× භාෂාව යුරෝපය රුසියානු බෙලාරුසියානු යුක්රේන පෝලන්ත සර්බියානු බල්ගේරියානු ස්ලෝවැකියානු චෙක් රුමේනියානු මෝල්ඩෝවියන් අසර්බයිජානය ආර්මේනියානු ජෝර්ජියානු ඇල්බේනියානු අවර් බෂ්කීර් ටාටාර් චෙචන් ස්ලොවේනියානු ක්‍රොඒෂියානු එස්තෝනියානු ලැට්වියානු ලිතුවේනියානු හංගේරියානු ෆින්ලන්ත නෝර්වීජියානු ස්වීඩන් අයිස්ලන්ත ග්‍රීක මැසිඩෝනියානු ජර්මානු බැවේරියානු ලන්දේසි ඩෙන්මාර්ක වේල්ස් ගේලික් අයිරිෂ් ප්‍රංශ බාස්ක් කැටලන් ඉතාලි ග්ලැසියර රොමානි Bosnian උතුරු ඇමරිකාව ඉංග්‍රීසි දකුණු ඇමරිකාව ස්පාඤ්ඤ පෘතුගීසි ගුරානි කෙචුවාන් අයිමාරා මධ්‍යම ඇමරිකාව ජැමෙයිකානු නහුවාට්ල් කිචේ Qeqchi හයිටි නැගෙනහිර ආසියාව චීන ජපන් කොරියානු මොන්ගෝලියානු උයිගර් හ්මොන්ග් ගිනිකොනදිග ආසියාව මැලේසියානු බුරුමය චින් නේපාලය සෙබුවානෝ ටගාලොග් කාම්බෝජය තායි ඉන්දුනීසියානු වියට්නාම ජාවානි ලාඕ ඉබාන් Iu Mien කචින් Lahu Aceh Balinese Bugis Pampanga Sasak Shan Waray දකුණු ආසියාව හින්දි ආඩියා අවධි මිසෝ කන්නඩ මලයාලම් මරාති ගුජරාටි දෙමළ තෙළිඟු පන්ජාබි කුරුක් අසාමාස් මයිතිලි බෙංගාලි උර්දු සිංහල ඩෝග්රි හර්යාන්වි මෙයිටෙයි කොන්කනි සන්තාලි සින්ධි කෝයා තාඩෝ සංස්කෘත දේවනාගරි Adilabad Gondi Ahirani බලුචි Bundeli Chhattisgarhi Garhwali Kangri Kumaoni Mewari Munda Sadri Seraiki Shekhawati Sylheti මධ්‍යම ආසියාව කිර්ගිස් උස්බෙක් ටජික් ටර්ක්මන් කසකස්තානය කරකල්පක් මැද පෙරදිග තුර්කි හෙබ්‍රෙව් අරාබි පර්සියානු කුර්දි පැෂ්ටෝ කොප්ටික් අප්‍රිකාව අප්‍රිකානු ෂෝසා සුලූ නෙඩෙබෙල් සොතෝ අම්හාරික් වොලෙට්ටා නයිජීරියානු මොසි ඉකා ඩින්කා කබිල් ඊව් ස්වහීලී මොරොක්කෝව සෝමාලියානු ෂෝනා මැඩගස්කරය ඉග්බෝ ලින්ගල බෝල් සිස්වතී සොන්ගා ෂ්වානා ගැම්බියන් යොරුබා කම්බා කිනියර්වන්ද හවුසා චෙවා ලුඕ මකුවා ඩියුලා ෆුල්ෆුල්ඩේ කැලෙන්ජින් කිකුයු කික්වාන්ගෝ කිරින්ඩි ක්‍රියෝ නයිජීරියානු පිඩ්ජින් ඔරොමෝ ට්ෂිලුබා ට්ෂිවෙන්ඩා ට්වි උම්බන්ඩු ලුග්බාරා ලුගුරු පුලර් ගුස්සි මසායි තුර්කානා මෝබා නුවර් ශිල්ලුක් ටමාෂේක් මාකොන්ඩේ Bemba Fon Hadiyya Ibibio Kimbundu Kimiiru Lango Liberian Kreyol Lomwe Mende Morisyen Ndau Nyankole Sena Sidamo Soga