අවුරුද්දකින් බයිබලය නොවැම්බර් 10එසකියෙල්ගේ 11:1-251. තවද ආත්මය මා උස්සාගන ගොස් නැගෙනහිර දෙසට තිබෙන ස්වාමීන්වහන්සේ ගේ ගෘහයේ නැගෙනහිර දොරටුවට මා පැමිණෙවුවේය. බලව, මනුෂ්‍යයන් විසිපස් දෙනෙක් දොරකඩ සිටියෝය; ඔවුන් අතරේ සෙනඟගේ අධිපතියන් වන අස්සුර්ගේ පුත්‍රවූ යාසනියාද බෙනායාගේ පුත්‍රවූ පෙලතියාද සිටිනවා දුටිමි.2. උන්වහන්සේද: මනුෂ්‍ය පුත්‍රය, මේ නුවර දුෂ්ටකම් යෝජනාකරන්නාවූ, නපුරු මන්ත්‍රණ යොදන්නාවූ මනුෂ්‍යයෝ මොව්හුය.3. මොව්හු කථාකොට-ගෙවල් ගොඩනගන්ට කාලය ළං නොවීය. හැළිය නම් මේ නුවරය, මාංසය අපියයි කියති.4. එබැවින් ඔවුන්ට විරුද්ධව අනාගතවාක්‍ය කියන්න, මනුෂ්‍ය පුත්‍රය, අනාගතවාක්‍ය කියන්නැයි මට කීසේක.5. එවිට ස්වාමීන්වහන්සේ ගේ ආත්මය මා කෙරෙහි පැමිණ කියනුයේ: ස්වාමීන්වහන්සේ මෙසේ කියන සේකැයි කියන්න-අනේ, ඉශ්රායෙල් වංශය, ඔබ සැම එසේ කීවහුය; ඔබ සැමගේ සිත්වල හටගන්නා දේවල් දනිමි.6. ඔබ සැම මේ නුවර තුළ බොහෝසෙයින්ම මිනිමරා එහි වීථි මැරුම්කෑවුන්ගෙන් පුරවා තිබේ.7. එබැවින් ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක: මාංසය නම් නුවර තුළ ඔබ සැම විසින් දැමුවාවූ, ඔබ සැම අතින් මැරුම්කෑවාවූ අයය; හැළිය මේ නුවරය. ඔබ සැම වනාහි මෙය තුළෙන් පිටකරන්නෙමි.8. ඔබ සැම කඩුවට භයව සිටිහුය; මමද ඔබ සැම පිටට කඩුව පමුණුවන්නෙමියි ස්වාමිවූ දෙවියන්වහන්සේ කියනසේක.9. මම ඔබ සැම මෙය තුළෙන් පිටකර, විදේශීන් අතට ඔබ සැම පාවාදී, විනිශ්චයන් ඔබ සැම කෙරෙහි ඉෂ්ටකරන්නෙමි.10. ඔබ සැම කඩුවෙන් වැටෙනවා ඇත; ඉශ්රායෙල් සීමාවේදී ඔබ සැම විනිශ්චයකරන්නෙමි; එසේ මා ස්වාමීන්වහන්සේ බව ඔබ සැම දැනගන්නහුය.11. මේ නුවර ඔබ සැමගේ හැළිය නොවන්නේය, ඔබ සැම මෙය තුළ මාංසයද නොවන්නහුය; ඉශ්රායෙල් සීමාවේදී ඔබ සැම විනිශ්චයකරන්නෙමි;12. එසේ මාගේ නියෝග ප්‍රකාර නොහැසිර, මාගේ විනිශ්චයන් ඉෂ්ට නොකොට, ඔබ සැම අවට සිටින ජාතීන්ගේ පනත් ප්‍රකාරයට කළාවූ ඔබ සැම මා ස්වාමීන්වහන්සේ බව දැනගන්නවා ඇතැයි කීසේක.13. මා විසින් එසේ අනාගතවාක්‍ය කියද්දී බෙනායාගේ පුත්‍රවූ පෙලතියා මළේය. එවිට