනඟගේ ශුභසිද්ධිය දකින්නත්, ඔබට අයිති අය සමඟ ජය ගී ගයන්නත්, ඔබේ උරුමයෙන් මහිමය ලබන්නත් මට ඉඩ දුන මැනව.6 අපි අපේ පියවරුන් මෙන් පව් කෙළෙමු; නපුරුකම් කෙළෙමු; දුෂ්ට ලෙස ක්‍රියා කෙළෙමු. 7අපේ පියවරු මිසරයේ දී ඔබේ පුදුම ක්‍රියා තේරුම් නොගත්තෝ ය. ඔබේ අසීමිත ප්‍රේමය සිහි නොකළෝ ය. රතු මුහුද ළඟ දී මහෝත්තමයාණන්ට විරුද්ධ ව කැරලි ගැසුවෝ ය.8එසේ වුව ද එතුමාණෝ සිය බල විකුම් දක්වන පිණිස තම නාමයේ අනුහසින් ඔවුන් ගැළවූ සේක.9 එතුමාණෝ රතු මුහුදට තරවටු කළ සේක; එය වියළුණේ ය. වැලිකතරක් මැදින් මෙන් මුහුද මැදින් ඔවුන් ගෙන ගිය සේක. 10ඔවුන්ට වෛර වූ අයගේ අතින් ඔවුන් ගැළවූ සේක; සතුරන් අතින් ඔවුන් මිදූ සේක.11ජල කඳ ඔවුන්ගේ විරුද්ධකාරයන් වසාගත්තේ ය; එක් කෙනෙක් වත් ඉතිරි නො වී ය.12 එවිට, ඔව්හු එතුමන්ගේ පොරොන්දු විශ්වාස කළෝ ය; එතුමන් හට පැසසුම් ගී ගැයූ හ. 13එහෙත්, ඔව්හු එතුමන්ගේ ක්‍රියා වහා අමතක කළෝ ය; එතුමන්ගේ අවවාද නොතකා ක්‍රියා කළෝ ය.14 ඔව්හු පාළුකරයේ දී අධික ලෙස තෘෂ්ණාවෙන් පිරී දෙවිඳුන්ට අභියෝග කළෝ ය. 15ඒ නිසා ඔවුන් ඉල්ලූ දේ එතුමාණෝ ඔවුන්ට දුන් සේක: එහෙත්, ඔවුන් වනසන රෝගයක් ද එවූ සේක.16 කඳවුරේ දී, ඔව්හු මෝසෙස්ටත්, සමිඳුන්ගේ ශුද්ධ තැනැත්තා වූ ආරොන්ටත් ඊර්ෂ්‍යා කළෝ ය. 17එවිට පොළොව විවර වී දාතාන් ගිලගත්තා ය; අබිරාම් සහ ඔහුගේ සෙනඟ පසට යට කළා ය.18ඔවුන්ගේ කණ්ඩායම මැද ගින්නක් ඇවුළුණේ ය. ගිනිදැල් දුෂ්ටයන් දවාදැමී ය.19 ඔව්හු හොරෙබ් කන්දෙහි වස්සෙකු සාදා වාත්තු රූපයකට නමස්කාර කළෝ ය. 20මෙසේ ඔව්හු, දෙවිඳුන්ගේ මහිමය තණ බුදින ගවයෙකුගේ ස්වරූපයට වෙනස් කළෝ ය.21මිසරයේ දී බලවත් ක්‍රියා කර, ඔවුන් ගළවාගත් දෙවිඳුන් ඔව්හු අමතක කළෝ ය.22එතුමාණෝ, ඒ දේශයේ දී අරුමපුදුම ක්‍රියා ද රතු මුහුද ළඟ බියකරු ක්‍රියා ද කළ තැනැන් වහන්සේ නොවන සේක් ද?23එබැවින් එතුමාණෝ ඔවුන් විනාශ කරන බව වදාළ සේක. එහෙත්, එතුමාණන් ඔවුන් විනාශ නොකරන ලෙස, දේව උදහස පහකරන පිණිස, එතුමාණන් තෝරාගත් මෝසෙස් එතුමාණන් ඉදිරියේ මැදහත් වූයේ ය. දේව කෝපයෙන් ඔවුන් විනාශ කිරීම වැළැක්විය.24 එවිට ඔව්හු සුන්දර දේශය හෙළා දැක්කෝ ය, මන්ද, එතුමන්ගේ පොරොන්දුව ඔව්හු විශ්වාස නොකළෝ ය. 25ඔව්හු තමන්ගේ කූඩාරම්වල දී මැසිවිලි දෙඩුවෝ ය; සමිඳුන්ගේ හඬට සවන් නුදුන්නෝ ය.26 එබැවින්, ඔවුන් පාළුකරයේ දී මරා දමන බවත්, ඔවුන්ගේ සෙනඟ විජාතීන් අතරේ මිය යාමට සලසන බවත්, දේශවල ඔවුන් විසුරුවා හරින බවත් වදාරා එතුමාණෝ අත ඔසවා දිවුළ සේක. 