අවුරුද්දකින් බයිබලය ජුලි 20එස්රා 1:1-111. පර්සියාවේ රජ වූ සයිරස්ගේ පළමු වන අවුරුද්දේ දී, සමිඳාණන් වහන්සේ ජෙරමියා මඟින් ප්‍රකාශ කළ වචනය ඉටු වන පිණිස, උන් වහන්සේ පර්සියාවේ රජ වූ සයිරස්ගේ සිත උද්යෝගවත් කළ සේක. ඔහු තමාගේ රාජ්‍යයේ සතර දිග් භාගයෙහි ප්‍රසිද්ධියේ කියවන පිණිස ප්රකාශනයක් නිකුත් කෙළේ ය.2. එය මෙසේ ය: “පර්සියාවේ රජු වන සයිරස් තෙමේ මෙසේ කියයි: ‘ස්වර්ගයේ දෙවි සමිඳාණන් වහන්සේ පොළෝ තලයෙහි සියලු රාජ්‍යයන් මට දී තිබේ. තවද, උන් වහන්සේ ජුදාහි ඇති ජෙරුසලම් නගරයෙහි උන් වහන්සේට මාලිගාවක් ගොඩනඟන්නට මට අණ කර තිබේ.3. උන් වහන්සේගේ මුළු සෙනඟගෙන් ඔබ අතරේ සිටින කවර මිනිසකේ හෝ වේවා, දෙවි සමිඳාණන් වහන්සේ ඔහු සමඟ වැඩ සිටින සේක් වා! ඔහු ජුදාහි ඇති ජෙරුසලමෙහි සිටින ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේගේ මාලිගාව ගොඩනඟන්නට ජෙරුසලමට යා යුතු ය. උන් වහන්සේ වූ කලී, ජෙරුසලමේ වැඩ සිටින දෙවියන් වහන්සේ ය.4. යම් ජුදෙව්වෙක් ඉතිරි ව යම් තැනක සිටී ද, ඒ ස්ථානයේ සිටින මනුෂ්‍යයෝ ජෙරුසලමේ තිබෙන දෙවියන් වහන්සේගේ මාලිගාව උදෙසා සිය කැමැත්තෙන් දෙන පඬුර හැර, රන් රිදී ද බඩුබාහිරාදිය හා ගවමහිෂයන් ද දෙමින් ඔහුට උපකාර කරත් වා!’ ”5. ජෙරුසලමෙහි සමිඳාණන් වහන්සේගේ මාලිගාව ගොඩනඟන පිණිස, දෙවියන් වහන්සේ විසින් සිත් උද්යෝගවත් කරවන ලද සියලු දෙනා ම එනම්, ජුදාවරුන්ගේත්, බෙන්ජමින්වරුන්ගේත් පිය වංශවල ප්‍රධානීහු ද පූජකයෝ ද ලෙවීවරු ද එහි යන්නට සූදානම් වූ හ.6. ඔවුන් අවට සිටි සියල්ලෝ ද සිය කැමැත්තෙන් දුන් නා නා විධ පඬුරුවලට අමතර ව රිදී භාණ්ඩ ද රන් ද බඩුබාහිරාදිය ද ගවමහිෂයන් ද අනර්ඝ දේවල් ද යන මේවායින් ඔවුන්ට උපකාර කළහ.7. තවද, සයිරස් රජු නෙබුකද්නෙශර් රජු ජෙරුසලමෙන් ගෙනවුත්, තමාගේ දේවාලයේ තැබූ සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ භාණ්ඩ පිටතට ගෙනාවේ ය.8. පර්සියාවේ රජ වූ සයිරස් ඒවා භාණ්ඩාගාරික වූ මිත්රෙදාත්ට භාර දුන්නේ ය. ඔහු ද ඒවා ජුදාහි අධිපති ෂෙෂ්බශර්ට ගණන් කර දුන්නේ ය.9. බඩු ලැයිස්තුව මෙසේ ය: රන් තලි තිහකි, රිදී තලි දහසකි, විවිධ බඳුන් විසිනවයකි;10. රන් ධූම පාත්‍ර තිහකි, දෙ වන තරමේ රිදී පාත්‍ර හාරසිය දහයකි, වෙනත් භාණ්ඩ දහසකි;11. රන් රිදී සියලු භාණ්ඩවල ගණන පන්දාස් හාරසියයකි. විප්‍රවාසගත ව සිටි අය බබිලෝනියෙන් ජෙරුසලමට ආපසු පැමිණි විට ෂෙෂ්බශර් විසින් මේ සියල්ල ගෙනෙන ලද්දේ ය.එස්රා 2:1-701. බබිලෝනියේ රජු වූ නෙබුකද්නෙශර් විසින් අල්ලාගනු ලැබ, බබිලෝනියට ගෙන යන ලද්දවුන්ගෙන් විප්‍රවාසයෙන් මිදී, ආපසු පැමිණි දේශවාසීහු ජෙරුසලමේ හා ජුදාවේ තම තමන්ගේ නගරවලට පෙරළා පැමිණියහ. ඔවුන්ගේ නම් මෙසේ ය:2. ඔවුන් පැමිණියේ, සෙරුබ්බාබෙල් ද ජේෂුවා ද නෙහෙමියා ද සෙරායා ද රේලායා ද මොර්දෙකයි ද බිල්ෂාන් ද මිශ්පාර් ද බිග්වායි ද රෙහුම් ද බානා ද සමඟ ය. ඉශ්රායෙල් ජනයා අතර වූ පිරිමින්ගේ ගණන මෙසේ ය:3. පරොෂ්ගේ පුත්‍රයෝ දෙදාස් එකසිය හැත්තෑදෙදෙනෙක් ය.4. ෂෙපටියාගේ පුත්‍රයෝ තුන්සිය හැත්තෑදෙදෙනෙක් ය.5. ආරාන්ගේ පුත්‍රයෝ හත්සිය හැත්තෑපස්දෙනෙක් ය.6. පාහත්-මෝවබ්ගේ පුත්‍රයන් වූ ජේෂුවාගේ ද ජෝවාබ්ගේ ද පුත්‍රයෝ දෙදාස් අටසිය දොළොස්දෙනෙක් ය.7. ඒලාම්ගේ පුත්‍රයෝ එක්දාස් දෙසිය පණස්හතරදෙනෙක් ය.8. ශට්ටුගේ පුත්‍රයෝ නවසිය හතළිස්පස්දෙනෙක් ය.9. ශක්කායිගේ පුත්‍රයෝ හත්සිය හැටදෙනෙක් ය.10. බානීගේ පුත්‍රයෝ හයසිය හතළිස්දෙදෙනෙක් ය.11. බෙබායිගේ පුත්‍රයෝ හයසිය විසිතුන්දෙනෙක් ය.12. අශ්ගාද්ගේ පුත්‍රයෝ එක්දාස් දෙසිය විසිදෙදෙනෙක් ය.13. අදොනිකාම්ගේ පුත්‍රයෝ හයසිය හැටහයදෙනෙක් ය.14. බිග්වායිගේ පුත්‍රයෝ දෙදාස් පණස්හයදෙනෙක් ය.15. ආදීන්ගේ පුත්‍රයෝ හාරසිය පණස්හතරදෙනෙක් ය.16. හෙසකියාගෙන් වූ ආටෙර්ගේ පුත්‍රයෝ අනූඅටදෙනෙක් ය.17. බේශායිගේ පුත්‍රයෝ තුන්සිය විසිතුන්දෙනෙක් ය.18. ජෝරාගේ පුත්‍රයෝ එකසිය දොළොස්දෙනෙක් ය.19. හාෂුම්ගේ පුත්‍රයෝ දෙසිය විසිතුන්දෙනෙක් ය.20. ගිබ්බාර්හි පුත්‍රයෝ අනූපස්දෙනෙක් ය.21. බෙත්ලෙහෙමේ පුත්‍රයෝ එකසිය විසිතුන්දෙනෙක් ය.22. නෙටොපාහි මනුෂ්‍යයෝ පණස්හයදෙනෙක් ය.23. අනාතෝත්හි මනුෂ්‍යයෝ එකසිය විසිඅටදෙනෙක් ය.24. අශ්මාවෙත්හි පුත්‍රයෝ හතළිස්දෙදෙනෙක් ය.25. කිරියත්-ආරිමෙත්, කෙපිරායෙත් බෙයේරොතෙත් පුත්‍රයෝ හත්සිය හතළිස්තුන්දෙනෙක් ය.26. රාමාහිත්, ගෙබාහිත් පුත්‍රයෝ හයසිය විසිඑක්දෙනෙක් ය.27. මික්මාස්හි මනුෂ්‍යයෝ එකසිය විසිදෙදෙනෙක් ය.28. බෙතෙල්හි ද ආයිහි ද මනුෂ්‍යයෝ දෙසිය විසිතුන්දෙනෙක් ය.29. නෙබෝහි පුත්‍රයෝ පණස්දෙදෙනෙක් ය.30. මග්බිෂ්හි පුත්‍රයෝ එකසිය පණස්හයදෙනෙක් ය.31. අනික් ඒලාම්හි පුත්‍රයෝ එක්දාස් දෙසිය පණස්හතරදෙනෙක් ය.32. හාරීම්හි පුත්‍රයෝ තුන්සිය විසිදෙනෙක් ය.33. ලොද්හි ද හාදීද්හි ද ඕනෝහි ද පුත්‍රයෝ හත්සිය විසිපස්දෙනෙක් ය.34. ජෙරිකෝවේ පුත්‍රයෝ තුන්සිය හතළිස්පස්දෙනෙක් ය.35. සෙනායාහි පුත්‍රයෝ තුන්දාස් හයසිය තිස්දෙනෙක් ය.36. පූජකයෝ නම්: ජේෂුවාගේ වංශයේ ජෙදායාගේ පුත්‍රයෝ නවසිය හැත්තෑතුන්දෙනෙක් ය.37. ඉම්මෙර්ගේ පුත්‍රයෝ එක්දාස් පණස්දෙදෙනෙක් ය.38. පෂ්හුර්ගේ පුත්‍රයෝ එක්දාස් දෙසිය හතළිස්හත්දෙනෙක් ය.39. හාරීම්ගේ පුත්‍රයෝ එක්දාස් දහහත්දෙනෙක් ය.40. ලෙවීවරු නම්: හෝදවියාගේ පුත්‍රයන්ගෙන් වූ ජේෂුවාගේ ද කද්මියෙල්ගේ ද පුත්‍රයෝ හැත්තෑහතරදෙනෙක් ය.41. ගීතිකාකාරයන් වූ ආසාප්ගේ පුත්‍රයෝ එකසිය විසිඅටදෙනෙක් ය.42. දොරටු පාලකයන්ගේ පුත්‍රයෝ එනම්: ෂල්ලුම්ගේ පුත්‍රයෝ ද ආටෙර්ගේ පුත්‍රයෝ ද ටල්මොන්ගේ පුත්‍රයෝ ද අක්කුබ්ගේ පුත්‍රයෝ ද හටිටාගේ පුත්‍රයෝ ද ෂෝබයිගේ පුත්‍රයෝ ද යන සියල්ලෝ එකසිය තිස්නවදෙනෙක් ය.43. දේව මාලිගාවේ සේවකයන් වන නෙතිනීම්වරු නම්: ශීහාගේ පුත්‍රයෝ ය; හසුපාගේ පුත්‍රයෝ ය; ටබ්බාවොත්ගේ පුත්‍රයෝ ය;44. කේරොස්ගේ පුත්‍රයෝ ය; සියාගේ පුත්‍රයෝ ය; පාදොන්ගේ පුත්‍රයෝ ය;45. ලෙබානාගේ පුත්‍රයෝ ය; හගාබාගේ පුත්‍රයෝ ය; අක්කුබ්ගේ පුත්‍රයෝ ය;46. හාගාබ්ගේ පුත්‍රයෝ ය; ෂම්ලායිගේ පුත්‍රයෝ ය; හානාන්ගේ පුත්‍රයෝ ය;47. ගිද්දෙල්ගේ පුත්‍රයෝ ය; ගහර්ගේ පුත්‍රයෝ ය; රෙයායාගේ පුත්‍රයෝ ය;48. රෙශීන්ගේ පුත්‍රයෝ ය; නෙකෝදාගේ පුත්‍රයෝ ය; ගස්සාම්ගේ පුත්‍රයෝ ය;49. උශ්ශාගේ පුත්‍රයෝ ය; පාසේයාගේ පුත්‍රයෝ ය; බේසයිගේ පුත්‍රයෝ ය;50. අස්නාගේ පුත්‍රයෝ ය; මෙයුනීම්ගේ පුත්‍රයෝ ය; නෙපීසිම්ගේ පුත්‍රයෝ ය;51. බක්බුක්ගේ පුත්‍රයෝ ය; හකුපාගේ පුත්‍රයෝ ය; හර්හුර්ගේ පුත්‍රයෝ ය;52. බශ්ලුත්ගේ පුත්‍රයෝ ය; මෙහිදාගේ පුත්‍රයෝ ය; හර්ෂාගේ පුත්‍රයෝ ය;53. බර්කොස්ගේ පුත්‍රයෝ ය; සීසෙරාගේ පුත්‍රයෝ ය; තෙමාගේ පුත්‍රයෝ ය;54. නෙශියාගේ පුත්‍රයෝ ය; හටිපාගේ පුත්‍රයෝ ය;55. සලමොන්ගේ සේවකයන්ගේ පුත්‍රයෝ නම්: සෝටයිගේ පුත්‍රයෝ ය; හස්සොපෙරෙත්ගේ පුත්‍රයෝ ය; පෙරුදාගේ පුත්‍රයෝ ය;56. ජයලාගේ පුත්‍රයෝ ය; දර්කොන්ගේ පුත්‍රයෝ ය; ගිද්දෙල්ගේ පුත්‍රයෝ ය;57. ෂෙපටියාගේ පුත්‍රයෝ ය; හට්ටිල්ගේ පුත්‍රයෝ ය; පොකෙරෙත්-හශ්ශෙබායිම්ගේ පුත්‍රයෝ ය; ආමීගේ පුත්‍රයෝ ය.58. දේව මාලිගාවේ සේවකයෝ ද සලමොන්ගේ සේවකයන්ගේ පුත්‍රයෝ ද යන සියල්ලෝ තුන්සිය අනූදෙදෙනෙක් ය.59. තේල්-මෙලා, තේල්-හර්ෂා, කෙරුබ්, අද්දාන්, ඉම්මෙර් යන ස්ථානවල සිට ආවා වූ, තමන් ඉශ්රායෙල්වරුන් බවට තම තමන්ගේ පෙළපතත්, වංශයත් පෙන්වන්නට බැරි වුණා වූ අය නම්:60. දෙලායාගේ පුත්‍රයෝ ද ටෝබියාගේ පුත්‍රයෝ ද නොකෝදාගේ පුත්‍රයෝ ද යන මොවුහු හයසිය පණස්දෙදෙනෙක් ය.61. පූජකයන්ගේ පුත්‍රයන්ගෙන් හබායාගේ පුත්‍රයෝත්, හක්කොශ්ගේ පුත්‍රයෝත්, ගිලියදීය බර්ශල්ලයිගේ දූවරුන්ගෙන් භාර්යාවක පාවාගෙන ඔවුන්ගේ නාමය ලැබූ බර්සිල්ලයිගේ පුත්‍රයෝත් ය.62. පෙළපත් වශයෙන් ගණන් ගන්නා ලද ලේඛනයෙහි ඔවුන්ගේ නම් සෙවූ නමුත්, හමුනොවූ බැවින්, මොවුහු අපවිත්‍ර යයි සලකනු ලැබ, පූජක තනතුරෙන් ඉවත් කරනු ලැබුවෝ ය.63. ඌරීම් සහ තුම්මිම් දරන පූජකයෙකු නැඟිටින