මම මුහුණින් වැටී: අනේ, දෙවියන්වහන්ස! ඉතිරිව සිටින ඉශ්රායෙල්වරුන් ඔබ තීන්දුවටම නැතිකරනසේක්දැයි මහත් හඬින් මොරගසා කීවෙමි.14. තවද ස්වාමීන්වහන්සේ ගේ වචනය මා වෙතට පැමිණ කියනුයේ:15. මනුෂ්‍ය පුත්‍රය, ඔබේ සහෝදරයන්ට එනම් ඔබේ සහෝදරයන් වන ඔබේ නෑයන්ගේ මනුෂ්‍යයින්ටද ඉශ්රායෙල් මුළු වංශයේ සියල්ලන්ටද යෙරුසලම් වැසියෝ කථාකොට-ඔබ සැම ස්වාමීන්වහන්සේ ගෙන් ඈත්ව සිටින්න; උරුමයක් කොට මේ දේශය දී තිබෙන්නේ අපටයයි කීවෝය.16. එබැවින් ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේකැයි කියන්න: මා විසින් ජාතීන් අතරට ඔවුන් එළවා, දුර දේශවල ඔවුන් විසිරෙවු නුමුත්, ඔවුන් පැමිණ සිටින දේශවලදී මම ස්වල්ප කලකට ඔවුන්ට ශුද්ධස්ථානයක් වන්නෙමියි කීසේක.17. එබැවින් ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේකැයි කියන්න: මම ජනයන් අතුරෙන් ඔබ සැම එකතුකර, ඔබ සැම විසිර සිටින දේශවලින් ඔබ සැම රැස්කොට, ඉශ්රායෙල් රට ඔබ සැමට දෙන්නෙමි.18. ඔවුන් එහි පැමිණ, එහි සියලු අශික්ෂිත දේද එහි සියලු පිළිකුල්කම්ද එතනින් පහකරනවා ඇත.19. මම ඔවුන්ට එක සිතක් දෙන්නෙමි, අලුත් ආත්මයක්ද ඔබ සැම තුළ තබන්නෙමි. ඔවුන් මාගේ පනත් ප්‍රකාර හැසිර, මාගේ නියෝග රක්ෂාකොට පවත්වන පිණිස,20. ඔවුන්ගේ මාංසයෙන් ගල් සිත පහකොට මාංසමයවූ සිතක් ඔවුන්ට දෙන්නෙමි. මෙසේ ඔව්හු මාගේ සෙනඟ වන්නෝය, මමද ඔවුන්ගේ දෙවියන්වහන්සේ වන්නෙමි.21. නුමුත් තමුන්ගේ අශික්ෂිතකම්ද තමුන්ගේ පිළිකුල්කම්ද කෙරෙහි තිබෙන ආශාව ලෙස සිත ඇදීයන්නාවූ අයගේ හිස් පිටට ඔවුන්ගේ මාර්ගය පමුණුවන්නෙමියි ස්වාමිවූ දෙවියන්වහන්සේ කියනසේකැයි කීය.22. එකල කෙරුබ්වරු තමුන්ගේ පියාපත් එසෙවුවෝය, රෝදත් ඔවුන් එක්වම තිබුණේය; ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේගේ තේජස ඔවුන්ට උඩින් තිබුණේය.23. ස්වාමීන්වහන්සේ ගේ තේජස නුවර තුළෙන් නැගී ගොස් නුවරට නැගෙනහිරින් තිබෙන කන්ද උඩ සිටියේය.24. එවිට ආත්මය මා ඔසවා කල්දියාවෙහි වහල්ව සිටියවුන් ළඟට දෙවියන්වහන්සේගේ ආත්මය කරණකොටගෙන දර්ශනයෙන් මා පැමිණෙවුවේය. මෙසේ මා දුටු දර්ශනයද මා වෙතින් නැගී ගියේය.25. මමද ස්වාමීන්වහන්සේ මට පෙන්වූ සියලු දේ වහල්කමේ සිටියවුන්ට කීවෙමි.එසකියෙල්ගේ 12:1-281. ස්වාමීන්වහන්සේ ගේ වචනය මා වෙතට පැමිණ කියනුයේ:2. මනුෂ්‍ය පුත්‍රය, ඔබ වාසයකරන්නේ කැරළිකාර වංශයක් අතරෙහිය, දැකීමට ඔවුන්ට ඇස් තිබෙන නුමුත් ඔවුන්ට පෙනෙන්නේ නැත. ඇසීමට ඔවුන්ට කන් තිබෙන නුමුත් ඔවුන්ට ඇසෙන්නේ නැත; මක්නිසාද ඔව්හු කැරළිකාර වංශයක්ය.3. ඒ නිසා, මනුෂ්‍ය පුත්‍රය, ඔබ මාර්ගෝපකරණ සූදානම්කරගෙන, දවාලෙහි ඔවුන් බලාසිටියදී පිටත්වෙන්න; ඔවුන් බලාසිටියදී ඔබේ ඉඩමේ සිට වෙන ඉඩමකට පිටත්ව යන්න. ඔවුන් කැරළිකාර වංශයක් නුමුත් සමහරවිට ඔවුන් ඒක සිතට ගන්නවා ඇත.4. ඔබේ බඩු මාර්ගෝපකරණ මෙන් දවාලෙහි ඔවුන් බලාසිටියදී පිටතට ගෙන, මිනිසුන් වහල්කමට පිටත්ව යන්නාක්මෙන් සවස ඔවුන් බලාසිටියදී පිටත්වෙන්න.5. ඔබ ඔවුන් බලාසිටියදී බිත්තිය හාරා, එයින් බඩු පිටතට ගෙනියන්න.6. ඔබ ඔවුන් බලාසිටියදී ඒවා කරට ගෙන, අඳුරුවූ කල්හි පිටතට ගෙනියන්න; බිම නොපෙනෙන පිණිස ඔබේ මුහුණ වසාගන්න. මක්නිසාද මම ඉශ්රායෙල් වංශයට ලකුණක් පිණිස ඔබ තැබීමියි කීයේය.7. මමද මට අණකළ ලෙසම කෙළෙමි. මාගේ බඩු මාර්ගෝපකරණ මෙන් දවාලේ පිටතටගෙන, සවස මාගේ අතින් බිත්තිය හාරා, අඳුරුවූ කල්හි ඔවුන් බලාසිටියදී ඒවා කරට ගෙන පිටතට ගෙනාවෙමි.8. උදයේ ස්වාමීන්වහන්සේ ගේ වචනය මා වෙතට පැමිණ කියනුයේ:9. මනුෂ්‍ය පුත්‍රය, කැරළිකාර වංශය වන ඉශ්රායෙල් වංශය-ඔබ මක්කරනවාදැයි ඔබට කීවා නොවේද?10. ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේකැයි ඔවුන්ට කියන්න: මේ දිව්‍ය ප්රකාශනය යෙරුසලමේ අධිපතියා සහ එහි තුළ සිටින මුළු ඉශ්රායෙල් වංශය ගැනය.11. මෙසේ කියන්න-මම ඔබ සැමගේ සලකුණය. මා කළ ලෙස ඔවුන්ට සිද්ධවන්නේය. ඔව්හු පිටත්වී අන් රටකට වාල්කමට යන්නෝය.12. ඔවුන් අතරේ සිටින අධිපතියාද බඩු කරට ගෙන, අඳුරුවූ කල්හි පිටතට එනවා ඇත. පිටතට ගෙනෙන පිණිස ඔවුන් පවුර හාරනවා ඇත. ඔහු තමාගේ ඇස්වලින් බිම නොදකින පිණිස තමාගේ මුහුණ වසා ගන්නවා ඇත.13. මාගේ දැලද ඔහු පිට හෙළන්නෙමි, ඔහු මාගේ මලපතට අසුවන්නේය. මම කල්දිවරුන්ගේ දේශයවූ බබිලෝනියට ඔහු ගෙනෙන්නෙමි; ඔහු එහිදීම නසින නුමුත් ඒක දකින්නේ නැත.14. ඔහුට උපකාරකරන පිණිස ඔහු වටකර සිටින සියල්ලන්ද ඔහුගේ සියලුම සමුදාවල්ද මම සියලු හුළං දෙසට විසුරුවා ඔවුන් පසුපස්සේ කඩුව දිගුකරන්නෙමි.15. මා විසින් ඔවුන් ජාතීන් අතරට පන්වා, දේශවල විසිරෙවු කල්හි, මා ස්වාමීන්වහන්සේ බව ඔවුන් දැනගන්නවා ඇත.16. එහෙත් මම ඔවුන්ගෙන් ස්වල්ප දෙනෙකු කඩුවෙන්ද සාගතයෙන්ද වසංගතයෙන්ද ගළවා ඉතිරිකරන්නෙමි; මෙසේ කරන්නේ ඔවුන් පැමිණෙන දේශවල ජාතීන් අතරේදී ඔවුන් තමුන්ගේ සියලු පිළිකුල්කම් ප්‍රකාශකරන පිණිසය; මා ස්වාමීන්වහන්සේ බව ඔවුන් දැනගන්නවා ඇතැයි කීවේය.17. තවද ස්වාමීන්වහන්සේ ගේ වචනය මා වෙතට පැමිණ කියනුයේ:18. මනුෂ්‍ය පුත්‍රය, ඔබේ කෑම වෙවුලුම ඇතුව කා, චංචලකමද පිරිමැසීමද ඇතුව වතුර බී,19. දේශයේ සෙනඟට මෙසේ කියන්න-ඉශ්රායෙල් රටෙහි සිටින යෙරුසලමේ වැසියන් ගැන ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක: ඔව්හු තමුන්ගේ කෑම පිරිමසා ගෙන කා, තමුන්ගේ වතුර කනස්සලුකමින් බොන්නෝය, මෙසේ වන්නේ ඔවුන්ගේ දේශය එහි වැසි සියල්ලන්ගේ බලාත්කාරකම නිසා එහි තිබෙන සියල්ලෙන් පාළුවෙන පිණිසය.20. වැසියන් ඇති නුවරවල්ද නාස්තිවී, දේශය පාළුවක් වන්නේය; මෙසේ මා ස්වාමීන්වහන්සේ බව ඔබ සැම දැනගන්නහුයයි කීවේය.21. තවද ස්වාමීන්වහන්සේ ගේ වචනය මා වෙතට පැමිණ කියනුයේ:22. මනුෂ්‍ය පුත්‍රය, දවස් පසුවන්නේය, දර්ශන සියල්ල නැතිවන්නේය කියා ඉශ්රායෙල් රටෙහි ඔබ සැම අතරේ ව්‍යවහාරවෙන උපමාකීම කිමෙක්ද?23. එබැවින් ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේකැයි ඔවුන්ට කියන්න: මම මේ උපමාකීම නවත්වන්නෙමි, එය උපමාකීම කොට ඉශ්රායෙල්හි තවත් ව්‍යවහාර නොවන්නේය; එසේය, ඒ දවස්ද සියලු දර්ශනවල කාරණාද ළංවී තිබේයයි ඔවුන්ට කියන්න.24. මක්නිසාද තවත් කිසි නිෂ්ඵල දර්ශනයක්වත් ඉච්චාකාර දිවස්කීමක්වත් ඉශ්රායෙල් වංශය අතරෙහි නොවන්නේය.25. මක්නිසාද මම ස්වාමීන්වහන්සේය; මම කියන දේ කියන්නෙමි, එය තවත් පමා නොවී ඉෂ්ටවන්නේය. එසේය, එම්බා කැරළිකාර වංශය, මම ඔබ සැමගේ දවස්වලදීම වචනයක් කියා ඒක ඉෂ්ටකරන්නෙමියි ස්වාමිවූ දෙවියන්වහන්සේ කියනසේකැයි කීය.26. නැවත ස්වාමීන්වහන්සේ ගේ වචනය මා වෙතට පැමිණ කියනුයේ:27. මනුෂ්‍ය පුත්‍රය, ඉශ්රායෙල් වංශය කථාකොට-ඔහු දකින දර්ශනය ඉෂ්ටවෙන්ට බොහෝ දවස් යන්නේය, ඔහු අනාගතවාක්‍ය කියන්නේ දුර කාලවල් ගැනයයි කියති.28. එබැවින් ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේකැයි ඔවුන්ට කියන්න: මාගේ කිසි වචනයක් තවත් ප්‍රමාද නොවී, මා විසින් කියන වචනයක් සිදුවන්නේමය කියා ස්වාමිවූ දෙවියන්වහන්සේ කියනසේකැයි කීවේය.ගීතාවලිය 122:1-51. ආරෝහණ ගීයකි; දාවිත් විසිනි. ස්වාමීන් ගේ ගෘහයට යමුයයි ඔවුන් මට කී විට මම සන්තෝෂවීමි.2. එම්බා යෙරුසලම, අපේ පාද ඔබේ දොරටු ඇතුළේ තබා තිබේ. 3. එම්බා යෙරුසලම, මනාකොට සෑදූ නුවරක් මෙන් ඔබ ගොඩනගනලද්දීය. 4. ගෝත්‍රයෝ, ස්වාමීන් ගේ ගෝත්‍රයෝ, ඉශ්රායෙල්ට සාක්ෂියක් වශයෙන් ස්වාමීන් ගේ නාමයට ස්තුතිකරන පිණිස එතැනට යෙති. 5. මක්නිසාද සිංහාසන, එනම් දාවිත්ගේ වංශයේ සිංහාසන, විනිශ්චය පිණිස එහි පිහිටා තිබේ. හිතෝපදේශ 28:17-1817. යමෙකුගේ ලෙයින් බරවී සිටින මනුෂ්‍යයා වළට පලායන්නේය; කිසිවෙක් ඔහු නොවලක්වාවා. 18. ඇදනැතිකමින් හැසිරෙන්නා ගැළවෙයි. එහෙත් තමාගේ මාර්ගවල වංකවූ තැනැත්තා හදිසියෙන් වැටෙන්නේය. හෙබ්‍රෙව් 6:1-201. ඒ නිසා මළ ක්‍රියාවල් ගැන පසුතැවිලිවීමද දෙවියන්වහන්සේ කෙරෙහි ඇදහීමද බව්තීස්මකිරීම් ගැනත් අත්තැබීම ගැනත් මළවුන්ගේ නැගිටීම ගැනත්, සදාකාල විනිශ්චය ගැනත්2. ඉගැන්වීමද නමැති අත්තිවාරමක් නැවත නොතබා, ක්‍රිස්තුස්වහන්සේගේ මුල් කාරණා පසුකර, සම්පූර්ණවීමට පැමිණෙමු.3. දෙවියන්වහන්සේ ඉඩදෙනසේක් නම්, අපි එසේ කරන්නෙමුව.4. මක්නිසාද වරක් ආලෝකකරනු ලැබුවාවූ, ස්වර්ගීය දීමනාවේ රසය වින්දාවූ, ශුද්ධාත්මයාණන්වහන්සේට පංගුකාරයන් වුණාවූ,5. දෙවියන්වහන්සේගේ යහපත් වචනයේද මතු පැමිණෙන කාලයේ බලවලද රසය බැලුවාවූ තැනැත්තන්,6. වැටීගිය කල්හි ඔවුන් නැවත පසුතැවිල්ලට පමුණුවන්ට නුපුළුවන; මක්නිසාද ඔව්හු දෙවියන්වහන්සේගේ පුත්‍රයා