× භාෂාව යුරෝපය රුසියානු බෙලාරුසියානු යුක්රේන පෝලන්ත සර්බියානු බල්ගේරියානු ස්ලෝවැකියානු චෙක් රුමේනියානු මෝල්ඩෝවියන් අසර්බයිජානය ආර්මේනියානු ජෝර්ජියානු ඇල්බේනියානු අවර් බෂ්කීර් ටාටාර් චෙචන් ස්ලොවේනියානු ක්‍රොඒෂියානු එස්තෝනියානු ලැට්වියානු ලිතුවේනියානු හංගේරියානු ෆින්ලන්ත නෝර්වීජියානු ස්වීඩන් අයිස්ලන්ත ග්‍රීක මැසිඩෝනියානු ජර්මානු බැවේරියානු ලන්දේසි ඩෙන්මාර්ක වේල්ස් ගේලික් අයිරිෂ් ප්‍රංශ බාස්ක් කැටලන් ඉතාලි ග්ලැසියර රොමානි Bosnian උතුරු ඇමරිකාව ඉංග්‍රීසි දකුණු ඇමරිකාව ස්පාඤ්ඤ පෘතුගීසි ගුරානි කෙචුවාන් අයිමාරා මධ්‍යම ඇමරිකාව ජැමෙයිකානු නහුවාට්ල් කිචේ Qeqchi හයිටි නැගෙනහිර ආසියාව චීන ජපන් කොරියානු මොන්ගෝලියානු උයිගර් හ්මොන්ග් ගිනිකොනදිග ආසියාව මැලේසියානු බුරුමය චින් නේපාලය සෙබුවානෝ ටගාලොග් කාම්බෝජය තායි ඉන්දුනීසියානු වියට්නාම ජාවානි ලාඕ ඉබාන් Iu Mien කචින් Lahu Aceh Balinese Bugis Pampanga Sasak Shan Waray දකුණු ආසියාව හින්දි ආඩියා අවධි මිසෝ කන්නඩ මලයාලම් මරාති ගුජරාටි දෙමළ තෙළිඟු පන්ජාබි කුරුක් අසාමාස් මයිතිලි බෙංගාලි උර්දු සිංහල ඩෝග්රි හර්යාන්වි මෙයිටෙයි කොන්කනි සන්තාලි සින්ධි කෝයා තාඩෝ සංස්කෘත දේවනාගරි Adilabad Gondi Ahirani බලුචි Bundeli Chhattisgarhi Garhwali Kangri Kumaoni Mewari Munda Sadri Seraiki Shekhawati Sylheti මධ්‍යම ආසියාව කිර්ගිස් උස්බෙක් ටජික් ටර්ක්මන් කසකස්තානය කරකල්පක් මැද පෙරදිග තුර්කි හෙබ්‍රෙව් අරාබි පර්සියානු කුර්දි පැෂ්ටෝ කොප්ටික් අප්‍රිකාව අප්‍රිකානු ෂෝසා සුලූ නෙඩෙබෙල් සොතෝ අම්හාරික් වොලෙට්ටා නයිජීරියානු මොසි ඉකා ඩින්කා කබිල් ඊව් ස්වහීලී මොරොක්කෝව සෝමාලියානු ෂෝනා මැඩගස්කරය ඉග්බෝ ලින්ගල බෝල් සිස්වතී සොන්ගා ෂ්වානා ගැම්බියන් යොරුබා කම්බා කිනියර්වන්ද හවුසා චෙවා ලුඕ මකුවා ඩියුලා ෆුල්ෆුල්ඩේ කැලෙන්ජින් කිකුයු කික්වාන්ගෝ කිරින්ඩි ක්‍රියෝ නයිජීරියානු පිඩ්ජින් ඔරොමෝ ට්ෂිලුබා ට්ෂිවෙන්ඩා ට්වි උම්බන්ඩු ලුග්බාරා ලුගුරු පුලර් ගුස්සි මසායි තුර්කානා මෝබා නුවර් ශිල්ලුක් ටමාෂේක් මාකොන්ඩේ Bemba Fon Hadiyya Ibibio Kimbundu Kimiiru Lango Liberian Kreyol Lomwe Mende Morisyen Ndau Nyankole Sena Sidamo Soga Songe Sukuma Tarifit Teso Tiv Zande Dagbani ඕස්ට්‍රේලියානු මහාද්වීපය නිව්සීලන්තය පැපුවා