Songe Sukuma Tarifit Teso Tiv Zande ඕස්ට්‍රේලියානු මහාද්වීපය නිව්සීලන්තය පැපුවා නිව්ගීනියාව පැරණි භාෂා ඇරමයික ලතින් එස්පෙරාන්තෝ 1 1 1 NRSV NRSVSROVSCV1 1 1 ගලාති උත්පත්තිනික්මයාමලෙවී ව්යවස්ථාවගණන් කථාවද්විතීය නීති සංග්රහයජෝෂුවීරාවලියරූත්1 සාමුවෙල්2 සාමුවෙල්1 රාජාවලියේ2 රාජාවලියේ1 වංශාවලියේ2 වංශාවලියේඑස්රානෙහෙමියාඑස්තර්ජෝබ්ගීතාවලියහිතෝපදේශධර්මදේශකයාප්රේම ගීයෙසායාජෙරමියාවිලාප ගීඑසකියෙල්ගේදානියෙල්හොසියාජෝවෙල්අාමොස්ඔබදියාජෝනාමීකානාහුම්හබක්කුක්ශෙපනියාහග්ගයිසෙකරියාමලාකි--- --- ---ශුද්ධවර මතෙව්ශුද්ධවර මාක්ශුද්ධවර ලූක්ශුද්ධවර ජොහන්ක්රියාරෝම1 කොරින්ති2 කොරින්තිගලාතිඑපීසපිලිප්පිකොලොස්සි1 තෙසලෝනික2 තෙසලෝනික1 තිමෝති2 තිමෝතිතීතස්පිලෙමොන්හෙබ්රෙව්ජාකොබ්1 පේදුරු2 පේදුරු1 ජොහන්2 ජොහන්3 ජොහන්ජූද්එළිදරව්ව1 1 1 5 1234561 1 1 : 16 12345678910111213141516171819202122232425261 1 1 Sinhala Bible NRSV ගලාති 5 සටහන් සුරකින්න 1ක්‍රිස්තුන් වහන්සේ අප මුදාගත්තේ නිදහස්කම ඇතුව සිටීමට ය. එබැවින් දාසකම නමැති වියගහකට නැවත යටත් නොවී ස්ථිර ව සිටින්න.2ඔබ චර්මඡේදනය ලබන්නහු නම්, ක්‍රිස්තුන් වහන්සේගෙන් ඔබට කිසි ප්‍රයෝජනයක් නොලැබෙන බව පාවුලු නම් මම ඔබට කියමි,3එසේ ය, චර්මඡේදනය ලබන සැම දෙන ම මුළු ව්‍යවස්ථාව පැවැත්වීමට බැඳී සිටින බව නැවතත් මම සහතික කොට කියමි.4ව්‍යවස්ථාව මඟින් දමිටු බවට පත් වෙන්න සොයන ඔබ ක්‍රිස්තුන් වහන්සේගෙන් වෙන් කරන ලද්දහු ය. ඔබ දේව වරප්‍රසාදය නැති කරගෙන සිටින්නහු ය.5මන්ද, අපි ආත්මයාණන් වහන්සේ කරණකොටගෙන ඇදහිල්ලෙන් දමිටු කරනු ලැබීමේ බලාපොරොත්තුව ගැන පුල පුලා බලා සිටිමු.6ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ තුළින් ප්‍රේමය කරණකොටගෙන ක්‍රියා කරන ඇදහිල්ලෙන් මිස, චර්මඡේදනයෙන් වත්, අචර්මඡේදනයෙන් වත් ප්‍රයෝජනයක් නැත.7ඔබ මැනැවින් ඉදිරියට දිව්වහු ය. එහෙත් සත්‍යයට කීකරුවීම සඳහා ඔබට බාධා කෙළේ කවරෙක් ද?8ඔබට බාධා කෙළේ ඔබ කැඳෙව් දෙවියන් වහන්සේ නොවේ.9මුහුන් ටිකකින් මුළු පිටි පිඩ පිපේ.10ඔබ මට වඩා වෙනස් ආකාරයකින් කල්පනා නොකරන බවට ස්වාමීන් කෙරෙන් වන සහතිකයක් මට ඇත. ඔබ වියවුල් කරන තැනැත්තා කවරෙක් වුවත්, ඔහු තමාට හිමි දඬුවම