තුරු, අතිශුද්ධ දේවලින් නොකන හැටියට ආණ්ඩුකාරයා ඔවුන්ට අණ කෙළේ ය.64. මුළු සභාවේ ගණන හතළිස් දෙදාස් තුන්සිය හැටක් ය.65. ඒ හැර ඔවුන්ගේ දාසදාසීහු හත්දාස් තුන්සිය තිස්හත්දෙනෙක් ද සිටියෝ ය. ඔවුන් අතරේ ගායක ගායිකාවෝ දෙසියයක් සිටියෝ ය.66. ඔවුන්ගේ අශ්වයෝ හත්සිය තිස්හයදෙනෙක් ය; ඔවුන්ගේ අශ්වතරයෝ දෙසිය හතළිස්පස්දෙනෙක් ය;67. ඔවුන්ගේ ඔටුවෝ හාරසිය තිස්පස්දෙනෙක් ය; කොටළුවෝ හයදාස් හත්සිය විසිදෙනෙක් ය.68. තවද, ඒ ඒ වංශවල ප්‍රධානීන්ගෙන් සමහරු ජෙරුසලමෙහි තිබෙන සමිඳාණන් වහන්සේගේ මාලිගාවට පැමිණි කල්හි, දෙවියන් වහන්සේගේ මාලිගාව ස්වකීය ස්ථානයෙහි ගොඩනඟන පිණිස සිය කැමැත්තෙන් දුන් පඬුරු ඔප්පු කළහ.69. ඔව්හු තමන්ගේ පුළුවන්කමේ හැටියට රන් කිලෝග්‍රෑම් පන්සියයක් ද රිදී කිලෝග්‍රෑම් දෙදහස් අටසියයක් ද පූජකවස්ත්‍ර සියයක් ද කර්මාන්ත සඳහා ගබඩාවට දුන්නෝ ය.70. මෙසේ පූජකයෝ ද ලෙවීවරු ද සෙනඟගෙන් සමහරු ද ගායකයෝ ද දොරටු පාලකයෝ ද මාලිගාවේ සේවකයෝ ද ස්වකීය නගරවල විසූ හ. සියලු ඉශ්රායෙල්වරු ද ස්වකීය නගරවල විසූ හ.ගීතාවලිය 86:6-106. සමිඳුනි, මාගේ අයැදුමට සවන් දුන මැනව. පිහිට පතමින් මා කරන අයැදුමට කන් දුන මැනව.7. විපත් කාලයේ දී මම ඔබට හඬගසන්නෙමි. ඔබ මට පිළිතුරු දෙන සේක.8. අහෝ සමිඳුනි! දෙවිවරුන් අතර ඔබට සමාන අන් කෙනෙක් නැත්තේ ය. ඔබේ ක්‍රියාවන්ට සම කළ හැකි අන් ක්‍රියා ද නැත්තේ ය.9. මාගේ සමිඳුනි, ඔබ මැවූ සියලු ජාතීහු ඔබ වෙත පැමිණ ඔබට නමදින්නෝ ය. ඔව්හු ඔබේ නාමය පසසමින් ඔබට ගරු කරන්නෝ ය. 10. ඔබ බලසම්පන්න ය, අරුමපුදුම දේ කරන සේක. ඔබ පමණක් දෙවිඳාණෝ ය.හිතෝපදේශ 21:15-1615. යුක්තිය ඉටු වන විට සුදනන්ට සතුට ද දුදනන්ට විපත ද පැමිණේ.16. ප්‍රඥා මාවතෙන් මුළා ව යන මිනිසා මළවුන්ගේ ලෝකයෙහි වසයි.