× භාෂාව යුරෝපය රුසියානු බෙලාරුසියානු යුක්රේන පෝලන්ත සර්බියානු බල්ගේරියානු ස්ලෝවැකියානු චෙක් රුමේනියානු මෝල්ඩෝවියන් අසර්බයිජානය ආර්මේනියානු ජෝර්ජියානු ඇල්බේනියානු අවර් බෂ්කීර් ටාටාර් චෙචන් ස්ලොවේනියානු ක්‍රොඒෂියානු එස්තෝනියානු ලැට්වියානු ලිතුවේනියානු හංගේරියානු ෆින්ලන්ත නෝර්වීජියානු ස්වීඩන් අයිස්ලන්ත ග්‍රීක මැසිඩෝනියානු ජර්මානු බැවේරියානු ලන්දේසි ඩෙන්මාර්ක වේල්ස් ගේලික් අයිරිෂ් ප්‍රංශ බාස්ක් කැටලන් ඉතාලි ග්ලැසියර රොමානි Bosnian උතුරු ඇමරිකාව ඉංග්‍රීසි දකුණු ඇමරිකාව ස්පාඤ්ඤ පෘතුගීසි ගුරානි කෙචුවාන් අයිමාරා මධ්‍යම ඇමරිකාව ජැමෙයිකානු නහුවාට්ල් කිචේ Qeqchi හයිටි නැගෙනහිර ආසියාව චීන ජපන් කොරියානු මොන්ගෝලියානු උයිගර් හ්මොන්ග් ගිනිකොනදිග ආසියාව මැලේසියානු බුරුමය චින් නේපාලය සෙබුවානෝ ටගාලොග් කාම්බෝජය තායි ඉන්දුනීසියානු වියට්නාම ජාවානි ලාඕ ඉබාන් Iu Mien කචින් Lahu Aceh Balinese Bugis Pampanga Sasak Shan Waray දකුණු ආසියාව හින්දි ආඩියා අවධි මිසෝ කන්නඩ මලයාලම් මරාති ගුජරාටි දෙමළ තෙළිඟු පන්ජාබි කුරුක් අසාමාස් මයිතිලි බෙංගාලි උර්දු සිංහල ඩෝග්රි හර්යාන්වි මෙයිටෙයි කොන්කනි සන්තාලි සින්ධි කෝයා තාඩෝ සංස්කෘත දේවනාගරි Adilabad Gondi Ahirani බලුචි Bundeli Chhattisgarhi Garhwali Kangri Kumaoni Mewari Munda Sadri Seraiki Shekhawati Sylheti මධ්‍යම ආසියාව කිර්ගිස් උස්බෙක් ටජික් ටර්ක්මන් කසකස්තානය කරකල්පක් මැද පෙරදිග තුර්කි හෙබ්‍රෙව් අරාබි පර්සියානු කුර්දි පැෂ්ටෝ කොප්ටික් අප්‍රිකාව අප්‍රිකානු ෂෝසා සුලූ නෙඩෙබෙල් සොතෝ අම්හාරික් වොලෙට්ටා නයිජීරියානු මොසි ඉකා ඩින්කා කබිල් ඊව් ස්වහීලී මොරොක්කෝව සෝමාලියානු ෂෝනා මැඩගස්කරය ඉග්බෝ ලින්ගල බෝල් සිස්වතී සොන්ගා ෂ්වානා ගැම්බියන් යොරුබා කම්බා කිනියර්වන්ද හවුසා චෙවා ලුඕ මකුවා ඩියුලා ෆුල්ෆුල්ඩේ කැලෙන්ජින් කිකුයු කික්වාන්ගෝ කිරින්ඩි ක්‍රියෝ නයිජීරියානු පිඩ්ජින් ඔරොමෝ ට්ෂිලුබා ට්ෂිවෙන්ඩා ට්වි උම්බන්ඩු ලුග්බාරා ලුගුරු පුලර් ගුස්සි මසායි තුර්කානා මෝබා නුවර් ශිල්ලුක් ටමාෂේක් මාකොන්ඩේ Bemba Fon Hadiyya Ibibio Kimbundu Kimiiru Lango Liberian Kreyol Lomwe Mende Morisyen Ndau Nyankole Sena Sidamo Soga Songe Sukuma Tarifit Teso Tiv Zande Dagbani ඕස්ට්‍රේලියානු මහාද්වීපය නිව්සීලන්තය පැපුවා නිව්ගීනියාව පැරණි භාෂා ඇරමයික ලතින් එස්පෙරාන්තෝ 1 1 1 NRSV NRSVSROVSCV1 1 1 ජූද් උත්පත්තිනික්මයාමලෙවී ව්යවස්ථාවගණන් කථාවද්විතීය නීති සංග්රහයජෝෂුවීරාවලියරූත්1 සාමුවෙල්2 සාමුවෙල්1 රාජාවලියේ2 රාජාවලියේ1 වංශාවලියේ2 වංශාවලියේඑස්රානෙහෙමියාඑස්තර්ජෝබ්ගීතාවලියහිතෝපදේශධර්මදේශකයාප්රේම ගීයෙසායාජෙරමියාවිලාප