බයිබල් අනුවාදය සසඳා බලන්න

1
යේසුස්වහන්සේ ඔරුවකට නැගී, එතෙර වී, තමන්ගේම නගරයට පැමිණි සේක.
2
එකල සයනයක හොවන ලද අංසබාග රෝගියකු කිහිප දෙනෙක් විසින් උන්වහන්සේ වෙත ගෙනෙන ලද්දේ ය. යේසුස්වහන්සේ ඔවුන්ගේ ඇදහිල්ල දැක, අංසබාග රෝගියා අමතමින්, “ධෛර්යවත් වන්න; පුත්‍රය, ඔබේ පාප කමා කරන ලදැ” යි කී සේක.
3
එවිට මෙන්න! දහම් පඬිවරු ඇතමෙක් තමන් අතරේම කතා කරමින්, “මේ මිනිසා දේවාපහාස කරතැ” යි කීහ.
Sinhala Bible SCV 2020
ශුද්ධ බයිබලය, සිංහල කාලීන පරිවර්තනය™, අලුත් ගිවිසුම සියලු හිමිකම් ඇවිරිණි © 1980, 1991, 1994, 2011, 2020 by Biblica, Inc. අවසර ඇතුව උපුටා ගනු ලැබී ය. ලොව පුරා සියලු හිමිකම් ඇවිරිණි. Sinhala Contemporary Version™, New Testament Copyright © 1980, 1991, 1994, 2011, 2020 by Biblica, Inc.
1
ජේසුස් වහන්සේ ඔරුවට නැඟී, එගොඩ වී, සිය නුවරට පැමිණි සේක.
2
එවිට, අංසබාග රෝගියෙක් උන් වහන්සේ ළඟට යහනක තබා ගෙනෙන ලද්දේ ය. උන් වහන්සේ ඔවුන්ගේ ඇදහිල්ල දැක, “පුත්‍රය, ධෛර්යවත් වන්න; ඔබේ පව් කමා කරන ලද්දේ ය”යි අංසබාග රෝගියාට වදාළ සේක.
3
එකල විනයධරයන්ගෙන් ඇතැමෙක්, “මොහු දෙවියන් වහන්සේට අපහාස කරන්නේ ය”යි තමන්ට ම කියාගත්හ.
Sinhala Bible SNRV 2018
No Data
1
එකල උන්වහන්සේ ඔරුවකට නැගී එගොඩවී තමන්ගේම නුවරට පැමිණිසේක.
2
එවිට, ඔව්හු ඇඳක ඔත්පළව හුන් අංශභාග රෝගියෙකු උන්වහන්සේ ළඟට ගෙනාවෝය. යේසුස්වහන්සේ ඔවුන්ගේ ඇදහිල්ල දැක: පුත්‍රය, ධෛර්යවත්වෙන්න; ඔබේ පව් කමාකරනලද්දේයයි අංශභාග රෝගියාට කීසේක.
3
එකල ලියන්නන්ගෙන් සමහරෙක්: මොහු දෙවියන්වහන්සේට අපහාසකරන්නේයයි තමුන් තුළ කියාගත්තෝය.
Sinhala Bible SROV
Ceylon Bible Society
1
ජේසුස් වහන්සේ ඔරුවට නැඟී, එගොඩ වී, සිය නුවරට පැමිණි සේක.
2
එවිට, අංසබාග රෝගියෙක් උන් වහන්සේ ළඟට යහනක තබා ගෙනෙන ලද්දේ ය. උන් වහන්සේ ඔවුන්ගේ ඇදහිල්ල දැක, “පුත්‍රය, ධෛර්යවත් වන්න; ඔබේ පව් කමා කරන ලද්දේ ය”යි අංසබාග රෝගියාට වදාළ සේක.
3
එකල විනයධරයන්ගෙන් ඇතැමෙක්, “මොහු දෙවියන් වහන්සේට අපහාස කරන්නේ ය”යි තමන්ට ම කියාගත්හ.
Sinhala Bible NRSV
Ceylon Bible Society