මාතෘකාව පිළිබඳ බයිබල් පදමාතෘකා දෙවියන් වහන්සේ ආශීර්වාද ඔබ මෙන් එන්න ආ ments ා ශාපය මූල්‍ය ආශිර්වාදය නිදහස් කැමැත්ත දෙවියන්ගේ කරුණාව දෙවියන්ගේ ප්‍රේමය දෙවියන්ගේ කැමැත්ත දෙවියන්ගේ වේලාව මම කවදාවත් ඔබව හැරයන්නේ නැ ආශ්චර්යයන් දෙවියන්ගේ නම් පූජා සැලසුම් ගැලවීම ලැබීම ත්‍රිත්වය වේලාව කොන්දේසි විරහිත ආදරය වෛරස් / රෝග දෙවියන් කවුද? හොඳ චරිතයක් පිළිගැනීම වැළකී සිටීම වගවීම නිර්භීතකම රැකබලා ගැනීම පිරිසිදුකම කැපවීම විශ්වාසය සෑහීමකට පත්වේ ධෛර්යය / නිර්භීතකම අනුකම්පාව විනය විශ්වාසය කෘත ful වෙනවා ආගන්තුක සත්කාරය නිහතමානී / නිහතමානිකම අවංක ගෞරවය අඛණ්ඩතාව කරුණාව ආදරය නිහතමානිකම දයාව ඉවසීම විශුද්ධිකරණය ස්වයං වාරණ විශ්වාසය නරක චරිතය කෝපය පාවාදීම හිරිහැර කිරීම තිත්තකම පැමිණිලි කිරීම ගැටුම බිය මෝඩයි කුහකයා ඊර්ෂ්‍යාව විනිශ්චය කම්මැලි අභිමානය පළිගැනීම / පළිගැනීම නිෂ් ity ලකම ප්රචණ්ඩත්වය පව් ගබ්සාව ඇබ්බැහි වීම කාමමිථ්‍යාචාරය ඇදහිල්ල අත්හැරීම ශාප කිරීම දික්කසාදය ඊර්ෂ්‍යාව වේශ්‍යාකම කෑදරකම ඕපාදූප කෑදරකම වෛරය රාගය බොරු කියනවා ස්වයංවින්දනය අතපසු කිරීම සොරකම ජීවිතය වයසට යාම සතුන් දරුකමට හදා ගැනීම උපන් දිනය අලංකාරය තනිව සිටීම ආලය මරණය අවපාතය බලාපොරොත්තු සුන්වීම විචාර බුද්ධිය ව්‍යායාම කරන්න ආචාර ධර්ම නිරාහාරව සිටීම ආදරය සොයා ගැනීම අවධානය යොමු කරන්න පවුලක් ආහාර වරද සෞඛ්‍යය සතුට නිරය වඳභාවය රැකියා අහිමිවීම අලාභය මානසික රෝග සංගීතය විවාහ දෙවියන්ට මුල් තැන දීම වේදනාව දෙමාපිය අරගලයක් ලිංගිකත්වය අත්හදා බැලීම් පරීක්ෂාව පිරිමින් සඳහා පදය කාන්තාවන් සඳහා පද යුද්ධය ධනය වැන්දඹුවන් පල්ලිය පල්ලියට යනවා යේසුස්ගේ උපත පල්ලියේ පීඩා උපස්ථායකවරු බොරු ගුරුවරු ස්වර්ගයට යාම ශුද්ධාත්මයාණන් මෙසියස් බයිබලයේ පාස්ටර්වරු දෙවියන්ට ප්‍රශංසා කිරීම උපමාවන් යේසුස්ගෙන් පෙන්තකොස්ත දවස භාෂාවලින් කථා කිරීම දසයෙන් කොටස නමස්කාරය කාන්තා භූමිකාවන් අභිරහස් පිටසක්වල ජීවීන් පිළිකා දෛවය ඩයිනෝසෝරයන් මකරා සිහින පැතලි / වටකුරු පෘථිවිය බයිබලයේ යෝධයෝ අවසාන දින / අනාගතය යුනිකෝන් දේවදූතයන් සහ භූතයන් අග්‍ර දේවදූතයන් දේවදූතයන් බෙල්සෙබුබ් භූතයන් ගාඩියන් ඒන්ජල්ස් ලුසිෆර් මායාකාරිය / මැජික් ගණිත සං .