මාතෘකාව පිළිබඳ බයිබල් පදමාතෘකා දෙවියන් වහන්සේ ආශීර්වාද ඔබ මෙන් එන්න ආ ments ා ශාපය මූල්‍ය ආශිර්වාදය නිදහස් කැමැත්ත දෙවියන්ගේ කරුණාව දෙවියන්ගේ ප්‍රේමය දෙවියන්ගේ කැමැත්ත දෙවියන්ගේ වේලාව මම කවදාවත් ඔබව හැරයන්නේ නැ ආශ්චර්යයන් දෙවියන්ගේ නම් පූජා සැලසුම් ගැලවීම ලැබීම ත්‍රිත්වය වේලාව කොන්දේසි විරහිත ආදරය වෛරස් / රෝග දෙවියන් කවුද? හොඳ චරිතයක් පිළිගැනීම වැළකී සිටීම වගවීම නිර්භීතකම රැකබලා ගැනීම පිරිසිදුකම කැපවීම විශ්වාසය සෑහීමකට පත්වේ ධෛර්යය / නිර්භීතකම අනුකම්පාව විනය විශ්වාසය කෘත ful වෙනවා ආගන්තුක සත්කාරය නිහතමානී / නිහතමානිකම අවංක ගෞරවය අඛණ්ඩතාව කරුණාව ආදරය නිහතමානිකම දයාව ඉවසීම විශුද්ධිකරණය ස්වයං වාරණ විශ්වාසය නරක චරිතය කෝපය පාවාදීම හිරිහැර කිරීම තිත්තකම පැමිණිලි කිරීම ගැටුම බිය මෝඩයි කුහකයා ඊර්ෂ්‍යාව විනිශ්චය කම්මැලි අභිමානය පළිගැනීම / පළිගැනීම නිෂ් ity ලකම ප්රචණ්ඩත්වය පව් ගබ්සාව ඇබ්බැහි වීම කාමමිථ්‍යාචාරය ඇදහිල්ල අත්හැරීම ශාප කිරීම දික්කසාදය ඊර්ෂ්‍යාව වේශ්‍යාකම කෑදරකම ඕපාදූප කෑදරකම වෛරය රාගය බොරු කියනවා ස්වයංවින්දනය අතපසු කිරීම සොරකම ජීවිතය වයසට යාම සතුන් දරුකමට හදා ගැනීම උපන් දිනය අලංකාරය තනිව සිටීම ආලය මරණය අවපාතය බලාපොරොත්තු සුන්වීම විචාර බුද්ධිය ව්‍යායාම කරන්න ආචාර ධර්ම නිරාහාරව සිටීම ආදරය සොයා ගැනීම අවධානය යොමු කරන්න පවුලක් ආහාර වරද සෞඛ්‍යය සතුට නිරය වඳභාවය රැකියා අහිමිවීම අලාභය මානසික රෝග සංගීතය විවාහ දෙවියන්ට මුල් තැන දීම වේදනාව දෙමාපිය අරගලයක් ලිංගිකත්වය අත්හදා බැලීම් පරීක්ෂාව පිරිමින් සඳහා පදය කාන්තාවන් සඳහා පද යුද්ධය ධනය වැන්දඹුවන් පල්ලිය පල්ලියට යනවා යේසුස්ගේ උපත පල්ලියේ පීඩා උපස්ථායකවරු බොරු ගුරුවරු ස්වර්ගයට යාම ශුද්ධාත්මයාණන් මෙසියස් බයිබලයේ පාස්ටර්වරු දෙවියන්ට ප්‍රශංසා කිරීම උපමාවන් යේසුස්ගෙන් පෙන්තකොස්ත දවස භාෂාවලින් කථා කිරීම දසයෙන් කොටස නමස්කාරය කාන්තා භූමිකාවන් අභිරහස් පිටසක්වල ජීවීන් පිළිකා දෛවය ඩයිනෝසෝරයන් මකරා සිහින පැතලි / වටකුරු පෘථිවිය බයිබලයේ යෝධයෝ අවසාන දින / අනාගතය යුනිකෝන් දේවදූතයන් සහ භූතයන් අග්‍ර දේවදූතයන් දේවදූතයන් බෙල්සෙබුබ් භූතයන් ගාඩියන් ඒන්ජල්ස් ලුසිෆර් මායාකාරිය / මැජික් ගණිත සං .