අවුරුද්දකින් බයිබලය අගෝස්තු 10ජෝබ් 11:1-201. එවිට නයමාතීය ශෝපර් පිළිතුරු දෙමින් මෙසේ කී ය:2. “මේ වාග් ප්රවාහයට පිළිතුරක් දිය යුතු නොවේ ද? කෙනෙකු බොහෝ කතා කරන පළියට ඔහු වරදින් නිදහස් ද?3. සීමාවක් නැති ඔබේ ප්‍රලාපවලින් අප නිහඬ කිරීමට ඔබ සිතන්නෙහි ද? ඔබ අනන්මනන් දොඩන විට යමෙකු ඔබට දොස් නොනඟා සිටිනු ඇද් ද?4. ඔබ පවසන දෙය ඇත්ත යයි ඔබ සිතන්නෙහි ය. ‘දෙවිඳුනි, ඔබ අබිමුව මම නිදොස් යැ’යි ඔබ කියන්නෙහි ය.5. දෙවියන් වහන්සේ සිය මුව විදහා ඔබට කතා කරන සේක් නම්, මම කොතරම් කැමැති ද?6. එවිට එතුමාණන් තමන් ප්‍රඥාව නන් වැදෑරුම් බවත්, මිනිස් මනසින් දත නොහැකි ගැඹුරු දේ තිබෙන බවත් ඔබට පෙන්වනු ඇත. දෙවියන් වහන්සේ ඔබට දී ඇත්තේ දිය යුතු දඬුවමට අඩුවෙන් බව දැනගන්න.7. ඔබට දෙවිඳුන්ගේ අබිරහසේ ගැඹුර දැකිය හැකි ද? සව් බලැති එතුමන්ගේ සම්පූර්ණත්වය දැක ගත හැකි ද?8. එය අහසටත් වඩා උස ය; ඔබට කළ හැකි කිසිවක් ඇද් ද? එය පාතාල ලෝකයට වඩා ගැඹුරු ය; ඔබට දැනගත හැකි කිසිවක් ඇද් ද?9. එය මහ පොළොවට වඩා විශාල ය. මුහුදට වඩා පළල ය.10. එතුමාණන් අවුත් ඔබ හිරබාරයට ගෙන නඩු ආසනය වෙත ගෙන ගියොත්, එය වැළැක්විය හැකි කාට ද?11. එතුමාණෝ හොර බොරු කරන අය මැනවින් දන්න සේක. ඔවුන්ගේ නපුරු ක්‍රියා දුටු විට එතුමන්ට නොසලකා සිටිය හැකි ද?12. මොළේ නැති කෙනෙකුට නැණවත් විය හැකි ද? වල් බූරු පැටියෙකු හීලෑ කළ හැකි ද?13. ඔබේ සිත හරි මඟ යවන්න; දොහොත් මුදුන් දී දෙවිඳුන් වෙත හැරෙන්න.14. ඔබ අත වරද තිබේ නම්, එය ඉවත ලන්න; ඔබේ නිවෙසෙහි අයුක්තියට ඉඩ නොදෙන්න.15. එවිට ඔබට නිදොස් ව, හිස ඔසවා සිටිය හැකි ය. බිය සැක නැති ව සුරක්ෂිත ව විසිය හැකි ය.16. ඔබේ දුක් ගැනවිලි, බැස ගිය ගංවතුරක් මෙන් ඔබට අමතක වනු ඇත.17. ඔබේ ජීවිතය මද්දහනේ හිරුට වඩා දීප්තිමත් වනු ඇත. ඔබේ ගන’ඳුර හිරු උදාවට හැරෙනු ඇත.18. බලාපොරොත්තු ඇති බැවින් ඔබට ආත්ම විශ්වාසය ඇත; ඔබ සිත් සතොසින් සුරක්ෂිත ව සැතපෙනු ඇත.19. ඔබ කිසිවෙකුගෙන් බියක් නැති ව සුව සේ නිදනු ඇත. බොහෝ දෙනෙකු ඔබෙන් කරුණාව සොයා එනු ඇත.20. එහෙත්, දුදනන්ගේ ඇස් නොපෙනී යයි; ගැළවීමේ මඟක් ඔවුන්ට නැත. ඔවුන්ට ඇති එක ම පැතුම මරණය වේ.”