මාතෘකාව පිළිබඳ බයිබල් පද

මාතෘකා
දෙවියන් වහන්සේ
හොඳ චරිතයක්
නරක චරිතය
පව්
ජීවිතය
පල්ලිය
අභිරහස්
දේවදූතයන් සහ භූතයන්
ගණිත සං .ා
අතිරේක
හොඳ චරිතයක්: [පිරිසිදුකම]
ස්නානය කොට පිරිසිදු වන්න; මා ඇස් හමුයෙන් ඔය පව් දුරු කරන්න. නපුරුකම් තවත් නොකරන්න.
ආසිරි පැන් මට ඉසිනු මැනව; එවිට මම පිවිතුරු වන්නෙමි. මා ධෝවනය කළ මැනව; එවිට මම හිමට වඩා සුදු වන්නෙමි.
[7] එහෙත් උන් වහන්සේ ආලෝකයෙහි සිටින සේ ම අපිත් ආලෝකයෙහි හැසිරෙමු නම්, එකිනෙකා සමඟ සහභාගිකම අපට ඇත. එවිට උන් වහන්සේගේ පුත්‍රයාණන් වන ජේසුස් වහන්සේගේ ලේ සියලු පව්වලින් අප පවිත්‍ර කරන්නේ ය. [8] අපට පාපයක් නැතැ යි කියමු නම්, අපි අප ම රවටාගනිමු; සත්‍යය ද අප තුළ නැත. [9] එහෙත් අපි පාපෝච්චාරණය කරමු නම්, විශ්වාසවන්ත වූ ද, ධර්මිෂ්ඨ වූ ද, දෙවියන් වහන්සේ සියලු පාපවලින් ද අදමිටුකම්වලින් ද අප පවිත්‍ර කරන සේක.
නුඹලා පිරිසිදු වන ලෙස මම නුඹලා කෙරෙහි පිරිසිදු දිය ඉසින්නෙමි. නුඹලාගේ සියලු අපවිත්‍රකම්වලින් ද නුඹලාගේ සියලු දේවරූපවලින් ද නුඹලා පිරිසිදු කරන්නෙමි.”
දෙවිඳුනි, මා තුළ නිර්මල සිතක් මවා වදාළ මැනව; තිරසර නව ආධ්‍යාත්මයක් මට දුන මැනව.
[1] එකල සාවුල් තවදුරටත් ස්වාමීන් වහන්සේගේ ශ්‍රාවකයන් මරාදමන පිණිස ඔවුන්ට විරුද්ධ ව තර්ජනය කරමින් සිටියේ ය. ඔහු උත්තම පූජකයා වෙත ගොස්, [2] ඒ ඇදහිල්ලට අයත් පුරුෂයන් හෝ ස්ත්‍රීන් හෝ සම්බ වුණොත්, ඔවුන් අල්ලා ජෙරුසලමට ගෙන එන පිණිස, දමස්කයේ ධර්මශාලාවට ඉදිරිපත් කිරීම සඳහා ඔහුගෙන් බලපත්‍ර ඉල්ලාගත්තේ ය. [3] මෙසේ ඔහු ගමන් කරමින් දමස්කයට ළං වූ කල, හදිසියෙන් අහසින් ආලෝකයක් ඔහු අවට බැබළිණි. [4] ඔහු භ්‍රාන්ත වී බිම වැටුණේ ය. එවිට: “සාවුල්, සාවුල්, ඔබ මට පීඩා කරන්නේ මන්දැ”යි කියන හඬක් ඔහුට ඇසිණි. [5] “ස්වාමීනි, ඔබ කවරෙක් දැ”යි ඔහු ඇසී ය. “මම ඔබ විසින් පීඩා කරනු ලබන ජේසුස් ය. [6] නැඟිට නුවරට ඇතුළු වන්න, ඔබ කළයුතු දේ ඔබට කියනු ලබන්නේ ය”යි ඒ හඬ පැවසී ය. [7] ඔහු සමඟ ගමන් කළ මිනිසුන්ට ඒ හඬ ඇසුණ නමුත්, ඔව්හු කිසිවෙකු නොදැක තුෂ්ණීම්භූත ව සිටියෝ ය. [8] සාවුල් නැඟිට ඇස් ඇරිය කල, ඔහුට කිසිවක් පෙනුණේ නැත. ඔව්හු ඔහු අතින් අල්ලාගෙන දමස්කයට ගෙන ගියහ. [9] ඔහු තුන් දවසක් ඇස් නොපෙනී, නොකා නොබී සිටියේ ය. [10] දමස්කයෙහි අනනියස් නම් එක්තරා ශ්‍රාවකයෙක් සිටියේ ය. සමිඳාණන් වහන්සේ ඔහුට දර්ශනය වී, “අනනියස්”, කියා ඔහු ඇමතූ සේක. “ස්වාමීනි, මම මෙහි ය”යි ඔහු කී ය. [11] සමිඳාණන් වහන්සේ ඔහුට කතා කොට, “නැඟිට, කෙළින් නම් වූ වීදියට ගොස්, තාර්සස්හි වැසියෙකු වූ සාවුල් නම් කෙනෙකු ගැන ජූදස්ගේ ගෙදරින් විමසන්න. ඔහු යාච්ඤා කරමින් සිටියි. [12] තමාට පෙනීම ලැබෙන පිණිස අනනියස් නම් මිනිසෙකු පැමිණ තමා පිට අත් තබනු ඔහුට දර්ශනය වී ය”යි වදාළ සේක. [13] එහෙත් අනනියස් උත්තර දෙමින්, “ස්වාමීනි, මේ මනුෂ්‍යයා ජෙරුසලමේ දී ඔබගේ ශුද්ධවරයන්ට කොපමණ හිංසා පීඩා කෙළේ දැ යි බොහෝ දෙනෙකුගෙන් ඇසීමි. [14] මෙහිදීත් ඔබගේ නාමයට යාච්ඤා කරන සියල්ලන් අත්අඩංගුවට ගන්නට ඔහු නායක පූජකයන්ගෙන් බලය ලැබ සිටී ය”යි කී ය. [15] එහෙත් සමිඳාණන් වහන්සේ ඔහුට කතා කොට, “යන්න, මන්ද, ඔහු මාගේ නාමය විජාතීන් ද රජුන් ද ඉශ්රායෙල් පුත්‍රයන් ද වෙත ගෙනයාමට මා විසින් තෝරාගත් භාජනයකි. [16] ඔහු මාගේ නාමය නිසා කොපමණ දුක් විඳින්න ඕනෑ ද කියා ඔහුට දක්වන්නෙමි”යි වදාළ සේක. [17] අනනියස් පිටත් ව ගොස් ගෙට ඇතුළු වී, ඔහු පිට අත් තබා, “සහෝදර සාවුල්, ඔබට පෙනීම ලැබෙන පිණිස ද ඔබ ශුද්ධාත්මයාණන්ගෙන් පූර්ණ කරනු ලබන පිණිස ද සමිඳාණන් වහන්සේ, එනම්, ඔබ ගමන් කළ මාර්ගයේ දී ඔබට දර්ශනය වූ ජේසුස් වහන්සේ, මා එවූ සේකැ”යි කී ය. [18] එකෙණෙහි ම ඔහුගේ ඇස්වලින් කොරපොතු වැන්නක් වැටී ඔහු පෙනීම ලැබී ය; ඔහු නැඟිට බව්තීස්ම-ස්නාපනය කරනු ලැබ, [19] කෑම කා යළිත් ශක්තිය ලැබී ය. සාවුල් දමස්කයේ ශ්‍රාවකයන් සමඟ කීප දවසක් නතර ව සිටියේ ය. [20] ඔහු නොපමා ව ජේසුස් වහන්සේ ගැන ධර්මශාලාවල දී දේශනා කරමින්, “උන් වහන්සේ දෙවියන් වහන්සේගේ පුත්‍රයා ය”යි ප්‍රකාශ කෙළේ ය. [21] ඒ ඇසූ සියල්ලෝ අතිශයින් මවිත ව, “මෙම නාමයෙන් යාච්ඤා කරන්නන් ජෙරුසලමේ දී වනසා දැමූ තැනැත්තා මොහු නොවේ ද? මොහු මෙහි ආයේත් ඔවුන් අත්අඩංගුවට ගෙන නායක පූජකයන් ඉදිරියට ගෙන යන අදහසින් නොවේ දැ”යි කී හ. [22] එහෙත් සාවුල් වඩ වඩා බලසම්පන්න ව, ඒ ජේසුස් වහන්සේ, ක්‍රිස්තුන් වහන්සේ ම යයි ඔප්පු කරමින්, දමස්කයෙහි විසූ ජුදෙව්වරුන් නිරුත්තර