ා අංකය 3 අංකය 5 අංකය 7 අංකය 8 අංකය 10 අතිරේක මත්පැන් බහුලත්වය පිළිකුල් කිරීම බිඳුණු හදවත කැනිබල්වාදය මරණ දණ්ඩනය ඖෂධ නපුර හැඟීම් හැලොවීන් දුප්පතුන්ට උදව් කිරීම ගබ්සා වීම පොලිස් නිලධාරීන් සිදුරු කිරීම බහු විවාහය පුනර්ජීවනය දුක විද්‍යාව ආත්මාරක්ෂාව වහල්භාවය සියදිවි නසා ගැනීම දක්ෂතා පච්ච කාර්යය දේවදූතයන් සහ භූතයන්: [අග්‍ර දේවදූතයන්] ජූද් 1:9එහෙත්, අග්‍ර දූත මිකායෙල් වුව ද, මෝසෙස්ගේ මළසිරුර පිළිබඳ ආරාවුලේ දී යක්ෂයා සමඟ වාද විවාද කරන අතර, ඔහුට විරුද්ධ ව දරුණු විනිශ්චයක් කිරීමට බිය විය. ඔහු කීවේ, “දෙවියන් වහන්සේ ඔබට තරවටු කරන සේක් වා” යන්න පමණකි.දානියෙල් 10:13-21[13] පර්සියා රාජ්‍යයේ අධිපතියා විසිඑක් දවසක් මට විරුද්ධ ව සිටියේ ය. එසේ වුව ද, ප්‍රධාන අධිපතීන්ගෙන් එක් කෙනෙකු වන මිකායෙල් තෙමේ, මා එහි තනි ව’ සිටින බව දැක, මට උපකාර කරන්නට ආයේ ය. [14] දැන් මා මෙහි පැමිණ සිටින්නේ, මතු දවස නුඹේ සෙනඟට සිදු වන්නට යන දේ තේරුම් කර දෙන පිණිස ය. මේ දර්ශනය අනාගතය පිළිබඳ ව ය.’ “ [15] ඔහු මෙලෙස මට කතා කරද්දී මම නිහඬ ව හිස නමාගෙන සිටියෙමි. [16] එවිට මිනිස් පෙනීමක් ඇති කෙනෙක් මාගේ තොල් ස්පර්ශ කෙළේ ය. මම ද මාගේ කට ඇර මා ඉදිරියේ සිටි තැනැත්තාට කතා කරමින්, “මාගේ ස්වාමීනි, මේ දර්ශනය දැකීමෙන් මම වේදනාවට පත් ව සිටිමි. ශක්තියක් ද මා තුළ නැත. [17] කිසි ශක්තියක් මා තුළ නැති නිසාත්, හුස්ම ටික වත් නැති නිසාත්, මාගේ ස්වාමීන් වන ඔබ සමඟ කතා කරන්නට ඔබේ මෙහෙකරු වන මට හැක්කේ කෙසේ දැ”යි ඇසීමි. [18] එවිට මිනිස් පෙනීමක් ඇති කෙනෙක් මා ස්පර්ශ කර මා ශක්තිමත් කෙළේ ය. [19] ඔහු මට කතා කර, “විශේෂයෙන් තෝරාගනු ලැබූ මනුෂ්‍යය, බිය නොවන්න; නුඹට සාමදානය වේවා; ශක්තිමත් වන්න, ධෛර්යවත් වන්නැ”යි කී ය. ඔහු කතා කළ විට, මම ශක්තිමත් වී, “ස්වාමීනි කතා කළ මැනව; ඔබ මා ශක්තිමත් කෙළෙහි ය”යි කීමි. [20] එවිට ඔහු මෙසේ කී ය: “මම නුඹ වෙත කුමන කරුණක් නිසා ආවෙම් දැ යි නුඹ දන්නෙහි ද? පළමු කොට මම පර්සියාවේ අධිපතියා සමඟ සටන් කරන්නට ආපසු යන්නෙමි. ඉන්පසු ග්‍රීසියේ අධිපතියා එන්නේ ය. [21] කෙසේ වුව ද, සත්‍යතා පොතේ ලියා ඇති දේ නුඹට දන්වන්නෙමි. ඉහත කී අයට විරුද්ධ ව