27***28 එවිට ඔව්හු පෙයොර්හි බාල් නමස්කාරයට රැස් වූවෝ ය; මළවුන්ට පිදූ දේ කෑවෝ ය. 29මෙසේ ඔව්හු තමන්ගේ ක්‍රියාවලින් එතුමාණන් කුපිත කළහ. ඒ නිසා වසංගතයක් ඔවුන් අතරට පැමිණියේ ය.30එවිට, පිනෙහාස් නැඟිට ඔවුන් අතරෙන් වරදකරුවන්ට නිසි දඬුවම් දුන්නේ ය. මෙසේ වසංගතය නතර විය.31පරපුරෙන් පරපුරට සදහට ම ඔහුගේ දැහැමි ගුණයක් වශයෙන් මෙය සිහිකරනු ඇත.32 සෙනඟ මෙරිබාහි දිය උල්පත ළඟදීත් එතුමාණන් කෝප කළහ. එබැවින් ඔවුන් නිසා මෝසෙස්ට දුක් කරදර ඇති විය. 33එසේ වූයේ, ඔවුන් ඔහුගේ සිත අතිශයෙන් රිදවූ නිසා, ඔහු සිය මුවින් අනුවණ ලෙස කතා කළ බැවිනි.34 සමිඳුන් ඔවුන්ට අණ කළ ලෙස ඔව්හු විජාතීන් විනාශ නොකළෝ ය. 35ඔවුන් සමඟ මිශ්‍ර විවාහ කරගෙන විජාතීන්ගේ ක්‍රියා කරන්න ඔව්හු ඉගෙනගත්තෝ ය.36ඔව්හු ඔවුන්ගේ රූපවලට නමස්කාර කළෝ ය. ඒවා ඔවුන්ට මලපතක් විය.37 ඔව්හු තමන්ගේ දරුදැරියන් යක්ෂයන්ට පූජා කළෝ ය. 38 ඔව්හු තම දූ පුතුන්ගේ නිදොස් ලේ වැගිරෙව්වෝ ය; ඒ දූ දරුවෝ කානානි රූපවලට යාගකරනු ලැබුවෝ ය; දේශය ද ඒ ලෙයින් දූෂණය විය. 39මෙසේ ඔව්හු මෙවැනි ක්‍රියාවලින් අපිරිසිදු වූ හ. ඔව්හු දෙවිඳුන් හට විශ්වාසී ව නොසිට වෙසඟනන් මෙන් හැසුරුණෝ ය.40 එබැවින් සමිඳුන්ගේ උදහස තමන් සෙනඟට විරුද්ධ ව ඇවුළුණේ ය. එතුමාණෝ තමන් උරුම කරගත් දේශය පිළිකුල් කළ සේක. 41එතුමාණෝ විජාතීන් අතට ඔවුන් පාවා දුන් සේක. ඔවුන්ට වෛර කළ අය ඔවුන් පාලනය කළෝ ය.42ඔවුන්ගේ සතුරෝ ද ඔවුන්ට පීඩා කළෝ ය; ඔව්හු සතුරන්ගේ බලයට යටත් කරනු ලැබුවෝ ය.43එතුමාණෝ බොහෝ වර සිය සෙනඟ මිදූ සේක. එහෙත්, ඔව්හු ඉන් පසුත් අකීකරු ව කැරලි ගැසූ බැවින්, සිය අයුතුකම නිසා නින්දා කරනු ලැබුවෝ ය.44එසේ වී නමුත්, එතුමාණෝ ඔවුන්ගේ විලාපය ඇසූ සේක; ඔවුන්ගේ විපත්තිය සලකා බැලූ සේක.45ඔවුන් සමඟ කළ ගිවිසුම සිහි කළ සේක; තමන්ගේ මහා කරුණාව නිසා ඔවුන්ට අනුකම්පා කළ සේක.46ඔවුන් වහල්කමට ගෙන ගිය සියල්ලන්ගෙන් ඔවුන්ට අනුකම්පාව ලැබෙන්නට සැලැසූ සේක.47 අපේ දෙවි සමිඳුනි, අප ගළවාගත මැනව; විජාතීන් අතරෙන් අප එක් රැස් කරගත මැනව. එවිට ඔබේ ශුද්ධ නාමයට තුති පුදන්නෙමු; ඔබ පසසමින් ප්‍රීති වන්නෙමු. 48ඉශ්රායෙල් දෙවි සමිඳුන්ට සදාකාලයෙන් සදාකාලයට ම ප්‍රශංසා වේ වා! මුළු සෙනඟ ආමෙන් කියත් වා! සමිඳුන්ට ප්‍රශංසා කරන්න.Sinhala Bible NRSV Ceylon Bible Society Sinhala Bible NRSV ගීතාවලිය 106 00:00:00 00:00:00 0.5x 2.0x https://beblia.bible:81/BibleAudio/sinhalanrsv/psalms/106.mp3 150 106