ලබනු ඇත.11සහෝදරවරුනි, චර්මඡේදනය අවශ්‍ය බව මම තවමත් ප්‍රකාශ කරම් නම්, කුමක් නිසා තව ම පීඩා කරනු ලබම් ද? එය ඇත්තක් නම් කුරුසිය පිළිබඳ මා ප්‍රකාශ කරන දේ තවත් බාධාවට හේතුවක් නොවේ.12මේ චර්මඡේදනවාදී වියවුල්කාරයන් සම්පූර්ණ ඡේදනයකින් නපුංසකයන් වීම වඩා හොඳය.13සහෝදරවරුනි, ඔබ නිදහස්කමට කැඳවනු ලැබුවහු ය; ඔබගේ ඒ නිදහස මාංසික තෘෂ්ණා සඳහා වැය නොකොට, ප්‍රේමයෙන් එකිනෙකාට සේවය කරන්න.14මන්ද, ඔබට මෙන් ඔබේ අසල්වැසියාට ප්‍රේම කරන්න යන එක ශික්ෂා පදය මුළු ව්‍යවස්ථාවෙහි සම්පිණ්ඩනය වෙයි.15එහෙත් ඔබ එකිනෙකා උනුනුන් කුළල් කාගන්නහු නම්, ඔබ එකිනෙකාගෙන් විනාශ නොවන හැටියට වග බලාගන්න.16ආත්මයාණන් වහන්සේගේ මඟ පෙන්වීම ඇති ව හැසිරෙන්න. එවිට ඔබ මාංසික තෘෂ්ණාවලට වසඟ වන්නේ නැත.17මන්ද, මාංසික තෘෂ්ණා ආත්මයාණන් වහන්සේට විරුද්ධ ය. ආත්මයාණන් වහන්සේ ද මාංසික තෘෂ්ණාවලට විරුද්ධ ය. දෙපක්ෂය අතර ඇති මේ විරෝධය නිසා, ඔබ කැමැති දේ ඔබට කළ නොහැකි ය.18එහෙත් ඔබ ආත්මයාණන් වහන්සේ විසින් මඟ පෙන්වනු ලබන්නහු නම්, ඔබ ව්‍යවස්ථාව යටතේ නොසිටින්නහු ය.19මාංසික තෘෂ්ණාවල පලවිපාක පැහැදිලි ය: එනම්, කාමමිථ්‍යාචාරය, අපවිත්‍රකම, සල්ළාලකම,20රූප වැඳීම, කොඩිවින, සතුරුකම්, විවාදය, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, යශස්කාමය, පක්ෂ භේද, ආරාවුල්,21වෛරය, බීමත්කම, සූරාධූර්ත උත්සව හා එවැනි තවත් දේ ය. මෙබඳු දේ කරන්නන්ට දෙවියන් වහන්සේගේ රාජ්‍යයෙහි උරුම නොලැබෙන බව මම පෙර කී ලෙස ම, දැනුත් කියමි.22එහෙත් ආත්මයාණන් වහන්සේ කරණකොටගෙන ඇති වන ප්‍රතිඵල නම්: ප්‍රේමය, ප්‍රීතිය, සාමය, ඉවසීම, කරුණාව, යහපත්කම, විශ්වාසකම,23මෘදුකම හා ආත්ම දමනය යන මේවා ය. මේවා ගැන නීතිරීති නැත.24ක්‍රිස්තුන් වහන්සේට අයිති වූ අය ඔවුන්ගේ රාග, ක්ලේශ සහිත මාංසික ජීවිතය කුරුසියෙහි ඇණ ගසා ඇත.25අපි ආත්මයාණන් වහන්සේ කරණකොටගෙන ජීවත් වෙමු නම්, ආත්මයාණන් වහන්සේගෙන් මඟපෙන්වීම ලබමු.26නිෂ්ඵල පාරට්ටු කර නොගනිමු. එකිනෙකා කෝප නොකරමු. එකිනෙකාට ඊර්ෂ්‍යා නොකරමු.Sinhala Bible NRSV Ceylon Bible Society Sinhala Bible NRSV ගලාති 5 00:00:00 00:00:00 0.5x 2.0x https://beblia.bible:81/BibleAudio/sinhalanrsv/galatians/005.mp3 6 5