ජෝබ් 12:1-251. ඊට පිළිතුරු වශයෙන් ජෝබ් මෙසේ කී ය:2. “ඔබයි, පණ්ඩිතවරු! ඔබ මියයන දා ප්‍රඥාවත් මිය යනු ඇත!3. මටත් ඔබට මෙන් ම මොළේ නැද් ද? මම ඔබට දෙ වැනි නොවෙමි. ඔය කී දේවල් නොදන්නෝ කවුරු ද?4. මම දෙවිඳුන් අයැද උත්තර ලත් මිනිසෙක්මි; එහෙත්, මාගේ මිතුරන් හට දැන් මම විහිළුවක් වී සිටිමි. අනේ! දැහැමි, අවංක මිනිසා විහිළුවක් වන හැටි!5. සැප ඇති අය අසරණයන් සුළු කර සිතති; වැටෙන්න යන අයට පහර දී බිම හෙළති.6. කොල්ලකාරයන්ගේ නිවෙසට සාමය උදා වෙයි; දෙවිඳුන් කෝප කරන අය යහතින් වසති. ඔවුන්ගේ ම ශක්තිය ඔවුන්ගේ දෙවියන් වී ඇත.7. එහෙත්, පොළොවේ සතුන්ගෙන් අසන්න; උන් ඔබට උගන්වනු ඇත. අහසේ සියොතුන්ගෙන් අසන්න; උන් ඔබට දන්වනු ඇත.8. පොළොවේ බඩ ගා යන සතුන් ඔබට කරුණු පහදා දෙනු ඇත. මුහුදේ මසුන් ඔබට තේරුම් කර දෙනු ඇත.9. සමිඳුන්ගේ හස්තය මේ සියල්ල කළ බව තේරුම්ගන්නෝ ඔවුන්ගෙන් කවුරු ද?10. දිවි ඇති සියලු සතුන්ගේ පණ නළ ද මුළු මිනිස් සංහතියේ ජීවිතය ද එතුමන් අතෙහි ඇත.11. දිවෙන් කෑම රස බලන්නාක් මෙන් කනින් අසන වචන මනස විමසනවා නොවේ ද?12. වයස්ගත අය හට ප්‍රඥාව ඇත. වයස්ගත වීම සමඟ නැණ නුවණ උදා වේ.13. දෙවිඳුන් වෙත ප්‍රඥාව හා බලය යන දෙක ම ඇත. විනිශ්චය හා නුවණ එතුමන් අතෙහි ය.14. එතුමාණන් කඩාදමන තැන පුනරුත්ථානයක් නැත. එතුමාණන් සිරගත කරන මිනිසාට විමුක්තියක් නැත.15. එතුමාණන් වැස්ස දුන් විට එය නැවතුවහොත් ඉඩෝරය පැමිණේ. යළි වැස්ස දුන් විට රට යට කරන මහ ගංවතුරු ගලයි.16. බලය හා දක්ෂකම එතුමන් වෙත ඇත. රැවටෙන්නාත්, රවටන්නාත් දෙදෙනා ම එතුමන්ගේ බලය යටතේ ය.17. එතුමාණෝ අනුශාසකයන් මන්ද බුද්ධිකයන් කරන සේක; විනිශ්චයකාරයන් මෝඩයන් කරන සේක.18. එතුමාණෝ රාජ බලය බිඳදමා, රජවරුන් දාසයන් කරන සේක;19. එතුමාණෝ පූජකවරුන් බලයෙන් ඉවත් කරන සේක. බලවතුන් පහළට හෙළන සේක;20. එතුමාණෝ චතුර කථිකයන් නිහඬ කරන සේක; මහලු අයගේ තැන්පත් බුද්ධිය ඉවත් කරවන සේක.21. එතුමාණෝ රජ කුමරුන් අවමානයට ලක් කරන සේක; වංශාධිපතීන්ගේ අභිමානය බිඳ හෙළන සේක.22. කළුවර තැන්වලට ආලෝකය එවන සේක; තිත්ත කළුවර ආලෝක කරන සේක,23. එතුමාණෝ ජාතියක් උසස් කොට එය විනාශ කරන සේක; ජනතාවක් වර්ධනය කොට ඔවුන් නසා ලන සේක.24. එතුමාණෝ ලොවේ ජන නායකයන්ගේ නුවණ පහකරන සේක; හසරක් නැති වැලි කතරෙහි ඔවුන් මුළා කරන සේක;25. ඔව්හු එළියක් නැති දැඩි අඳුරෙහි අතපතගාමින් ඇවිදිති; වෙරි මතින් වැනි වැනි ගමන් කරන බේබද්දන් මෙන් යති.