සටන් කිරීමට නුඹලාගේ අධිපතියා වන මිකායෙල් මිස මට උපකාර කරන වෙන කිසිවෙක් නැත. දානියෙල් 12:1ඒ මිනිසා තවදුරටත් මෙසේ කීවේ ය: ඒ කාලයේ දී, නුඹේ සෙනඟ භාර ව සිටින උතුම් අධිපතියා වන මිකායෙල් නැඟී සිටින්නේ ය. ඒ කාලය වනාහි, මනුෂ්‍ය ජාතිය ඇති වූ කාලය පටන් මේ දක්වා කිසි කලක නුවූ විරූ විපත්ති කාලයක් වන්නේ ය. එහෙත්, නුඹේ සෙනඟගෙන් පොතේ නම් ලියා ඇති සියල්ලන් ගැළවෙන්නේ ඒ කාලයේ දී ය.1 තෙසලෝනික 4:16මන්ද, සමිඳාණන් වහන්සේ ම අණ දීමේ ශබ්දය ද, අග්‍ර දේව දූතයෙකුගේ හඬ ද, දෙවියන් වහන්සේගේ හොරණෑ නාදය ද ඇතිව ස්වර්ගයෙන් බැස වදාරන සේක. ක්‍රිස්තුන් වහන්සේ අදහමින් උන් වහන්සේ තුළ සැතපුණු අය පළමුකොට නැඟිටින්නෝ ය.දානියෙල් 9:21එසේ මා යාච්ඤා පවසමින් සිටිය දී ම, කලින් දර්ශනයෙන් මා දුටු මනුෂ්‍යයා වූ ගාබ්‍රියෙල් ශීඝ්‍රයෙන් පියාසර කර සවස පූජා වේලාවට පමණ මා ළඟට පැමිණියේ ය.දානියෙල් 8:11-16[11] එය සේනාධිපතීන්ටත් විරුද්ධ ව බලය පා, උන් වහන්සේට පුදන දිනපතා පූජා යටපත්කර ඔහුගේ ශුද්ධස්ථානය බිඳදැම්මේ ය. [12] අහස් සේනාව වනසාදැමී ය; දවස්පතා පූජාව කෙලෙසනු ලැබී ය; ඒ අඟ සත්‍යය බිම හෙළුවේ ය. එය කළ හැම දෙයක් සඵලවත් විය. [13] එවිට ශුද්ධස්ථානයෙන් සැදැහැවතෙක් කතා කොට, ‘මේ දර්ශනයෙන් පෙනුණු අන්දමට, පූජාවන් කොපමණ කල් යටපත් කරනු ඇද් ද? විනාශකාරී අපරාධ කොතෙක් කල් පවතී ද? ශුද්ධස්ථානය හා අහස් සේනාව පාගාදැමීම කොතෙක් කල් පවතී දැ’යි ඇසී ය. [14] ඔහු පිළිතුරු දෙමින්, ‘රෑ දාවල් දෙදහස් තුන්සියයක් පසු වන තුරු ය, ඉන්පසු ශුද්ධස්ථානය පවිත්‍ර කරනු ලබන්නේ ය’යි කීවේ ය. [15] දානියෙල් වන මම මේ දර්ශනය දුටු විට එහි තේරුම සෙවීමි. එවිට මනුෂ්‍ය පෙනුමක් ඇති කෙනෙක් මා ඉදිරියේ සිටියේ ය. [16] “ගාබ්‍රියෙල්, මොහුට දර්ශනය තේරුම් කර දෙන්නැ”යි මොරගසන මනුෂ්‍ය හඬක් ඌලයි ගං ඉවුරු අතරින් මට ඇසුණේ ය. එළිදරව්ව 12:7-9[7] තවද ස්වර්ගයෙහි යුද්ධයක් විය. මිකායෙල් හා ඔහුගේ දූතයෝ මකරාට විරුද්ධ ව සටන් කළහ. [8] මකරා ද තමාගේ දූතයන් පිරිවරා සටන් කොට පරාජය විය. ඔවුන්ට ස්වර්ගයෙහි තැනක් තවත් නො වී ය. [9] මහා මකරා පලවා හරින ලදී. ඔහු නම් මුළු ලොව රැවටූ යක්ෂයා හෙවත් සාතන් යයි නම් ලත්, ආදි සර්පයා ය. ඔහු සමඟ ඔහුගේ දූතයෝ ද පොළොවට හෙළනු ලැබුවෝ ය. ශුද්ධවර ලූක් 1:26සවැනි මස, ගාබ්‍රියෙල් නම් දේව දූතයා දෙවියන් වහන්සේ විසින් ගලීලයේ නාසරෙත් නම් නුවර විසූ,හෙබ්‍රෙව් 1:14එසේ නම් දේව දූතයෝ කවරහු ද? ඔව්හු සියල්ලෝ ම ගැළවීමේ උරුමය ලබන්නට සිටින්නවුන් උදෙසා සේවය පිණිස එවන ලද ආත්මයෝ ය.