ා අංකය 3 අංකය 5 අංකය 7 අංකය 8 අංකය 10 අතිරේක මත්පැන් බහුලත්වය පිළිකුල් කිරීම බිඳුණු හදවත කැනිබල්වාදය මරණ දණ්ඩනය ඖෂධ නපුර හැඟීම් හැලොවීන් දුප්පතුන්ට උදව් කිරීම ගබ්සා වීම පොලිස් නිලධාරීන් සිදුරු කිරීම බහු විවාහය පුනර්ජීවනය දුක විද්‍යාව ආත්මාරක්ෂාව වහල්භාවය සියදිවි නසා ගැනීම දක්ෂතා පච්ච කාර්යය පල්ලිය: [පෙන්තකොස්ත දවස] නික්මයාම 34:22-43[22] “තවද නුඹ සති මංගල්‍යය ද තිරිඟු අස්වැන්නේ නාඹුල් පල මංගල්‍යය ද අවුරුද්ද අවසානයේ දී පලතුරු රැස් කිරීමේ මංගල්‍යය ද පැවැත්විය යුතු ය. [23] “අවුරුද්දකට තුන් වරක් නුඹේ සියලු පිරිමින්, ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ වන මා ඉදිරියෙහි පෙනී සිටිය යුතු ය. [24] නුඹේ රටට නුඹ ඇතුළු වන්නට කල් තියා, මම ජාතීන් නෙරපාදැමූ පසු නුඹේ දේශ සීමා විශාල කරන්නෙමි. අවුරුද්දකට තෙවරක් නුඹේ දෙවි සමිඳාණන් වහන්සේ වන මා ඉදිරියෙහි පෙනී සිටින්න යන විට කිසිවෙක් නුඹේ දේශය යටත් කරගන්න උත්සාහ නොකරන්නෝ ය. [25] “නුඹ මට පුද කරන යාගයේ ලෙය මුහුන් සමඟ ඔප්පු නොකළ යුතු ය. තවද පාස්කු මංගල්‍යයේ යාගය ද උදය දක්වා නොතැබිය යුතු ය. [26] “නුඹේ කෙත්වලින් ඉස්තරම් නාඹුල් පල නුඹේ දෙවි සමිඳාණන් වහන්සේ වන මාගේ ගෘහයට ගෙනා යුතු ය. “තවද එළු පැටියෙකු උගේ මවගේ කිරෙහි නොපිසිය යුතු ය.” [27] නැවතත් සමිඳාණන් වහන්සේ මෝසෙස්ට කතා කොට, “නුඹ මේ වචන ලියාගන්න. මන්ද, මේ වචන අනුව මා නුඹ සමඟ ද ඉශ්රායෙල්වරුන් සමඟ ද ගිවිසුමක් පිහිටුවන හෙයිනි”යි වදාළ සේක. [28] මෝසෙස් ද කන්ද මත සමිඳාණන් වහන්සේ සමඟ දාවල් හතළිහක් හා රාත්‍රි හතළිහක් කිසිවක් නොකා නොබී සිටියේ ය. ඔහු ගිවිසුමේ වචන වන දස පණත ගල් පුවරුවල සටහන් කෙළේ ය. [29] මෝසෙස් සාක්ෂි ගල් පුවරු දෙක තම අතේ තබාගෙන කන්දෙන් බැස්සේ ය. එහෙත්, සමිඳාණන් වහන්සේ සමඟ කතා කිරීම නිසා තම මුහුණ බැබළෙමින් තිබුණ බව ඔහු කන්දෙන් බැස එන කල නොදැන සිටියේ ය. [30] ආරොන් සහ සියලු ඉශ්රායෙල් ජනයා මෝසෙස් දුටු විට, පුදුමයකි! ඔහුගේ මුහුණ බැබළෙමින් තිබිණි. ඔව්හු ඔහු ළඟට එන්නට බිය වූ හ. [31] එහෙත්, මෝසෙස් ඔවුන් කැඳවූ කල ආරොන් සහ ප්‍රජා මූලිකයන් සියලු