කෙළේ ය. [23] කලක් ගත වූ පසු, ජුදෙව්වරු ඔහු මරන්නට කුමන්ත්‍රණ කළහ. [24] එහෙත් ඔවුන්ගේ උපාය සාවුල්ට දැනගන්නට ලැබිණි. ඔහු මරණ පිණිස ඔව්හු රෑ දාවල් දෙක්හි දොරටුවල රැකබලා සිටියහ. [25] එහෙත් ඔහුගේ ශ්‍රාවකයෝ රාත්‍රියේ ඔහු ගෙන ගොස්, කූඩයක බහා, පවුරෙහි විවරයකින් පහළට බැස්වූ හ. [26] ඉන්පසු සාවුල් ජෙරුසලමට පැමිණිවිට, ශ්‍රාවකයන් සමඟ එක්වන්නට උත්සාහ කෙළේ ය. එහෙත් ඔහු ශ්‍රාවකයෙකැ යි විශ්වාස නොකොට සියල්ලෝ ඔහුට බිය වූ හ. [27] එවිට බාර්ණබස් ඔහු කැටුව ප්‍රේරිතයන් ළඟට කැඳවා ගෙන ගොස්, මාර්ගයේ දී ඔහු සමිඳාණන් වහන්සේ දුටු සැටිත්, උන් වහන්සේ ඔහුට කතා කළ බවත්, දමස්කයේ දී ජේසුස් වහන්සේගේ නාමයෙන් ඔහු නිර්භීත ලෙස දේශනා කළ සැටිත්, ඔවුන්ට විස්තර කෙළේ ය. [28] සාවුල් ද ඔවුන් සමඟ ජෙරුසලමෙහි සැරිසරමින්, සමිඳාණන් වහන්සේගේ නාමයෙන් නිර්භීත ව කතා කෙළේ ය. [29] ඔහු ග්‍රීක බස කතා කළ ජුදෙව්වරුන් සමඟ සාකච්ඡාවෙහි ද වාද කිරීමෙහි ද යෙදීම නිසා ඔව්හු ඔහු මරන්නට අධිෂ්ඨාන කර ගත්හ. [30] සහෝදරයෝ ඒ බව දැන, ඔහු කායිසාරියට ගෙන ගොස් එතැනින් තාර්සස්ට පිටත් කර යැවූ හ. [31] මෙසේ මුළු ජුදයෙහි ද ගලීලයෙහි ද සමාරියෙහි ද සභාවට සාමයේ කාලයක් ඇති විය. සභාව ශක්තිසම්පන්න ව, දේව ගෞරවයෙහි ද ශුද්ධාත්ම වරප්‍රසාදයෙහි ද පවතිමින් වැඩි වර්ධනය වූවා ය.
[12] “මලපහ කිරීම සඳහා කඳවුරෙන් පිටත ස්ථානයක් තිබිය යුතු ය. [13] ඔබේ බඩු භාණ්ඩ අතරේ හාරන හැන්දක් විය යුතු ය. මලපහ කිරීමට උවමනා වූ විට හාරන හැන්දෙන් වළක් හාරා, ඊට මලපහ කර, ආපසු හැරී, එය වසාදැමිය යුතු ය. [14] ඔබ ගළවාගැනීමටත්, ඔබේ සතුරන් පරාජය කිරීමටත් ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ කඳවුර මැද වැඩ සිටින සේක. එබැවින් කඳවුර පවිත්‍ර ව තබාගත යුතු ය. එහි අපවිත්‍ර යමක් උන් වහන්සේ දුටුවොත් උන් වහන්සේ ඔබෙන් අහක් ව යන සේක.”
“මගේ සිත පිරිසිදු ය; මගේ පව් සේදී ඇතැ”යි කිය හැකි කෙනෙක් මොලොව ඇද් ද?
අවසන් කොට, සහෝදරවරුනි, සත්‍ය වූ හා උදාර වූ කොයි දේ ගැනත්, සාධාරණ වූ හා පිරිසිදු වූ කොයි දේ ගැනත්, ප්‍රිය වඩන හා මනහර කොයි දේ ගැනත් සදාචාරාත්මක යයි ප්‍රශංසනීය යයි සිතිය හැකි යමක් ඇද්ද, ඒවා ගැනත් සිත යොදවන්න.
