මාතෘකාව පිළිබඳ බයිබල් පද

මාතෘකා
දෙවියන් වහන්සේ
හොඳ චරිතයක්
නරක චරිතය
පව්
ජීවිතය
පල්ලිය
අභිරහස්
දේවදූතයන් සහ භූතයන්
ගණිත සං .ා
අතිරේක
ජීවිතය: [අවධානය යොමු කරන්න]
අපි සියල්ලෝ, වැස්ම ඉවත ලූ මුහුණුවලින් සමිඳාණන් වහන්සේගේ තේජස කැඩපතකින් මෙන් පිළිබිඹු කරමු. මෙලෙස ආත්මයාණන් වන සමිඳාණන් වහන්සේගෙන් එන තේජස, අප උන් වහන්සේගේ සමානත්වයට වඩ වඩා තේජාන්විත ව පමුණුවනු ඇත.
අවසන් කොට, සහෝදරවරුනි, සත්‍ය වූ හා උදාර වූ කොයි දේ ගැනත්, සාධාරණ වූ හා පිරිසිදු වූ කොයි දේ ගැනත්, ප්‍රිය වඩන හා මනහර කොයි දේ ගැනත් සදාචාරාත්මක යයි ප්‍රශංසනීය යයි සිතිය හැකි යමක් ඇද්ද, ඒවා ගැනත් සිත යොදවන්න.
මාගේ ඇස් කිසි නීච දෙයක් කෙරෙහි නොරඳවන්නෙමි. දෙවිඳුන් කෙරෙන් ඈත් වන්නන්ගේ ක්‍රියා මම නුරුස්සන්නෙමි. ඒවාට මම ඇලුම් නොවන්නෙමි.
ඔබ ලෝක ව්‍යවහාරය අනුව හැඩ නොගැසී, සිත අලුත් කරගැනීමෙන් වෙනස් අය වන්න. එවිට, දෙවියන් වහන්සේගේ කැමැත්ත, එනම්, යහපත් වූ, පිළිගත යුතු වූ, සම්පූර්ණ වූ දේ කුමක් ද කියා ඔබට තේරුම්ගත හැකි ය.
එහෙයින්, ක්‍රියා කිරීමට ඔබගේ සිත් යොමු කර අවදි ව සිටින්න. ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ ප්‍රකාශ වීමේ දී ඔබ වෙත පැමිණෙන්නට තිබෙන වරප්‍රසාදය පිට ඔබගේ බලාපොරොත්තුව සම්පූර්ණ ලෙස පිහිටුවන්න.
දෙසිත් නැති ව එක එල්ලේ කෙළින් බලන්න; දෙගිඩියාවෙන් තොර ව ඉදිරිය බලා යන්න.
සුහද සහෝදර ප්‍රේමයෙන් එකිනෙකාට ප්‍රේම කරන්න. ගෞරවයෙන් තමාට වඩා අනෙක් අය උතුම් කොට සලකන්න.
ලෞකික දේ කෙරෙහි නොව, ලොව්තුරු දේ කෙරෙහි ඔබේ සිත යොමු කරන්න.
ස්වර්ගීය කැඳවීමට පංගුකාර වූ කිතුනු සහෝදරයෙනි, අපේ ඇදහිල්ලේ ප්‍රේරිතයාණන් හා උත්තම පූජකයාණන් ද වන ජේසුස් වහන්සේ ගැන කල්පනා කරන්න.
මා බලවත් කරන තැනැන් වහන්සේ තුළ මට සියලු දේ කළ හැකි ය.
[1] මේ සා විශාල සාක්ෂිකාර සේනාවකින් අප වට වී සිටින නිසා, සියලු අවහිර ද, පහසුවෙන් අප වෙළා ගන්නා පාපයන් ද ඉවත ලා, [2] ඇදහිල්ලේ කර්තෘවරයාණන් ද එහි පරිපූරකයාණන් ද වන ජේසුස් වහන්සේ දෙස ම නෙත් යොමා, අපට දිවීමට ඇති ධාවනය නොපසුබට, වීර්යයෙන් දුවමු. උන් වහන්සේ තමන් ඉදිරියෙහි වූ ප්‍රීතිය නිසා, කුරුසියේ අවමානය නොතකා, එහි වධ විඳ දෙවියන් වහන්සේගේ සිංහාසනයේ දකුණත අසුන් ගත් සේක.
සිහිසන් ඇති ව අවදි ව ඉන්න. ඔබගේ විරුද්ධකාරයා වන යක්ෂයා, ගොරවන සිංහයෙකු මෙන් කවරෙකු ගිලගනිම් දෝ හෝ යි සොයමින් ඔබමොබ ඇවිදින්නේ ය.
හැම දෙනා සමඟ එක් සිත් ව ඉන්න, අහංකාර නොවී, යටහත් පහත් අය ආශ්‍රය කරන්න. ඔබ ප්‍රඥාවන්ත යයි සිතා උඩඟු නොවන්න.
[4] අප සටනට ගන්නා අවිආයුධ ලෞකික ඒවා නොව, දෙවියන් වහන්සේගේ බලයෙන් බලකොටු බිඳ හෙළීමට තරම් බලසම්පන්න ඒවා ය. [5] බොරු තර්ක හා දෙවියන් වහන්සේ පිළිබඳ ව දැනගැන්මට විරුද්ධ ව නැඟුණු හැම උස් පවුරක් ම බිඳ හෙළමු. තවද, අපි සැම සිතුවිල්ලක් ම වහල් කොටගෙන, එය ක්‍රිස්තුන් වහන්සේ යටතේ කීකරුකමට පත් කරමු.
[12] මේ සියල්ල දැනට ම මට ලැබී තිබෙන බවක් වත්, දැනට ම මා සම්පූර්ණ වී සිටින බවක් වත් මම නොකියමි. යමක් පිණිස ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ මා අත්කරගත් සේක් ද, ඒ දේ අත්කර ගැනීම පිණිස මමත් වීර්යයෙන් දුවමි. [13] සහෝදරයෙනි, මම තවමත් ඒ දේ අත්කරගෙන ඇතැ යි නොසිතමි. එක දෙයක් මට වැදගත් ය: පසුගිය දේ අමතක කරදමා, ඉදිරියෙහි තිබෙන දේ දෙස ම නෙත් යොමා, [14] ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ මඟින් දෙවියන් වහන්සේ දෙන්නට අදහස් කරන ස්වර්ගීය ත්‍යාගය ලබන පිණිස දිනුම් කණුව කරා මම දුව යමි.
Sinhala Bible NRSV
Ceylon Bible Society