ජෝෂු 5:13-15[13] ජෝෂුවා ජෙරිකෝ නුවර ළඟ සිටිය දී, තම හිස ඔසවා බැලූ විට, තමා ඉදිරිපිට කොපුවෙන් ඇදගත් කඩුවක් ඇති මිනිසෙකු සිටිනු දුටුවේ ය. ජෝෂුවා ඔහු සමීපයට ගොස්, “ඔබ අපේ පැත්තට ද නැතහොත් අපේ විරුද්ධ කාරයන්ගේ පැත්තට දැ”යි විචාළේ ය. [14] ඔහු පිළිතුරු දෙමින්, ‘එසේ නොවේ; සමිඳාණන් වහන්සේගේ සේනාවේ අධිපතියා ව මම දැන් ආවෙමි”යි කීවේ ය. එවිට ජෝෂුවා මුණින්තළා වී ඔහුට නමස්කාර කරමින්, “ස්වාමීන් වහන්ස ඔබේ මෙහෙකරුවාට කුමක් වදාරන සේක් දැ”යි ඇසී ය. [15] සමිඳාණන් වහන්සේගේ සේනාවේ අධිපතියා ජෝෂුවාට කතා කොට, “නුඹ සිටින තැන ශුද්ධ භූමියක් නිසා නුඹේ පාවහන් ගලවන්නැ”යි කීවේ ය. ජෝෂුවා ද එසේ කෙළේ ය. ශුද්ධවර මතෙව් 18:10“මේ බාලයන්ගෙන් එකෙකු වත් හෙළා නොදැකීමට වගබලාගන්න. මන්ද, ‘ස්වර්ගයෙහි ඔවුන්ගේ දේව දූතයෝ ස්වර්ගයෙහි වැඩ වසන මාගේ පියාණන් වහන්සේ ඉදිරියෙහි නිරතුරු ම සිටිති’යි මම ඔබට කියමි.නික්මයාම 3:2සමිඳාණන් වහන්සේගේ දූතයා පඳුරක් මැදින් නැඟුණු ගිනි ජාලාවක ආකාරයෙන් ඔහුට දෘශ්‍යමාන විය. ඔහු බැලූ විට පඳුර ගින්නෙන් ඇවිළී ගිය නමුත් එය නොදැවෙන බව දිටී ය.එළිදරව්ව 1:4ආසියාවේ සභා සතට මෙය ලියා එවන්නේ ජොහන් නම් මම ය. වැඩ සිටින, වැඩ සිටිය, මතු වඩින දෙවියන් වහන්සේගෙන් ද, උන් වහන්සේගේ සිහසුන ඉදිරියෙහි සිටින ආත්මයන් සත් දෙනාගෙන් ද, විශ්වාසවන්ත සාක්ෂිකරුත්ශුද්ධවර මතෙව් 22:30මන්ද, පුනරුජ්ජීවනයේ දී මිනිසුන්ට ආවාහ වීමක් හෝ විවාහ වීමක් හෝ නැත; ඔව්හු ස්වර්ගයෙහි දේව දූතයන් මෙන් වෙති.ජෝබ් 1:6තවද, එක් දිනෙක සගලොව රාජ සභාවෙහි ඇමති මණ්ඩලය සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි රැස් වූ අවස්ථාවේ දී විරෝධකාරී සාතන් ද ඔවුන් අතර විය.ශුද්ධවර ලූක් 20:36ඉන්පසු ඔවුන්ට මරණයක් නැත. ඔව්හු දේව දූතයන්ට සම වෙති. පුනරුජ්ජීවන වරය ලත් බැවින් ඔව්හු දෙවියන් වහන්සේගේ පුත්‍රයෝ ය. Sinhala Bible NRSV Ceylon Bible Society