ගීඑසකියෙල්ගේදානියෙල්හොසියාජෝවෙල්අාමොස්ඔබදියාජෝනාමීකානාහුම්හබක්කුක්ශෙපනියාහග්ගයිසෙකරියාමලාකි--- --- ---ශුද්ධවර මතෙව්ශුද්ධවර මාක්ශුද්ධවර ලූක්ශුද්ධවර ජොහන්ක්රියාරෝම1 කොරින්ති2 කොරින්තිගලාතිඑපීසපිලිප්පිකොලොස්සි1 තෙසලෝනික2 තෙසලෝනික1 තිමෝති2 තිමෝතිතීතස්පිලෙමොන්හෙබ්රෙව්ජාකොබ්1 පේදුරු2 පේදුරු1 ජොහන්2 ජොහන්3 ජොහන්ජූද්එළිදරව්ව1 1 1 1 11 1 1 : 1 123456789101112131415161718192021222324251 1 1 ජූද් 1 සටහන් සුරකින්න 1මේ හසුන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ සේවකයෙකු ද, ජාකොබ්ගේ සහෝදරයා ද වන ජූද්ගෙනි. මෙය ලියා එවන්නේ, දෙවි පියාණන් වහන්සේ ප්‍රේම කරන, උන් වහන්සේ කැඳවා වදාළ, ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ ආරක්ෂාවෙහි පවතින අය වෙතට ය.2කරුණාවත්, සාමයත්, ප්‍රේමයත් ඉතා බහුල ලෙස ඔබට වේ වා!3ප්‍රේමවන්තයෙනි, අපගේ පොදු ගැළවීම ගැන ඔබ වෙත ලියා එවීමට බොහෝ ප්රයත්න දැරුවෙමි. එහෙත් සදහට ම එක වරක් සැදැහැවතුන්ට බාර දුන් ඇදහිල්ල උදෙසා උද්යෝගිමත් ව සටන් කරන ලෙස අවවාද කරමින් ඔබ වෙත ලියා එවීම මට අවශ්‍ය වී ඇත.4මන්ද, බොහෝ කලකට පෙර දඬුවමට නියම කරනු ලැබූ, අභක්තික මිනිසුන් සමහර දෙනෙක්, ඔබ නොදැනුවත් ව ම ඔබට නොදැනෙන පරිද්දෙන් ඔබ අතරට රිංගාගෙන සිටිති. මොවුහු අපගේ දෙවියන් වහන්සේගේ කරුණාව, අවකල්ක්‍රියාවට මඟක් කරගනිමින්, අපගේ එක ම අධිපතියාණන් ද ස්වාමීන් ද වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ ප්‍රතික්ෂේප කරති.5සමිඳාණන් වහන්සේ මිසර දේශයෙන් ඉශ්රායෙල් සෙනඟ මුදා ගෙනැවිත්, ඉන්පසු විශ්වාස නොකළවුන් විනාශ කළ සේක, යන මේ සියල්ල ඔබ දැනගෙන සිටින නමුත්, මම එය යළිත් ඔබට සිහි කර දෙන්නට කැමැත්තෙමි.6තමන් සතු ආධිපත්‍යයෙහි නොසිට ස්වකීය වාසභවනය අත්හැර ගිය දේව දූතයන්, උන් වහන්සේ මහා දවසේ විනිශ්චය පිණිස අන්ධකාරයට යට කොට, සදාකාල යදම්වලින් බැඳ තැබූ බවත් සිහි කරන්න.7තවද සොදොම් හා ගොමොරා ද, අවට පිහිටි නගර ද සිහි කරන්න. එහි වැසියෝ ඒ දේව දූතයන් මෙන් ම අවකල්ක්‍රියා ද අස්වාභාවික දූෂ්‍යකම් ද කරමින් සදාතන ගින්නේ දඬුවම වින්දෝ ය. එය සියල්ලන්ට ම අනතුරු ඇඟවීමේ ලකුණකි.8එමෙන් ම මොවුහු තමන් දකින සිහින කරණකොටගෙන ශරීරය කිලුටු කරගනිති, දේවාධිපත්‍යය හෙළා දකිති, සුරලොව වාසීන්ට නින්දා කරති.9එහෙත්, අග්‍ර දූත මිකායෙල් වුව ද, මෝසෙස්ගේ මළසිරුර පිළිබඳ ආරාවුලේ දී යක්ෂයා සමඟ වාද විවාද කරන අතර, ඔහුට විරුද්ධ ව දරුණු විනිශ්චයක් කිරීමට බිය විය. ඔහු කීවේ, “දෙවියන් වහන්සේ ඔබට තරවටු කරන සේක් වා” යන්න පමණකි.10එහෙත් මොවුහු තමන්ට නොතේරෙන කොයි දේටත් නින්දා කරති. සිහි කල්පනා නැති තිරිසනුන් මෙන් ඔවුන්ට සහජයෙන් ම තේරුම් යන දේ ඔවුන්ගේ විනාශයට හේතුවේ.11අහෝ, ඔවුන්ට