දෙන, ඔහු වෙත හැරී ආ විට ඔහු ඔවුන් සමඟ කතා කෙළේ ය. [32] ඉන්පසු මුළු ඉශ්රායෙල් සෙනඟ ම ඔහු වෙත ළඟා වූයෙන් ඔහු සමිඳාණන් වහන්සේ ඔහුට සීනයි කන්දේ දී වදාළ ආඥා සියල්ල ඔවුන්ට දුන්නේ ය. [33] මෝසෙස් ඔවුන් සමඟ කතා කොට නිම වූ පසු තම මුහුණ වැස්මකින් වසාගත්තේ ය. [34] එහෙත්, ඔහු සමිඳාණන් වහන්සේ සමඟ කතා කිරීමට උන් වහන්සේගේ අභිමුඛයට ප්‍රවේශ වූ විට, ඉන් පිටත එන තෙක් ඒ වැස්ම ඉවත් කොට තැබී ය. ඔහු පිටතට පැමිණ තමාට අණ කළ සියල්ල ඉශ්රායෙල් සෙනඟට දැන්විය. [35] ඉශ්රායෙල් සෙනඟ මෝසෙස්ගේ මුහුණ දෙස බැලූ කල ඔහුගේ මුහුණ බැබළෙමින් තිබුණ බව දුටහ. ඔහු සමිඳාණන් වහන්සේ සමඟ කතා කරන්න ආපසු යන තෙක් තම මුහුණ වැස්මෙන් වසාගත්තේ ය. [36] මෝසෙස් මුළු ඉශ්රායෙල් ජනතාව කැඳවා, ඔවුන්ට කතා කොට මෙසේ කීවේ ය: “ඔබ විසින් කළ යුතු සමිඳාණන් වහන්සේ අණ කළ කරුණු මේවා ය: [37] ‘දවස් හයක් තුළ ඔබ වැඩ කළ යුතු ය. එහෙත්, හත් වන දින ඔබට ශුද්ධ දිනයක් ද සමිඳාණන් වහන්සේට කැප කළ සබත් නිවාඩුවක් ද විය යුතු ය. එදින වැඩ කරන කවරෙකු නමුත් මරනු ලැබිය යුතු ය. [38] සබත් දවසේ දී ඔබේ කිසි ම නිවාසයක ගින්නක් පවා නො දැල්විය යුතු ය.’ ” [39] නැවතත් මෝසෙස් මුළු ඉශ්රායෙල් ජනතාව අමතමින් මෙසේ කීවේ ය: “සමිඳාණන් වහන්සේ අණ කළ දේ මේ ය: [40] ඔබ සතු දෙයින් සමිඳාණන් වහන්සේට පඬුරක් වෙන් කළ යුතු ය. එසේ කිරීමට කැමැති සෑම කෙනෙකු ම තම පඬුර සමිඳාණන් වහන්සේ වෙත ගෙනා යුතු ය. එය රන්, රිදී, ලෝකඩ ද [41] නිල් පාට, දම් පාට, රතු පාට නූල් ද සිහින් ව කටින ලද හණ සහ එළු ලොම් ද [42] රතු සායම් පෙවූ බැටළු හම් හා පදම් කළ හම් ද ෂිටිම් ලී ද [43] පහන්වලට තෙල් ද, ආලේප තෛලයට හා සුවඳ දුම් සඳහා සුගන්ධ ද්‍රව්‍ය ද ද්විතීය නීති සංග්‍රහය 16:9-25[9] “සති හතක් ගණන් කරගන්න. ධාන්‍ය නෙළීමට දෑකැත්ත යොදන දින පටන් ඒ සති හත ගණන් කරන්න පටන්ගන්න. [10] ඉන්පසු දෙවි සමිඳාණන් වහන්සේ ඔබට ආශීර්වාද කර තිබෙන සැටියට, ඔබ උන් වහන්සේට ස්වේච්ඡා පූජා පඬුරක් පුදා උන් වහන්සේගේ ගෞරවය පිණිස අස්වැන්න මංගල්‍යය පැවැත්විය යුතු ය. [11] මෙසේ කළ පසු දෙවි සමිඳාණන් වහන්සේ තම නාමය පිහිටුවීමට තෝරාගත් ස්ථානයේ දී උන් වහන්සේ ඉදිරියෙහි, ඔබ ද ඔබේ පුතා