ආසාප්ගේ ගීතයකි. අහෝ ඉශ්රායෙල්වරුනි! නිර්මල සිත් ඇත්තන් හට දෙවිඳාණෝ කොපමණ යහපත් ද?
මළවුන්ගෙන් උත්ථාන වූ කුලුඳුලාත්, මිහි පිට රජුන්ගේ අධිපතියාත් වන, ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගෙන් ද, ඔබට කරුණාව හා ශාන්තිය වේ වා! උන් වහන්සේ අපට ප්‍රේම කරන සේක; සිය යාගික රුධිරයෙන් අප පවින් මිදූ සේක.
ප්‍රේමවන්ත සහෝදරවරුනි, මෙවැනි පොරොන්දු අපට ඇති බැවින් සිත කය කෙලෙසන සියලු දෙයින් වැළකී අප ම පවිත්‍ර කරගනිමින් දේව ගරුබිය ඇති ව අපගේ ශුද්ධවන්තකම පරිපූර්ණ කරගනිමු.
මළගිය ඇත්තන් නිසා නුඹලාගේ සිරුරෙහි කැපුමක් නොකළ යුතු ය. ඇඟේ හමේ රූප කොටා නොගත යුතුය. මම සමිඳාණන් වහන්සේ වෙමි.
යම් පුරුෂයෙකු ස්ත්‍රියක සමඟ සයනය කරන ලෙස ම පිරිමියෙකු සමඟ හැසුරුණොත්, ඔවුන් පිළිකුල් දෙයක් කරනු ඇත. ඔවුන් මරණයට පත් කළ යුතු ය. ඔවුන්ගේ මරණ ගැන ඔවුන් ම වගකිව යුතු ය.
එහෙත් ප්‍රේමවන්තයෙනි, ‘සමිඳාණන් වහන්සේට එක දවසක් අවුරුදු දහසක් මෙන් ය, අවුරුදු දහසක් එක දවසක් මෙන් ය,’ යන වැදගත් සත්‍යය අමතක නොකරන්න.
එබැවින් යමෙක් ක්‍රිස්තුන් වහන්සේ තුළ සිටී නම්, එතැන ඇත්තේ නව මැවිල්ලකි. පැරණි දේ පහ ව ගොස් ඇත. දැන් සියල්ල ම අලුත් වී තිබේ.
[25] “විනයධරයෙනි, පරිසිවරුනි, කෛරාටිකයන් වූ ඔබට වන විපතක මහත! මන්ද, ඔබ කෝප්පය සහ පිඟාන පිටතින් පවිත්‍ර කරන්නහු ය. එහෙත්, ඇතුළත බලහත්කාරකමෙනුත්, තෘෂ්ණාවෙනුත් පිරී තිබේ. [26] අන්ධ පරිසිවරය, කෝප්පයත් පිඟානත් පිටතින් පවිත්‍ර වන පිණිස පළමුකොට ඒවා ඇතුළත පවිත්‍ර කරන්න. [27] “විනයධරයෙනි, පරිසිවරුනි, කෛරාටිකයන් වූ ඔබට වන විපතක මහත! මන්ද, ඔබ හුණු ගා සුදු කළ සොහොන්වලට සමාන ය. ඒවා පිටතින් ශෝභන ව පෙනෙතත් ඇතුළත මළවුන්ගේ ඇටකටුවලින් ද සියලු ආකාර කැලිකසළින් ද පිරී තිබේ. [28] එලෙස ම ඔබත් මිනිසුන් අබිමුවෙහි පෙනුමට පිටතින් සිල්වත් ය. එහෙත්, ඇතුළතින් කුහකකමින් හා දාමරිකකමින් පිරී සිටින්නහු ය.
අනුන් ඔබට යමක් කරනවාට ඔබ කැමැත්තහු ද ඔබත් ඔවුන්ට ඒ දේ ම කරන්න.
පොදුවේ හැම මිනිසෙකුට ම මූණ පාන්නට ඇති පරීක්ෂා හැර අනෙකක් ඔබ වෙත පැමිණ නැත. ඔබට දරාගත නොහැකි පරීක්ෂා ඔබ පිට පැමිණීමට ඉඩ නොහැර, ඔබට පරීක්ෂා දැරිය හැකි වන සේ ඒ සමඟ ම ගැළවීමේ මඟක් ඔබට සලසා දෙන දෙවියන් වහන්සේ කෙරෙහි විශ්වාසය තැබිය හැකි ය.
අන්ධ පරිසිවරය, කෝප්පයත් පිඟානත් පිටතින් පවිත්‍ර වන පිණිස පළමුකොට ඒවා ඇතුළත පවිත්‍ර කරන්න.
නිර්මල සිත් ඇත්තෝ භාග්‍යවන්තයෝ ය; ඔව්හු දෙවියන් වහන්සේ දකින්නෝ ය.
මට අවසරයි; මම වතුර ටිකක් ගෙනෙන්නෙමි; ඔබ පාද සෝදාගෙන, ගස යට විවේක සුවය විඳින්න.
මෝසෙස් කන්දෙන් බැස සෙනඟ වෙත පැමිණ නමස්කාරය සඳහා ඔවුන් සූදානම් කෙළේ ය. ඔව්හු ද තමන් වස්ත්‍ර සෝදාගත්හ.
“මලපහ කිරීම සඳහා කඳවුරෙන් පිටත ස්ථානයක් තිබිය යුතු ය.
අප උදෙසා ඇති දෙවියන් වහන්සේගේ ප්‍රේමය ප්‍රත්‍යක්ෂ වන්නේ අප පව්කාරයන් ව සිටිය දී ම ක්‍රිස්තුන් වහන්සේ අප උදෙසා දිවි පිදූ බැවිනි.
ඔබගේ තරුණකම නිසා ඔබ සුළු කොට සැලකීමට කිසිවෙකුට ඉඩ නොදෙන්න. ඔබේ කතාවෙන් ද හැසිරීමෙන් ද ප්‍රේමයෙන් ද ඇදහිල්ලෙන් හා පිරිසිදුකමින් ද අදහන්නන්ට ආදර්ශයක් වන්න.
[14] නොඇදහිලිවතුන් සමඟ නොගැළපෙන සම්බන්ධකම්වලින් නොබැඳෙන්න. යුක්තියත් අයුක්තියත් අතර ඇති සම්බන්ධකම කුමක් ද? එළියත් අඳුරත් අතර ඇති එකමුතුකම කුමක් ද? [15] ක්‍රිස්තුන් වහන්සේ හා යක්ෂාධිපතියා හා අතර එකඟ වීමක් තිබිය හැකි ද? ඇදහිලිවන්තයෙකු හා නොඇදහිලිවන්තයෙකු හා අතර පොදුවේ යමක් ඇද් ද? [16] දේව මාලිගාව හා දේවතා පිළිම අතර සමානකමක් ඇද් ද? නැත. අපි ජීවමාන දෙවියන් වහන්සේගේ මන්දිර වෙමු. ඒ බව දෙවියන් වහන්සේ මෙසේ වදාළ සේක: “මම ඔවුන් සමඟ වාසය කරන්නෙමි, ගැවසෙන්නෙමි, මම ඔවුන්ගේ දෙවියන් වහන්සේ වෙමි, ඔව්හු මාගේ සෙනඟ වන්නෝ ය.” [17] එබැවින්: “ඔවුන් අතරෙන් නික්මවිත්, වෙන් වී සිටින්න. අපවිත්‍ර කිසිවක් ස්පර්ශ නොකරන්නැ”යි සමිඳාණන් වහන්සේ වදාරන සේක. “එවිට මම ඔබ පිළිගෙන, [18] ඔබට පියෙක් වන්නෙමි. ඔබ ද මට දූපුත්තු වන්නහු ය”යි සියලු බලැති සමිඳාණන් වහන්සේ වදාරන සේක.