නිව්ගීනියාව පැරණි භාෂා ඇරමයික ලතින් එස්පෙරාන්තෝ 1 1 1 NRSV NRSVSROVSCV1 1 1 එළිදරව්ව උත්පත්තිනික්මයාමලෙවී ව්යවස්ථාවගණන් කථාවද්විතීය නීති සංග්රහයජෝෂුවීරාවලියරූත්1 සාමුවෙල්2 සාමුවෙල්1 රාජාවලියේ2 රාජාවලියේ1 වංශාවලියේ2 වංශාවලියේඑස්රානෙහෙමියාඑස්තර්ජෝබ්ගීතාවලියහිතෝපදේශධර්මදේශකයාප්රේම ගීයෙසායාජෙරමියාවිලාප ගීඑසකියෙල්ගේදානියෙල්හොසියාජෝවෙල්අාමොස්ඔබදියාජෝනාමීකානාහුම්හබක්කුක්ශෙපනියාහග්ගයිසෙකරියාමලාකි--- --- ---ශුද්ධවර මතෙව්ශුද්ධවර මාක්ශුද්ධවර ලූක්ශුද්ධවර ජොහන්ක්රියාරෝම1 කොරින්ති2 කොරින්තිගලාතිඑපීසපිලිප්පිකොලොස්සි1 තෙසලෝනික2 තෙසලෝනික1 තිමෝති2 තිමෝතිතීතස්පිලෙමොන්හෙබ්රෙව්ජාකොබ්1 පේදුරු2 පේදුරු1 ජොහන්2 ජොහන්3 ජොහන්ජූද්එළිදරව්ව1 1 1 1 123456789101112131415161718192021221 1 1 : 1 12345678910111213141516171819201 1 1 Sinhala Bible NRSV එළිදරව්ව 1 සටහන් සුරකින්න 1දෙවියන් වහන්සේ, ජේසුස් ක්‍රිස්තුන් වහන්සේට දැක්වූ එළිදරව්ව මේ ය. එය උන් වහන්සේට දෙන ලද්දේ ඉක්මනින් සිදු වන්නට තිබෙන දේවල් ස්වකීය සේවකයන්ට පෙන්වන පිණිස ය. ක්‍රිස්තුන් වහන්සේ ස්වකීය දූතයා එවමින් ඒ දේවල් තමන් සේවක ජොහන් හට දැන්වූ සේක.2ජොහන් ද දෙවියන් වහන්සේගේ පණිවුඩය ගැනත්, ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ සාක්ෂිය ගැනත්, එනම්, තමන් දුටු සියල්ල ගැන සාක්ෂි දුන්නේ ය.3මේ දිවැසි වාක්‍යය කියවන්නා ද, එහි වචනවලට සවන් දී ඒවා පිළිපදින්නෝ ද භාග්‍යවන්තයෝ ය. මන්ද, නියමිත කාලය ආසන්න ය.4ආසියාවේ සභා සතට මෙය ලියා එවන්නේ ජොහන් නම් මම ය. වැඩ සිටින, වැඩ සිටිය, මතු වඩින දෙවියන් වහන්සේගෙන් ද, උන් වහන්සේගේ සිහසුන ඉදිරියෙහි සිටින ආත්මයන් සත් දෙනාගෙන් ද, විශ්වාසවන්ත සාක්ෂිකරුත්5මළවුන්ගෙන් උත්ථාන වූ කුලුඳුලාත්, මිහි පිට රජුන්ගේ අධිපතියාත් වන, ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගෙන් ද, ඔබට කරුණාව හා ශාන්තිය වේ වා! උන් වහන්සේ අපට ප්‍රේම කරන සේක; සිය යාගික රුධිරයෙන් අප පවින් මිදූ සේක.6තම පියාණන් වන දෙවියන් වහන්සේට සේවය කරන පිණිස උන් වහන්සේ අප රාජකීය පූජක වංශයක් කළ සේක. ඒ තැනැන් වහන්සේට, මහිමය ද බලපරාක්‍රමය ද සදහට ම වේ වා! ආමෙන්.7බලන්න, උන් වහන්සේ වලාකුළු පිරිවරා වඩින සේක. සියල්ලෝ උන් වහන්සේ දකින්නෝ ය. කුරුසියේ ඇණ ගැසූ අය ද උන් වහන්සේ දකින්නෝ ය. මිහි පිට සියලු ජාතීහු උන් වහන්සේ නිසා වැලපෙන්නෝ ය. එය සැබෑ ම ය. ආමෙන්.8“ආරම්භය ද අවසානය ද මම වෙමි”යි වැඩ සිටින, වැඩ සිටිය, මතු වඩින සර්ව පරාක්‍රම ස්වාමීන් වන දෙවියන් වහන්සේ වදාරන සේක.9ඔබගේ සහෝදරයා වන, ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ දුක් පීඩාවල ද, උන් වහන්සේගේ රාජ්‍යයේ ද, ඔබේ ඉවසිල්ලේ ද පංගුකාරයා වන, ජොහන් නම් මම, පැට්මොස් නම් දිවයිනෙහි සිටියෙමි. මා එහි සිටියේ දෙවියන් වහන්සේගේ පණිවුඩය දේශනා කිරීම නිසාත්, ජේසුස් වහන්සේ ගැන සාක්ෂි දීම නිසාත් ය.10සමිඳාණන් වහන්සේගේ දවසේ දී මම ආත්මයාණන් වහන්සේ තුළ සිටියෙමි. එවිට හොරණෑ හඬක් වැනි මහත් ශබ්දයක් මා පිටුපසින් ඇසිණි.11“ඔබ දකින දර්ශන පොතක ලියා, එපීසය, ස්මර්ණය, පෙර්ගමම්, තියාතිරා, සර්දිස්, පිලදෙල්පියාව, ලවෝදීසය යන මේ සභා සතට යවන්නැ”යි ඒ හඬ පැවසී ය.12එකල මට කතා කළ ඒ ශබ්දය කිමෙක් දැ යි බලන පිණිස මම හැරුණෙමි. එසේ හැරුණු කල, රන් පහන් රුක් සතක් ද,13ඒ පහන් රුක් මැද, පාද දක්වා වස්ත්‍රයක් හැඳ, ළය රන් පටියක් බැඳගෙන සිටි, මනුෂ්‍ය පුත්‍රයෙකු වැනි තැනැත්තෙකු ද දිටිමි.14උන් වහන්සේගේ හිස ද හිසකෙස් ද ලෝම මෙන් ද හිම මෙන් ද සුදෝසුදු ය; ඇස් ගිනි දැල්ලක් හා සමාන ය;15පාද උදුනක ගිනියම් කළ දිළිසෙන ලෝකඩ වැනි ය; උන් වහන්සේගේ කටහඬ සමුද්‍ර ඝෝෂයක් හා සමාන ය;16දකුණතෙහි තාරකා සතක් විය; උන් වහන්සේගේ මුඛයෙන් දෙමුවහත් තියුණු කඩුවක් නික්මිණි. උන් වහන්සේගේ මුහුණ මද්දහනේ හිරු මෙන් දීප්තිමත් ව බැබළිණි.17උන් වහන්සේ දුටු කල, මම මළ තැනැත්තෙකු මෙන් උන් වහන්සේ පාමුල වැටුණෙමි. උන් වහන්සේ සිය දකුණත මා පිට තබා මෙසේ වදාළ සේක: “බිය නොවන්න. මම පළමුවැන්නා සහ අන්තිමයා ය,18ජීවමාන තැනැත්තා ය. මම මැරුණෙමි; එහෙත් බලන්න, මම සදහට ම ජීවත් ව සිටිමි. මරණයේ ද පාතාල ලෝකයේ ද යතුරු මට ඇත.19එබැවින් ඔබ දුටු දේ ද දැන් තිබෙන දේ ද මතු සිදු වන්නට යන දේ ද වන ඔබ දකින මේ දේවල් ගැන ලියන්න.20මාගේ දකුණතෙහි ඔබ දුටු තාරකා සතෙහි ද රන් පහන් රුක් සතෙහි ද ගුප්තාර්ථය මේ ය; තාරකා සත නම් සභා සතේ දූතයෝ ය; පහන් රුක් සත නම් සභා සත ය.Sinhala Bible NRSV Ceylon Bible Society Sinhala Bible NRSV එළිදරව්ව 1 00:00:00 00:00:00 0.5x 2.0x https://beblia.bible:81/BibleAudio/sinhalanrsv/revelation/001.mp3 22 1