සහ දුව ද ඔබේ දැසිදසුන් ද ඔබේ වාසල් දොරටු ඇතුළත සිටින ලෙවීවරුන් ද ඔබ සමඟ සිටින විදේශීන් ද අනාථයන් සහ වැන්දඹුවන් ද ප්‍රීති ප්‍රමෝද විය යුතු ය. [12] මිසරයේ ඔබ වහලෙකු මෙන් සිටි බව සිහි කොට, මේ නීති නොකඩා පිළිපැදිය යුතු ය.” [13] “ඔබේ ධනධාන්‍ය සහ මිදි ඔබ එකතු කළායින් පසු, දින හතක් ඔබ කූඩාරම් මංගල්‍යය පැවැත්විය යුතු ය. [14] මෙසේ පවත්වන ඒ මංගල්‍යයේ දී ඔබ ද ඔබේ පුතා ද දුව ද ඔබේ දැසිදසුන් ද ලෙවීවරුන් ද ඔබේ වාසල් දොරටු ඇතුළත සිටින විදේශීන් ද අනාථයන් සහ වැන්දඹුවන් ද ප්‍රීති ප්‍රමෝද විය යුතු ය. [15] ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ තෝරාගත් ස්ථානයේ දී උන් වහන්සේගේ ගෞරවය පිණිස ඔබ ඒ මංගල්‍යය දින හතක් පැවැත්විය යුතු ය. සරු අස්වැන්නක් දීමෙන් ද ඔබේ සියලු වැඩ කටයුතු සඵල කිරීමෙන් ද උන් වහන්සේ ඔබට ආශීර්වාද කළ බැවින් ඔබ ප්‍රීති ප්‍රමෝද විය යුතු ය. [16] “දෙවි සමිඳාණන් වහන්සේ තෝරාගත් ස්ථානයේ දී අවුරුද්දකට තුන්වරක් ඔබේ සියලු පිරිමින් උන් වහන්සේ ඉදිරියට විත් පෙනී සිටිය යුතු ය. ඒ තුන් වාරය නම් නුමුහුන් රොටි මංගල්‍යය, අස්වැන්න මංගල්‍යය සහ කූඩාරම් මංගල්‍යය වේ. තවද උන් වහන්සේ ඉදිරියෙහි හිස් අතින් පෙනී නොසිටිය යුතු ය. [17] දෙවි සමිඳාණන් වහන්සේ ඔබට ආශීර්වාද කර තිබෙන පරිදි තම තමාගේ පුළුවන්කමේ හැටියට පඬුරක් පිදිය යුතු ය.” [18] “දෙවි සමිඳාණන් වහන්සේ ඔබට දෙන සෑම නගරයක් තුළ ම, ගෝත්‍රයක් ගෝත්‍රයක් පාසා විනිශ්චයකාරයන් සහ නිලධාරීන් පත් කළ යුතු ය. ඔවුන් ද සාධාරණ ලෙස සෙනඟ විනිශ්චය කළ යුතු ය. [19] ඔවුන් අසාධාරණ ලෙස විනිශ්චය නොකළ යුතු ය. ඔවුන් මිනිසුන්ගේ තරාතිරම් නොබැලිය යුතු ය. අල්ලස් නොගත යුතු ය. අල්ලස් ගැනීමෙන් පැණවතුන්ගේ නෙත් අඳුරු වේ; දමිටුන්ගේ වචන පවා නොපිටට පෙරළේ. [20] යුක්තිය, යුක්තිය පමණක් ම, අනුගමනය කළ යුතු ය. මෙසේ කළොත්, ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ ඔබට දෙන දේශය උරුම කරගෙන ඔබට එහි ජීවත් විය හැකි ය. [21] “දෙවි සමිඳාණන් වහන්සේට පූජාසනයක් ඉදි කරන කල, ඒ අසල ලීයෙන් කළ රූපස්තම්භයක් සිටුවිය යුතු නොවේ. [22] අෂේරා කප් කණුවක් ද එහි ඉදි නොකළ යුතු ය. මෙසේ කිරීම දෙවි