වන විපතක මහත! ඔව්හු කායින් ගිය මාර්ගයෙහි ම ගමන් කළහ; බාලාම් කළාක් මෙන්, මුදලට ආශාවෙන් වරදට වැටුණහ; කෝරා මෙන් කැරලි ගසා විනාශ වූ හ.12ඔව්හු ඔබගේ ප්‍රේම මංගල්‍ය වලට අශෝභන කැළලකි; විළිබිය නැති ව කෑම්බීම්වල යෙදී තමන් ම පෝෂණය කරගන්න එඬේරුන් වැනි ය; සුළඟින් ගසාගෙන යන වතුර නැති වලාකුළු වැනි ය; මුලින් උදුරා දැමූ, වියළී මැරී ගිය, පල නැති, සරත් කාලයේ ගස් වැනි ය.13ඔව්හු, ස්වකීය නින්දාව නමැති පෙණ දමන මුහුදේ, රෞද්‍ර තරංග වැනි ය; ඒ මේ අත දුවන තාරකා වැනි ය. තික්ත කළුවර තැනක් ඔවුන්ට සදහට ම නියම කොට ඇත.14ආදම්ගේ පෙළපතෙහි සත්වැන්නා වූ ඒනොක් මොවුන් ගැන දිවැස් වැකි පවසමින්: “බලන්න, සමිඳාණන් වහන්සේ දස දහසක් ගණන් ස්වකීය ශුද්ධ දූතයන් සමඟ වැඩම කළ සේක.15එසේ කෙළේ, සියල්ලන් විනිශ්චය කරන පිණිසත්, සියලු අභක්තිකයන් විසින් කරන ලද අභක්තික ක්‍රියා ගැන ද, අභක්තික පව්කාරයන් වන ඔවුන් විසින් උන් වහන්සේට විරුද්ධ ව කියන ලද තද පරුෂ වචන ගැන ද ඔවුන් වරදට පත් කරන පිණිසත් ය”යි කියා ඇත.16මොවුහු මැසිවිලි කියති, කොඳුරති, සිය තෘෂ්ණා අනුව හැසිරෙති. ඔවුන්ගේ මුඛයෙන් අහංකාර වචන ගලා එයි; සිය වාසිය තකා අනුන්ට චාටුවෙන් ප්‍රශංසා කරති.17ප්‍රේමවන්තයෙනි, අපගේ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ සිය ප්‍රේරිතයන් ලවා පැවසූ මේ වචන සිහි කරන්න:18“අන්තිම දවස්වල දී, ආගමට ගරහමින් තමන්ගේ තෘෂ්ණා අනුව හැසිරෙන අය පැමිණෙනු ඇතැ”යි ඔව්හු කී හ.19ආත්මයාණන් නැති ව, මාංසික ව සිටින මොවුහු භේද උපදවන්නෝ ය.20එහෙත් ප්‍රේමවන්තයෙනි, ඔබගේ පරිශුද්ධ ඇදහිල්ලෙහි ශක්ති සම්පන්න වන්න; ශුද්ධාත්මයාණන්ගේ බලයෙන් යාච්ඤා කරන්න.21අපගේ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ සිය දයාවෙන් ඔබට දෙන, සදාතන ජීවනය බලාපොරොත්තු වෙමින්, දෙවියන් වහන්සේගේ ප්‍රේමයෙහි පවතින්න.22සැක සිත් ඇති සමහරුන්ට අනුකම්පා කරන්න;23සමහරුන් ගින්නෙන් ඉවතට ඇදගනිමින්, බියෙන් යුක්ත ව ඔවුන් ගළවාගන්න. අන් සමහරුන්ට පරිස්සමෙන් අනුකම්පාව දක්වන්න. ඔවුන්ගේ පවිටු තෘෂ්ණා කරණකොටගෙන කැළැල් වූ, වස්ත්‍රවලට පවා ද්වේෂ කරන්න.24ඔබ නොවැටෙන ලෙස ආරක්ෂා කිරීමටත්, උන් වහන්සේගේ තේජස ඉදිරියෙහි ඔබ කැළැල් රහිත ව ද, ඉමහත් ප්‍රීතියෙන් ද පිළිගැන්වීමටත් හැකි,25අපගේ ගැළවුම්කාර එක ම දෙවියන් වහන්සේට අපගේ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ මඟින් මහිමය හා තේජස ද, පරාක්‍රමය හා බලය ද, සියලු යුගවලට ප්‍රථමයෙන් වූ ලෙස, දැනටත්, යුගයෙන් යුගයටත් වේ වා! ආමෙන්.Sinhala Bible NRSV Ceylon Bible Society Sinhala Bible NRSV ජූද් 1 00:00:00 00:00:00 0.5x 2.0x https://beblia.bible:81/BibleAudio/sinhalanrsv/jude/001.mp3 1 1