තමුන්ටම දෙවනු කුරුසියෙහි ඇණගසා නින්දාවට පමුණුවති.7. මෙසේ නොයෙක් වර වහින වැස්ස උරාගනිමින් වවන්නන්ට සුදුසු භෝග උපදවන පොළොවට දෙවියන්වහන්සේගෙන් ආශීර්වාද ලැබේ.8. නුමුත් කටුගස්ද ගොකටුද දරනවා නම් එපාකරනු ලැබ, ශාපයකට ළංව තිබේ; එහි කෙළවර දවනු ලැබීමය.9. එහෙත්, ප්‍රේමවන්තයෙනි, අපි මෙසේ කථාකරන නුමුත් යහපත්වූ, ගැළවීමට අනුකූලවූ කොටසට ඔබ සැම අයිති බව අපි නිසැකව විශ්වාසකරමුව.10. මක්නිසාද ඔබ සැමගේ වැඩයද ඔබ සැම ශුද්ධවන්තයන්ට කළාවූ, කරන්නාවූ උපස්ථානයෙන් දෙවියන්වහන්සේගේ නාමයට පෙන්නූ ප්‍රේමයද මතකනැතිකරන්ට උන්වහන්සේ අධර්මිෂ්ඨ නැත.11. නුමුත් ඔබ සැමගෙන් එකිනෙකා අන්තිම දක්වා බලාපොරොත්තුවේ නිසැකකම සඳහා එම උත්සාහවන්තකම පෙන්වනවාට අපි ආශා ඇත්තෙමුව.12. ඒ වනාහි ඔබ සැම අලස නොවී, ඇදහිල්ලද ඉවසිලිවන්තකමද කරණකොටගෙන පොරොන්දු උරුමකරගන සිටින්නන්ගේ අඩිපාරේ යන්නන් වෙන පිණිසය.13. මෙසේ දෙවියන්වහන්සේ ආබ්‍රහම්ට පොරොන්දුව දුන් කල, තමන්ට වඩා උතුම් කෙනෙක් ගැන දිවුරන්ට නැති නිසා තමන්ම ගැන දිවුරමින්:14. සැබවින්ම ඔබට බොහෝසෙයින් අශීර්වාද කරන්නෙමි, බොහෝසෙයින් ඔබ වර්ධනයකරන්නෙමියි කීසේක.15. ඒ හැටියට ඔහු ඉවසිල්ලෙන් සිට, පොරොන්දුව ලබාගත්තේය.16. සැබවින්ම මනුෂ්‍යයෝ වඩා උත්තමයා ගැන දිවුරති. ඔවුන්ගේ සියලු විවාදවලදී ස්ථිරකිරීම පිණිස කරන අන්තිම දේ නම් දිවිරීමය.17. ඒ නිසා දෙවියන්වහන්සේ පොරොන්දුවේ උරුමක්කාරයන්ට තමන්වහන්සේගේ අභිප්‍රාය වෙනස් නොවන බව බොහෝසෙයින්ම පෙන්වන්ට කැමතිව දිවුරුමකින් මැදහත්වූසේක.18. මෙසේ කළේ දෙවියන්වහන්සේ විසින් බොරුකියන්ට බැරිවූ වෙනස් නොවන කාරණා දෙකක් කරණකොටගෙන, අප ඉදිරියේ තබා තිබෙන බලාපොරොත්තුව අල්ලාගැනීමට ආරක්ෂාව පිණිස පලා ආවාවූ අපට මහත් ධෛර්යයක් ලැබෙන පිණිසය.19. ඒ බලාපොරොත්තුව ආත්මයේ සත්තකවූ, ස්ථිරවූ, තිරයෙන් ඇතුළට යන්නාවූ නැංගුරමක් මෙන් අපට ඇත්තේය.20. යේසුස්වහන්සේ මෙල්කිසදෙක්ගේ පිළිවෙළේ හැටියට සදාකාලේටම උත්තම පූජකයෙක් වී, අප උදෙසා පෙරටුව යන්නෙක් මෙන් එහි ඇතුල්වූසේක. Sinhala Bible SROV Ceylon Bible Society