සමිඳාණන් වහන්සේට පිළිකුලකි. [23] “කැළලක් හෝ විරූපී ලකුණක් හෝ ඇති ගොනෙකු හෝ බැටළුවෙකු හෝ දෙවි සමිඳාණන් වහන්සේට පූජා නොකළ යුතු ය. එවැන්නක් උන් වහන්සේට පිළිකුලකි. [24] දෙවි සමිඳාණන් වහන්සේ ඔබට දෙන නගරයක ඔබ අතරෙන් යම්කිසි පුරුෂයෙකු හෝ ස්ත්‍රියක හෝ උන් වහන්සේගේ ගිවිසුම කඩකොට, උන් වහන්සේ අබිමුව දුෂ්ටකම් කරමින්, [25] උන් වහන්සේ තහනම් කළ දෙවිදේවතාවන්ට හෝ ඉරට හෝ හඳට හෝ අන්කිසි ආකාශ වස්තුවකට හෝ වැඳුම්පිදුම් හා නමස්කාර කරන්නට පුළුවන. ක්‍රියා 2:1-13[1] තවද, පෙන්තකොස්ත දිනය පැමිණි කල, ඔව්හු සියල්ලෝ එක් තැනක රැස් ව සිටියාහ. [2] එකල, සැඩ සුළඟක් හමන්නාක් වැනි හඬක් හදිසියෙන් අහසින් නික්මුණේ ය. ඔවුන් හිඳගෙන සිටි ගෙය මුළුමනින් ම එයින් පිරී ගියේ ය. [3] ගිනි දලු වැනි දිව් බෙදී ගොස් ඔවුන් එකිනෙකා මත පිහිටනු ඔවුන්ට පෙනිණි. [4] ඔව්හු සියල්ලෝ ම ශුද්ධාත්මයන්ගෙන් පූර්ණ වී ආත්මයාණන් ඔවුන්ට දුන් කතා ශක්තිය ලෙස අන්‍ය භාෂාවලින් කතා කරන්නට පටන්ගත්හ. [5] එකල මිහි පිට හැම රටකින් ම පැමිණි බැතිමත් ජුදෙව්වරු ජෙරුසලමෙහි සිටියෝ ය. [6] මේ ශබ්දය ඇසුණු කෙණෙහි ම සමූහයා එක්රැස් වූ හ. එම කතා ඔවුන් එකිනෙකාට තම තමන්ගේ මවු බසින් තේරුම් ගත හැකි ලෙස ඇසුණෙන් ඔව්හු වික්ෂිප්ත වූ හ. [7] ඔව්හු සියල්ලෝ පුදුමයෙන් පුදුමයට පත් ව, “බලන්න, මේ කතා කරන සියල්ලෝ ගලීලයෝ නොවෙත් ද? [8] අපට හුරු පුරුදු අපේ ම මවු බසින් ඔවුන් කතා කරනු අප එකිනෙකාට ඇසෙන්නේ කෙසේ ද? [9] පාතිවරුන් ද මේදවරුන් ද එලාම්වරුන් ද මෙසොපොතේමියාවෙහිත් ජුදය සහ කපදෝකියෙහිත්, පොන්තසය සහ ආසියාවෙහිත්, [10] පිරිගිය සහ පම්පිලියායෙහිත්, මිසරය සහ සිරේනිය අවට ලිබියේ ප්‍රදේශවලත් යන මෙකී දේශවාසීන් ද රෝමයෙන් පැමිණි අමුත්තන් වන ජුදෙව්වරුන් හා ජුදෙව් ආගම වැළඳගත්තවුන් ද [11] ක්‍රීතවරුන් හා අරාබිවරු ද වන අපි, අපේ ම භාෂාවලින් දෙවියන් වහන්සේගේ බලවත් ක්‍රියා ගැන ඔවුන් කතා කරනු අසම්හ”යි කී හ. [12] ඔව්හු සියල්ලෝ ම විස්මිත ව, වියවුල් ව, “මෙහි තේරුම කිමෙක් දැ”යි ඔවුනොවුන් අතර කතා කරගත්හ. [13] එහෙත් සමහරෙක් සරදම් කරමින්, “මොවුන් අලුත් මිදියුස පමණට වඩා බී ඇතැ”යි කී හ. Sinhala Bible NRSV Ceylon Bible Society