[1] එකල සාවුල් තවදුරටත් ස්වාමීන් වහන්සේගේ ශ්‍රාවකයන් මරාදමන පිණිස ඔවුන්ට විරුද්ධ ව තර්ජනය කරමින් සිටියේ ය. ඔහු උත්තම පූජකයා වෙත ගොස්, [2] ඒ ඇදහිල්ලට අයත් පුරුෂයන් හෝ ස්ත්‍රීන් හෝ සම්බ වුණොත්, ඔවුන් අල්ලා ජෙරුසලමට ගෙන එන පිණිස, දමස්කයේ ධර්මශාලාවට ඉදිරිපත් කිරීම සඳහා ඔහුගෙන් බලපත්‍ර ඉල්ලාගත්තේ ය. [3] මෙසේ ඔහු ගමන් කරමින් දමස්කයට ළං වූ කල, හදිසියෙන් අහසින් ආලෝකයක් ඔහු අවට බැබළිණි. [4] ඔහු භ්‍රාන්ත වී බිම වැටුණේ ය. එවිට: “සාවුල්, සාවුල්, ඔබ මට පීඩා කරන්නේ මන්දැ”යි කියන හඬක් ඔහුට ඇසිණි. [5] “ස්වාමීනි, ඔබ කවරෙක් දැ”යි ඔහු ඇසී ය. “මම ඔබ විසින් පීඩා කරනු ලබන ජේසුස් ය. [6] නැඟිට නුවරට ඇතුළු වන්න, ඔබ කළයුතු දේ ඔබට කියනු ලබන්නේ ය”යි ඒ හඬ පැවසී ය. [7] ඔහු සමඟ ගමන් කළ මිනිසුන්ට ඒ හඬ ඇසුණ නමුත්, ඔව්හු කිසිවෙකු නොදැක තුෂ්ණීම්භූත ව සිටියෝ ය. [8] සාවුල් නැඟිට ඇස් ඇරිය කල, ඔහුට කිසිවක් පෙනුණේ නැත. ඔව්හු ඔහු අතින් අල්ලාගෙන දමස්කයට ගෙන ගියහ. [9] ඔහු තුන් දවසක් ඇස් නොපෙනී, නොකා නොබී සිටියේ ය. [10] දමස්කයෙහි අනනියස් නම් එක්තරා ශ්‍රාවකයෙක් සිටියේ ය. සමිඳාණන් වහන්සේ ඔහුට දර්ශනය වී, “අනනියස්”, කියා ඔහු ඇමතූ සේක. “ස්වාමීනි, මම මෙහි ය”යි ඔහු කී ය. [11] සමිඳාණන් වහන්සේ ඔහුට කතා කොට, “නැඟිට, කෙළින් නම් වූ වීදියට ගොස්, තාර්සස්හි වැසියෙකු වූ සාවුල් නම් කෙනෙකු ගැන ජූදස්ගේ ගෙදරින් විමසන්න. ඔහු යාච්ඤා කරමින් සිටියි. [12] තමාට පෙනීම ලැබෙන පිණිස අනනියස් නම් මිනිසෙකු පැමිණ තමා පිට අත් තබනු ඔහුට දර්ශනය වී ය”යි වදාළ සේක. [13] එහෙත් අනනියස් උත්තර දෙමින්, “ස්වාමීනි, මේ මනුෂ්‍යයා ජෙරුසලමේ දී ඔබගේ ශුද්ධවරයන්ට කොපමණ හිංසා පීඩා කෙළේ දැ යි බොහෝ දෙනෙකුගෙන් ඇසීමි. [14] මෙහිදීත් ඔබගේ නාමයට යාච්ඤා කරන සියල්ලන් අත්අඩංගුවට ගන්නට ඔහු නායක පූජකයන්ගෙන් බලය ලැබ සිටී ය”යි කී ය. [15] එහෙත් සමිඳාණන් වහන්සේ ඔහුට කතා කොට, “යන්න, මන්ද, ඔහු මාගේ නාමය විජාතීන් ද රජුන් ද ඉශ්රායෙල් පුත්‍රයන් ද වෙත ගෙනයාමට මා විසින් තෝරාගත් භාජනයකි. [16] ඔහු මාගේ නාමය නිසා කොපමණ දුක් විඳින්න ඕනෑ ද කියා ඔහුට දක්වන්නෙමි”යි වදාළ සේක. [17] අනනියස් පිටත් ව ගොස් ගෙට ඇතුළු වී, ඔහු පිට අත් තබා, “සහෝදර සාවුල්, ඔබට පෙනීම ලැබෙන පිණිස ද ඔබ ශුද්ධාත්මයාණන්ගෙන් පූර්ණ කරනු ලබන පිණිස ද සමිඳාණන් වහන්සේ, එනම්, ඔබ ගමන් කළ මාර්ගයේ දී ඔබට දර්ශනය වූ ජේසුස් වහන්සේ, මා එවූ සේකැ”යි කී ය. [18] එකෙණෙහි ම ඔහුගේ ඇස්වලින් කොරපොතු වැන්නක් වැටී ඔහු පෙනීම ලැබී ය; ඔහු නැඟිට බව්තීස්ම-ස්නාපනය කරනු ලැබ, [19] කෑම කා යළිත් ශක්තිය ලැබී ය. සාවුල් දමස්කයේ ශ්‍රාවකයන් සමඟ කීප දවසක් නතර ව සිටියේ ය. [20] ඔහු නොපමා ව ජේසුස් වහන්සේ ගැන ධර්මශාලාවල දී දේශනා කරමින්, “උන් වහන්සේ දෙවියන් වහන්සේගේ පුත්‍රයා ය”යි ප්‍රකාශ කෙළේ ය.
