× භාෂාව යුරෝපය රුසියානු බෙලාරුසියානු යුක්රේන පෝලන්ත සර්බියානු බල්ගේරියානු ස්ලෝවැකියානු චෙක් රුමේනියානු මෝල්ඩෝවියන් අසර්බයිජානය ආර්මේනියානු ජෝර්ජියානු ඇල්බේනියානු අවර් බෂ්කීර් ටාටාර් චෙචන් ස්ලොවේනියානු ක්‍රොඒෂියානු එස්තෝනියානු ලැට්වියානු ලිතුවේනියානු හංගේරියානු ෆින්ලන්ත නෝර්වීජියානු ස්වීඩන් අයිස්ලන්ත ග්‍රීක මැසිඩෝනියානු ජර්මානු බැවේරියානු ලන්දේසි ඩෙන්මාර්ක වේල්ස් ගේලික් අයිරිෂ් ප්‍රංශ බාස්ක් කැටලන් ඉතාලි ග්ලැසියර රොමානි Bosnian උතුරු ඇමරිකාව ඉංග්‍රීසි දකුණු ඇමරිකාව ස්පාඤ්ඤ පෘතුගීසි ගුරානි කෙචුවාන් අයිමාරා මධ්‍යම ඇමරිකාව ජැමෙයිකානු නහුවාට්ල් කිචේ Qeqchi හයිටි නැගෙනහිර ආසියාව චීන ජපන් කොරියානු මොන්ගෝලියානු උයිගර් හ්මොන්ග් ගිනිකොනදිග ආසියාව මැලේසියානු බුරුමය චින් නේපාලය සෙබුවානෝ ටගාලොග් කාම්බෝජය තායි ඉන්දුනීසියානු වියට්නාම ජාවානි ලාඕ ඉබාන් Iu Mien කචින් Lahu Aceh Balinese Bugis Pampanga Sasak Shan Waray දකුණු ආසියාව හින්දි ආඩියා අවධි මිසෝ කන්නඩ මලයාලම් මරාති ගුජරාටි දෙමළ තෙළිඟු පන්ජාබි කුරුක් අසාමාස් මයිතිලි බෙංගාලි උර්දු සිංහල ඩෝග්රි හර්යාන්වි මෙයිටෙයි කොන්කනි සන්තාලි සින්ධි කෝයා තාඩෝ සංස්කෘත දේවනාගරි Adilabad Gondi Ahirani බලුචි Bundeli Chhattisgarhi Garhwali Kangri Kumaoni Mewari Munda Sadri Seraiki Shekhawati Sylheti මධ්‍යම ආසියාව කිර්ගිස් උස්බෙක් ටජික් ටර්ක්මන් කසකස්තානය කරකල්පක් මැද පෙරදිග තුර්කි හෙබ්‍රෙව් අරාබි පර්සියානු කුර්දි පැෂ්ටෝ කොප්ටික් අප්‍රිකාව අප්‍රිකානු ෂෝසා සුලූ නෙඩෙබෙල් සොතෝ අම්හාරික් වොලෙට්ටා නයිජීරියානු මොසි ඉකා ඩින්කා කබිල් ඊව් ස්වහීලී මොරොක්කෝව සෝමාලියානු ෂෝනා මැඩගස්කරය ඉග්බෝ ලින්ගල බෝල් සිස්වතී සොන්ගා ෂ්වානා ගැම්බියන් යොරුබා කම්බා කිනියර්වන්ද හවුසා චෙවා ලුඕ මකුවා ඩියුලා ෆුල්ෆුල්ඩේ කැලෙන්ජින් කිකුයු කික්වාන්ගෝ කිරින්ඩි ක්‍රියෝ නයිජීරියානු පිඩ්ජින් ඔරොමෝ ට්ෂිලුබා ට්ෂිවෙන්ඩා ට්වි උම්බන්ඩු ලුග්බාරා ලුගුරු පුලර් ගුස්සි මසායි තුර්කානා මෝබා නුවර් ශිල්ලුක් ටමාෂේක් මාකොන්ඩේ Bemba Fon Hadiyya Ibibio Kimbundu Kimiiru Lango Liberian Kreyol Lomwe Mende Morisyen Ndau Nyankole Sena Sidamo Soga Songe Sukuma Tarifit Teso Tiv Zande ඕස්ට්‍රේලියානු මහාද්වීපය නිව්සීලන්තය පැපුවා නිව්ගීනියාව පැරණි භාෂා ඇරමයික ලතින් එස්පෙරාන්තෝ 1 1 1 NRSV NRSVSROVSCV1 1 1 හෙබ්‍රෙව් උත්පත්තිනික්මයාමලෙවී ව්යවස්ථාවගණන් කථාවද්විතීය නීති සංග්රහයජෝෂුවීරාවලියරූත්1 සාමුවෙල්2 සාමුවෙල්1 රාජාවලියේ2 රාජාවලියේ1 වංශාවලියේ2 