ගීතාවලිය 94:1-111. සමිඳුනි, ඔබ වරදට දඬුවම් දෙන දෙවි කෙනෙකි; ඔබේ උදහස පෙන්නුව මැනව.2. ලෝකයේ විනිසකරුවාණෙනි, නැඟිටිනු මැනව; අහංකාර අය හට නියම විපාකය දුන මැනව.3. සමිඳුනි, දුදනෝ කොපමණ කල් ජයශ්රීයෙන් උදන් අනන්නෝ ද? තව කොපමණ කල් ජය ගොස කරන්නෝ ද?4. අපරාධකාරයෝ තව කොපමණ කල් අහංකාර වන්නෝ ද? ඔව්හු තමන්ගේ අපරාධ ගැන තව කොපමණ කල් වහසි බස් දොඩන්නෝ ද?5. සමිඳුනි, ඔව්හු ඔබේ ජනතාව මැඬලන්නෝ ය, ඔබ තෝරාගත් සෙනඟට පීඩා කරන්නෝ ය.6. ඔව්හු වැන්දඹුවන් ද අනාථයන් ද නසාදමන්නෝ ය; අප රටේ වසන විදේශීන් මරාදමන්නෝ ය.7. “සමිඳුන් හට අප පෙනෙන්නේ නැත; ජාකොබ්ගේ දෙවිඳාණෝ අප ගැන නොසලකන සේකැ”යි ඔව්හු කියන්නෝ ය.8. මෝඩයෙනි, තියුණු නැණනුවණ ලබාගැන්මට ඉගෙනගන්න: ආඥානයෙනි, ඔබ කවර දා නැණවත්හු වන්නහු ද?9. අපේ කන් මැවූ දෙවිඳුන්ට නෑසෙන්නේ ද? අපට ඇස් දුන් දෙවිඳුන්ට නොපෙනෙන්නේ ද?10. විජාතීන්ට දඬුවම් දෙන දෙවිඳාණෝ දඬුවම් නොදෙන සේක් ද? මිනිසාට නැණනුවණ දෙන සමිඳාණෝ මිනිස් සිතුවිලි නොදන්න සේක් ද?11. මිනිසුන්ගේ සිතුවිලි කවරේ ද කියාත්, ඒවා කොපමණ නිරර්ථක ද කියාත් සමිඳාණෝ දන්න සේක. හිතෝපදේශ 22:24-2524. වහා කිපෙන අයෙකු සමඟ මිත්‍ර නොවන්න; කෝපයෙන් පුපුරන කෙනෙකු ඇසුරු නොකරන්න.25. එසේ කළොත් ඔබත් ඒ නරක ගතිවලට ඇබ්බැහි වනු ඇත. ඔබ මලපතකට ද අසුවනු ඇත.රෝම 10:1-211. සහෝදරයෙනි, මාගේ සිතෙහි ඇති බලවත් ආශාව නම් ජුදෙව්වරුන්ගේ ගැළවීම ය; දෙවියන් වහන්සේට මා කරන ආයාචනය ඒ උදෙසා ය.2. දෙවියන් වහන්සේට අධික ලැදියාවක් ඔවුන් තුළ ඇති බවට මම සාක්ෂි දරමි; එහෙත් එය හරි පැහැදීමක් නැති ලැදියාවකි.3. දමිටු බවට පැමිණීමේ මාර්ගය නොදත් ඔව්හු, තමන්ගේ ම මාර්ගයක් සලසාගැනීමට ප්රයත්න දරමින් දමිටු කරනු ලැබීමට යටත් නොවූ හ.4. මන්ද, අදහන සියල්ලන් ම දමිටු බවට පැමිණවීමෙන් ක්‍රිස්තුන් වහන්සේ ව්‍යවස්ථාවේ පරමාර්ථය සපුරාලූ සේක.5. ව්‍යවස්ථාව පිළිපැදීමෙන් ඇති වන දමිටු බව පිළිබඳ ව මෝසෙස් මෙසේ ලියා ඇත: “ව්‍යවස්ථාව පිළිපදින තැනැත්තා එයින් ජීවත් වන්නේ ය.”6. එහෙත් ඇදහිල්ලෙන් ඇති වන දමිටු බවෙන් පැවසෙන්නේ මෙය යි: “ක්‍රිස්තුන් වහන්සේ පහතට වැඩමවාගැනීමට ස්වර්ගයට නඟින්නේ කවරෙක් ද?7. නැතහොත් ක්‍රිස්තුන් වහන්සේ මළවුන් කෙරෙන් ගෙනෙන පිණිස පාතාලයට බසින්නේ කවරෙක් දැ”යි සිතින් නොසිතන්න.8. එයින් තව කුමක් පැවසේ ද? පැවසෙන්නේ: “වාක්‍යය ඔබේ මුවෙහි ය, ඔබේ සිතෙහි ය, ඔබ ළඟ ම ය” කියා ය. ඒ වාක්‍යය අප ප්‍රකාශ කරන ඇදහිල්ලේ පණිවුඩය වේ.9. ඔබ ‘ජේසුස් වහන්සේ සමිඳාණන් වහන්සේ ය’යි ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන්නෙහි නම්, දෙවියන් වහන්සේ උන් වහන්සේ මළවුන්ගෙන් උත්ථාන කළ බව සිතින් අදහන්නෙහි නම්, ඔබ ගැළවීම ලබන්නෙහි ය.10. මනුෂ්‍යයෙක් සිතින් ඇදහීමෙන් දමිටු බවට පැමිණෙන්නේ ය; මුවින් පැවසීමෙන් ගළවනු ලබන්නේ ය.11. “උන් වහන්සේ අදහන කිසිවෙක් ලජ්ජාවට නොපැමිණෙති”යි ශුද්ධ ලියවිල්ලෙහි සඳහන් ව ඇත.12. ජුදෙව්වා හා ග්‍රීකයා අතර වෙනසක් නැත. එක ම සමිඳාණන් වහන්සේ සියල්ලන්ගේ ම සමිඳාණන් වහන්සේ ය; උන් වහන්සේගේ පිහිට අයැදින සියල්ලන්ට උන් වහන්සේ සියලු යසඉසුරු සලසා දෙන සේක.13. මන්ද: “සමිඳාණන් වහන්සේගේ නාමය කියා අයැදින කවරෙක් නමුත් ගැළවීම ලබති”යි ශුද්ධ ලියවිල්ලෙහි කියා ඇත.14. අදහා නොගත් කෙනෙකුට යැදුම් පුදන්නේ කෙසේ ද? නෑසූ කෙනෙකු අදහන්නේ කෙසේ ද? දේශකයෙකු නැති ව අසන්නේ කෙසේ ද?15. යවනු නොලැබුවොත් දේශනා කරන්නේ කෙසේ ද? මේ පිළිබඳ ව: “සුබ අස්න ගෙන එන ධර්ම දූතයන්ගේ පාද කොතරම් මනහර ද?” කියා ශුද්ධ ලියවිල්ලෙහි සඳහන් ව ඇත.16. එහෙත් හැම දෙනා ම ඒ සුබ අස්නට සවන් දුන්නේ නැත. මන්ද, “සමිඳාණන් වහන්ස, අපේ පණිවුඩය විශ්වාස කෙළේ කවරෙක් දැ”යි යෙසායා අසයි.17. ඇදහිල්ල ඇති වන්නේ පණිවුඩය ඇසීමෙනි, පණිවුඩය ඇති වන්නේ ක්‍රිස්තුන් වහන්සේ ගැන දෙසීමෙනි.18. එහෙත් ඔව්හු සවන් නුදුන්නාහු දැ යි මම ප්‍රශ්න කරමි. සැබැවින් ම ඔව්හු සවන් දුන්නාහු ය. ශුද්ධ ලියවිල්ලේ ලියා ඇති පරිදි: “දූතයන්ගේ දහම් හඬ පොළොව පුරා පැතිරී ඇත; ඔවුන්ගේ වචන ලෝක සීමා දක්වා විසිරී ඇත.”19. එහෙත් ඉශ්රායෙල් ජාතිය එය නොදැන සිටියා දැ යි මම යළි යළිත් ප්‍රශ්න කරමි: “නියම ජාතියක් නොවන ජනතාවක් කෙරෙහි ඊර්ෂ්‍යා කිරීමට මම නුඹලා තදින් පොළඹවන්නෙමි; අනුවණ ජාතියක් කෙරේ නුඹලාගේ කෝපය අවුස්සන්නෙමි”යි පළමුකොට මෝසෙස් කියයි.20. තවද, යෙසායා නිර්භය ව කතා කරමින්: “නොසෙවූ අයට මම හමු වීමි; මා ගැන නොවිමසූ අයට මම ප්‍රකාශ වීමි”යි කියයි.21. එහෙත් ඔහු ඉශ්රායෙල් ජනතාව ගැන කතා කොට: “අකීකරු, කැරලිකාර සෙනඟක් දෙසට දවස මුලුල්ලේ ම මාගේ අත් දිගු කෙළෙමි”යි කියයි. Sinhala Bible NRSV Ceylon Bible Society