ක්‍රියා 21:18-4018. පසුවදා පාවුලු අප සමඟ ජාකොබ් හමු වීමට ගියේ ය. සභා මූලිකයෝ සියලු දෙනා ම එහි සිටියහ.19. ඔහු ඔවුන්ට ආචාර කොට, තමාගේ සේවය මඟින් දෙවියන් වහන්සේ විජාතීන් අතර සිදු කළ දේ ගැන සවිස්තර වාර්තාවක් ඉදිරිපත් කෙළේ ය.20. ඔව්හු ඒ අසා දෙවියන් වහන්සේට ප්‍රශංසා කළහ. තවද ඔව්හු ඔහුට කතා කොට, “සහෝදරය, ජුදෙව්වරුන් අතර, අදහාගත්තවුන් කොපමණ දහස් ගණනක් ඇද්දැ යි ඔබ දන්නෙහි ය. ඔව්හු සියල්ලෝ ම ව්‍යවස්ථාවලිය ගැන දැඩි භක්තියක් දක්වන අය වෙති.21. තමන්ගේ දරුවන් චර්මඡේදනය නොකරන්නටත්, ජුදෙව් වත්පිළිවෙත් නොපවත්වන්නටත් උගන්වමින් මෝසෙස්ට පිටුපා යන්නට විජාතීන් අතර සිටින ජුදෙව්වරුන්ට ඔබ උපෙදස් දෙන බව ඔවුන්ට සැළ වී තිබේ.22. දැන් ඉතින් කළ යුතු දේ කුමක් ද? ඔබ මෙහි ඇවිත් සිටින බව ඔවුන් නිසැකව ම දැනගනු ඇත.23. එබැවින් අප කියන දේ කරන්න. අප අතර බාරයක් වූ මනුෂ්‍යයෝ සතර දෙනෙක් සිටිති.24. ඔබ ද ඔවුන් හා එකතු වී පවිත්‍ර වීමේ පිළිවෙත පවත්වන්න. ඔවුන්ගේ හිස් මුඩු කිරීම සඳහා යන වියහියදම් ඔබ ම දරන්න. එසේ කළ විට ඔබ ගැන ඔවුනට සැළ වූ කාරණාවලින් එකක් වත් සැබෑ නොවන බවත්, ඔබ ව්‍යවස්ථාවලිය අනුව ජීවත් වන බවත් සියල්ලන් ම දැනගනු ඇත.25. එහෙත් ඇදහිල්ල පිළිගත් විජාතීන් ගැන නම්, ඔවුන් රූපවලට පුදන ලද දෙයින් ද ලෙයින් ද බොටුව මිරිකා මැරූ සතුන්ගේ මස් කෑමෙන් ද වේශ්‍යාකමින් ද වැළකී සිටින ලෙස අපි ම තීරණය කර ඔවුන්ට ලියා හැරියෙමු”යි කී හ.26. පසුවදා පාවුලු ඒ මනුෂ්‍යයන් හා එක් වී, ඔවුන් හා සමඟ පවිත්‍ර වීමේ පිළිවෙත පැවැත්විය. ඉන්පසු පාවුලු පවිත්‍ර වීම අවසාන වන කාලය ද ඔවුන් එකිනෙකා උදෙසා ඔප්පු කළ යුතු පූජාව ද දැනුම් දෙන පිණිස දේව මාලිගාවට ඇතුළු විය.27. ඒ දවස් සත සම්පූර්ණ වෙත් ම, ආසියාවෙන් පැමිණි ජුදෙව්වරු දේව මාලිගාවේ දී පාවුලු දැක, මුළු ජනකාය කළඹා, ඔහු අල්ලා ගෙන,28. “ඉශ්රායෙල් ජනයෙනි, උදව් දෙන්න. අපේ ජනතාවටත්, අපේ ව්‍යවස්ථාවලියටත්, මේ ස්ථානයටත් විරෝධී ව හැම තැන ම, හැම අයට ම උගන්වන මිනිසා මොහු ය. ඒ විතරක් නොවේ, මොහු ග්‍රීකයන් ද දේව මාලිගාවට කැඳවා ගෙන අවුත් මේ ශුද්ධස්ථානය කෙලෙසා ඇතැ”යි මොරගසා කී හ.29. ඔවුන් මෙසේ කීවේ එපීසයෙකු වූ ත්‍රොපිමස් ඔහු සමඟ නුවර සිටිනු ඔවුන් කලින් දැක තිබුණු නිසා, පාවුලු ඔහු දේව මාලිගාවට කැඳවා ගෙන යන්නට ඇතැ යි සිතූ බැවිනි.30. එවිට මුළු නුවර කැළඹිණි; ජනකාය එකාවන් ව දිව අවුත්, පාවුලු අල්ලා ගෙන දේව මාලිගාවෙන් පිටතට ඇදදැමූ හ. එකෙණෙහි ම දොරවල් වසා දමන ලදී.31. ඔවුන් ඔහු මරන්නට අදහස් කරගෙන සිටින අතර මුළු ජෙරුසලම කැලඹී ඇතැ යි සේනාධිපතියාට දන්වන ලදී.32. ඔහු එකෙණෙහි ම හේවායන් ද ශතාධිපතියන් ද කැඳවා ගෙන ඔවුන් වෙතට දිවී ය. ඔව්හු සේනාධිපතියා හා හේවායන් දැක, පාවුලුට තැළීම නතර කළහ.33. එවිට සේනාධිපතියා ළං වී ඔහු අල්ලා, දම්වැල් දෙකකින් බඳින්නට අණ කොට, “මොහු කවරෙක් ද? කුමක් කෙළේ දැ”යි විචාළේ ය.34. එවිට සමූහයා අතර සමහරෙක් එකක් ද තවත් සමහරෙක් අනෙකක් ද මොරගසා කී හ. මේ කෝලාහලය නිසා ඇත්ත නැත්ත දැනගන්නට ඔහුට බැරි වූයෙන්, පාවුලු බලකොටුවට ගෙන යන්නට ඔහු අණ කෙළේ ය.35. පාවුලු එහි තිබුණු පඩි පෙළ උඩට පැමිණි කල, සමූහයාගේ බලහත්කාරකම නිසා හේවායන්ට ඔහු උසුලා ගෙන යන්නට සිදු විය.36. මන්ද, “මොහු මරාදමන්නැ”යි මොරගසමින් ජනකාය ඔවුන් පස්සෙන් ගියහ.37. පාවුලු බලකොටුව ඇතුළට ගෙනයනු ලබද්දී, “ඔබට වචනයක් කීමට අවසර ඇද්දැ”යි ඔහු සේනාධිපතියාගෙන් ඇසී ය. එවිට සේනාධිපතියා “ඔබ ග්‍රීක් භාෂාව දන්නෙහි ද?38. එසේ නම් මෑත දී කැරැල්ලක් ඇති කර, ත්රස්තවාදීන් සාරදහසක් වනයට ගෙන ගිය මිසර ජාතිකයා ඔබ නොවේ දැ”යි ඇසී ය.39. එහෙත් පාවුලු පිළිතුරු දෙමින්, “මම නම් සත්කීර්තිමත් නුවරක් වන සිලිසියාවේ තාර්සස්හි ජුදෙව්වෙක්මි. සෙනඟ අමතා කතා කිරීමට අවසර දෙන ලෙස ඔබගෙන් ඉල්ලමි”යි කී ය.40. ඔහු අවසර දුන් කල, පාවුලු පඩි පෙළ මත්තේ සිට සෙනඟට අතින් සංඥා කෙළේ ය. මහා නිශ්ශබ්දතාවයක් ඇති විය. ඔහු හෙබ්‍රෙව් භාෂාවෙන් ඔවුන් අමතා, Sinhala Bible NRSV Ceylon Bible Society