වංශාවලියේඑස්රානෙහෙමියාඑස්තර්ජෝබ්ගීතාවලියහිතෝපදේශධර්මදේශකයාප්රේම ගීයෙසායාජෙරමියාවිලාප ගීඑසකියෙල්ගේදානියෙල්හොසියාජෝවෙල්අාමොස්ඔබදියාජෝනාමීකානාහුම්හබක්කුක්ශෙපනියාහග්ගයිසෙකරියාමලාකි--- --- ---ශුද්ධවර මතෙව්ශුද්ධවර මාක්ශුද්ධවර ලූක්ශුද්ධවර ජොහන්ක්රියාරෝම1 කොරින්ති2 කොරින්තිගලාතිඑපීසපිලිප්පිකොලොස්සි1 තෙසලෝනික2 තෙසලෝනික1 තිමෝති2 තිමෝතිතීතස්පිලෙමොන්හෙබ්රෙව්ජාකොබ්1 පේදුරු2 පේදුරු1 ජොහන්2 ජොහන්3 ජොහන්ජූද්එළිදරව්ව1 1 1 12 123456789101112131 1 1 : 1 12345678910111213141516171819202122232425262728291 1 1 Sinhala Bible NRSV හෙබ්‍රෙව් 12 සටහන් සුරකින්න 1මේ සා විශාල සාක්ෂිකාර සේනාවකින් අප වට වී සිටින නිසා, සියලු අවහිර ද, පහසුවෙන් අප වෙළා ගන්නා පාපයන් ද ඉවත ලා,2ඇදහිල්ලේ කර්තෘවරයාණන් ද එහි පරිපූරකයාණන් ද වන ජේසුස් වහන්සේ දෙස ම නෙත් යොමා, අපට දිවීමට ඇති ධාවනය නොපසුබට, වීර්යයෙන් දුවමු. උන් වහන්සේ තමන් ඉදිරියෙහි වූ ප්‍රීතිය නිසා, කුරුසියේ අවමානය නොතකා, එහි වධ විඳ දෙවියන් වහන්සේගේ සිංහාසනයේ දකුණත අසුන් ගත් සේක.3ඒ නිසා ඔබ අධෛර්ය ව විඩාවට පත් නොවන පිණිස, තමාට විරුද්ධ ව නැඟී සිටි පව්කරුවන්ගෙන් එතරම් විරෝධය ඉවසූ තැනැන් වහන්සේ ගැන සිතා බලන්න.4පාපයට විරුද්ධ ව කරන සටනෙහි දී ඔබ තව ම ලේ වගුරුවන තැනට පත් වී නැත.5දරුවන්ට මෙන් දෙවියන් වහන්සේ ඔබට වදාළ සිත් දිරිගන්වන මේ වචන ඔබ අමතක කළහු ද? “මාගේ පුත්‍රය, සමිඳාණන් වහන්සේගේ හික්මවීම් සුළු කොට නොසිතන්න, උන් වහන්සේ තරවටු කරන කල මලානික නොවන්න:6මන්ද, සමිඳාණන් වහන්සේට ප්‍රේම කරන අය උන් වහන්සේ හික්මවන සේක; පුත්‍රයන් මෙන් තමන් වහන්සේ පිළිගන්න අයට උන් වහන්සේ දඬුවම් කරන සේක.”7ඔබගේ හික්මවීම පිණිස ඒ දඬුවම ඉවසන්න; දෙවියන් වහන්සේ ඔබ ගැන පුත්‍රයන්ට මෙන් ක්‍රියා කරන සේක. තම පුත්‍රයාට දඬුවම් නොකරන පියෙක් ඇද් ද?8හැම දරුවෙකු ම ලබන දඬුවමට ඔබ පංගුකාරයෝ නොවන්නහු නම්, ඔබ පුත්‍රයන් නොව, අවජාතක දරුවෝ ය,9තවද අප හික්ම වූ මාංසික පියවරුන්ට අපි ගරුබුහුමන් කරමු නම් ඊට බොහෝ වැඩියෙන් අප ආත්මික පියාණන් වහන්සේට අවනත ව ජීවත් විය යුතු නොවේ ද?10අපේ මෙලෝ පියවරු තමන්ට හරි යයි පෙනුණු ලෙස මඳ කලකට අපට දඬුවම් කළහ; එහෙත් උන් වහන්සේ තමන්ගේ පරිශුද්ධත්වයට අප පංගුකාරයන් වන පිණිස, අපේ යහපත සඳහා දඬුවම් කරන සේක.11දඬුවමක් ලබන කල එය දුකට මිස ප්‍රීතියට කාරණාවක් මෙන් නොපෙනේ. එහෙත් එයින් හික්මුණු අයට පසු ව දැහැමි සාමකාමී ජීවිතයක පල අත් වේ.12එබැවින් පහතට වැටී ඇති අත් ද දුබල දණහිස් ද ශක්තිමත් කරගන්න.13කොර කකුල් අබලන් නොවී, සුවය ලබන පිණිස ඇද නැති මාවත්වල ගමන් කරන්න.14සියල්ලන් සමඟ සාමදානයෙන් සිටින්නටත්, ශුද්ධකම නැති ව කිසිවෙක් සමිඳාණන් වහන්සේ නොදක්නා බැවින්, ශුද්ධකම අනුව යන්නත් උත්සාහ කරන්න.15කිසිවෙකු දේව වරප්‍රසාදයෙන් බැහැර නොයන ලෙස ද, කිසිවෙකු තිත්තකමේ මූලයක් වී ගැටළු මතුකර, බොහෝ දෙනා දූෂ්‍ය නොකරන ලෙස ද,16දුශ්ශීල කෙනෙකු හෝ එක කෑම වේලක් නිසා සිය ජන්ම උරුමය විකුණු ඒසව් වැනි දේව අභක්තික කෙනෙකු හෝ නොවන ලෙස ද පරෙස්සම් වන්න.17පසු ව ඔහු ඒ ආශීර්වාදය යළි උරුම කරගැනීමට කැමැති වුව ද, ඔහු ප්‍රතික්ෂේප කරනු ලැබූ හැටි ඔබ දන්නහු ය. ඉන්පසු ඔහු කඳුළු සලමින් එය ලබාගැනීමට අවස්ථාවක් ඉතා ඕනෑකමින් සෙවූ නමුත් එවැන්නකට ඉඩක් නොලැබිණි.18ඔබ පැමිණ සිටින්නේ, ස්පර්ශ කළ හැකි ගිනි ජාලාවකට වත්, කළුවරට වත්, ඝන අන්ධකාරයට වත්, චණ්ඩ මාරුතයට වත්,19හොරණෑ ශබ්දයට වත්, හඬකින් නික්මෙන වචනවලට වත් නොවේ. ඒ හඬ ඇසූ අය තවත් ඔවුන්ට එසේ කතා නොකරන ලෙස ඉල්ලා සිටියහ.20මන්ද, “මෘගයෙකු වුව ද කන්දෙහි ගෑවුණොත්, ඌට ගල් ගසා මැරිය යුතු ය”යි කී අණ ඔවුන්ට දැරිය නොහැකි විය.21ඒ දර්ශනය කෙතරම් බියකරු වී ද යත්, “මම බියෙන් වෙවුලමි”යි මෝසෙස් කී ය.22එහෙත් ඔබ ළඟා වී සිටින්නේ සියොන් කන්දට ය; ජීවමාන දෙවියන් වහන්සේගේ නගරය වූ ස්වර්ගීය ජෙරුසලමට ය; කෝටි සංබ්‍යාත දේව දූත සේනාවන්ගෙන් යුත් මහා රැස්වීමට ය;23සගලොවෙහි නම් ලියා ඇති කුළුඳුලන්ගේ සභාවට ය; සියල්ලන්ගේ විනිශ්චයකාර දෙවියන් වහන්සේ වෙතට ය; සම්පූර්ණ ලෙස ධර්මිෂ්ඨ කරන ලද අයගේ ආත්ම වෙතට ය;24නව ගිවිසුමක මැදහත්කාරයාණන් වූ ජේසුස් වහන්සේ වෙතට ය. ආබෙල්ගේ ලෙයට වඩා උතුම් ලෙස කතා කරන උන් වහන්සේගේ ඉසීමේ ලෙය ද වෙතටත් ය.25එසේ නම් කතා කරන තැනැන් වහන්සේ ප්‍රතික්ෂේප නොකරන්නට වග බලා ගන්න. මන්ද, මිහි පිට අනුශාසනා කළ තැනැන් වහන්සේ එපා කළ විට, ඔව්හු නොගැළවුණෝ නම්, ස්වර්ගයෙන් අනුශාසනා කරන තැනැන් වහන්සේ කෙරෙන් අහක් ව ගියොත් අපි කෙසේ ගැළවෙමු ද?26උන් වහන්සේගේ ශබ්දය ඒ කාලයේ දී පොළොව කම්පා කෙළේ ය. එහෙත් දැන් උන් වහන්සේ, “මම පොළොව පමණක් නොව, ස්වර්ගයත් තව වරක් කම්පා කරවන්නෙමි”යි පොරොන්දු වී තිබේ.27‘තව වරක්’ ය කීමෙන් අදහස් කරන්නේ නොසෙල්වෙන දේ පවත්නා පිණිස සෙලවෙන දේ, එනම්, මවන ලද සියල්ල පහ වන බව ය.28එහෙයින් නොසෙල්විය හැකි රාජ්‍යයක් අප ලබන බැවින් ස්තුතිවන්ත වෙමු. එමඟින් ගෞරවයෙන් හා දේව ගරුබියෙන් දෙවියන් වහන්සේ ප්‍රසන්න වන ලෙස නමස්කාර කරමු.29මන්ද, අපගේ දෙවියන් වහන්සේ වනාහි සියල්ල දවාලන ගින්නකි.Sinhala Bible NRSV Ceylon Bible Society Sinhala Bible NRSV හෙබ්‍රෙව් 12 00:00:00 00:00:00 0.5x 2.0x https://beblia.bible:81/BibleAudio/sinhalanrsv/hebrews/012.mp3 13 12