සැබැවින් ම මළවුන්ගෙන් උත්ථාන වීමක් නැත්නම් මියගිය අය උදෙසා බව්තීස්ම-ස්නාපනය ලබන අයට කුමන ප්‍රයෝජනයක් සිදුවේ ද? මියගිය අය උදෙසා ඔවුන් බව්තීස්ම-ස්නාපනය ලබන්නේ කුමට ද?
නුඹ ස්ත්‍රියක සමඟ සයනය කරන අයුරින් ම පිරිමියෙකු සමඟ ද නොහැසිරිය යුතු ය. මෙසේ කිරීම පිළිකුලකි.
[26] ඒ නිසා දෙවියන් වහන්සේ ඔවුන් නින්දිත කාම තෘෂ්ණාවලට වහල් කළ සේක. ඔවුන්ගේ ස්ත්‍රීහු ස්වාභාවික පුරුෂ සේවනය වෙනුවට තම තමන් අතර අස්වාභාවික ස්ත්‍රී සේවනයෙහි ම යෙදුණා හ. [27] එසේ ම පුරුෂයෝ ද ස්වාභාවික ස්ත්‍රී සේවනය වෙනුවට තම තමන් අතර කාම තෘෂ්ණාවෙන් දැවුණෝ ය; පුරුෂයන් සමඟ නින්දිත ක්‍රියාවල යෙදී, තමන්ගේ දුරාචාරයට සුදුසු දඬුවම් ලැබූ හ.
සියල්ල විනීත ව ද විධිමත් ව ද කළ යුතු ය.
[18] හොඳ ගසේ නරක පල වත්, නරක ගසේ හොඳ පල වත් හටගන්නේ නැත. [19] හොඳ පල නොදරන සියලු ගස් කපා ගින්නට දමනු ලැබේ. [20] “මෙලෙස, ඔවුන්ගේ පලවලින් නුඹලා ඔවුන් හැඳින ගන්නහු ය.” [21] “ස්වර්ගයෙහි වැඩ වසන මාගේ පියාණන් වහන්සේගේ කැමැත්ත ඉටු කරන අය මිස මට, ‘ස්වාමීනි, ස්වාමීනි’යි කියන සියල්ලෝ ම ස්වර්ග රාජ්‍යයට ඇතුළු නොවන්නෝ ය. [22] ඒ දවසේ දී බොහෝ දෙනෙක්, ‘ස්වාමීනි, ස්වාමීනි, අපි ඔබේ නාමයෙන් දිවැස් වැකි නොකීවෙමු ද? ඔබේ නාමයෙන් දුෂ්ටාත්මයන් දුරු නොකෙළෙමු ද? ඔබේ නාමයෙන් නොයෙක් ප්‍රබල ක්‍රියා නොකෙළෙමු දැ’යි මට කියනු ඇත. [23] එවිට මම, ‘කිසි කලක ඔබ නොහැඳින්නෙමි; දුදනෙනි, මා වෙතින් අහක් ව යන්නැ’යි ඔවුන්ට කියන්නෙමි.”
[39] ඔබ ශුද්ධ ලියවිල්ල හදාරන්නහු ය. එසේ කරන්නේ, ඒවායෙහි ඔබට සදාතන ජීවනය ඇතැ යි ඔබ සිතන බැවිනි. ඒවා ම මා ගැන සාක්ෂි දරන්නේ ය. [40] එහෙත්, ජීවනය ලබන පිණිස මා වෙතට එන්නට ඔබ කැමැති නොවන්නහු ය.
Sinhala Bible NRSV
Ceylon Bible Society